වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
Independance Day : Resurgence

Independance Day : Resurgence
“නිදහස් දිනය” යළි උදාවෙයි

1996 ජූලි මස 2 වැනිදා කාලයක් තිස්සේ මනුෂ්‍ය සංහතිය අතිශය විමසිල්ලෙන් සිටි ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙයි. ඒ සඳෙන් කාලක තරම් වූ දැවැන්ත අභ්‍යවකාශ යානාවක් පිටසක්වලින් පෘථිවිය වෙත ළඟාවීමත් සමඟිනි. මවු යානාවෙන් කැඩී වෙන් වන තවත් කුඩා යානා (කි.මී. 24 ක පමණ පළලකින් යුතු) 36 ක් නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, වොෂින්ටන්, පැරිස්, ලන්ඩන්, මොස්කව්, ඇතුළු ලොව පුරා ප්‍රධාන නගර වෙත ළඟා වේ.

මේ විශාල ව්‍යසනයක සැලසුමක් බව වටහාගන්නා විද්‍යාඥයෙක් (ලෙවින්සන්) සිය හැඳුනුම්කමක් ඔස්සේ මේ බව අමෙරිකානු ජනාධිපති (විට්මෝර්) හට පෞද්ගලිකවම දැනුම් දෙයි. පිටසක්වළ ජීවින් නගරයන්ට පහරදීමට පටන් ගනියි. ශූර ලෙස සටන් කරන එක් ගුවන් කපිතාන් වරයෙක් (හිලර්), එක් ජීවියකු සිය සිරභාරයට ගැනීමට සමත් වෙයි. පිටසක්වළයින් විනාශ කිරීම උදෙසා ලෝ පුරා රටවල් සමඟ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර, විට්මෝර්, ලෙවින්සන් සහ හිලර් මේ මේ සටනෙහි ප්‍රමුඛත්වය ගනිති. අවසානයේ ඇමෙරිකානු නිල නිදහස් දිනය වන ජූලි මස 4 වනදා පෘථිවි වැසියන් පිටසක්වළයින් පරාජය කොට පෘථිවියේම නිදහස් දිනය ලෙස සමරති.

රෝලන්ඩ් එමරිච් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, විල් ස්මිත්, බිල් පුල්මන්, ජෙෆ් ගොල්ඩ්බ්ලම් ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණු “Independance Day” (1996) වීර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේ වේ. වාණිජමය වශයෙන් අති සාර්ථක නිර්මාණයක් වූ මෙම චිත්‍රපටයෙන් විසි වසරකට පසුව, එහි 2 වැනි කොටස, Independance Day: Resurgence  (නිදහස් දිනය : නැවත හිස එසවීම) නමින් මේ මස 24 වනදා සිට ලොව පුරා තිරගත වීම අරඹා ඇත.

රෝලන්ඩ් එමරිච් විසින්ම අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය එමරිච් ඇතුළුව ඩීන් ඩේල්වින් සහ හැරල්ඩ් ක්ලොසර් ගේ නිෂ්පාදනයකි. පළමු චිත්‍රපටයේ කපිතාන් හිලර්ට රඟපෑ විල් ස්මිත් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක නොවන නමුත් අනෙක් ප්‍රධාන චරිත ද්විත්වයම එම චරිතයන්ට පණ පෙවූ ජෙෆ්රි ගොල්ඩ්බ්ලම් සහ බිල් පුල්මන් විසින් රඟ දක්වති. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් විසින් බෙදාහරිනු ලබන, 3D තාක්ෂණයෙන් නිර්මිත මෙම චිත්‍රපටය, විනාඩි 120 ක් පුරා දිවෙන අතර අමෙරිකානු ඩොලර් මිලියන 165 ක පිරිවැයකින් තනා ඇත.

මෙම චිත්‍රපටයේදී, පරාජය කරන ලද පිටසක්වළයින්ගේ තාක්ෂණයද භාවිතා කරමින් පෘථිවි වැසියන් විසින් (1996 දී සිදුවූ දෙය යළි සිදු නොවීම සඳහා) අධි තාක්ෂණික ආරක්ෂක යාන්ත්‍රණයක් නිර්මාණය කරගෙන සිටියි. එසේ නමුදු එදා විනාශ කෙරුණු පිටසක්වළ යානාවකින් හුවමාරු වුණු පණිවුඩයකින් කුරිරු පිටසක්වළයින් නැවත පණ ගැන්වේ. සැතපුම් 3,000 ක පමණ පළලකින් යුත් පිටසක්වළ යානාවක් චන්ද්‍රයා සමීපයෙහි ඇතිවූ කළු කුහරයකින් මතුවේ. පෘථිවියේ ආරක්ෂාවට සඳ මත ස්ථාපිත ආරක්ෂක මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන මේ දැවැන්ත යානය පෘථිවිය වෙත ළඟා වෙත්ම එහි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ආසියාවේ බොහෝ ගොඩනැගිලි පවා ඇදී ගොස් විනාශ වී යයි.

අත්ලාන්තික් සාගරයට ගොඩ බසින යානාව පෘථිවියේ හරය දක්වා කුහරයක් විදින්නේ පෘථිවි හරයේ ශක්තිය උකහා ගැනීමටයි. සිතා ගත නොහැකි තරම් බලවත් සතුරකු වන මේ පිටසක්වළයින් ට එරෙහිව මිහිපිට වීරයින් කරන යුද්ධය මෙම චිත්‍රපටයේ ගෙන හැර පායි.

විචාරක ප්‍රතිචාර අතින් ගත් කල මෙම චිත්‍රපටය එතරම් පැසසී නැති අතර, ඇතැම් වෙබ් අඩවිවල මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇත. රෝටන් ටෝමැටෝස් වෙබ් අඩවියේ ප්‍රමුඛ විචාරය පවසන්නේ, මෙම චිත්‍රපටය දෘශ්‍ය ප්‍රයෝග අතින් ඉතා ඉහල මට්ටමක පවතින නමුත් මනුෂ්‍ය හැගීම් අතින් දුර්වල තැනක පසුවන බවයි. මේ වනවිට IMDB දර්ශකයේ 5.8 / 10 ක් ලකුණු කරන Independance Day: Resurgence, රෝටන් ටෝමැටෝස් දර්ශකයේ හි සියයට 34ක් වාර්තා කර ඇත. පළමු චිත්‍රපටය IMDB දර්ශකයේ 6.9/10 ක් සහ රෝටන් ටෝමැටෝස් හි සියයට 61ක් වාර්තා කර තිබුණි.