වර්ෂ 2017 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය

කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය

කලාවක් ලෙසින් හෝ කර්මාන්තයක් ලෙසින් හෝ ඉහළ ස්ථාවරත්වයක් ජාත්‍යන්තර තුළ ශී‍්‍ර ලාංකේය සිනමාවට හිමි නොවූනද, 1957 වර්ෂයේ පටන් වරින් වර අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී ශී‍්‍ර ලාංකේය සිනමාපට ලබන්නාවූ කිත් පැසසුම් වෙසෙසින් පැසසිය යුත්තකි. හෙළ සිනමාවේ පීතෘ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිය ‘රේඛාව’ සිනමාපටය හරහා1957 වර්ෂයේදී මෙරට සිනමාව වෙත විවර කර දුන් අන්තර්ජාතික සිනමා උළෙලයන්හී දොරටුව, පසුකාලීනව මෙරට බිහිවූ සිනමාකරුවන් බොහෝමයකට ජාත්‍යන්තරව සම්මානනීයවීමට රුකුල් වූ බව නොරහසකි.එකී මාවත සිය ගමන් මග බවට පත්කර ගනිමින්, එහි නිසි ඵල නෙලූ නවතම කතා නායකයා බවට සුරංග දේශපි‍්‍රය කටුගම්පළ නම් වූ නව යොවුන් සිනමා කෝඩුකාරයෙකු පත්වතිබීම, ශී‍්‍ර ලාංකේය සිනමාවේ මතු බලාපොරොත්තු යළි යළිත් සනාථ කරලන්නට සමත්ව ඇත. ඒ, පසුගිය ජූලි 09 දින ඉතාලියේ පෙසරෝ නුවර නිමාව දුටු ‘52 වෙනි පෙසරෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී’ (52nd Pesaro International Film Festival) ඔහුගේ’ පුතෙකුට’ (For a Son) නම් වූ කුලුදුල් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය, එමඋළෙලේ පිරිනමන ලද ජූරියේ විශේෂ සඳහනකින් (Jury Special Mention)  පිදුම් ලැබීමත් සමගිනි. එලෙස කිත් පැසසුම් ලද සුරංග කටුගම්පළග නම් වූ නව යොවුන් ජාත්‍යන්තර සම්මානලාභී සිනමාවේදීයා සමඟ, ශී‍්‍ර ලාංකේය සිනමාව සහ එහි ජයග්‍රහණයන්හී ප්‍රචාරණය වෙනුවෙන් නිබඳව පෙනී සිටින ජාතියේ සිනමා පුවත්පත ‘සරසවිය’පැවැත්වූ පළමු සංවාද සටහන මෙසේ දිග හැරෙන වගයි.

* සුරංග... ඔබ ශී‍්‍ර ලාංකේය සිනමාවට කෝඩුකාරයෙක් වගේම මෙරට සිනමා රසිකයින්ට ආගන්තුක චරිතයක්. එහෙයින් අපි ඔබේ උපන් බිමෙන්ම සංවාදය අරඹමු.

යුරෝපයට සංක්‍රමණය වූ ශී‍්‍ර ලාංකිකයෙකු ලෙසින් අද වන විට මගේ ජීවිතය ඉතාලියේ ගෙවුනද, මා උපන්නේ මීගමුවේ. ඒ 1987 වර්ෂයේදී. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා මා පාසල් ගියේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යලයට. සාමාන්‍ය යෙන් මීගමුවේ ජනතාව සැපවත් ජීවිතයක් සොයාගෙන ඉතාලියට සංක්‍රමණය වීම සුලබ සිදුවීමක් නිසා, මටත් අවුරුදු දහයේදි මගේ දෙමව්පියන් සමග ඉතාලියට සංක්රසමණය වීමට සිදුවුනා. එදා පටන් වරින් වර ලංකාවට පැමිණියද,මගේ අද ජීවන නවාතැන ඉතාලියේ වෙරෝනා නුවරයි.

* ඔබ අද වෘත්තියෙන් පුද්ගලික පාසලක ආචාර්යවරයෙක්. ඒ වගේම සිනමා අධ්‍යක්ෂකවරයෙක්

මා කුඩා කල පටන්ම සිනමාවට පි‍්‍රය කල තැනැත්තෙකු වුණාට , කුඩා කල පටන් සිනමාව විෂයක් ලෙස හැදෑරීමට මට අවකාශ හිමිවුණේ නැහැ. මොකද සැපවත් ජීවිතයක් සොයා ඉතාලියට සංක්‍රමණය වුණු මගේ දෙමව්පියන්ගේ මුලික අපේක්ෂාව වුණේ, මාසිකව ඉහළ වැටුපක් ලබන වෘත්තියක මා නිරතවනවා දකින්න. එක් අතකට දෙමව්පියන්ගේ ඒ අපේක්ෂාව සාධාරණයි. මන්ද හොලිවුඩ් සහ බොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයන් ශී‍්‍ර ලංකාව හෝ ඉතාලිය වැනි රටවල නැහැ. ඒ නිසා එවැනි රටවල ‘සිනමා අධ්‍යක්ෂණය’ පමණක් වෘත්තිය කරගත් පුද්ගලයෙකුට වාර්ෂිකව හිමිවන වෘත්තියඅදායම සතුටුදායක මට්ටමක නැහැ. එහෙයින් පලමුව මගේ ඉලක්කය වුණේ හොඳ වෘත්තිකයක නියැළීම.

* එහෙත් සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීමේ සිහනය ඔබ අත්හැරියෙ නැහ

ඔව්. පරිගණක විද්‍යාව පිළිබඳව මගේ පළමු උපාධිය හදාරන කාල වකවානුවේදීම උදේ හා දහවල් කාලය සරසවි අධ්‍යාපනයටත් , රාතී‍්‍ර කාලය විවිධ සිනමා පාඨමාලාවන් හැදෑරීමටත් මා යොදා ගත්තා.හොඳ සිනමා නිර්මාණකරුවකු බිහිවනු වස් එකී තැනැත්තා මනා සිනමා ඥානයෙන් යුක්ත විය යුතු බව මගේ පුද්ගලික හැඟීම. එම නිසා මගේ ‘Master Degree’එකට විෂය පථය වුනේ සිනමාව.

මෙරටදී ප්‍රචාරයක් නොලැබුවත් ඔබත් අන්තර්ජාතික සම්මානලාභී කෙටි සිනමාපට නිර්මාණකරුවෙක් මගේ පළමු කෙටි චිත්‍රපටය ‘Equilibrist’නමින් 2011 වර්ෂයේදී සිනමාවට එක්වුණා . එදා පටන් අද දක්වා මගේ අතින් නිමවුණු කෙටි සිනමාපට, වාර්තා සිනමාපට සහ වෙබ් කථා මාලාවන් සංඛාව 10 ක්. මෙයින් ඇතැම් නිර්මාණ අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කිරීමට පවා සමත් වුනා. එ අතුරින් 2014 වර්ෂයේ තිරගත කෙරුණු ‘කාටද අයිති’ නම් කෙටි සිනමාපටය මා අන්තර්ජාතික සිනමා උළෙල සම්මානලාභීයෙකු බවට පත්කළා. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනි, මගේ පළමු කෙටි සිනමාපටය නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් මා මට අවුරුදු 17 දී එනම් 2004 වර්ෂයේදී ලංකාවට ආවා. නමුත්, ඒ වනවිට මෙරට සිනමා ක්ෂේත්‍රයට මා ආගන්තුක චරිතයක් නිසාත්, වයස අවුරුදු 17 ක් වැනි වයසක සිටි තරුණයෙකු නිසාත්, මානව සම්පත් ඒකරාශී කරගැනීමේ දුෂ්කරතාවයන්ට මෙන්ම නොයෙකුත් මානසික පීඩාවන්ට මා ලක්වුනා. ඒ නිසා බිඳුනු පාර්ථනාවන් සමග මා ආපසු ඉතාලියට ගියා. නමුත් සිනමාකරුවෙකු වීමේ ඒකායන උත්සාහය අත්හැරලීකීමට මා කිසිවිටත් සුදානම් වුනේ නැහැ.

* ‘පුතෙකුට’ (For a Son) ඔබේ කුලුදුල් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය..

කෙටි සිනමාපටකරුවෙකු හෝ වේවා වාර්තා සිනමාපටකරුවෙකු හෝ වේවා , ඔහුගේ ප්‍රමුඛතම අපේක්ෂාව කෙදිනක හෝ දිගු වෘත්තාන්ත සිනමාපටයක අධ්‍යක්ෂකවරයෙකු වීම. මටත් ඒ බලාපොරොත්තුව ඒ විලසින්ම තිබ්බා. කෙටි සහ වාර්තා චිත්‍රපට නිර්මාණය තුලින් ක්ෂේත්‍රය පිළිබඳව මා ලද අත්දැකීම්, ඒ සිනමාපට උදෙසා අන්තර්ජාතික සිනමා උළෙලවල මා ලද ප්‍රතිචාර, ඒ හරහා මා ලද පන්නරය හා තෘප්තිය, දිගු වෘත්තාන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමේ කාර්යය දෙසට මාව ඉබේම තල්ලුකළා. අතීතයේ සිට පැවති ඒ අහිංසක සිහිනයයි මේ අද මෙලෙස මල් ඵල දරලා තියෙන්නේ.

‘පුතෙකුට’ සිනමාපටයේ කතා තේමාව ඔබට ගොඩක් සමීපයි..

සියයට සියයක් නැති වුනත්, සිනමාපටයේ කතාව මගේ ජිවිතයට ගොඩක් සමීපයි. ඒක එහෙම නැහැ කිවුවොත් ඒක ලොකු බොරුවක්. වයස අවුරුදු 10 යේ පටන් මටත් ගනුදෙනු කිරීමට සිදුවුනේ ඉතාලියේ සංස්කෘතිය සහ එහි සමාජීය හා ආර්ථික රටාවන් සමග. නමුත් අපේ දෙමව්පියන් ගතින් ඉතාලියේ සිටියත් ඔවුන් සිතින් සිටියේ ශී‍්‍ර ලංකාවේ. මේ නිසා සෑම අවස්ථාවකම ඔවුන් අපෙන් අපේක්ෂා කළේ ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට, එහි සිරිත් විරිත්වලට ගරු කරමින් කටයුතු කරන ළමා පිරිසක්. ඉතාලි සමාජය තුල නිවැරදියැයි සම්මත ඇතැම් දේවල් අපේ දෙමව්පියන්ගේ විවේචනයට හා ප්‍රතික්ෂේප කිරීම්වලට ලක්වුණා. මේ නිසා ළමුන් ලෙස අපිත්, අපේ දෙමව්පියනුත් මේ සංස්කෘතික, සමාජීය වෙනස්වීම සහ ඒ තුලින් පැන නැගුනු ඝට්ටනයන් හේතුවෙන්දැඩි මානසික පීඩනයකට මුහුණ දුන්නා. යුරෝපයට සංක්‍රමණය වන අපි වන් මිනිසුන්ගේ එකී සංස්කෘතික , ආර්ථික , සමාජීය සහ මානසික අරගලයයි මේ සිනමාපටය පුරාවටම කතා වෙන්නෙ.

* පෙසරෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔබේ සිනමාපටය සම්බන්ධයෙන් ඉතාලි ජාතික පේ‍්‍රක්ෂකයන් මතයන් දෙකක සිටිනවා..

ඔව්, ඇතැම් ඉතාලි ජාතිකයින් මේ සිනමාපටය හරහා ඉස්මතුවන්නා වූ කටුක යථාර්තය පිළිගැනීමට කැමැත්තක් දැක්වුවත්, තවත් ඉතාලි ජාතිකයින් පිරිසක් එකී කටුක යථාර්තය හෙවත් තිත්ත ඇත්ත පිළිගැනීමට දැඩි මැලිකමක් දැක්වුවා. ඉතාලි ජාතිකයින් බහුතරයකගේ මතය, ඉතාලියට සංක්‍රමණය වන විශේෂයෙන් දකුණු ආසියානු කලාපීය රටවල වැසියන්ට එරට පුරවැසිභාවය හිමිවුණත්, ඔවුන් අයිතිවාසිකම් අහිමි ඉතාලියේ මුල් පුරවැසියන්ට යටහත් පහත් ලෙසින් ජීවත් වියයුතු ජන කොට්ඨාශයක් කියා. ඉතින් එවන් තත්වයක් තුල , ඉතාලි පුරවැසිභාවය හිමි දකුණු ආසියාතිකයෙක් ලෙස, මගේ සිනමාපටය හරහා ඉතාලියේ ඇතැම් සංස්කෘතික සහ සමාජීය රටාවන් මෙලෙස විවේචනයට හා අභියෝගයට ලක් කර තිබීම, ඇතැම් ඉතාලි ජාතිකයින්ගේ සිත් රිදවීමට හේතු වුණා.

* එසේ වුණත් පෙසරෝ සිනමා උළෙලේදී තරඟකාරී වටය නියෝජනය කිරීමට, ඉතාලි ජාතික සිනමාපටයක් ලෙසින් තෝරාගත් එකම සිනමාපටය ඔබේ සිනමාපටය.

මගේ සිනමාපටය ඉතාලි සහ ශී‍්‍ර ලාංකේය සම නිෂ්පාදනයක්. එසේම ඉතාලි , සිංහල සහ ඉංගී‍්‍රසි යන භාෂා ති‍්‍රත්වයටම අයත් දෙබස් මේ සිනමාපටයේ අඩංගුයි. නමුත් මේ වසරේ පෙසරෝ සිනමා උළෙලේ තේරීම් කමිටුව විසින්, උළෙලේ තරඟකාරී වටය නියෝජනය කිරීම සඳහා ඉතාලි ජාතික සිනමාපටයක් ලෙසින් තෝරාගත් එකම සිනමාපටය මගෙ. මෙහිදී තරඟකාරී වටය සඳහා ඉල්ලුම් කල ඉතාලි ජාතික නවක අධ්‍යක්ෂකවරුන්ගේ සියලුම සිනමාපට පරදා මගේ සිනමාපටය පමණක් ඔවුන් ඉතාලි ජාතික සිනමාපටයක් ලෙස තරඟකාරී වටයට එක් කරගැනීම, ඉතාලි පුරවැසිභාවය හිමි විදේශිකයකු ලද එක්තරා ජයග්‍රහණයක්.

* විමුක්ති ජයසුන්දර (සුළඟ එනු පිණිස), සත්‍යජිත් මාඉටිපේ (බොරදිය පොකුණ) , සංජිව පුෂ්පකුමාර (ඉගිල්ලෙන මාළුවෝ), ඩෙනිස් පෙරේරා (තී‍්‍රවීල් ඩයරීස්) සහ වසන්ත මොරගොඩ (මවුස්) යන අධ්‍යක්ෂකවරුන් සියල්ලගේම කුලුදුල් සිනමා නිර්මාණයන් හැඩවුනේ කෞශල්‍යා ප්‍රනාන්දුගේ සිනමා රංගනයෙන්. ඔබේ කුළුදුල් සිනමා නිර්මාණයෙත් ප්‍රධාන නිළිය කෞශල්‍යා. ඇයි නවක සිනමා කරුවන්ගෙන් කෞශල්‍යා ප්‍රනාන්දුට මෙතරම් ඉල්ලුමක්...

මා වඩාත් පි‍්‍රය කරන්නේ යථාර්ථවාදී සිනමාවකට. එසේම මා නළු නිළියන්ගෙන් අපේක්ෂා කරන්නේ ස්භාවික රංගනයන්. මේ නිසා ‘පුතෙකුට’ සිනමාපටයේ ‘සුවිනීතා’ යන ප්‍රධාන භූමිකාවට මට අවශ්‍යයම වුනේ නිළිය අභිබවා ගිය කාන්තා පෞර්ෂයක් . ‘සුවිනීතා’ යනු සිනමාපටය පුරාවට කායික හා මානසික පීඩාවන්ට මුහුණ දෙන ගැහැනියක්. මම ඒ කාන්තා පෞර්ෂය දැක්කේ කෞශල්‍යාගෙන් පමණයි. ස්භාවික රංගනය මානව සිනමාපටයකට මුදාහළ හැකි අති විශිෂ්ට වෘත්තිය මට්ටමේ නිළියක් ඇය.

* එකී ප්‍රතිභාපුර්ණ කාන්තා පෞර්ෂය සොයාගෙන 2014 වර්ෂයේ ඔබ ලංකාවට එනවා...

ඔව්, ලංකාවට ඇවිත් මා ඇය සොයාගෙන ඇගේ නිවසට යනවා. නමුත් අපි කෙදිනකවත් ඊට පෙර මුණ ගැසී තිබුණේ නැහැ. එකි නෙකා හඳුනා ගෙන තිබුනෙ නැහැ. මේ නිසා නවක සිනමාකරුවෙකු ලෙසින් මාව හදුන්වා දෙමින් ඇගේ විශ්වාසය දිනා ගැනීමට මට යම් කිසි ප්‍රයත්නයක් දැරීමට සිදුවුණා. මෙහිදී, ඇය සිනමා පිටපතේ ඇතුළත් නොයෙකුත් තැන් බොහෝ ප්‍රශ්න කිරීම්වලට ලක්කලා. මේ ප්‍රශ්න කිරීම් හරහා මට අවබෝධ වුනා, ‘සුවිනීතා’ට ගැළපෙනම කාන්තාව කෞශල්‍යාට බව. නමුත් පිටපත කියවා දින ගණනකට පසුවයි ඇය මගේ චිත්‍රපටයේ රංගනයේ යෙදීම උදෙසා ඇගේ කැමැත්ත ප්‍රකාශ කලේ.

* පෙසරෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී පවා කෞශල්‍යා ප්‍රනාන්දු පැසසුම් ලබනවා

ඇත්තෙන්ම, ‘පුතෙකුට’ සිනමාපටයේ විශිෂ්ටත්වය උදෙසා කෞශල්‍යා ප්‍රනාන්දුගේ ප්‍රබල රංගනය ඉවහල්වුණු බව පෙසරෝ සිනමා උළෙලේදී මගේ සිනමාපටය වෙත පිරිනමන ලද ‘ජුරි විශේෂ සඳහනෙහි’ සටහන් කිරීමට ජූරිය කටයුතු යොදා තිබුණා.

එය ඇය ලද ඇගයීමක් හා සමානයි. මේ නිසා මට හැඟෙනවා මේ සිනමාපටය ඉදිරි මාස ගණන ඇතළත නියෝජනය කරන කුමන හෝ අන්තර්ජාතික සිනමා උළෙලකදී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනය ජාත්‍යන්තර සම්මානයට පත්වේවියැයි කියා.

* ඔබේ සිනමාපටයේ රංගනයේ යෙදෙන එකම වෘත්තිය රංගන ශිල්පිනිය කෞශල්‍යා ප්‍රනාන්දු පමණයි. අනිත් සියලුම දෙනා ආධුනිකයින්...

මා පෙර ඔබට ප්‍රකාශ කළා, මා වඩාත් පි‍්‍රය කරන්නේ යථාර්ථවාදී සිනමාවකට සහ ස්වභාවික රංගනයන්ට බව. මා ලොකු විශ්වාසයක හිටියෙ, සිනමාපටයේ ප්‍රධාන භූමිකාවට යොදාගන්නා නිළියගේ ප්‍රබල රංගනය මත ආධුනික රංගන ශිල්ප ශිල්පීන්ගේ ස්වභාවික රංගනයන් වඩාත් පහසුවෙන් උකහා ගැනීමට පුළුවන් බව. මන්ද සිනමාපටය පුරාම කතා කරන්නේ ඔවුන්ගේ සැබෑ ජීවිතයන් ගැන. කෞශල්‍යා හැරුනු කල අනෙක් සියලුම දෙනා ඉතාලියේ වෙසෙන ඉතාලි ජාතිකයින් හෝ ශී‍්‍ර ලාංකිකයින්. ඒ නිසා ඔවුන්ට ආයාසයෙන් රඟපෑමට යමක් මේ සිනමාපටය තුළ තිබුණේ නැහැ. නිරායාසයෙන්ම ඔවුන්ගේ ස්භාවික රංගනයන් මේ සිනමාපටයට එක්වුණා. ඔවුන් පිළිබඳ මා තුළ තිබූ විශ්වාසය ඔවුන් මානව තහවුරු කළා.

* අනෙක් අතට ජාත්‍යන්තර සම්මානලාභී කැමරා ශිල්පී චන්න දේශපි‍්‍රයගේ දායකත්වය ඔබේ සිනමාපටයට හිමිවෙනවා...

ඕනෑම නවක අධ්‍යෂක්වරයෙක් සිය කුළුදුල් සිනමා නිර්මාණය උදෙසා පළපුරුදු කැමරා අධ්‍යක්ෂකවරයෙකුගේ දායකත්වය ලබාගැනීමට පෙලඹීම සාමාන්‍ය දෙයක්. මේනිසා ශී‍්‍ර ලංකාවේ ප්‍රවීන කැමරා ශිල්පීන් කිහිපදෙනෙකු සමගම මා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා. නමුත් ඒ බොහෝ කැමරා ශිල්පීන්ගේ ඉලක්කය වුණේ යුරෝපීය රටක සිනමාපටයක් රූපගත කිරීමට ඇති සිහිනය මගේ සිනමා හරහා භුක්තිවිදීමත්, ඒ තුළින් ඔවුන්ගේ ‘ඛ්ඍ’ එකට අමතර වටිනාකමක් එක්කර ගැනීමත් පමණි. එකී සිහිනයෙන් බැහැරව , යුරෝපීය රටක සිනමාපටයක් රූපගත කිරීමේදී අත්විඳීමට සිදුවන කටුකත්වය පිළිබඳව මනා අවබෝධයක් තිබූ එකම කැමරා අධ්‍යක්ෂකවරයා චන්න දේශපි‍්‍රය පමණයි. එහෙයින් මගේ තේරීම බවට ඔහු පත්වුනා. මේ සිනමා පටයේ සාර්ථකත්වය උදෙසා චන්න දේශපි‍්‍රයගෙන් ලද දායකත්වය ඉතාම ඉහලයි.

* මෙය බොහෝ පාර්ශවයන්ගේ උපකාර මතින් ගොඩනැගුණු සිනමාපටයක්...

ඔව් ඇත්තෙන්ම. මෙය සාමුහික වගකිමක ප්‍රතිපලයක්. බොහෝ අය බොහෝ දේ කැපකරමින්, අඩු පහසුකම් යටතේ නිර්මාණය කළ සිනමාපටයක් මෙය. නමුත් සිනමාපටයේ ගුණත්වය ඉහල මට්ටමක රඳවා ගැනීමට ඔවුන් සෑම අවස්ථාවකදීම ක්රිායා කලා. එකී සෑම පාර්ශවයකම ඒකායන අපේක්ෂාව වුයේ හොඳ සිනමා නිර්මාණයක් බිහිකිරීම.

* ‘පුතෙකුට’ මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ගේ නෙත ගැටෙන දිනය?

මේ වර්ෂයේ ඔක්තෝබර් මස අග භාගයේදී මෙම සිනමා පටය ඉතාලි පේ‍්‍රක්ෂකයින් හට මුදා හරිනවා. නමුත් ශී‍්‍ර ලාංකේය ප්‍රේක්ෂකයින් හ‍ට සිනමාපටය මුදා හරින නිශ්චිත දිනයක් පිළිබඳ තවම අනාවැකි කියන්න බැහැ. මන්ද, මා දන්නා පරිදි බොහෝ සිංහල සිනමාපට ප්‍රමාණයක් තිරගත කිරීමේ අපේක්ෂාවෙන් පෝලිමේ තියෙනවා. එසේ වුනත්, මේ වසරේ පැවැත්වෙන කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල වෙත මේ සිනමාපටය ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. එවිට ලාංකේය ප්‍රේක්ෂකයින් හට මෙම සිනමාපටය දැක ගැනීමට හැකිවේවී.