වර්ෂ 2017 ක්වූ ජුනි 25 වැනිදා ඉරිදා




ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
මේ දිනවල ලෝකය කලඹන දැවැන්ත චිත්‍රපටය පිළිබඳ ඔබ නොදත් තවත් කතා

මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු

ස්ටාර් වෝර්ස් අභ්‍යවකාශ ඔපෙරාවේ ප්‍රථම චිත්‍රපට ද්විත්වය නැතහොත් පරිච්ඡේද 4, 5 ස්ටාර් වෝර්ස් අ නිව් හෝප් සහ එම්පයර් ස්ට්‍රයික්ස් බැක් පිළිබඳව පසුගිය සති 2 තුළ ඔබ කියවන්නට ඇති.

අද මා ඔබට ගෙන එන්නේ මේ වීර කාව්‍යයේ මුල් කතාවේ සමාප්තිය ගෙන එන පරිච්ඡේදය 6 නැතහොත් ස්ටාර් වෝර්ස් මාලාවේ 3 වන චිත්‍රපටය වන රිටන් ඔෆ් ද ජෙඩායි. එම්පයර් ස්ට්‍රයික්ස් බැක් අවසන් වුණේ ලුක් ස්කයිවෝකර්ගේ මිතුරන් වන හෑන් සෙලෝ ගල් කර තැබීමෙන් සහ ඔහුගේ සොහොයුරිය වන ලීයා කුමරිය හිරබාරයට ගැනීමෙන්. ඔවුන් දෙදෙනාම මේ වන විට ජබා ද හට් නම් පිටසක්වල ජීවියාගේ ලෙන තුළ සිර කරගෙන සිටිනවා.

රිටන් ඔෆ් ජෙඩායි ආරම්භ වන්නේ ඉන් වසරක් ගත වූ පසුය.

දුෂ්ඨ අධිරාජ්‍යයා කෲර අධිරාජ්‍යයා වන පැල්පටින්ගේ මඟ පෙන්වීම යටතේ තවත් මළ තරුවක් ගොඩ නඟනවා. ඔහු එය කරන්නේ එම මළ තරුවේ හී ආධාරයෙන් ඉතිරි වී සිටින කැරලිකාර සන්ධානය සමූලඝාතනය කිරීමටයි. පැල්පටින් අධිරාජ්‍යයා මළ තරුව ගොඩ නැඟීමේ අවසන් අදියර නිරීක්ෂණය කිරීම සඳහා එයට පැමිණෙනවා. මේ අතර කැරලිකාර සන්ධානය තම සියළු වැරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන්නේ ඩෙත් ස්ටාර් සම්පූර්ණ කිරීම නැවැත්වීමේ අධිරාජයා පැල්පටීන් ඝාතනය කිරීමේත් අදිටනිනුයි. ඇත්තටම තමාගේ පියා බවත්, ඔහු අඳුරු පාර්ශවයට වැටුණු ජෙඩායි නයිට්වරයකු බවත් ලූක් දැනගන්නවා. අවසානය මා මෙහි දිගහැරියොත් මෙතෙක් චිත්‍රපටය නරඹා නැති පාඨක ඔබට අසාධාරණයක් සිදු වෙන බැවින්, කතාවේ සාරාංශය මෙතනින් නවතා චිත්‍රපටයේ තිරය පිටුපසට යමු.

චිත්‍රපටය තිරගත වුණේ 1983 දී. ඩේවිඩ් ලින්ච් සහ ඩේවිඩ් ක්‍රොනන්බර්ග් යන දෙදෙනාම මෙය අධ්‍යක්ෂණය කිරිම සඳහා සලකා බැළුණු නමුත් අවසානයේ එය හිමි වුණේ රිචඩ් මාක්වාන්ඩ් හටයි.

ලූකස් දර්ශන තලයේ නිතරම සිටියේ අධ්‍යක්ෂ රිචඩ් විශේෂ ප්‍රයෝග සම්බන්ධයෙන් අත්දැකිම් නොතිබුණු බැවිනි. නමුත් රිචඩ් ඉතා හොඳින් නළුවන් සමඟ වැඩ කළ බවට ලූකස් ප්‍රශංසා කළා. ලුකස් බොහෝ විට දර්ශන තලයේ සිටිය නිසා රිචඩ් එයට කවටකමක් ලෙස කීවේ 'හරියට ශේක්ෂ්පියර් අනිත් කාමරේ ඉද්දී කිංග් ලියර් අධ්‍යක්ෂණය කරන්නට උත්සාහ දැරීමක් හා සමානයි' යනුවෙනුයි.

පෙර චිත්‍රපට 2 පරිදිම මෙහි තිර රචනයට ලෝරන්ස් කැස්ඩන් සහභාගි වුණා. ඔහුට අනුව රිටන් ඔෆ් ද ජෙඩා යනු දුර්වල නමක් බැවින් රිවෙන්ජ් ඔෆ් ද ජෙඩා යන නම ඔහු ලූකස්ට යෝජනා කළා.

අනිකුත් ප්‍රධාන නළු නිළියන් මෙන් හැරිසන් ෆෝඩ් මේ 2, 3 වන චිත්‍රපට සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණේ නැහැ. ඒ වන විට ඉන්ඩියානා ජෝන්ස් ප්‍රථම චිත්‍රපටය තිරගත වී තිබුණු බැවින් හැරිසන් ෆෝඩ් සුපිරි තරුවක් බවට පත් වී තිබුණා. ෆෝඩ් සහ කැස්ඩන් දෙදෙනාම එකඟ වී යෝජනාවක් කළා හෑන් සෝලෝ චරිතය චිත්‍රපටය අරම්භයේදීම මරා දැමීමට. නමුත් ලුකස් එකහෙලාම එයට විරුද්ධ වූයේ සතුටුදායක අවසානයක් චිත්‍රපටයට ලබා දුනහොත් එය වෙළඳ භාණ්ඩ (ස්ටාර් වෝර්ස් තේමාවෙන් යුතු වෙළෙඳ භාණ්ඩවල අලෙවිය ඇ. ඩො. බිලියන ගණනක් ඉක්මවා ගොස් ඇති බැවින් ඉදිරි ලිපියක ඔබට එය ගැන තවත් විස්තර කරන්නම්.) වල විකුණුමට පිටුවහලක් වේ යැයි ඔහු සිතූ බැවිනි.

චිත්‍රපටය නිම වන තුරුම එහි රහස්‍යභාවය රැක ගැනීමට ලූකස් උත්සාහ කළා. (මෙය හොලිවුඩ් දැවැන්ත සිනමා නිර්මාණ නිෂ්පාදනයේදී සුලභව දැකිය හැකි සංසිද්ධියක්). එම නිසා ස්ටාර් වෝර්ස් වැනි දැවැන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය වන බව දැනගත් විට, එයට භාණ්ඩ හා සේවා සපයන ශිල්පීන් මිළ ගණන් වැඩි කර ඉල්ලීම පෙලඹීම වැලැක්වීමට එය රූගත කෙරුණේ 'බ්ලූ හාවස්ට්' යන නාමය යටතේයි. ඒ වාගේම මෙහි කතාව මාධ්‍යවලට කලින් මුදා හැරී යැයි ලූකස් සැක සිතූ ශිල්පීන්ට බොරු තිර පිටපතක් ලබා දී තිබුණා. ලූකස්ගේ ඒ සැකය නිරවද්‍ය බව සනාථ කරමින් සමහරක් ඒ බොරු කතා සාරාංශ මාධ්‍ය මඟින් පළ වුණා.

ක්ෂෝඩා ගේ චරිතය මේ චිත්‍රපටයේ මුල් පිටපතේ ඇතුළත් නොවුණ නමුත් ලූකස් එය ගෙන ආවේ විශේෂ හේතුවක් නිසයි. ඔබට මතක ඇති කලින් චිත්‍රපටයේ එම්පයර් ස්ට්‍රයික්ස් බැක් හී ඩාත් වේඩර් පවසනවා ඔහු ලූක් ගේ පියා බව. නමුත් මනෝ වෛද්‍ය විශේෂඥයකු වූ ලූකස් පැවසුවේ එය යෝදා වැනි ලූක්ට විශ්වාසී කෙනෙකුගෙන් ස්ථාපිත නොවුණහොත් වයස අවුරුදු 12 ට අඩු ළමයින් එය බොරුවක් යැයි සිතනු බවයි.

එම නිසා ලූක්ට ඔහුගේ පියා ගැන රහස හෙළි කිරීම සඳහාම යෝදාව නැවතත් මේ චිත්‍රපටයට ගෙන ඒමට ලූකස් තීරණය කළා.

ඩාත් වේඩර්ට හඬ කැවූයේ ඇමරිකානු නළුවෙකු වන ජේම්ස් අර්ල් ජෝන්ස් විසිනුයි. අසීමිත පෞරුෂයකින් හෙබි ඒ ගාම්භීර හඬ සිනමා වංශ කතාවේ නොමැකෙන සලකුණක් තැබුවේ මේ ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව හේතුවෙනුයි.

ලූකස්ගේ යාවජීව මිතුරු සගයෙකු වූ ස්ටීවන් ස්පිල්බර්ග් ලවා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ගැනීමට ලූකස්ට අවශ්‍ය වුණා. ස්පිල්බර්ග් ස්ටාර් වෝර්ස් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට මහත් ආශාවෙන් සිටියත් එම අවස්ථාව ඔහුට නොලැබුණේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ රෙගුලාසිවලට එරෙහි වුණ බැවිනි. එම්පයර්ස් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් ලූකස් අධ්‍යක්ෂ සංසදයෙන් තම සාමාජිකත්වය ඉවත් කරවාගෙන තිබුණු බැවින්, එහි සාමාජිකත්වය දරමින් ස්ටාර් වෝර්ස් අධ්‍යක්ෂණය කරන්නට ස්පිල්බර්ග්ට සංසදය ඉඩ දුන්නේ නැහැ.

එම නිසා අප්‍රසිද්ධ වේල්ස් ජාතික අධ්‍යක්ෂවරයෙකු වන රිචඩ් මාක්වින්ඩ්ව ඒ සඳහා තෝරා ගැනීමට ලූකස්ට සිදු වුණා.

ලොව අග්‍රගණ්‍යම සිනමා සංගීතවේදියෙකු ලෙස සැලකෙන ජෝන් විලියම්ස් මේ චිත්‍රපට ත්‍රිත්වයේම සංගීත අධ්‍යක්ෂණයට දායක වුණා. ඔබට අසා හුරු පුරුදු චිත්‍රපට සංගීත තේමාවක් ඇතොත් එය බොහෝ දුරට විලියම්ස්ගේ නිර්මාණයක් විය හැකියි. මන්ද සිනමා ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය සහ අමරණීය තේමා බොහෝමයක් ඔහු අතින් නිම වී ඇති බැවිනුයි.

උදා: ජෝස්, ඉන්ඩියානා ජෝන්ස්, සුපර් මෑන්, බැක් ටු ද ෆියුචර්, ජුරාසික් පාක්, ඊ. ටී, හැරී පොටර් (තේමාව සහ මුල් චිත්‍රපට 3).

1974 සිට ස්ටීවන් ස්පිල්බර්ග් ගේ සියළුම චිත්‍රපටවල පාහේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත්තේ විලියම්.

ඔස්කාර් සම්මානය සඳහා 49 වතාවක් නිර්දේශ වූ ඔහු සම්මාන 5 ක් දිනා තිබෙනවා. වෝල්ට් ඩිස්නි ට පසුව වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට නිර්දේශ වී තිබෙන්නේ විලියම්ස්ය.

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ ප්‍රථම චිත්‍රපට ත්‍රිත්වය ගැන සටහන අදින් අවසන් වන නමුත් 1999, 2002, සහ 2005 තිරගත වූ 4, 5, 6 වන චිත්‍රපට නැතහොත් ස්ටාර් වෝර්ස් පරිච්ඡේද 1, 2, 3 වන ද පැන්ටම් ඔෆ් මෙනස්, ඇටෑක් ඔෆ් ද ක්ලෝන්ස් හා රිවින්ජ් ඔෆ් ද සෙත් සමඟ ලබන සතියේ පාඨක ඔබට ස්ටාර් වෝර්ස් අභ්‍යවකාශ ඔපෙරා වීරාක්‍යානයේ තවත් තොරතුරු ගෙන එන්නම්.

- වින්දන ආරියවංශ