වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්

ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්

The Huntsman: Winter's War

2012 වසරේ තිරගත වූ, රුපට් සැන්ඩර්ස් අධ්‍යක්ෂණය කළ සෑම් මර්සර් සහ ජෝ රොත් නිෂ්පාදනය කළ, 'ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්' චිත්‍රපටය අවසන් වන්නේ ස්නෝවයිට් සහ දඩයක්කරුවා (හන්ට්ස්මන්), කුරුමිට්ටන් සහ ඩියුක්ගේ සේනාවත් සමඟ නපුරු රැජින රවේනා ගේ බලකොටුව අත්පත් කර ගැනීමෙනි. ග්‍රීම් සොහොයුරන් රචනා කළ මුල් සුරංගනා කතාවෙන් තරමක් වෙනස් කතාංගයකින් සමන්විත මෙය සාර්ථක ආදායම් ලැබූ චිත්‍රපටයක් වූ අතර IMDB දර්ශකයේ 6.1 ක්, රෝටන් ටෝමාටෝස් හි 48% ක්, සහ මෙටාක්‍රිටික් හි 57% ක් වශයෙන් ලකුණු සටහන් කළා.

'ද හන්ට්ස්මන් : වින්ටර්ස් වෝ' මෙහි දෙවන කොටසයි. 'ද හන්ට්ස්මන් : වින්ටර්ස් වෝ' ග්‍රීම් සොහොයුරන්ගේ ස්නෝ වයිට් කතාවේ චරිත, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් රචිත 'ද ස්නෝ කවීන්' සුරංගනා කතාවේ චරිත හා මුසු වී ගොඩනැගී ඇති චිත්‍රපටයකි. පළමු චිත්‍රපටයේ එන සිදුවීම් වලට බොහෝ කලකට පෙර සහ සත් වසකට පසුව සිදුවන සිදුවීම් දාමයකින් සමන්විත වේ.

සෙඩ්රික් නිකොලස් ට්‍රොයාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය, මලෙෆිෂන්ට්, ඇලිස් ඉන්වෙන්ඩර්ලන්ඩ්, නයිට් ඇන්ඩ් ඩේ චිත්‍රපට නිෂ්පාදනය කළ ජෝ රොත්ගේ නිෂ්පාදනයකි. ප්‍රවීන තිර රචකයකු වන ඉවාන් ස්පිලොටෝපොවුලොස්, සහ ක්‍රෙග් මසින් ගේ තිර රචනයකි. ක්‍රිස් හෙම්ස්වර්ත් එරික් (හන්ට්ස්මන්) ගේ චරිතයත්, චාලීස් තිරෝන් රවේනා ගේ චරිතයත් පෙර චිත්‍රපටයේ පරිදිම රඟ දක්වන අතර, එමිලි බ්ලන්ට් ෆ්‍රේගේ චරිතයට පණ පොවයි. නික් ෆ්රොස්ට්, සෑම් ක්ලෆින්, රොබ බ්‍රිදොන් සහ ජෙසිකා චස්ටෙන් යන යද රංගනයෙන් දායක වෙති. ස්නෝ වයිට් ගේ චරිතය මෙම චිත්‍රපටයේ අන්තර්ගත නොවීම විශේෂයක් වෙයි. ප්‍රවීන සංගීතවේදී ජේම්ස් නිව්ටන් හොවාඩ් ගේ සංගීතයෙන් ඔපවත් වුනු මෙම චිත්‍රපටය යුනිවර්සල් පික්චර්ස් බෙදාහැරීමක් වන අතර විනාඩි 134ක් පුරා දිවෙයි.

කෙසේ වුවත් මෙම චිත්‍රපටය විචාරකයින්ගේ ඍණාත්මක විචාර ලත් චිත්‍රපටයකි. රෝටන් ටෝමාටෝස් වෙබ් අඩවියේ 16% ක් තරම් අඩු ලකුණු සංඛ්‍යාවක් පෙන්නුම් කරන මෙය ධ්ර්ච්ඕ හි 6.2 ක ලකුණු ප්‍රමාණයක් සටහන් කරයි. රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන්නේ ; "මෙය දෘශ්‍ය තලයේ ආකර්ශනීය වූත්, හොඳ නළු නිළි පිරිසක් රඟන්නා වූත් චිත්‍රපටයක් වුවත් 'තේරුමක් නැති' දෙවැනි කොටසක්" බවයි. සමහර වෙබ් අඩවී පවසා සිටින්නේ ස්නොවයිට් චරිතයත්, ඒ සමඟ විශාල රසික පිරිසක් ඇති ක්‍රිස්ටන් ස්ටුවර්ට් චිත්‍රපටයෙන් ඉවත් කිරීමද මෙම අසාර්ථකත්වයට හේතුවක් බවයි.