වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
“මං පොර” ජාතකේට මං කැමැති නෑ

“මං පොර” ජාතකේට මං කැමැති නෑ

බුද්ධික ජයරත්න “පුතණ්ඩියා” ගැන කතා කරයි

අපේ ප්‍රේක්ෂකයෝ අන්දන්න බෑ

හිත හොඳ පුතකු වන ‘පුතණ්ඩියා’ දැන් ඔබේ සිනමාහලේදී ඔබට දැක බලා ගත හැකිය. ඒ පුතණ්ඩියා අපේ එකෙකි. පිය පුතු සෙනෙහසක සදාතනික බැඳීම, උදාරතර මනුෂ්‍යත්වයක සහ යොවුන් ප්‍රේමයක විචිත්‍රත්වය ගැන කියැවෙන ‘පුතණ්ඩියා’ තිසූල දීප තඹවිටගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි.

‘පුතණ්ඩියා’ ලෙස මෙහි පෙරළිකාර රංගනයක නියැළෙන්නේ ජනප්‍රිය නළු බුද්ධික ජයරත්නය. එය ඔහුගේ රංගන දිවියට කිසියම් පෞරුෂයක් හා ජීව ගුණයක් එක් කළ සුවිශේෂී චරිතයකැයි මට සිතේ.

වැඩි කලබලයකින් තොරව සිය රංගන දිවි මගේ ස්ථිරසාරව පියමං කරනා බුද්ධික අපගේ ඇරැයුමෙන් අද මෙසේ ‘සරසවිය’ පාඨකයන් හා ඒකාත්මික වේ.

‘පුතණ්ඩියා’ චිත්‍රපටයට ඔබ රංගනයෙන් පමණක් නෙවෙයි දායක වෙන්නේ?

ඔව් අසංක. මේ චිත්‍රපටයේ අදහස, කථාව සහ තිර රචනය මගෙන් සිද්ධ වුණේ. අවුරුදු හයක් විතර මම හතර වතාවක් මේ තිර රචනය ලිව්වා. මේක එක රැයින් සිද්ධ වෙච්ච දෙයක් නෙවේ. මොකද මට ඕනෑ වුණා හොඳ ‘බයිස්කෝප්’ තිර පිටපතක් ලියන්න. ඒ කියන්නේ අලෙවිකරණය සඳහා වන තිර පිටපතක්. මම ඒ සඳහා නොයෙක් අධ්‍යයනයන් කරමින් තමයි ඒ කාලය ගත කළේ.

හොඳ වාණිජ චිත්‍රපටයක් සඳහා දායක වීමටයි ඔබට අවශ්‍ය වුණේ?

වාණිජ, කලාත්මක කියලා චිත්‍රපට බෙදනවාට මගේ කැමැත්තක් නෑ. චිත්‍රපට වර්ගීකරණය කළ යුත්තේ හොඳ සහ නරක චිත්‍රපට කියලයි. භාවිතයේ පහසුවට අපි වාණිජ හා කලාත්මක කියලා මේක බෙදා ගෙන තියෙනවා. ඔය කොයි කලාත්මක චිත්‍රපටයක් හැදුවත් ඒකත් මුදල් උපයන්න එපායැ. කොහොම වුණත් වැඩි ප්‍රේක්ෂක පිරිසකට ආකර්ෂණය වන චිත්‍රපටයක් තමයි මට නිර්මාණය කරන්න අවශ්‍ය වුණේ. ඒත් මේ වාණිජමය මුහුණුවර ඇතුලේ කලාත්මක අංගයකුත් තියෙනවා. ‘පුතණ්ඩියා’ චිත්‍රපටය නැරඹුවොත් ප්‍රේක්ෂකයාට එය තේරුම් යාවි.

කොහොම වුණත් කලාත්මක, වාණිජ යනුවෙන් අපේ සිනමාව බෙදා වෙන් කරන රේඛාවක් තියෙනවානේ. එකයි මම කිව්වේ?

අන්තර්ගතය සරල නම්, මටසිළුටු නම් අපි ඒක වාණිජ සිනමාව කියනවා. ඒක ටිකක් බැරෑරුම් නම්, සංකීර්ණ නම් අපි සම්භාව්‍ය එහෙම නැතිනම් කලාත්මකයි කියනවා. ඒක මහ බොරු කතන්දරයක්. වාණිජ චිත්‍රපටවල සහ කලාත්මක චිත්‍රපටවල රඟපාන නළු, නිළියන් කියලා දෙකට බෙදලත් තියෙනවා.

මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරු දෙපළ ඔබේ පාසල් සගයන්. ඔබ අධ්‍යක්ෂවරයකු වෙළත් ඇයි ඒ කාර්යයට දායක නොවී වෙනත් අධ්‍යක්ෂවරයකුට ඒ වගකීම පවරා දෙන්න මැදිහත් වෙන්නේ?

සමන්ත මීඇල්ල සහ මෙත්සිරි කුමාරසිංහ කියන නිෂ්පාදකවරුන් දෙදෙනාම ඔබ කිව්වා වගේ මගේ පාසල් මිත්‍රයෝ. සමන්ත සහ මම ආනන්ද විද්‍යාලයේ. මෙත්සිරි නාලන්දේ. අපි ඒ කාලේ ස්කෝලෙ කට් කරලා එකට ෆිල්ම් බලලත් තියෙනවා. අපි තුන් දෙනා එකතු වෙලා අද චිත්‍රපටයකුත් හදනවා. ඒක සුන්දර කථන්දරයක්. ඇත්තටම මේ දෙන්නා හොඳ සිනමා ලෝලියෝ. හොඳ විචාරකයෝ. ඒ රසිකත්වය තමයි මම හිතන්නේ ඒගොල්ලන්ව තල්ලු කළේ මේ වගේ නිර්මාණ කටයුත්තකට අත ගහන්න. හැබැයි මේ අය ධන කුවේරයෝ නෙවෙයි. මේ දෙන්නටම පසු න්‍යාය පත්‍ර කිසිසේත්ම තිබුණේ නෑ. ඉතින් මේ නිර්මාණ කාර්යයේදී මට පූර්ණ නිදහස තිබුණා.

තිසූල දීප තඹවිට සිනමාකරණයට පිවිසෙන්නේ ‘පුතණ්ඩියා’ හරහා. ඔහු පිළිබඳ කතා කළොත්?

තිසූලට අපි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න යෝජනා කළාම ඔහු කිව්වා මටම එය කරන්න කියලා. ‘ඔයා දේදුණු වැස්ස’ කළේ 2006 දී. දැන් හොඳ කාලේ ආයේ ෆිල්ම් එකක් කරන්න. මම සපෝට් එකක් දෙන්නම්’ කියලා තමයි ඔහු කිව්වේ. මම ‘දේදුණු වැස්ස’ කළේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕනෑ කියන ඒ අමාරුවට, කිචියට වුණාට ඒ වෙලාවේ මම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න සුදුසු නෑ. ඒක මට දැන් තේරෙනවා. මම නැවත ඒ දේ කරනවා නම් කිසිම වරදක් කියන්න බැරි වෙන්න ඒ දේ කරන්න ඕනෑ. මම හිතනවා මම තාමත් සුදුසු නැහැ ඒකට කියලා. මට අවශ්‍ය මා තුළ සිටින රංගන ශිල්පියා ‘එස්ටැබිලිෂ්ට්’ කරන්න. මම කැමැතියි රඟපාන්න. ඉතින් මම කළේ මාව හොඳින් මෙහෙයවන්න පුළුවන් අධ්‍යක්ෂවරයකුට මේ කාර්යය බාර දෙන එක.

ඇයි ඒ කාර්යයට තිසූල තෝරා ගත්තේ. මොකද චිත්‍රපට අධ්‍යක්ෂණයට ඔහු නවකයෙක්?

මම මේ චිත්‍රපටය ගැන කාලෙකට ඉස්සර උදයකාන්ත වර්ණසූරිය එක්ක කතා කරලා තියෙනවා. උදයකාන්ත කියන්නේ මගේ ගුරුතුමා. මාව සිනමාවට ගේන කෙනා. මම ජයන්ත චන්ද්‍රසිරිත් එක්කත් මේ ගැන කතා කළා. නමුත් ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා මේ වැඩේට ඔවුන් සම්බන්ධ කරගන්න මට බැරි වුණා. ඊළඟට මගේ විකල්පලය වුණේ ත්‍රිසූල. තිසූල දීප තඹවිට කියන්නේ ඉතාමත් දක්ෂ, ඉතාමත් වැදගත්, නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. කැමරා ශිල්පියෙක්. මේ රටේ ටෙලි නාට්‍යය කලාව හරහා ඔහු ඒ බව අපට සනාථ කර තිබෙනවා. ඒ සේරමටත් වඩා මම ගරු කළේ අසංක ඔහුගේ මනුස්සකමට. ඒ පිරිපුන් මනුෂ්‍යත්වයට.

මනුෂ්‍යත්වය, ළෙන්ගතුකම ඉතාම සීඝ්‍රයෙන් කලා ලොවෙන් දුරස්ව යන යුගයක් නේ මේක?

ඇත්තටම. අපට කලාකරුවෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සේරටම කලින් අපි මනුෂ්‍යයෙක් වෙලා ඉන්න ඕනෑ. මනුස්සකම නැතිව වෘත්තියමයභාවය විතරක් තිබිලා මදි. එහෙම මනුස්සකමක් නැති කෙනකුට මගේ කිසිම ගරු කිරීමක්වත් නැහැ. කොටින්ම එහෙම කෙනෙක් මට ඇසුරු කරන්න බෑ. ඉතින් තිසූල හැකියාවෙන් සහ මනුස්සකමෙන් දෙකෙන්ම පොහොසත් කෙනෙක්. ඔහු රංගන ශිල්පියෙකුගේ වපසරිය හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. අඩුපාඩු තියෙන තැන් වහගන්න දන්න කෙනෙත්.

මේ අවබෝධය ඔබට ලැබෙන්නේ තිසූල එක්ක ටෙලි නාට්‍යවල වැඩ කිරීම නිසා?

තිසූලත් එක්ක මම වැඩ කරන හැම වෙලාවෙම ඔහු මගෙන් උපරිම දේ උකහා ගන්නවා. මමත් උපරිම ලෙස එය ඔහුට ප්‍රදානය කරනවා. ඔහුගේ ඒ ප්‍රතිභාව මම දැකපු නිසා හැම වෙලාවෙම ඔහුට කියපු දෙයක් තමයි ෆිල්ම් එකක් කරමු කියන එක. තිසූල වගේ දක්ෂයෙක් සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න පුළුවන් වීම මටත් එක්තරා විදිහක ගෞරවයක්. ඒ එක්කම මම නිෂ්පාදකවරු දෙන්නෙක් සිනමාවට ගේනවා. මේක ‘මං පොර’ ජාතකයක් වුණා නම් අධ්‍යක්ෂණයත් මටම කරගන්න තිබුණා. එහෙම වුණා නම් ටයිටල් එක නෙවෙයි පේමන්ට් එකකුත් ලැබෙනවානේ.

කෙහොමද ‘පුතණ්ඩියාට’ ලැබෙන ප්‍රතිචාර?

චිත්‍රපටය තිරගත වෙලා තවම සති දෙකයි. මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා නිෂ්පාදකවරයා එක්ක මමත් යනවා. වෑන් එකේ ස්පීකර් බැඳගෙන අපි ගම් දනව්, නගර පුරා සිනමා ශාලාවක්, ශාලාවක් පාසා යනවා. ඒවා වෙනම අත්දැකීම්. සමහරදාට එක දිගට දවස් දෙක තුනක් නිදි නෑ.

අපේ රටේ නළුවන්, නිෂ්පාදකවරු එක්ක වෑන් රථවල රට වටේ යනවා චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා. නමුත් හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවේ නළු නිළියෝ හරියට ප්‍රභූවරු වගේ. මේක ලංකාවේ නළු නිළියන්ගේ අවාසනාවද? නැතිනම් නළු, නිළියන් එසේ කළ යුතුද?

ඒක නළුවෙක් වශයෙන් කරන්න ඕනෑ. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ගැන කතා කරන කොට අපිට මතක් වෙන්නේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයනේ. ඒ කාලේ චිත්‍රපට දුවනවා. ඒක හොඳ කාලයක්. ඒකනේ ස්වර්ණමය යුගය කියලා කියන්නේ. ඒ ස්වර්ණමය යුගය එක කාලයකට පමණක් සීමා කෙරෙව්වානේ අපි. ඒක දිගින් දිගටම ගෙන යන්න තිබුණානේ. අමිතාබ් භච්චන් එදා හිටියේ ස්වර්ණමය යුගයක. ඒත් අද ෂාරුක් ඛාන් ඉන්න යුගයත් ස්වර්ණමය යුගයක් නේ. ඒක අපිට විතරක් නැති වෙන්නේ කොහොමද? ඇයි ඉන්දියාවේ ටෙලිවිෂන් නැද්ද? D.V.D., V.C.D. නැද්ද? ඉන්දියාවේ ජනගහනය ලොකුයි කියනවා. නමුත් ඉන්දියාවෙයි, අපෙයි ජනගහන ප්‍රතිශතය එකයි. සිනමාලෝලින්ගේ ප්‍රතිශතය එකයි.

එතකොට එහෙම වුණේ ඇයි?

දැන් ගන්නකෝ ඒ නළු නිළියන්ගෙයි අපෙයි මොකක්ද වෙනස්. ලේ පයින්ට් හතරයි, හතර හමාරයි නේ හැමෝගෙම ඇඟේ තියෙන්නේ. මනුස්සයෝ හැමෝම අත මිට මෙලෙව්වාම සයිස් එක තමයි තමන්ගේ හදවත. අත් දෙකයි, කකුල් දෙකයි, ඇඟිලි සමහර විට අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක් මැජික් කාරයෙක් වෙන්න හේතුවක් නෑනේ. එකම හේතුව මා විකිණෙන වෙළෙඳ පොලයි, ෂාරුක් ඛාන් හරි අමීර් ඛාන් හරි රැජිනි කාන්ත් හරි විකිණෙන වෙළෙඳපොලයි අතර තියෙන වෙනස. අපේ වෙළෙඳ පොළ ලොකුවට තිබ්බනේ. ඒක පොඩි කළේ කවුද?

මාත් අහන්නේ ඒකම තමයි?

මේකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වගකිව යුතු නෑනේ. එහෙම නැතිනම් වරාය අධිකාරිය වගකිව යුතු නෑනේ.

එතකොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වගකිව යුතුත් නෑනේ?

නෑනේ. එතකොට වගකිව යුත්තේ අපි සහ ඒ ඒ කාලවල පැවැති රජයන් සහ සිනමාව වෙනුවෙනු පෙනී සිටියවුන්. විශේෂයෙන්ම රජයන් සමඟ ජනාධිපතිවරු, අගමැතිවරු සමඟ ළඟින් ඇසුරු කරපු අය වැඩිදුර වගකියන්න ඕනෑ.

ඒ කියන්නේ සිනමා කලාකරුවන්?

ඔව්, හැමෝම තමන්ගේ අඩුපාඩු වහ ගන්නේ 70 දශකය තමයි සිනමාවේ ස්වර්ණමය යුගය කියලා. 70, 70 කිය කිය 70 ට පුද පූජා පැවැත්වීම නෙවෙයි කළ යුත්තේ, ඒ යුගය ආයේ වර්තමානයට ඇදලා ගන්නේ කොහොමද කියලා සොයා බලලා ඊට අවශ්‍යය පියවර ගන්න එකයි. කලාව වෙනුවෙන් මැදිහත් වෙන්න, ඒක ආරක්ෂා කරන්න, ඊළඟ පරපුර ලෑස්තියි. මෙහෙම බැටෑලියන් එකක් ඉන්නවා. අපේ කලාව ඒතරම් වාසනාවන්තයි. හැබැයි ඔහු කලාකරුවෙක් වූදාට කලාවට බෑ ඔහු පෝෂණය කරන්න.

අපේ රටේ කලාව එහෙම ප්‍රවර්ධනය වෙලා නෑ?

කලාවට බැරි වෙලා තියෙනවා කලාකරුවා පෝෂණය කරන්න. ඔවුන්ට වෘත්තිය මට්ටමක් ලබා දෙන්න.

අපි පොඩ්ඩක් වෙන ට්‍රැක් එකක ගියේ. ආපහු ‘පුතණ්ඩියා’ට එමු. හැබෑවට බුද්ධික කවුද මේ පුතණ්ඩියා?

පුතණ්ඩියා කියන්නේ මාධ්‍යවේදියෙක්. ඔහුගේ පියා යම් චෝදනාවකට වැරැදිකරු වී සිරබත් කන කෙනෙක්. මේ නිසා ‘පුතණ්ඩියා’ට සිදු වෙනවා සමාජයේ විවිධ ගැරහුම්වලට ලක්වන්න තමන්ගේ පාසල් වියේ පටන්. ඔහුගේ විවාහය පවා මේ නිසා ප්‍රමාද වෙනවා. තමන්ගේ පියා ගැන සමාජයේ තිබෙන ආකල්පය පෙම්වතියගේ මව දැනගනියි කියන බිය පුතණ්ඩියාට තියෙනවා. ඒ මානසික අර්බුදයේ තමයි ඔහු ඉන්නේ. හැබැයි ඔහු වෘත්තීමය වශයෙන් ඉතාමත් උසස් මාධ්‍යවේදියෙක්. තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරන මාධ්‍යවේදියෙක්.

සැබෑ පත්තරකාරයෙක්?

පත්තරකාරයෙක්. ඔහු හෙළි කරන්නේ හැම විටම ඇත්ත. ඒ නිසා ඔහුට තර්ජන තියෙනවා. ඔහු පොලීසියට උදවු කරනවා වැරැදිකරුවෝ අල්ලා ගන්න. හැම තිස්සෙම ඔහුට කරදර තියෙනවා. ඔහුගේ පියා ත්‍රී රෝද රථ රියදුරෙක්. වැරදි වැටහිමක් නිසා ඔහු මේ ත්‍රීරෝද රථ වෘත්තිකයන්ට දැඩි ලෙස වෛර කරනවා. ඒත් එක තැකදී ඇත්ත මොකක්ද කියලා හෙළිවීමත් සමඟ ඔහු ඒ ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් සටන් කරනවා. පිය පුතු සෙනෙහසක මහිමය වගේම යොවුන් ආදරයක සුන්දරත්වයත් මේ චිත්‍රපටයේ තියෙනවා.

තිර කථාව ලියද්දී ඔබේ පෞද්ගලික ඇවැතුම්, පැවතුම් පවා මේ චරිතයට ඇතුළත් වුණා කියා මට හිතෙනවා?

යම් නිර්මාණ කටයුත්තකදී පළමුවැනි උදාහරණය වෙන්නේ තමන්මනේ. අසංක ඔය කියන්නේ වැරැද්දක් දුටු තැන කථා කිරීම. ඊට එරෙහිව සටන් කිරීම වගේ මගේ පුරුදු. ඔව් සමහර විට එහෙම දේවල් ‘පුතණ්ඩියා’ ගේ චරිතය තුළ ඉස්මතු වෙන්න ඇත්තේ මම සැබෑ ජීවිතයේදී ඊට පෙරමුණ ගන්න සහ ප්‍රතික්‍රියා දක්වන විදිහත් එකක් වෙන්න ඇති.

කිසියම් සත්‍ය සිදුවීමක් පසුබිම් කරගෙනද ඔබ මේ කතාව ලියන්නේ?

සත්‍ය සිදුවීම් ගණනක් තියෙනවා. හැබැයි බොහොම ආඩම්බරයෙන් කියනවා මේ තුළ හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් අංශු මාත්‍රයක් නෑ. ඒ කිසිම දෙයක් අරගෙන නෑ.

අපි දන්නවා බුද්ධික අද වෙනකොට සිංහල සිනමාව දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ. ‘තරු’ සංකල්පය අහෝසි වෙලා කියනවා සමහර විචාරකයෝ. එතකොට ‘වීරයා මැරිලා’ සිනමාවේ. මෙහෙම යුගයක ඔබ වීරයෙක් ගේන්න හදනවා සිනමාවට. සාර්ථක වෙයිද මේ වැඩේ?

මම හිතන්නේ නැහැ විසි පස් දෙනෙකුට ගහන වීරයෙක් ළඟ තවදුරටත් ප්‍රේක්ෂකයෝ රැඳෙයි කියලා. ඒක වෙන්නේ නෑ. විශේෂයෙන් අපේ වගේ රටක. අපේ බුද්ධි මට්ටම වැඩියි. සාක්ෂරතාවය වැඩියි. තර්කානුකුලව දෙයක් ගැන හිතනවා. එතකොට විිසි පහකට එකෙක්ට ගහන්න බැරි බව දන්නවා. තුන් දෙනෙකුට , හතර දෙනෙකුට ගහන්න පුළුවන්. එතකෙට තව දහ දෙනෙකුට ගහනවා නම් පොල්ලක් කඩාගන්න ඕනෑ කියන එක ඔවුන් දන්නවා. අපේ ප්‍රේක්ෂකයෝ අන්දන්න බෑ. එතකොට වීරයෙක් ඇති වෙන්නේ මසල්ස්වලින් නෙවෙයි. උසෙන් නෙවෙයි, මහතෙන් නෙවෙයි. නළුවා චරිතය ගොඩ නඟන විදිහෙන් වීරයෝ හදන්න පුළුවන්. මම ‘පුතණ්ඩියා’ චිත්‍රපටයේ කරලා තියෙන්නෙත් ඒ විදිහට.

‘පුතණ්ඩියා’ මංගල දර්ශනය දවසේ මම දැක්කා බුද්ධික ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් විසිල් පාරක් ගහනවා?

ඒ විසිල් පාර ඇත්තෙන්ම මට නෙවෙයි. ධර්මප්‍රිය ඩයස් වෙනුවෙන්. මොකද ඔහු තමයි මේ චිත්‍රපටයේ ට(ර්)නින් පොයින්ට් එක. මම පෞද්ගලිකව කැමැතිම ප්‍රේමාන්විත දර්ශනය තියෙන්නේ ධර්මප්‍රියගෙයි, නෙහාරාගෙයි. ඉතින් ඒ දර්ශනයට තමයි මම විසිල් පාර දුන්නේ. මට හොඳට විසිල් ගහන්න පුළුවන්. ඒ නිසා කිසිම කුහක බවකින් තොරව මම ඒ දේ කළා. මොකද මේ වැඩේ අපේනේ.

මෙහි Casting පැත්තට ඔබ මැදිහත් වුණා කියන්නේ ඇත්තද?

මම තිසූලට යම් යම් චරිත සඳහා මට සුදුසු යැයි හැඟෙන නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. එක චරිතයකට නම් දෙකක් විතර දාලා මම එහෙම දුන්නා. මොකද තිසූල මාව විශ්වාස කරනවා. අපි දෙන්නා කතාබහ කරලා සමහර විට තර්ක විතර්ක පවා කරලා චරිතයට වඩාත් ගැළපෙන කෙනා තෝරා ගත්තා. තිර රචකයා හැටියට ඊට මැදිහත් වෙන්න ඒ අවශ්‍යය නිදහස එක්තරා ප්‍රමාණයකට මට තිසූල ලබාදී තිබුණා. ඔහු දන්නවා මම කොයිතරම් පරිශ්‍රමයක් දැරුවද මේ කතාව එළියට දාගාන්න කියලා.

ඉතා නිවැරදි ලෙසම නළු නිළියන් තෝරා ගැනීමට හැකි වූ බව ඔබ විශ්වාස කරනවාද?

ඔව්. ඒ ගැන අප සෑහීමකට පත් වෙනවා. විශේෂයෙන්ම අර්ජුන් කමලනාත් ඔහුගේ සිනමා රංගනයේ එදා මෙදා රඟ නොපෑ සුවිශේෂ චරිතයකට දායක වෙනවා. ඔහු ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. වැඩ දෙකක් නැවැත්තුවා. ඔහුගේ රැළි සහි කොණ්ඩය අපිට ඕනෑ විදිහට පීරන්න පටන්න ගත්තා. එතකොට ධනංජය සිරිවර්ධන. ඔහු එක දර්ශනයකටයි පෙනී හිටියේ. නමුත් ඒ දර්ශනය තුළ ඔහු ඔප්පු කරනවා මහා දර්ශන ගොඩක් ඕනෑ නෑ නළුවකුගේ ටැලන්ට්ස් පෙන්වන්න කියලා. ඒ වගේම ජීවන් කුමාරතුංග මේ චරිතයට කරන සාධාරණය අති මහත්. 80 දසකයේ ඔහුගේ සටන් ජවනිකා ඔහු තිරයට නැවත ගේනවා. චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයෝ කියනවා ජිවන් තාම හොඳට ගහ ගන්නවා කියලා. ඒක අපේ චිත්‍රපටයට ආභරණයක්.

හිමාලි සිරිවර්ධන මෙහි ඔබේ පෙම්වතිය?

ඇය මේ චරිතය තේරුම් අරගෙන ඉතාමත් හොඳටම රඟපෑවා. ඒ වගේම නෙහාරා පීරිස් මේ සිංහල චිත්‍රපටයක රඟපාන ප්‍රථම වතාව. ඇය මීට පෙර Its a Matter of love චිත්‍රපටයේ විතරයි රඟපාලා තිබුණේ. නෙහාරා කියන්නේ පුංචි තිරයේ අති ජනප්‍රිය නිළියක්. ඇය ඉන් ඔබ්බට ගිහින් රිදී තිරයට අපූර්ව චරිතයකින් එක්වන චිත්‍රපටය තමයි පුතණ්ඩියා. හැමෝගෙම දායකත්වය උපරිමයෙන් ලැබුණා මේ චිත්‍රපටයට.

පුතණ්ඩියා හැප්පෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. දකුණු ඉන්දීය සිනමාවේ Superstar රජිනිකාන්ත් එක්ක. “කබාලි” පිටපත් පනහක් දැන් ලංකාවේ ප්‍රදර්ශනය වෙනවා. එය ඔබේ චිත්‍රපටයට අභියෝගයක් නොවේද?

කබාලිට මං බය නෑ. “පුතණ්ඩියා” ලංකාවේ හතරකොන හොඳට දන්න කොල්ලෙක්. ඒ නිසා අපේ පේ‍්‍රක්ෂකයෝ මේ වෙලාවේ “පුතණ්ඩියා” ආදරයෙන් වැළඳ ගනී කියන විශ්වාසය මට තියෙනවා.