වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්

මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්

‘ඇගේ ඇස අග’ හිඳ අශෝක හඳගම ප්‍රකාශ කරයි

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි ගල් ගසා ඇත. එයින් ප්‍රේක්ෂකාගාරය කිසියම් කැළඹීමකට ලක්ව ඇති සෙයකි. ආන්දෝලනාත්මක ඔහුගේ සිනමා භාවිතය බොහෝ විට ප්‍රේක්ෂකයා ප්‍රකම්පනය කරවන සුළුය. ඒ ප්‍රකම්පනය හරහා ඇතිවන තිගැස්ම ප්‍රේක්ෂක විඥාණය විනිවිද යන්නේ හීයක වේගයෙනි.

‘ඇගේ ඇස අග ඹ්ඥබ ඩ්ඥප ඛ්පර නමැති හඳයාගේ නවතම චිත්‍රපටය ඔහු තනා ඇත්තේ ද එකී ආස්ථානය මත පිහිටා බව පෙනෙන්නට තිබේ. එය මේ වන විට පුළුල් සමාජ කතිකාවක් බවට පත්වෙමින් ඇත. හඳයා මෙසේ අප සමඟ සංලාපයට එක් වන්නේ ද ‘ඇගේ ඇස අග‘ පිළිබඳ වෙනස් මානයකින් සිය මාතවාදයන් ගෙන හැර පෑමටය.

ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට දෙකක් අතර හිඩැස පුරවමින් තමයි ඔබ ‘ඇගේ ඇස අග‘ ප්‍රදර්ශනයට එක්කර තිබෙන්නේ. ඇයි මෙවැනි අවදානම් සහගත තීරණයකට එළඹුණේ?

සාමාන්‍යයෙන් මම අවදානම් දරන්න කැමැතියි නේ. මෙතනදි ඒ අවදානම දරන්න හේතුවක් වුණේ චිත්‍රපට බෙදා හැරීමේ තිබෙන ගැටලු සහගත තත්ත්වය. ප්‍රදර්ශන පෝළිමේ හිටියා නම් අඩුම තරමින් අවුරුද්දකට එහා කාලයක් යනවා මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට. මේ චිත්‍රපටය අලුත්. මට අවශ්‍ය වුණේ පරණ වෙලා, පුස්කෑවයින් පස්සේ මේක නිදහස් කරන්න නෙවෙයි. ඒ තීරණයේ ඔබ කිව්වා වගේ යම් අවදානමක් තියෙනවා තමයි. ඒත් මම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තීරණය කළේ ඒ පිළිබඳ මට යම් විශ්වාසයක් තිබෙන නිසා.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ විගස ප්‍රේක්ෂකයන් අතරට යන්නේ නෑනේ. එතකොට මේ සති දෙකක් වගේ කාලයකදී ඔබේ අරමුණ ඉටු කර ගැනීමට හැකි වෙයිද?

අද වෙනකොට චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා අතරට යන විවිධ ක්‍රමවේදයන් තියෙනවා. වෙනත් ෆ්ලැට්ෆෝම්ස්. ඒ හරහා මේ චිත්‍රපටය කාලයක් පවතීවි. එක පාරට මැරෙන්නේ නෑ. අද අපි මේ සිනමාවේ අර්බුදයක් ගැන කතා කරනවානේ. හැබැයි අර්බුදය තියෙන්නේ සිනමාකරුවන්ගේ නෙවෙයි. මේ බෙදා හැරීමේ සිස්ටම් එක ඇතුලෙයි ඒ අර්බුදය තියෙන්නේ. ඒ අර්බුදය අනිවාර්ය එකක්. මීට කලිනුයි ඒ අර්බුදය පැමිණෙන්න තිබුණේ. නමුත් දැන් ඒ අර්බුදය බොහොම පැහැදිලිවම අපි දකිනවා. සිනමාකරුවන් හැටියට අත්විඳිමින් සිටිනවා.

ඒ අර්බුදය අද කිසිවකුටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා?

ඉස්සර වගේ චිත්‍රපටයක් දින සියයක් දිව්වා කියන තත්ත්වයක් අද ලෝකේ කොහේවත් නෑ. එක පාරටම ප්‍රදර්ශනය වෙනවා. නැති වෙනවා. එහෙමනෙ වෙන්නේ. දැන් උදාහරණයකට තමල්නාඩුවේ එක සතියකට එක චිත්‍රපටයක් ප්‍රදර්ශනයට එක් වෙනවා. ඒ එක්කම සියලු ෆ්ලැටිෆෝමිස්වල නිදහස් කෙරෙනවා. ඒත් අපේ එහෙම දෙයක් එකවර සිදු වන්නේ නෑ.

සිනමා ශාලාවල වගේම වෙනත් විකල්ප මාධ්‍ය ඔස්සේත් චිත්‍රපටය එකවරම සමාජය වෙත මුදා හැරෙන බවයි ඔබ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ච්.ඍ.ච් මාධ්‍යයෙන් පවා?

ඔව් ච්.ඍ.ච්.,ර්‍ණදතඪදඥ සහ සැටලයිට් ඊ.ඍ අරවා, මේවා තියෙනවානේ. ඉතින් ඔහොම ඔහොම යන්න පුළුවන්. ඒවා උරගා බලන්න තියෙන අවස්ථාව තමයි අපි අහුරාගෙන ඉන්නේ චිත්‍රපටයක් විගසින් ප්‍රදර්ශනය නොකිරීම ඇතුලේ. ඒක නිසා අපි ඒ අවදානම අරගෙන චිත්‍රපටය හෝල්වලට දැම්මා. මේ ගංවතුර තර්ජනය නොතිබුණා නම් මම හිතනවා මේ වෙනකොට මීටත් වඩා උණුසුමක් සමාජය තුළ ඇති වෙන්න තිබුණා. ඒකට ඉතිං කරන්න දෙයක් නෑ. ඒවා අපට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.

‘කුටුම්භය’ තුළට තුන්වැන්නෙකු පැමිණීම කියන සුලබ කාරණාව තමයි ඔබ මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. මෙවැනි ආකෘතීන් අපේ සිනමාවට ආගන්තුක නෑ?

‘කුටුම්භය’ තුළට තුන්වැන්නකුගේ පැමිණීම එහි සමතුලිතතාවය කඩා බිඳ දමන්නක්. ඒ පිළිබඳ අපේ සිනමා ඉතිහාසයේ විවිධ විදිහට කතා වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ලංකාවේ දැනට පවතින සමාජ , දේශපාලන, සංස්කෘතික පසුතලයේ එක් පැතිකඩක්. ඒ පසුතලය ඇතුලේ එබඳු තත්ත්වයක් තුළ කුමක් ද සිදු විය හැක්කේ, සිදු විය නොහැක්කේ කියන කාරණය තමයි මම මේ චිත්‍රපටය හරහා මතු කරන්න උත්සාහ කළේ.

වයස්ගත මහාචාර්යවරයෙක් සහ ලාබාල විශ්ව විද්‍යාල යුවතියක් අතර ඇති වන අසම්මත ලිංගික ඇසුරක් වටායි මේ කතා පුවත දිග හැරෙන්නේ. සමාජ සම්මතයන්ට කිසිසේත් නොපෑහෙන මෙබඳු චරිත දෙකක් ඇයි ඔබ එකට ගළපන්න උත්සාහ කළේ?

අපේ සංස්කෘතිය, සදාචාරය සහ අපේ විදිහ හදන්නේ ‘තහනම’ විසින්. එතකොට ඒ තහනම විසින්නේ අපේ ‘ආශාව‘ හදන්නේ. තහනම් දේට තමයි අපි ආශා කරන්නේ. එතකොට ඒක තමයි මම මෙතනදි විෂයය කර ගත්තේ. දැන් මේ වයස්ගත මහාචාර්යවරයා ඉන්නේ වෙන ශික්ෂණයක් ඇතුලේ. වෙන සංකීර්ණ ජීවිතයක් එයාට තියන්නේ. නමුත් ඔහුගේ මානුෂික සමබරතාවය බිඳෙනවා මේ තුන්වැන්නාගේ ආක්‍රමණශීලී පැමිණීමත් එක්ක. තහනම විසින් යටපත් කරගෙන සිටින ආශාව තමයි එතකොට එළියට එන්නේ. ඒක ඇතුලේ ඔහු කොහොමද ක්‍රියා කරන්නේ කියන දේ තමයි චිත්‍රපටයේ තියෙන්නේ.

මහාචාර්යවරයා වගේම ඔහුගේ බිරියත් සිය කුටුම්භය තුළ මේ අසමතුලිතභාවය නැති කර ගන්නට කොහොමද මැදිහත් වන්නේ කියන කාරණය ඔබ ඉස්මතු කරනවා?

ඔව්. ඕක ඇතුලේ ඉතින් විවිධ මාන විවර වෙනවා කතා කරන්න.

මේ මහාචාර්යවරයා ඇතැම් අවස්ථාවල හැසිරෙන්නේ ඔහුට තරම් නොවන ආකාරයට. සමහර වෙලාවට නිකං ‘මොංගල්’ චරිතයක් වගේ. එබඳු පුද්ගලයකුගේ හැසිරීම් රටාවන් එහෙම වෙන්න පුළුවන්ද?

එහෙම වෙන්න පුළුවන්නේ. නමුත් ප්‍රසිද්ධ ජිවිතයේ ඔහු වැදගත් චරිතයක්. ඔහු විශ්ව විද්‍යාලය ඇතුලේ ඉන්න හැටි, සමාජයට මුහුවන ආකාරය උගත් මහාචාර්යවරයකුගේ විදිහම තමයි. සමාජය තුළ අනෙකාට පෙනෙන්නට කරන ක්‍රියාදාමය නෙවෙයි ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තියෙන්නේ. එය අතිශයෙන් සංකීර්ණයි. සමාජ සම්මතයන් කොහොම වුණත් අපි අපේ හිත ඇතුලේ ඒවාට තහනමක් දාගන්නේ නෑනේ.

තමන්ගේ දියණිය එක්තරා අවස්ථාවක දුම්රියට පනින්නට යද්දී ඇය ගළවා ගන්නට දිව යන්නේ අර තරුණිය. ඔවුන් දෙදෙනා පසුපස මහ සෙනඟ මැද්දෙන් මහාචාර්යවරයාත් දිව යනවා. හරියට ‘ගම හරහා’ දුවනවා වගේ. මුළු රටක් හඳුනන මහාචර්යවරයෙක් මේ වගේ හැසිරෙයිද?

අපි‘ ඔක්කොම හීනෙකනෙ ඉන්නේ නේද? ඒ මොහොත වන තුරුත් මහාචාර්යවරයා ඉන්නේ එක්තරා හීනෙකනේ. ඔහොම හීනෙක ඉන්නකෙට ඒ හීනය ඇතුලෙම තමයි අපේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඔය හීනෙන් මිදෙන්න හදිසි අනතුරක් වෙන්න ඕනෑ. කවුරු හරි පොල්ලකින්වත් ගහන්න ඕනෑ නේ? ඉතින් ඒක තමයි එතැන සිද්ධ වෙන්නේ. ඒ තුන් හතර දෙනාම ඇත්ත ලෝකෙට ඇදලා දාන්නේ අර දියණිය මුහුණ දෙන්නට යන ඇක්සිඩන්ට් එකත් එක්ක. ඒ දුම්රිය අනතුරින් ඈ ගැළවෙන රූප රමුවට පස්සේ ඊළඟ දර්ශනය ඡේදනය වෙන්නේ නිවසට. ඔවුන්ගේ මුහුණුවල තිබෙන්නේ තුෂ්නිම්භුත වූ ආකාරයක්. හරියට කෝමා එකකට මූණ දුන්නා වගේ.

දියණිය ඊට පෙර අවස්ථාවේ තමන්ගේ පියාට කතා කරන්නේ ‘තමුසෙ’ කියලා. මෙබඳු ආමන්ත්‍රණයක් ශිෂ්ට සමාජයක සිදු විය හැක්කක්ද?

දියණිය බැරිම තැන තමයි එහෙම කියන්නේ. ඇය තමන්ගේ පීඩනයනේ ඒ විදිහට මුදා හරින්නේ. ඒකේ ප්‍රතික්‍රියාව හැටියට තමයි පියා දියණියගේ කණට ගහන්නේ. දියණියකගේ වදන ඔහුටත් දරාගන්න බැරිව යනවා. ඇය දුම්රියට පනින්න යන්නේ ඒ සිදුවීමෙන් පස්සේ. තමන් තුළ තිබණු ශික්ෂණය කැඩුනට පස්සේ මේ දෙන්නටම ඒක දරාගන්න බැරි වෙනවා.

නිතර දෙවේෙලේ බුදුන් වඳින මහාචාර්යවරයාගේ බිරිය පවා ඇතැම් විට අර තරුණියට කතා කරන්නේ නොසරුප් වදනින්. ඇය තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීමට දරන උත්සාහය ඇතැම් විට සාර්ථක වන්නේ නෑ. ඇයගේ චරිතය තුළ මා දකින්නේ එක්තරා විදිහක ද්විඝටණාත්මක ස්වභාවයක්?

ඇය විටෙක අර තරුණියට ‘පට්ට වේසි‘ යනුවෙන් පවා ආමන්ත්‍රණය කරනවා. ඇය ඒ තැනට පත්වෙන කොට මම දැක්කා ප්‍රේක්ෂකාගාරය තුළ ඇතිවන වෙනස. ඒ පීඩනය මහාචාර්යවරයාගේ බිරිය වෙතින් අර විදිහට මුදා හැරෙන කොට ප්‍රේක්ෂකයාට ඉන් සහනයක් ලැබෙනවා ‘ඇති යන්තං එයා එහෙම හරි කිව්වා’ කියලා චිත්‍රපටය නරඹපු කාන්තාවක් ඒ දර්ශනය ගැන කතා කරමින් සඳහන් කර සිටියා. හරි නම් ඕක එතනින් නතර නොවී ඊට වඩා ලොකු කේස් එකක් වෙන්න එපායැ නේ. ඒක නොවී යන්තම් එතනින් නතර වුණා. ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු ඕඩියන්ස් එකේ හිටපු කාන්තාවන්ට තමන්ම අර තරුණියට බැන වැදුණා වගේ හැඟීමක් තමයි හිතට දැනුණේ. ඔවුන් තුළ එතෙක් වෙලා තිබුණ ආතතිය මුදා හැරුණා වගේ හැඟීමක් ඔවුන්ට ආවා.

සාමාන්‍යයෙන් ඔබේ චිත්‍රපටවල අප දකින ‘කාන්තා නිරුවත’ මේ චිත්‍රපටයෙත් සුපුරුදු පරිදි ඔබ යොදා ගන්නවා. ඒ ඔස්සේ ලිංගිකත්වය මා(ර්)කට් කරන්න ඔබ උත්සාහ කරන බවටත් චෝදනා නැගෙනවා නේද?

මේ චිත්‍රපටයේ විෂයය ඒකනේ. ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන එක වෙනම කථන්දරයක්. චිත්‍රපටයට එළියේ මම කොතැනකවත් කාන්තා රූපය මාකටිං එකට යොදාගෙන නෑනේ. මම නිරුවත මා(ර්)කට් කරනවායි කියන අය තමයි මා(ර්)කටිං ඉවෙන්ට් එකක් හැටියට ඒක හදන්නේ. මම නෙවෙයි. කටවුට්, පෝස්ටර්වලවත් මම ඒ ගෑනු ළමයාගේ ඡායාරූපයක් යොදාගෙන නෑ. ඒත් මට අර විදිහට චෝදනා නඟනවා. ඉතිං මම ඒකට මොකද කරන්නේ.

එක්තරා විචාරකයෙක් අශෝක හඳගමගේ සිනමාව හඳුන්වන්නේ ‘කැත සිනමාව‘ එහෙම නැතිනම් ‘විරූප සිනමාව‘ යනුවෙනුයි?

පළමුවෙන් කියන්න ඕනෑ ඔහු විචාරකයෙක් නෙවෙයි.

නමුත් ‘විරූපවාදියාගේ සංස්කෘතික නෂ්ටකාමය’ යනුවෙන් ඔහු ඒ විචාරය සපයා තිබෙන්නේ ජාතික පුවත්පතකට. ඔබතුමා ඒක දකින්න ඇති?

ඔව්. මම දැක්කා. ඒත් මට අනුව ඔහු විචාරකයෙක්වත්, චින්තකයෙක්වත්, ලේඛකයෙක්වත් නෙවෙයි. ඉතින් ඔහු විචාරකයෙක් හැටියට කවුරුහරි ගණන් ගන්නවා නම් ඒ අය ගැන මට තියෙනවා ගැටලුවක්.

තමන්ට එරෙහි විචාර උපේක්ෂාවෙන් විඳ දරා ගන්නට නොහැකිව ඇතැම් සිනමාකරුවන් පෙරලා විවේචකයන් විවෙච්නය කරන පසුබිමක් අද නිර්මාණය වී තිබෙනවා. ධර්මසේන පතිරාජයන් පවා මෑතකදී ප්‍රකාශ කර තිබුණා අද හරිහමන් විචාර කලාවක් නෑ කියා?

මම විචාර විවේචන පිළිගන්න කෙනෙක්. උදාහරණයක් විදිහට ජ්චජඥඡධධඬ එකේ පළ වෙනවා. ඒවාට මම මොකුත් කියන්න යන්නේ නෑනේ. කෙනෙක් මේ නිර්මාණයට කැමැති වෙන්න පුළුවන්. අකැමැති වෙන්න පුළුවන් මොකක් හරි තර්කයක් පිටිපස්සේ ඉඳගෙන. තර්කයන් නැතිවත් ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ගේ කැමැත්ත කියලා කියන්න පුළුවන්. ඒවාට අපිට මොකුත් කියන්න බෑනේ. උදාහරණයක් හැටියට ‘ඉනිඅවන්’ චිත්‍රපටය යන වෙලාවේ ගාමිණී වියන්ගොඩ මට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මම ඉතින් ගාමිණී එක්ක තරහා වුණේවත් ඔහු ලියපු දේ විවේචනය කරන්න ගියේවත් නෑනේ. ඉතින් ඒ විචාරකයෝ.

එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී ඔබ ප්‍රකාශ කර තිබුණා ඔබේ නිර්මාණ සමාජය ‘රිදවනවා’ කියලා?

ඔව් ඒක හරි.

ඒ වගේම සමාජය ගල් ගැහෙනවා තුෂ්ණිම්භූත වෙනවා. ඇතැම් දෙනෙක් දකින්නේ මෙය ඔබේ මානසික පීඩනය සමාජය වෙත මුදාහැරීමක් ලෙස?

මට කිසියම් දෙයක් පිළිබඳ කතිකාවක් ඇති කරන්න සහ නිර්මාණය ගැන සමාජයට දනවන්න නම් ඔවුන් තුළ කම්පනයක් ඇති වෙන්න ඕනෑ. කම්පනයක් නැති තැන එහෙම වෙන්නේ නෑ. කලා කෘතියක් තුළින් කම්පනයක් ඇති කළ යුතුයි කියා විශ්වාස කරනවා. මම අර විදිහේ ප්‍රකාශයක් කළේ ඒ නිසයි. මගේ ප්‍රකාශන මාධ්‍යයනේ සිනමාව කියන්නේ. එතකොට ඒ ප්‍රකාශන මාධ්‍ය ඇතුලේ මම මටම අනවශ්‍ය වාරණ පනවා ගන්නේ නෑ. මම බොහොම නිදහසේ හැසිරෙන කෙනෙක්. එහෙම නිදහසේ හැසිරෙන කොට නිර්මාණයත් ස්වාධීනයි.

අනවශ්‍ය වාරණ කියා ඔබ කිව්වේ?

මම මටම වාරණ පනවා ගන්න තැනුත් තිබෙනවා. උදාහරණයක් හැටියට මම සමාජයේ හැසිරෙන කොට මම මට වාරණයක් පනවා ගන්නවා. ඒත් ප්‍රකාශනය ඇතුලේ මම වාරණ පනවා ගන්න ගියොත් මට ඒ ප්‍රකාශනය හරියට කරගන්න බැරි වෙනවානේ. මගේ යම් කෘතියක් ඇතුලේ යම් සීමාවක් තියෙනවා නම් ඒක මගේම සීමාවක් මිසක් කවුරත් මට පනවපු සීමාවක් නෙවෙයි.

පන්සල් භූමිය තුළ කාන්තාවන් දෙදෙනකු අතර ඇති වන කලකෝලාහලය ප්‍රේක්ෂකයා තුළ ප්‍රබල කම්පනයක් ඇති කරවන්නට සමත් වූ දර්ශනයක්. මෙබඳු දර්ශනයක් චිත්‍රපටයට යොදා ගැනීම පිළිබඳ ඇතැමුන්ගේ විරෝධයක් එල්ල වෙනවා ඔබට. ඇයි ඔබ මේ සඳහා පන්සලක් තේරා ගත්තේ?

තාර්කික ලෝකය තුළ විසඳුම් නැති ප්‍රශ්නවලට විසඳුම් හොයන්නනේ මිනිස්සු ආගම, දහමට නැඹුරු වෙන්නේ. ඒ විශ්වාසය දිහාවට නැඹුරු වෙන්නේ.

නමුත් හැම විටම ඒක එහෙම නෙවෙයිනේ?

හැම විටම එහෙම තමයි. ඒ කියන්නේ කෙනෙක් තාර්කික ලෝකයේ විසඳුමක් නැති වෙච්චහම ආගමට නැඹුරු වෙනවා. අපි හිතමු යම් පිළිකා රෝගියෙකුට වෛද්‍යවරයා කියනවා බෙහෙත්වලින් මේක සුවපත් කරන්න බැහැ කියලා. එහෙම කිව්වම නිකං ඉන්නවද අපේ අය. එහෙමත් කෙනෙක් තමයි නිකං ඉන්නේ. බොහෝ දෙනෙක් කරන්නේ බෝධි පූජා පවත්වන එක. දේවාල ගානේ ගිහින් පඬුරු ගැට ගහන එක. ඒ මිනිසුන්ගේ හැසිරීම්. ඒකට කරන්න දෙයක් නෑනේ. බුද්ධාගම කියන්නේ මට අනුව එහෙම එකක් නෙවෙයි. බෞද්ධාගම කියන්නේ දර්ශනයක්. තමන්ට එහෙම අතාර්කික ලෝකය ඇතුලේ හමු නොවන දේවල්වලට විසඳුම් හොයන්න, විශ්වාසයක් හැටියට බුද්ධාගම පාවිච්චි කරනවා කියන එක බෞද්ධ භාවිතයක් නෙවෙයි. බෞද්ධ භාවිතය කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක්. තේරුම් ගන්න ඕනෑ මේ මොකක්ද, මේ ගැටලුවට මුල මොකක්ද කියන එකයි. ජිවිතයේ නිස්සාරත්වය. ඒකනේ තේරුම් ගන්න ඕනෑ.

අනිවාර්යෙන්ම?

ඉපදීම නැති කරන එක තමයි සියලු දුක් වේදනාවන් නැති කිරීමට තියෙන එකම මඟ. ඒ කියන්නේ නිවන. ඒ අතර මැදි දේවල් අදාළ නොවේ. ඒවා අපි හදාගත්ත දේවල්.

අර කාන්තාවන් දෙදෙනා අතර සිදුවන ගැටුම නිරූපණය සඳහා ඔබ පන්සල් භූමියම යොදා ගන්නේ ඇයි? එහි කිසියම් ආගම් විරෝධී සංකල්පයක් ඇති බව කෙනෙකුට සිතෙන්න බැරි නෑ?

පන්සල් භුමියක විතරක් නෙවේ ක්‍රිස්තියානි පල්ලියකත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. කෝවිලකත් සිද්ධ වෙන්න පුළුවන්. මම ඉතින් මගේ ආගම ගැන මිසක් අනුන්ගේ එකක් කියන්නේ මොකටද? මම බුද්ධාගමේ නිසා මම මගේ එක ගැන කිව්වා.

සම්ප්‍රදායික බෞද්ධ චින්තනය හෑල්ලුවට ලක් කිරීමක් නෙවෙයි එතකොට මේ?

මම බුද්ධාගමේනේ. බෞද්ධයෙක් විදිහට මම සලකන්නෙ බෞද්ධ දර්ශනය. මම පන්සල් යන්නේ නෑ. මම බුදුන් වඳින්නේ නෑ. හැබැයි දර්ශනයක් විදිහට මම බුද්ධාගමට ගරු කරනවා. ඒත් ප්‍රශ්නයක්, ගැටලුවක් මතු වුණාම බෝධි පූජා තියන්න, අරවා මේවා කරන්න යන්නේ නෑ. ඒක වැඩක් නෑ කියන එක මම දන්නවා. ඒ මම බෞද්ධයෙක් හින්දා. මගේ භාවිතය ගැන මට බයක් නෑ. එතකොට මට බෑනේ වෙනත් කෙනෙකුගේ දෙයකට ඇඟිලි ගහන්න. මට මොකක්ද තිබෙන සදාචාරාත්මක අයිතිය මේකට ක්‍රිස්තියානි, හින්දු, මුස්ලම් ආගමක් පටලවා ගන්න. එහෙම කරන්න මට බෑ ඉතින්. මම කරන්නෙත් නෑ.

එතකොට අර පන්සලේ වෙඩි තියන දර්ශනය?

ඔව්... ඔව්... නමුත් මම එහෙම වෙඩි වදින දර්ශනයක් පෙන්නන්නේ නෑනේ කොහෙවත්.

නමුත් ප්‍රේක්ෂකයා දන්නවා ඒක වෙඩි සද්දයක් කියලා?

ඔව්. නමුත් මට ඒක විෂුවලි පෙන්වන්න අවශ්‍ය වුණේ නෑ. අනෙක් කෙනෙකුගේ ඇඟට නෙවෙයි, අහකටනේ ඒ වෙඩි තියන්නේ.

මහාචාර්යතුමාගේ බිරිය සිය කැමැත්තෙන්ම තමයි තමන්ගේ සැමියා එක්ක අර තරුණියට යහන්ගත වෙන්න අවකාශ සලසා දෙන්නේ. එබඳු පරිත්‍යාගයකට ඇය යොමු වන්නේ ලිංගික දුබලතාවක් නිසාද නැතිනම් ඒ පිළිබඳ උදාසීනත්වයක් නිසාද කියන ගැටලුව මට මතු වුණා?

ඇය තුළත් කිසියම් ආශාවක් තියෙනවා නේ තමන්ගේ සැමියා සමඟ ලිංගිකව එක්වන්න. අර තරුණිය නිවසින් ගිය වෙලාවේ ඇය සැමියා සමඟ ලිංගිකව එක් වන්නේ ඒ කැමැත්ත නිසයි. නමුත් මහාචාර්යවරයාගේ ලිංගික ආශාව ගිලිහී ගිහින් ඇය සම්බන්ධයෙන්. ඒ ලිංගික ආකර්ෂණය කියන එක ගිහිල්ලා. ඒ නිසා ඒකෙන් කියවෙන්නේ නැහැ මහාචාර්ය බිරියට ලිංගික ආශාවන් නැහැ කියලා.

කුටුම්භ ජීවිතයේ ලිංගිකත්වය තුළ ආසියාතික කාන්තාව ඔය තරම් විවෘත ද හා ඔය තරම් පරිත්‍යාගශීලී ද?

පරිත්‍යාගශිලීකම තියෙනවා ඉතින්. නැත්තේ නෑ. හැබැයි ඉතින් එක්තරා මොහොතක ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරි වෙනවා නේද? ඒක තමයි මම මේ චිත‍්‍රපටය හරහා කියන්න උත්සාහ කළේ.