වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා

‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා

මහාචාර්ය සුනිල් ආරියරත්න සිය නවතම සිනමා සිත්තම පිළිබඳ කතා කරයි

මෙතෙක් ලාංකේය සිනමාවේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතුරෙන් තෙවැනි ස්ථානය හිමිවන්නේ ‘කුස පබා’ටය. එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ දැවැන්ත සිනමා කාව්‍යයකි. ඔහුගේ නවතම සිනමා සිත්තම ‘පත්තිනි’ මේ දිනවල E.A.P.මණ්ඩලයේ සිනමාහල් හැටක අති සාර්ථකව තිරගත වේ. එය ද ‘කුස පබා’ මෙන්ම අධි ප්‍රතිචාර හෙවත් Block Buster  ගණයේ චිත්‍රපටයකි.

‘පත්තිනි’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ලාංකේය ජන සමාජයේ ඉමහත් ගෞරවයට හා සම්භාවනාවට පාත්‍ර වූ පත්තිනි දේවිය පිළිබඳ ඓතිහාසික පුරාවෘත්තයයි. නැතහොත් ‘කණ්ණගී’ නම් වූ ඇගේ මිනිස් ආත්මය ගැන කියැවෙන අතිශය ප්‍රේමණීය හා අනුවේදනීය කතා පුවතය.

අදින් වසර එක්දහස් පන්සියයකට ප්‍රථම දකුණු ඉන්දියාවේ සොළී රටෙහි කාවේරි නුවර උපන් කණ්ණගී බුදු බව පතන පත්තිනි දේවිය බවට පත් වූයේ කෙසේද? ඇය පතිවෘත්තාවේ දෙවඟන වූයේ කෙසේද?

ආදරයේ දෙවිරුව ‘පත්තිනි’ නැරඹූ පසු ඊට පිළිතුරු ප්‍රේක්ෂක ඔබට ලැබෙනු නියතය.

මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟින් අප ‘පත්තිනි’ පිළිබඳ කළ සංවාදයකි.

රජ කතා, ඉතිහාස කතාවලින් ප්‍රේක්ෂකයා ඈත් වෙමින් තිබෙන යුගයකයි ඔබ ‘පත්තිනි’ සිනමාවට නඟන්නේ?

මම දකින්නේ රජ කතා, ඉතිහාස කතා පමණක් නෙවෙයි පොදුවේ ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඈත් වෙමින් තිබෙන යුගයක් හැටියටයි මෙය. මොන කතාවක් වුණත් නිර්මාණශීලීව සිනමාවට නඟනවා නම් ඒ වටා ප්‍රේක්ෂකයන් එක් රොක් වෙනවා. නිර්මාණශීලී නැතිනම් එයින් රසිකයන් ඈත් වෙනවා. ඒ නිසා ප්‍රශ්නය තියෙන්නේ මේ අන්තර්ගතයේ නෙවෙයි. එහි නිර්මාණශීලීත්වයේ බවයි මට හිතෙන්නේ. වරද තියෙන්නේ ඉතිහාස කතාවේ හෝ රජ කතාවේ නෙවෙයි. ඒවා පාදක කරගෙන චිත්‍රපට හදපු පුද්ගලයන්ගේ.

කෙසේ හෝ එබඳු චිත්‍රපට පිළිබඳ යම් අකාරයක ප්‍රේක්ෂක, විචාරක විරෝධාකල්පයක් පවතින වටපිටාවකයි ඔබ ‘පත්තිනි’ නිර්මාණය කරන්නේ?

ඔව්. නමුත් මට කිසිම බියක්, සැකයක් තිබුණේ නෑ එබඳු රාවයක් ක්ෂේත්‍රයේ තිබුණාය කියන එක ගැන. ඒ නිසයි මම ඓතිහාසික පුරාවෘත්තයක් ඇසුරු කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කළේ.

කොහොමද මේ වෙනකොට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

තමන්ගේ චිත්‍රපටය ගැන තමන්ම කියා ගන්නා එකේ කිසිම අරුතක් නෑ. නමුත් මේ වාර්තා අපට සපයන්නේ ඡ්.ඒ.ර්‍ථ සමාගම. මොකද ඒ අය තමයි නියම දත්ත ඉදිරිපත් කරන්නේ. ඒ දත්ත විශ්ලේෂණය අනුව ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට පසු මේ දක්වා වැඩිම දෛනික ආදායම් වාර්තා පිහිටුවලා තියෙන්නේ ‘පත්තිනි’ චිත්‍රපටය. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාරය චිත්‍රපටයට ලැබෙනවයි කියන එකනේ.

ඔබ ‘පත්තිනි’’ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ පත්තිනි දේවියගේ මිනිස් ආත්මය පිළිබඳ කතා පුවත. ඒ කියන්නේ ‘කණ්ණගී’ පිළිබඳ. ඊට විශේෂ හේතුවක් තිබුණාද?

‘කණ්ණගී’ පිළිබඳ කතා ප්‍රවෘත්තිය මම හඳුන්වන්නේ පත්තිනි පිළිබඳ ආදිතම කතා පුවත හැටියට. පැරැණිම කතාව. සැබෑ කතාව අනුව කණ්නගී උපත ලබන්නේ දකුණු ඉන්දියාවේ සොළී රටේ. ඊට පස්සේ ඇය තමන්ගේ වම් පියයුර කඩා පොලවේ ගසා ශාප කරන්නේ පඬි රටේදී. ඇය දේවත්වයට පත් වන්නේ කේරළ රටේදී. පැරැණිතම පත්තිනි කෝවිල හදන්නේ කේරලේ රජතුමා. ඒ හදන පත්තිනි කෝවිලේ පළමුවැනි පත්තිනි පූජාවට ඇරැයුම් ලබන්නේ ලංකාවේ ගජබා රජතුමා. ක්‍රි. වර්ෂ දෙවැනි සියවසේ.

ඒ ඓතිහාසික කරුණු පොත්පත්වල ලියැවිලා තියෙනවා?

ඔව්. ගජබා රජතුමා ඉන්දියාවට ගිය බව, පත්තිනි ඇදහිල්ලත්, පත්තිනි සළඹත් ලංකාවට ගෙන ආ බව, මේවා සියල්ලම ලිඛිතව පොත්පත්වල තියෙනවා. ඒ කියන්නේ සිංහල පොත්වලත් තියෙනවා. දකුණු ඉන්දියානු පොත්වලත් තියෙනවා. ඉතින් ඒ යුග කතාවෙන් පස්සේ තමයි මලෙන් උපන් මල් පත්තිනි, ගින්නෙන් උපන් ගිනි පත්තිනි, ජලෙන් උපන් ජල පත්තිනි, අඹෙන් උපන් අඹ පත්තිනි ආදී වශයෙන් උපන් කතා රාශියක් පහල වෙන්නේ. ලංකාවට පැමිණීමත් සමඟ මේ පත්තිනි ඇදහිල්ල ඇය බුදු බව පතන පත්තිනි බවට පත් වුණා. බුදු බව පතන එකම ස්ත්‍රිය පත්තිනි. නාථ දෙවියෝ මතු බුදු වෙනවා. ඒ පිරිමියෙක්. ඒත් ස්ත්‍රී දෙවඟනක් නෑ පත්තිනි හැරෙන්න බුදු බව ප්‍රාර්ථනා කරන.

ඇය කකුසඳ බුදුන්ගෙන් විවරණ ලැබ නරලොවට පැමිණි දෙවඟනක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා?

අන්න හරි. එක් ප්‍රවාදයකට අනුව ඇය කකුසඳ බුදුන්ගෙන් විවරන ලැබ රංජන ගිරි පර්වතයේ ඉඳිකටු තුඩක් මත භාවනානුයෝගීව වැඩ වසනවා. ඇත්තටම මේවා අතිශය සුන්දර කථන්දර. ශූර ජන කවීන් විසින් රචනා කරන ලද ඉතාම රමණීය ප්‍රවෘත්ති. මේ කතාන්දරයත් ඒ වගේ රමණීය ප්‍රවෘත්තියක්.

දැන් ඔබ එක කාලෙකදී පබාවතියට ප්‍රේම කරනවා කවියෙක් හැටියට. ඒ වගේ ආලයක් පහල වුණාද මේ කණ්ණගී පිළිබඳ ඔබට යම් දවසක?

ඇය ස්ත්‍රිත්වය පිළිබඳ ගත්තාම හුදෙක් පතිවෘත්තාව පමණක් රැකගෙන හිටපු නිවට, නියාලු මුළු ගැන්වුණු ගැහැනියක් නොවේ. ඇය අපට හමුවන ඉතාම අභීත, අදීන වීර කාන්තාවක්. ඇය අභියෝග කරන්නේ සාමාන්‍ය මිනිසෙකුට නෙවෙයි, රටේ රජතුමාට. රජ්ජුරුවන්ගේ අවනීතියට, අසාධාරණයට, අධර්මයට විරුද්ධව කෑ ගහන වීර කාන්තාවක්. ඈ කෙරෙහි මා සිතේ ඇල්මක් ඇතිවීම පුදුමයක් නෙවේ. ඇල්මක් සහ ගෞරවයක්. ඉතින් ඒ නිසා තමයි මම ඇගේ චරිතය සිනමාව තුළත් වීරත්වයෙන් ගොඩ නඟන්නේ.

මම හිතන්නේ ‘කණ්ණගී’ පිළිබඳ ඔබේ විචිත්‍රවත් සිනමා සිහිනයට තරමක දිගු ඉතිහාසයක් තියෙනවා?

ආදිතම පත්තිනි කතාව මා විසින් අසනු ලැබුවේ අදින් වසර විසි පහකට පමණ පෙර තමිල්නාඩු ප්‍රාන්තයේ ආසියාතික අධ්‍යයන කේන්ද්‍රයේ දෙමළ භාෂා සාහිත්‍ය හදාරද්දී. ඒ මොහොතේම මට හැඟී ගියා ඒ පුවත තුළ ප්‍රබල වෘත්තාන්ත චිත්‍රපටයකට අවශ්‍ය අමු ද්‍රව්‍ය රාශියක් ඇති බව. පසු කලෙක හිස්සැල්ලේ ධම්මරතන හිමි, ඇම්. එච්. පීටර් සිල්වා, අමරකෝන් දසනායක ආදී විද්වතුන් විසින් අනුවාදිත පත්තිනි පුවත් ද, මහාචාර්ය ගණනාථ ඔබේසේකර පත්තිනි ඇදහිල්ල සම්බන්ධයෙන් කළ පර්යේෂණත් මට කියවන්නට ලැබුණා. ‘පත්තිනි ‘ පුවත මා ප්‍රතිකථනය කළේ එකී මූලාශ්‍ර ආශ්‍රයෙන්.

‘කුස පබා’ හි පබාවතියගේ චරිතයට මෙන්ම ‘පත්තිනි’ චිත්‍රපටය් ‘කණ්ණගී’ චරිතය සඳහාත් ඔබ තෝරා ගත්තේ ජනප්‍රිය නිළි පූජා උමාශංකර්. විශේෂ හේතුවක් තිබුණාද ඊට?

විශේෂ හේතුවක් තිබුණා. ‘පත්තිනි’ තිර නාටකය ලියන මුල් අවස්ථාවේ ඉඳලාම මට අවශ්‍ය වුණේ පූජාව මේ චිත්‍රපයට ගන්න. එක පැත්තකින් කණ්ණගී වගේම පූජා උපන්නේත් දකුණු ඉන්දියාවේ. ඉතින් ඒ සංස්තෘතික සැබැඳියාවත් මේ චරිත නිරූපණය සඳහා කිසියම් අන්දමක උපයෝගීතාවක් වෙයි කියා මට හිතුණා. ඒත් ‘කණ්ණගී’ ගේ චරිතයට ඇයට ඇරියුම් කළ අවස්ථාවේ තිර පිටපත සාකච්ඡා කළාට පසු ඇය මේ චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළා.

ඇයි ඒ?

‘මම කැමැති නෑ දෙවඟනක් වෙන්න. දේවත්වයට පත් වෙන්න’ කියලයි පූජා කිව්වේ. චිත්‍රපටයේ වුවත් කිසිවකු ඇයට වන්දනාමාන කරනවාට පූජා කැමැති වුණේ නෑ. ඇය මට යෝජනා කළා ‘මම කේරළයෙන් ඔබට හොඳ නිළියක් ගෙනත් දෙන්නම්. මම කර්නාටකයෙන් ඔබට හොඳ නිළියක් ගෙනත් දෙන්නම්. මට වඩා හොඳ’ ආදී වශයෙන්.

ඔබ මොකද කිව්වේ?

මම කිව්වා මට කවුරුත් අවශ්‍ය නෑ, මම කතා කළේ ඔබට. ඔබ තමයි මට මේ චිත්‍රපටයට අවශ්‍ය කියලා. ඒත් ඇය අදිමදි කරන කොට ඇත්තටම ඇයව ඒ සඳහා පොළඹෙව්වේ රේණුකා බාලසූරිය. මේ වගේ චිත්‍රපටයක් මඟහැරීම ලොකු මෝඩකමක්. දෙවියෝ වෙනම ඉන්නවා. මේ පත්තිනි දේවියගේ මිනිස් ආත්මය. ඒ නිසා මේ චරිතය බාර ගන්න කියා අවසන් පෙළඹවීම කළේ ඇත්තටම රේණුකා. ඊට පස්සේ පූජා එකඟ වුණා මේ චරිතය කරන්න.

ඔබ මෙහි ‘කෝවලන්’ ගේ චරිතය සඳහා තෝරා ගන්නේ අපේ නව පරපුරේ රංගන ශිල්පියෙක්. උද්දික ප්‍රේමරත්න. ඇයි ඔහු තෝරා ගත්තේ මේ චරිතයට?

මට උද්දික ගැන විශ්වාසය තහවුරු වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය නැරඹීමෙන් පසුව. ඊට කලින් මම දැක්කා ඔහුගේ යම් දක්ෂතාවක් තිබෙන වග. මොකද ඔහු ඉතාම කඩªා චරිතයක් රඟපෑවා මහින්දාගමනයේ. ඔහුත් උදයන්ති කුලතුංගත්. මේ දෙන්නම අනෙක් බොහෝ චරිත අභිබවාගෙන යම් දක්ෂතාවක් පෙන්නුම් කරනවා කියලා මට එදා හිතුණා. මේ කුඩා චරිත දෙක ඔවුන් දෙදෙනාම හොඳින් රඟපෑවා. නමුත් මේ වගේ ප්‍රධාන චරිතයක් මම ඔහුට පිරිනමන්න මා තුළ විශ්වාසය තහවුරු කළේ ජයන්තගේ චිත්‍රපටය. ඒ අනුව තමයි මම ඔහුව චිත්‍රපටයට තෝරා ගත්තේ. මම සිතනවා මගේ විශ්වාසය ඔහුත් තහවුරු කර තිබෙනවා කියලා. තවත් නළුවන් තිදෙනෙක් පිළිබඳ මා අවධානය යොමු කරමින් සිටියේ. නමුත් අවසාන තිරණය වුණේ උද්දික. දැන් මා හිතනවා ඒ තීරණය වැරැද්දක් නෙවෙයි කියලා.

අධ්‍යක්ෂණයට හා තිර රචනයට අමතරව තවත් හැඳින්වීමක් මා දැක්කා ඔබේ නම ඉදිරියෙන්. ඒ තමයි කථා ප්‍රති රචනය හා සංවාද රචනය යන්න. මේ අලුත් ටයිට්ල්ස් කොහොමද ඔබේ චිත්‍රපටයට එක්කාසු වෙන්නේ?

කථා ප්‍රති රචනය යන්නෙත් මම අදහස් කළේ නැවත රචනා කිරීම. ඇත්තෙන්ම මේකෙ ගෞරවය හිමි වන්නේ මෙහි පත්තිනිගේ ආදිතම කතාව රචනා කළ රචකයාට. මම කරන්නේ ඒ කතාව අරගෙන ප්‍රති රචනය කරන එක. නැවත ලියන එක. ඒ නිසා මේ මුළු කථාන්දරයම මගේ නිර්මාණයක් නෙවේ. මෙහි සංවාද ස්වභාවික සංවාද නෙවේ. ඒවා කාව්‍යාත්මක සංවාද. මම විශ්වාස කරන විදියට නාට්‍ය හා චිත්‍රපටවල වගේ දේවල්වල තියෙන්නේ ස්වාභාවිකත්වය ඉක්මවපු සංවාද. ඒ ඒ නාට්‍යය හා චිත්‍රපටවල ස්වභාවය අනුව ඒවා යථාර්ථය ඉක්මවා යනවා. කෝවලන්, කණ්ණගී විතරක් නෙවේ සමහර විට මාධවී, ඒ වගේම මාධවීගේ මව චිත්‍රාපති කතා කරන සංවාද පවා කාව්‍යාත්මකයි. ඒ නිසා යථාර්තයෙන් බැහැර වූ සංවාද මෙහි බොහෝ තැන්වල තිබෙනවා.

‘පත්තිනි’ චිත්‍රපටය ඔබ හඳුන්වා දෙන්නේම ‘ෆැන්ටසියක්’ හැටියට?

ඔව්. ඒ මොකද හේතුව දැන් බොහෝ දෙනෙකු හිතපු දෙයක් තමයි අපට අමතක වීමකින් මේ චරිතවල බාහිර ස්වරූපයන් වෙනස් නොකරපු බව. විවේක කාලයෙන් පසු චිත්‍රපටය දිග හැරෙන්නේ වසර පහළොවක පමණ කාලයකට පස්සේ. ඒකෙදි අපි කිසි කෙනෙක් මහලු කරල නෑ. ඒ මුලින් දැකපු චරිත ඒ විදිහටම ඉන්නවා. අපි එහෙම කළා නම් පත්තිනි දේවිය ඇතුළු හැම දෙනෙකුගේම කොණ්ඩ සුදු වෙලා. හරියට මම වගේ. නමුත් අපි කල්පනා කරපු දෙයක් තමයි දැන් මේගොල්ල මහලුවීමේ තර්කයට එනවා නම් කාන්තාවක් වම් පයෝධරය ගලවලා කොහොමද පොළවේ ගහන්නේ කියන ප්‍රතිතර්කයත් මතු වෙනවා. එතන වෙනම ෆැන්ටසියක් තියෙනවා. මේ කතාව මුළුමනින්ම යථාර්ථවාදී රීතිය ඉක්මවා ගිය කථාන්දරයක්.

කණ්ණගීගේ ශාපයෙන් මධුරාපුරය ගිනි ගන්නා දර්ශනයත් එබන්දක්?

ඇත්තෙන්ම. ඒ රුදුරු ගින්නෙන් දරුවන්, මහල්ලන්, පතිවෘත්තාවන් බේරෙනවා. ඊශ්වර දෙවියන්ගේ වාහනය නිසා ගවයන් බේරෙනවා. එහෙම වෙන්නේ කොහොද? හරි නම් ඒ ගින්නෙන් ඒ සියලුම දෙනා දැවී හළු වෙන්න එපායැ. ඒ නිසා තමයි මම මෙය ෆැන්ටසියක් ලෙස හඳුන්වන්නේ.

එතකොට ඔබ ‘කුස පබා’ චිත්‍රපටයට වගේම මේ චිත්‍රපටයටත් ගීත හයක් ඇතුළත් කර තිබෙනවා. සිනමාරූපී සංගීතයකට වඩා ඔබ උත්සාහ කර තිබෙන්නේ මියුරු ගීතාවලියක් හරහා පේ‍්‍රක්ෂකයා ග්‍රහණය කර ගන්න. ඒ නිසා මධුර ගායනයන්ට ඔබ වඩා වැඩි ඉඩකඩක් වෙන් කර දී තිබෙනවා?

‘කුස පබා’ මෙන්ම මේ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගන්නා චිත්‍රපටයක් ලෙස තමයි නිර්මාණය වුණේ. ඒ නිසා මේකේ නැටුම් තියෙනවා. ගැයුම් තිබෙනවා. සටන් තිබෙනවා. මුල මැද අග සහිත කතාවක් තියෙනවා. මේ සියල්ලම පොදු ප්‍රේක්ෂකයා ග්‍රහණයට ගන්නා දේවල්. ඒ නිසා මේ චිත්‍රපට දෙකේදීම මගේ අදහස වුණේ ප්‍රේක්ෂකයන් පිනවන්න. කොහොමත් මම චිත්‍රපට කරන්නේ මට නෙවෙයි. මමත් ඒ චිත්‍රපටවලින් සතුටු වෙනවා තමයි. මම සමහර විට සංගීත පර්යේෂණයක් කරන්නේ මට. මම ගීතයක් ලියන්නේ මට. නමුත් චිත්‍රපටයක් කරන්නේ මට නෙවෙයි. චිත්‍රපටයක් කරද්දී මට හැමවෙලේම හිතෙනවා මේ චිත්‍රපටය මම සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරනවා. වෙනත් නිෂ්පාදකයෙකුගේ දැවැන්ත මුදලින් මම චිත්‍රපට කරන්නේ. විශේෂයෙන්ම ‘කුස පබා’ සහ ‘පත්තිනි’ කියන්නේ ඒ පිළිබඳ විශාල අවධානයක් යොමු කළ චිත්‍රපට දෙකක්. මොකද ඒවා මේ ඕතධජඬ ඕභඵබඥප නැතිනම් මහා චිත්‍රපට ගණයට වැටෙන නිර්මාණ නිසා.

මේ ගීත ඇතැම් තැන්වලදී බලහත්කාරයෙන් නැතිනම් අහේතුකව ඉදිරිපත් කළාය වැනි හැඟීමක් ඇතැමෙකු තුළ ඇති වෙන්න පුළුවන්?

ඇතැම් ගීත බලහත්කාරයෙක් ඇතුළත් කළා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම සිතීමේත් වැරැද්දක් නෑ. සමහර විට මම ඒ ගීතයක් වුවමනාවෙන්ම චිත්‍රපටයට ඇතුළත් කළා වෙන්න පුළුවන් චිත්‍රපටයේ තිබෙන අනෙක් ගීතත් එක්ක සමතුලිත බවක් ඇති කරන්න. හැබැයි මේ ගීත හය හය විදිහක්. ඒ වෙනස ඇති කර තිබෙන්නේ ප්‍රේක්ෂකයාගේ සහ ශ්‍රාවකයාගේ රස වින්දනය උදෙසායි. සය විදිහක රසිකත්වයෙන් යුත් පිරිසක් අපි මේ ගීතවලින් ආකර්ෂණය කර ගන්නවා.

ඔබේ ප්‍රථම චිත්‍රපටයේ සිටම ඔබ නවක ගීත රචකයන් පිරිසක් හඳුන්වා දෙනවා සිනමාවට. එතකොට වර්තමානයේ ඔබේ චිත්‍රපටවල ගීත රචනා කිරීමේ කාර්යය මුළුමනින්ම ඔබ සියතට අරගෙන තිබෙනවා. මට හිතෙනවා සුනිල් ආරියරත්න මහාචාර්යතුමා තරමක් ආත්මාර්ථකාමී වෙලා කියලා ඒ පැත්තෙන්?

නෑ. ‘කුස පබා’ චිත්‍රපටයේ පමණයි මම සම්පූර්ණයෙන්ම ගීත රචනා කළේ්. ඒ නිෂ්පාදක මඩුල්ලේ දැඩි ඉල්ලිම පරිදි. මේ චිත්‍රපටයේ තේමා ගීතය සහ නර්ථන ගීතය රචනා කරන්නේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර. එතකොට ‘උප්පලවණ්ණා’ චිත්‍රපටයේ එකම ගීතයක් තිබුණා. ඒකත් ප්‍රණීත් අභයසුන්දර. ඒ නිසා තවමත් මම ඒ අවස්ථාවන් ලබාදීමේ පුරුද්දෙන් අත් මිදී නැහැ. අනෙක් කරුණ මා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල ගීත රචනය ප්‍රතික්ෂේප කළ අවස්ථාවන්හි ‘එහෙම නම් ඔබ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නත් එපා’ කියපු නිෂ්පාදකවරු ඉන්නවා.

සුනිල් ආරියරත්න කියන පරාර්ථකාමී ගීත රචකයා තවම ඔබ තුළ ඉන්නවා ඒ කියන්නේ?

ඔව්. මම සිනමාවට හඳුන්වා දුන්න රචකයක් විශාල පිරිසක් ඉන්නවා. කුලරත්න ආරියවංශ ඇතුළු සුනිල් සරත් පෙරේරා, ප්‍රභාත් මානවසිංහ, උදය මානවසිංහ ඇතුළු විමලේන්ද්‍ර වතුරේගම වැනි වෙනස්ම පිරිසක් මම සිනමාවට හඳුන්වා දී තිබෙනවා.

‘පත්තිනි’ ඔබේ විසි වැනි චිත්‍රපටය. සෙසු චිත්‍රපට අතුරෙන් ‘පත්තිනි’ ඔබ ඔසවා තබන්නේ කුමන ස්ථානයකද?

අප බලාපොරොත්තු වෙන්නේ මහා චිත්‍රපටයක් කරලා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක්. ‘පත්තිනි’ සිනමා ශාලා හැටක දැන් ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා මාස කීපයක් යන කොට තමයි මේකේ සැබෑ තත්ත්වය අපට හෙළිදරව් වෙන්නේ. මේ දක්වා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ඉතාම උණුසුම්. ඒක නිසා රසිකයන් තමයි මේ චිත්‍රපටය ඔසවා තබලා මම සිනමාවේ කෙතැනක ඉන්නවද කියලා තීරණය කරන්නේ. මට ඒක තීන්දු කරන්න බෑ.

අපේ සිනමා ඉතිහාසයේ අන් කවරදාටත් වඩා නවක සිනමාකරුවන් ක්ෂේත්‍රයට පිවිසෙන යුගයක් මේ. ඔවුන්ගේ නිර්මාණ පුළුල් වපසරියක් තුළ විහිදෙනවා. ජීවිතයේ නව මානයන් පිළිබඳ කතා කරනවා. සිනමාව නමැති මායාව තුළ ඔවුන් වැඩිපුර උනන්දු වන්නේ අර ෆැන්ටසිය ඉක්මවා ගිය ගැඹුරු ජීවන යථාර්ථයක් ඉස්මතු කරන්න. දැන් මේ නවකයන් ඔබ, ධර්මසේන පතිරාජ ප්‍රමුඛ ප්‍රවිණයන්ට එක්තරා විදිහක අභියෝගයක් කියලා මට හිතෙනවා?

ඇත්ත වශයෙන්ම මේ නව පරම්පරාවේ සිනමාකරුවන් දෙදෙනෙකුගේ චිත්‍රපට දෙකක් මම නැරඹුවා ගිය සතියේ. මලිත් හෑගොඩගේ ‘දැකල පුරුදු කෙනෙක්’ සහ උපාලි ගම්ලත්ගේ ‘ගුරු ගීතය’ චිත්‍රපට දෙක. ඇත්තටම මලිත්ගේ චිත්‍රපටය ඉතාම විශිෂ්ටයි. භූපති නලින්ගේ තිර රචනය, සමාධිගේ සහ බිමල්ගේ රඟපෑම්, මහින්දපාලගේ කැමරාකරණය ඇතුළු සියල්ල ගත්තාම එය විශිෂ්ට චිත්‍රපටයක් කියා මට හිතුණා. ගම්ලත්ගේ ‘ගුරු ගීතය’ චිත්‍රපටයත් මම හිතනවා ප්‍රශස්ත චිත්‍රපටයක් වන අතරම වෙළෙඳ වටිනාකමකුත් තිබෙන නිර්මාණයක් කියා. පොදු ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය සතුටින් වැළැඳ ගනියි කියලා මට හිතුණා. ඔවුන් මම දකින්නේ ඉතාමත් කුසලතා සපිරි නව පරපුරක් හැටියට. මේක අභියෝගයක් තමයි. අපි ඒ අභියෝගය බාර ගන්න ඕනෑ.