වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
රන්ජන් ‘සිංහයා’ වෙයි - 30 දා තිරයට

රන්ජන් ‘සිංහයා’ වෙයි - 30 දා තිරයට

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ සිංහයා සිනමාපටය මෙම මස 30 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන මෙහි දුලීකා මාරපන, පාලිත සිල්වා, ආනන්ද වික්‍රමගේ, මහේෂි මධුසංඛා, මිහිර සිරිතිලක, අනුර වරාගොඩ, උදේනි අල්විස්, හේමන්ත ඊරියගම, අවන්ත පෙරේරා, ගයාත්‍රි ඩයස්, සාගරිකා ධර්මපාල, කපිල සිගේරා, කීර්ති රුවන් ලාල්සන් මෙහි රංගනයෙන් දායක වෙති. සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, ශ්‍රීමාලි රාමනායක, දිල්හාරා රාජපක්ෂගේ ගරු රඟපෑම් එක් කළ මෙහි ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා, යොහාන් පෙරේරා, චානක මධුෂානි, කෝකිල පවන්, සඳු අමාශා, පැතුම් බිම්සර, සවනි මල්ශානි, අදීශ ධානුක, ඉෂානි විදුරංගනා, සචිත් සංකලන, නිකිතා අන්ජලීනා, දිලුම් විජේරත්න, දුරුතු අභිෂේක්, නවිදුනි ඉෂාරා, තේනුර පසන්ජය, ගගනි ප්‍රභා තාරකා, ජිත්ම දිල්රුවන්, හසිදු විදුෂාන්, මධුෂි ශෂිකලා සම්පත්, නිරංජන් සේනාරත්න, කුමුදිතා සඳුන්හාරි, සනුජ ගිහාරා, බියංකා උමයංගනී, සදීෂ භානුක, වතික සදුෂාන්, ඔමායා තෙවාජි, සිතුම් සිතංගා, කෙනුල සෙත්මිත්, විෂ්මි පූර්ණිමා චිත්‍රපටයේ ළමා නළු නිළියන්ය.

සිංහයා වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදන සම්බන්ධීකරණය සුනිල් ධර්මසිරිගෙනි. නන්දා නන්දි ජයකොඩිගේ සංස්කරණයකි. සුජිත් නිශාන්ත (මයියා) කැමරාකරණයෙන් ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, බර්නාඩ් ජයතුංග තිර රචනයෙන් ද මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මෙයට එක් විය. නැසීගිය සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා මෙහි සටන් අධ්‍යක්ෂවරයා වේ. පරිගණක සජීවිකරණ දර්ශන චතුරංගගෙනි.


සැඟවුණ මිටියාවතට සූදානම්

පිටසක්වල අභිරහස සිනමා පටය තිරයට ගෙනා නිර්මාන් රාජපක්ෂගේ දෙවැනි සිනමා පටය වූ සැඟවුණු මිටියාවතෙහි මුහුරත් උළෙල ඉකුත් දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණ. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි. පිටස්තර අක්‍රමණිකයන් පිරිසක් හට නතු වූ මායා ලොවක් පිළිබඳ කතා පුවතක් මත මෙහි සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සංගීතා වීරරත්න, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව් ජයසිරි, අර්ජුන කමලනාත්, කුමාර රණපුර, අකිල සදකැළුම්, ලසන්ත කමලසිරි, අදීශ හේවාවසම්, ශෂි අන්ජලීනා ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

සැඟවුණු මිටියාවත මාධව මාරසිංහගේ සම නිෂ්පාදනයකි. චන්දන ධර්මපි‍්‍රය කැමරා අධ්‍යක්ෂණය, නිෂ්පාදන කළමනාකරණයෙන් ලසන්ත කමලසිරි සහාය අධ්‍යක්ෂණයෙන් රුවන් ජයසිංහ එකතු වී තිබේ. සැඟවුණු මිටියාවතෙහි කතාව දෙබස් තිර රචනය සහ පරිඝණක විශේෂ ප්‍රායෝගිකරණ අධ්‍යක්ෂණය නිර්මාල් රාජපක්ෂගෙනි.