වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ

උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ

හෝරා හතරක් පමණ ඉක්ම ගියත් කොළඹින් පටන් ගත්තු ගමන තවම නිමා වුණේ නැහැ. හාත්පසම නිලට නිලේ දිලෙන කුඹුරු. ඒ විතරක්යැ, මේ වන විට අලි වැටවල් සෑහෙන ප්‍රමාණයකුත් අපි දැක්කා. හිතේ පොඩි තැති ගැනීමක් ඇති වුණත් අපි දෙවියො, බුදුන් අදහන මනුස්සයෝ හින්දා ඒ බය පහව ගියා. ඇත්තටම හවස් වෙද්දී මේ හරියේ අලි රංචු පිටින් ඇති. මොකද අලි වැටවල් එහෙම ගහලා තිබුණේ නිකම් ආසාවට නෙවෙයිනෙ.

කොහොම හරි තව හෝරා දෙකක් විතර වෙනකොට අපි' ඇහැටුවැව ප්‍රදේශයට කිට්ටු වුණා. වාහනයෙන් අපි බැස්සේ ඊළඟ ටික පයින් යන්න. ඒ හරියට වාහන ගන්න බැහැ පයින්ම මිනිස්සු යන හින්දා පාරවලුත් හැඩ ගැහිලා තිබුණේ ඊට ඔබින විදිහට. පය රිදෙන රිදෙන සැරයක් ගානේ මතක් වුණේ ඇවිද්ද පය දහස් වටි කියන කියමන. ඒක නම් සැබෑවක්. බොහෝ දුර ගෙවා අප දැන් ආවේ අන්දරේ ඉන්න ගම්පියසට. මා පැමිණි විගස මං ගානට දුවගෙන දුවගෙන ආවේ පුංචි අන්දරේ. හරිම පණ්ඩිතයි. තවත් විදිහකින් කිව්වහොත් ඇඟපත පුරාම මොළේ. ඔන්න ඉතින් අන්දරේ මගෙන් විස්තර අහනවා. මමත් ඔහුට පිළිතුරු දුන්නා.

හා හා ළමයො මොකද ඔය අංකල්ට කරදර කරන්නේ? එයා දැන් ආවා විතරයිනෙ.

සුමිත් රෝහණ තිත්තවැල්ගල මං ගාවට ආවේ එහෙම කියාගෙන.

ආව ගමන්නෙ කරදර කරන්නෙ හොඳ නැත්තේ, මං එහෙනම් ටිකක් වෙලා ගියාම කරදර කරන්නම්කො.

අන්දරේ දුවගෙන ගියා. අනේ අපොයි මේ ළමයා අන්දරේ තරම්ම පණ්ඩිත වෙලා. මේ දැන් ආව සුමිත් තමයි පුංචි අන්දරේ අධ්‍යක්ෂණය කරන්නේ. ඒක චිත්‍රපටයක්. ස්තුතියි නැවත එන්න සිනමාපටයෙන් පසුව සුමිත් අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටයයි පුංචි අන්දරේ. අන්දරේ නම් සුප්‍රකට චරිතයේ ළමා කාලය ඇසුරෙන් මෙය නිර්මාණය වන්නේ. මං ආව ගමන් මගෙත් එක්ක පණ්ඩිතකම් දෙඩෙව්වේ මෙහි පුංචි අන්දරේට පණ පොවන ප්‍රවීන් කටුකිතුලෙ. ඔහු සමඟ ළමා නළු නිළියන් දස දෙනකු පමණ පුංචි අන්දරේ රංගනයෙන් හැඩ කරනවා. මෙහි වටපිටාව 1770 දශකයට අනුකුලව නිර්මාණය කරලා. පිදුරු පොල් අතු සෙවිලි කොට මැටි ගැසූ බිත්ති සහිත ගෙවල්. ඒවයේ මිදුලවල්වල තියෙන වී බිස්ස ඇතුළු ගැමි උපාංග, බලා ඉන්නට ආසයි. ඒ කාලය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කෙට ඇති වග හරිම අපූරුයි. මේ වෙලාවේ පුංචි අන්දරේහි දර්ශනයක් රූගත කරනවා. මං ඒ අයට වැඩේ කරගන්න දීලා ටිකක් පැත්තකට ගියා.

රැවුල වවා ගත්තු ප්‍රභූවරයකු සමඟ හාමුදුරුනමක් පැත්තකට වෙලා කතාවක්. බැලු බැල්මට හිතෙන්නේ මේ අය ඇත්තම ගම්වාසීන් කියලා. නමුත් ඒ දෙදෙනා සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ ඩබ්ලිව්. ජයසිරි කියලා දැනගත්තේ බොහොමත්ම අවධානයෙන් බැලුවට පස්සේ.

පුංචි අන්දරේහි දංකොටුව රාලගේ චරිතය රඟපාන්නේ අපේ කුමාර සිරිවර්ධන. ඔහුගේ නිවස අසල යම් දෙයක් සිදු වන බව පේන්නට තියෙනවා. ජයසිරි සහ සතිස් ඒ පැත්තට යද්දී මමත් ඔවුන් එක්ක ගියා.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බත් ඩේ ටූ නලීන්
හැපිබර්ත් ඩේ ටූ යූ . . .

දංකොටුව රාලගේ ගෙදරට කේක් ගෙඩියක් ගෙනල්ලා. එය නම් චිත්‍රපටයට ගෙනාව එකක් නෙවෙයි. කිව්වාක් මෙන් ඒ උපන් දින සැමරුම සැබෑ ජීවිතයේ සිදු වූ එකක්. චිත්‍රපටයේ අංග රචනා ශිල්පී නලින් ප්‍රේමතිලකගේ උපන් දිනය අද. එය සැමරුවේ මෙම දර්න තලයේදී. එතැන සිටි අප කාගෙත් ජ්‍යෙෂ්ඨයා වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහට පළමු කේක් කැබැල්ල නලින්ගෙන්. පසුව අපට.

අන්න අන්න සර්පයෙක් අතන පඳුර යටටයි රිංගුවේ.

නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් කෑගසනවා. අපගේ අවධානය එදෙසට යොමු වුණා. දැඩි පරිශ්‍රමයක් යොදා ඌව වනයට එළවා දැමූ පිරිවරට දැන්නම් ඒ සතුන් ආගන්තුකයන් නොවන ගානයි.

මේ අතරේ ළමයි පිරිස ක්‍රීඩාවක යෙදෙනවා. ළඟට ගිහින් බලපුවාම මට පුදුමත් හිතුණා. එයාලා වළකජු ගහනවා. අද කාලේ ළමයි පිරිසක් වළකජු නම් වූ ක්‍රීඩාවේ යෙදෙනවා කියන එකත් හරි අහඹුවක්නේ. චිත්‍රපටය වෙනුවෙන් හරි කමක් නැහැ ඒ වගේ ක්‍රීඩාවක් ඉගෙන ගත්තු එක. මහේන්ද්‍ර පෙරේරා සහ සුනීතා විමලවීරගේ දර්ශනයක් රැගෙන එදින වැඩ කටයුතු අවසන් වුණා. මම ඇතුළු කිහිප දෙනෙකු වාහනයක නැග පළමුව නවාතැනට ගියේ විඩාබර ගත සිතට මඳ විවේකයක් ලබා ගන්න. අනෙක් වාහනය ලොජ් එකට ආවේ අප ඇවිත් පැය දෙකකට විතර පස්සේ.

මෙකෝ පරක්කු?

පාරෙ අලි හිටියනෙ. බලන් හිටියා හිටියා යන්නෙම නැහැ. බැරි තැන අපි දුර පාරකින් ආවා.

ඒ වාහනයෙ සිටි සුමිත් නිදහසට කරුණු කීවේ අන්න එහෙම. නවාතැනට පැමිණියාට පසුවයි අපට එක්තරා රහසක් හෙළි වුණේ. ඒ සුනීතා විමලවීර සහ නලීන් ප්‍රේමතිලක කියන දෙදෙනා විවාහ වී වසර විසි දෙකක් සපිරෙන්නේ එදා කියන එක. නවාතැන හැටියට ගත් තැන තමයි මහව ශාන්ති හෝටලය. එහි වෙඩින් එහෙම ගන්න උත්සව ශාලාවක් තිබුණා. අපි හැමෝම එකතු වෙලා නලීන්, සුනීතා යුවළ එතැන තිබූ මනාල යුවළ වාඩිවන සැටියෙහි වාඩි කළා. නැවතත් කේක් එකකුත් ගෙනාවා. කේක් කපලා හැමෝටම කැව්වා. රංගනයට මෙන්ම ඡායාරුප ගැනීමට ද දස්කම් පෙන්වන උදේනි අල්විස් කැමරාව අරගෙන පට පට ගාලා මේ අවස්ථාව සේයාරූ ගත කර ගත්තා. ප්‍රධාන අනුශාසනාව සතිස්ගෙන්. ඔහු කිව්වා 'කලා ලොවේ දෙදෙනෙක් අවුරුදු 22 ක් එකට ජීවත් වන එක ඇත්තටම අභියෝගයක්. විශේෂයෙන් මේ කාලේ නලින් - සුනීතා ඒ අභියෝගය යසට බාර අරගෙන කටයුතු කිරිම අපටත් ආඩම්බරයක්' කියලා.

ඒක කිව්වා විතරයි දෙන්නම එකතු වෙලා සතිස්ට වැන්දේ හිතේ තිබුණු සතුටටමයි.