වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 18 වැනිදා සඳුදා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්

ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්

මෙයට අවුරුදු විසි පහකට විතර ඉස්සර කාලයේදී ලෝකය වෙනස් කළ යුත්තේ අපට හිතෙන හැටියටයි හිතපු කාලයක් අද බොහෝ ගැටවරයන්ට මෙන්ම මේ ලියන අපටත් තිබුණා. එහෙම කාලෙක වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා ශාලාව අසල දුම්රිය පාර පැත්තට නැත්නම් මුහුද අයිනට වෙන්න තිබුණ කෙටි තාප්පයක් උඩට වෙලා මාත් ඇතුළු මිතුරන් දෙදෙනෙක් එක්තරා සැන්දෑවක ලෝක සිනමාව ගැන කතාබස් කළා. අපට ඕනෑ වුණේ මොකක් හරි වැඩක් කරන්න. ඒක බෙ‍්‍රෂ්ට්ට ඉහළින් යන නාට්‍යයක්, බර්ග්මාන්ට වඩා ලොකු සිනමාවක්, බීතෝවන්ට වඩා ඉහළ සංගීතයක් හදන එක ගැනයි. ඒ නැතුව රට අල්ලන්න වුවමනාවක් නොවේ. ඒ අතරවාරේ එයටත් කලකට ඉහත වේදිකා ගත කරන ලද උමතුසං වර්ෂාව නාට්‍යයේ පිටපතක් එක් අයෙක් අරන් ආවා. ඒ අතර ඔහු ළඟ තවත් නාට්‍ය පිටපතකුත් තිබුණා වගේ මතකයි. හැබැයි ඉතින් නාට්‍යයක් කරන්න සල්ලි හොයා ගන්න බැරි වුණා.

ඒ හින්දා අපට බ්‍රෙෂ්ට් අභිබවා යන්න බැරිවුණා. කොහොම වුණත් නාට්‍ය පිටපත ගෙනාපු මිත්‍රයා දැන් වෙළඳ දැන්වීම් කලාවේ නමක් දරන හරිත් ගුණවර්ධන. දෙවැන්නා මේ මම. තුන්වැන්නා අද ආදරණීය කතාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ. එදා කාලයෙන් පසු තුන් දෙනා පාරවල් තුනක ගියා. ප්‍රියන්ත දැහැන, විමුක්ති, අරුමෝසම් වැහි වගේ චිත්‍රපට හැදුවා. දවසින් දවස කාලය ගෙවුණත් අවුරුදු 14 කට පස්සේ ප්‍රියන්ත කොළඹගේ අප කාටත් වඩා තරුණයෙක් බවට පරිවර්තනය වෙලා. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය නිසා. මේ පිළිසඳර ‘ආදරණීය කතාවක්’ ගැන.

ඔබ අලුත් චිත්‍රපටයක් හදන්නේ අවුරුදු ගණනකට පස්සේ?

ඔව්. මම අලුත් චිත්‍රපටයක් තනන්නේ අරුමෝසම් වැහි හදලා අවුරුදු දාහතරකට පස්සේ.

ඒ කාලය ගෙවුණේ?

ඔය කාලයේ වෙළඳ දැන්වීම් 400 ක් විතර නිර්මාණය කළා.

මේ කාලයේ අපේ රටේ සිනමාව ගෙවෙන්නේ කොහොමද?

දැහැන, විමුක්ති, අරුමෝසම් වැහි කරන කාලයේ සිනමාව ගැන තිබුණ ආකල්ප වෙනස් වෙලා. අද සිංහල චිත්‍රපට හදන්නේ ගැප්වලට දුවන්න. නැත්නම් වෙන චිත්‍රපටයක් අතරමඟදී දුවන්න. ඉස්සර සිංහල චිත්‍රපට දුවන්න තිර කාලය සියයට හැටයි. දැන් විසි පහටත් අඩු වෙලා.

ඒකට මොකද කරන්නේ?

ආපසු අපි වසන්ත ඔබේසේකර, එච්. ඩී. ප්‍රේමරත්න නිර්මාණය කරපු සෞන්දර්යාත්මක සිනමාවට යොමු විය යුතුයි. අලුත් ප්‍රවේශයකට මුල පිරිය යුතුයි.

අපේ සිනමවේ තිර කාලය අඩු වුණාය කිව්වේ?

දෙමළ, හින්දි චිත්‍රපටවලින් අද අලුත් සිනමා ශාලාවල පිරෙන්න ගත්තා. තරුණ ප්‍රේක්ෂකයා පමණක් නොවෙයි පවුල් පිටින් එම චිත්‍රපට නරඹන්න පටන් ගත්තා.

ඒ නිසාද ආදරණීය කතාවක් ට්‍රේලර් එක බලද්දී සමහරුන්ට ආශික් 2 වගේ හිතෙන්නේ?

ආශික් 2 ඉතා මෑතක කතාවක්. ආදරණිය කතාවකට පාදක වන්නේ මේ රටේ රියැලිටි වැඩ සටහන් පටන් ගන්න කොට මට අත්දකින්නට ලැබුණු පුවතක්. ඒ නිසා තමා මෙය සංගීතමය චිත්‍රපටයක් වුණේ.

එතකොට ඔබේ හිතේ බලපෑම් කළ චිත්‍රපට තියෙනවාද?

වෝක් ටු රිමෙම්බර්, මෝට් බුක් වැනි චිත්‍රපට. ඒ ලෝකය ආකර්ෂණය කළ හොඳ චිත්‍රපට.

අලුත් චිත්‍රපටයට දැන්වීම් කලාවෙන් ආභාෂයක් ලැබෙන්න ඇති?

සිනමාකරුවකුට හොඳම නැති පුහුණුවක් තමා දැන්වීම්කරණය. එයට හේතුව එහි නිරත වන්නේ නිර්මාණකරුවන්ට වඩා අලෙවිකරුවන් වීමයි. හැබැයි අලුත් දැන්වීම්කරුවකු සිනමාකරුවකු වෙනවාට වඩා සිනමාකරුවකු දැන්වීම්කරුවකු වීම හොඳයි.

අද ලෝකයේ බොහෝ ජනප්‍රිය සිනමාකරුවන් දැන්වීම්කරණයේ නිරත අය?

මෙහෙමයි, රූපයට දෙන අවධානය, පරිපූර්ණ බව, සැලසුම්කරණය, ක්‍රමානුකූල වීම යනාදිය මෙන්ම රූපමය සත්කාරයේදී දැන්වීම් කරණයෙන් විශාල සංයමයක් ලබනවා.

ඔබ ප්‍රේම කතාවකට අත ගහන්නේ මැදි වියේදී. අවුරුදු විසි පහකට එහා සහ අද අතර ප්‍රේමය කොයි වගේ වෙනස්ද?

පසුගිය අවුරුදු ගාණ ඇතුළත තාක්ෂණය වගේම යුද්ධය වගේ අත්දැකීම් නිසාත්, රටේ ඇතැම් සාමාජීය කරුණු නිසාත් තරුණ ප්‍රේමය වෙනස් වුණා. ලංකාවේ මුල්ම ටෙලිවිෂන් රියැලිටි අත්දැකීමේදී මට අසන්නට ලැබුණු මේ පුවත මහත් කම්පනයක් ඇති කළා. හැබැයි මේ අතරවාරයේ අපට පුවත්පත් මඟින් දැකගන්නට ලැබෙනවා. දුරකතන ඇමතුමට පිළිතුරු නොදුන් නිසා වෛද්‍ය ශිෂ්‍යයෙක් තමන්ගේ පෙම්වතියට සයනයිඩ් දාපු කිරි පැකට් එකක් දුන්නු පුවතක්. ඊට පස්සේ තමනුත් සයිනයිඩ් ඉන්ජෙක්ෂන් කර ගන්නා කතාවක්. ඒ වන විට පෙම්වතිය රෝගාතුරවයි ඉන්නේ. ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන එක අමතක කරපු මේ සයනයිඩ් පරම්පරාවෙන් පස්සේ ඉතුරු වන මිනිස්සු ආදරය ගැන හිතාවි. මගේ මේ චිත්‍රපටය ආදරය පරිත්‍යාගයක් කියලා හිතන තවමත් ඉන්න පෙම්වතුන් ගැන කතාවක්. මා වෑයම් කළේ ඒ ප්‍රේමය ඉස්මතු කරන්න.

අපේ කාලෙත් (ඒ කියන්නේ අවුරුදු විසි පහකට එහා ප්‍රේමයත්) අද ප්‍රේමයත් අතර හැඟීම් වෙනස් කියලාද හිතන්නේ?

ප්‍රේමය වෙනස් නැහැ. මිනුම් දණ්ඩ වෙනස්. ඒ කාලයේ තිබුණේ සාහිත්‍ය පිරි ආදර හසුන්. ලව් ලෙටර්ස්. කොච්චර හම්බ වුණත් අද ආදරය මනින්නේ යවන ඉර්ඉ ගණනින්. ඉර්ඉ තුන ද, පහ ද, විස්ස ද, විසි පහ ද කොටින්ම ආදරය ඩේටාවලින් මනින්නේ.

ඒ කියන්නේ අපි ලව් ලෙටර් යුගයට යා යුතුයි?

ලව් ලෙටර්ස් ඇතුළේ තිබුණේ සාහිත්‍ය, රස වින්දනය, හැඟීම් එකිනෙකාට දැනෙන්නට සැලැස්වීම.

මේ තත්ත්වය දේශපාලනයෙන් වෙනස් කරන්න බෑ. ටෙක්නොලොජිවලින් වෙනස් කරන්න බැහැ. ලෝකය පුරාම තරුණ හැඟීම්වල එක ලතාවක් තියෙනවා. හැබැයි සංකල්ප අතින් වෙනස්. ඒ වගකීම පැවරෙන්නේ සිනමාවට.

හැබැයි චිත්‍රපට බැලීම අද ස්මාට් ෆෝන් එකට ඇවිත්. කොටින්ම එදා බස් එකක් එනතුරු පත්තර බලපු අය ෆෝන් එකෙන් චිත්‍රපට බලනවා?

අපි ඕනෑ මිනිහෙක් කොස් කනවා. හැබැයි සමහරු අමුවෙනුත් කනවා. ඒ හැමෝම දන්නවා කොස් අමුවෙන් කෑවට වඩා උයල කන එක රසවත් කියලා. චිත්‍රපට ෆෝන් එකෙන් බලතෑකි. හැබැයි රස විඳින්න බෑ. ඒකට සිනමා ශාලාවට යා යුතුයි. මේ සඳහා යම් රාජ්‍ය මැදිහත්වීමක් තිබිය යුතුයි. එය සංස්ථාව විය හැකියි. නැතිනම් වෙනත් අධිකාරියක් විය හැකියි. කොහොම වුණත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. අලුතින් චිත්‍රපට හදන පරම්පරාවට මඟක් තිබිය යුතුයි. අපි විමුක්ති දැහැන කරන විට එම චිත්‍රපටය පෙන්වන්න ක්‍රමවේදයක් තිබුණා. අද එහෙම නැහැ.

සිනමාවට රාජ්‍ය මැදිහත්වීමක්?

ඔව්. තියෙන්න ඕනෑ. ඒක සිනමාහලට ඩිජිටල්කරණය විතරක් නෙවෙයි. තරුණයන් සිනමා ශාලාවට ගේන්න පුළුල් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අද ඉංග්‍රිසි චිත්‍රපට හවුස්ෆුල් බෝඩ් එක දානවා. ඒ බලන්නේ තරුණයන් විතරක් නෙවේ, පවුල් පිටින්.

එදා සිනමාව අද හදන්න නම්?

ඒක සෞන්දර්යාත්මක සිනමාවක් විය යුතුයි.

කොහොම වුණත් සිංහල චිත්‍රපට සඳහා ශාලා ඉඩ නෙදෙනවා යැයි පවසද්දී ආදරණීය කතාවක් සඳහා මුල්වරට මැජස්ටික් ශාලා සංකීර්ණයත්, එම්පයර් ශාලා සංකීර්ණයත් එකතු කරනවා?

ආදරණීය කතාවක් මුලින්ම නැරැඹූ ඊ. ඒ. පී. සමාගම එදාම අපට ප්‍රදර්ශනයට සූදානම් වෙන්න පැවසුවා. දින තුනකට පස්සේ නරඹපු සී. ඊ. එල්. සමාගමත් එහිදී එකඟතාවයකට එළැඹුණා. එහිදී අපි මැජස්ටික්, එම්පයර් ශාලා පෙන්වන්න ඉල්ලුවා.

ඇයි?

තරුණයන් ඇදෙන සුඛෝපභෝගී ශාලා නිසා. ඒ සිනමා ශාලාවලට ඉල්ලුමක් තියනෙවා. පුදුමය ඔවුන් කැමැත්ත පළ කළා. ඒ විතරක් නෙවෙයි. ඔවුනට අයත් ෆුඩ් සිටි ශාලා දෙසිය ගණනේම නොමිළයේ ප්‍රචාරය ලබා දෙන්නත් එකඟ වුණා. ඒ වගේම මෙවර යාපනයේ මැජස්ටික් ශාලාවේත් උප සිරැසි ගන්වා පෙන්වනවා.

තරුණ සිනමාකරුවනට නැති වරප්‍රසාදයක්?

චිත්‍රපටය අංග සම්පූර්ණ නම් ඒ පිළිබඳ වෙළෙඳ විශ්වාසය තියෙනවා නම් එහෙම ගැටළුවක් නැහැ. දැන් දෙමළ චිත්‍රපට පෙන්වන ශාලා තුනක් මෙහි පිටපත් දැනටමත් ඉල්ලනවා. එය හෙට සිට ක්‍රියාත්මක වෙනවා.

රට පුරා පිටපත් සංඛ්‍යාව?

37 කට අධිකයි.

ඔබට එයින් හැඟෙන්නේ?

නිර්මාණාත්මක හා ගුණාත්මකභාවයෙන් යුක්ත නම් ප්‍රදර්ශනයට ඉඩකඩ ලැබෙනවා.

ඔබේ ඊළඟ චිත්‍රපටයටත් දැන් සූදානම්?

එය වැඩ නිම වෙමින් පවතිනවා. වැදගත්ම දේ එයට ඊ. ඒ. පී. සමාගම නිෂ්පාදනයෙන් දායකවීම.

ආදරණීය කතාවක් චිත්‍රපටයට තෝරා ගන්නේ හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ?

මුලින්ම හේමාල් තේරා ගැනුණා. හැබැයි නිළි චරිත යුගල සඳහා වෙනම පරීක්ෂණයක් කළා. ඒ සඳහා නිළියන් 40 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වුණා.

උදාරි සහ අරුණිත්?

ඔව්. වැදගත්ම දේ ඔවුනුත් පරික්ෂණයෙන් පසුවයි තෝරා ගත්තේ. ඔවුන් ඒ පරීක්ෂණයට පැමිණ සිටියා.

හේමාල් ගැන?

හේමාල්ව මා දැක්කෙ ප්‍රවේගයේ ජවසම්පන්න සටන්කාමී තරුණයෙක් හැටියට. මට ඕනැ වුණේ එයාට වඩා හාත්පසින් වෙනස් කෙනෙක්ව. ඩොනල්ඩ් ජයන්ත තමයි හේමාල්ව මට ගෙනාවේ. හේමාල් ඒ වෙනස්වීම බාර ගත්තා. ඔහු අපේ සිනමාවේ බලාපොරොත්තුවක්. අරුණි හා හේමාල් දෙන්නම සුපර් සික්ස් චිත්‍රපටයේ රඟපෑවා. ඔවුන් දෙදෙනාගේම දෙවැනි චිත්‍රපටය ආදරණීය කතාවක්.

ඔබේ පුතා මේඝ කාවින්ද චිත්‍රපටයේ කාර්මික අංශයට දායක වුණා?

ඔව්. චිත්‍රපටය වර්ණ සංයෝජනය ගන්වමින් සුන්දර කළේ මේඝ. ඒ සඳහා අපි ඩාවින්සි නම් තාක්ෂණ වර්ණ සංයෝජන මෙවලම් විශාල මුදලක් ගවා ආනයනය කළා. මේඝ සිංගප්පූරුවට ගිහින් ඒ ගැන පුහුණු වුණා. ඔහු ගැන මට ආඩම්බරයි.

 ප්‍රියන්ත, තවත් පැරැණි සගයෙක් චිත්‍රපටයට දායක වෙනවා?

සම නිෂ්පාදක චමින්ද ගමගේ. මගේ ජීවිතයේ හමු වූ වැදගත්ම පුද්ගලයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් ධර්මසිරි ගමගේ. අනෙක් තැනැත්තා එච්. ඩී. ප්‍රේමරත්න. ගමගේ මහත්තයාගේ පුතා චමින්ද මගේ පාසල් වියේ සිට මිතුරෙක්. ආදරණීය කතාවක් තනන්නට සැරසෙන විට චමින්ද නිෂ්පාදනයෙන් දායක වුණා. චමින්ද මෙරට දැන්වීම්කරණයේ නියැලි නිර්මාණශීලී හා සොඳුුරුතම මිනිසෙක්. ඒ වගේම සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත, චමින්ද මා ළමා වියේ සිටම මිතුරන්. ඩොනල්ඩ් ගමගේ මහත්තයාගේ තවත් ගෝලයෙක්.

ඒ මිතුරුදමේ එකතුව හරහා ආදරණීය කතාවක් ගොඩ නැගුණා. එය අපේ සිනමාව යළිත් භද්‍ර යෞවනයට කැඳවීමක්?

භද්‍ර යෞවනය විතරක් නෙවේ. ජීවිතය.

කලකට ඉහත වැල්ලවත්තේ සිට සිනමාව ගැන කතා කළ ප්‍රියන්ත කොළඹගේ ගේ සිව් වන නිර්මාණය එළි දකිනුයේ අපේ පැරැණි මතකයන් දෝතට අරගෙන. ආදරය සර්වකාලිනයි. පරිත්‍යගශීලීයි. උණුසුම්. යුග යුග බැඳි ආදරයක්, ප්‍රියන්ත ආදරණීය කතාවෙන් පවසන්නෙත් ඒ ආදරයමයි.