Eminemf වීඩීයෝ හදපු අපේ රැන්ඩි

අප්‍රේල් 1, 2021

 

මේ පුංචි රටේ හතර දිබ්බාගේම දක්ෂයෝ පිරිලා. ඒ දස්කම් විවිධයි. එකිනෙකට වෙනස්. ඒ විවිධ වූ දස්කම් ලෝකෙට රැගෙන යන්න උනන්දුවන, කැපවීම් කරන ඒ වෙනුවෙන් මහන්සි වෙන තාරුණ්‍යයක් හිදීම රටකට කොයිතරම්නම් භාග්‍යක්ද? පහුගිය දවසක ඒ වගේ තමන්ගේ හැකියාවෙන් ලෝකෙට වැඩ පෙන්වපු ලෝකේ මිනිස්සු පුදුම කරපු තරුණයෙක් ගැන අහන්න දකින්න ලැබුණා. ලෝ ප්‍රකට රැප් ගායක නැත්නම් රැප් ලොව රජු ලෙස ලොවක් ආදරය කරන එමිනෙම්ගේ අලුත්ම ගීතයට නිළ වීඩීයෝපටය හදන්නේ ඔහු. නමින් ඔහු රැන්ඩි ක්‍රිස්. හැමදාම කලාව තුළ අලුත් දේව් වෙනස් දේ සොයාගෙන යන සරසවිය අපේ අද කතාබහ රැන්ඩි එක්කයි.

 

රැන්ඩි මේ වැඩේ ආරම්භය කොතැනද?

මෑතකදී මම කරපු Eminem ගේ වීඩියෝ එක ගැන කතා කරනවානම්, ඒකට පසුබිම සැකසුණේ ගිය අවුරුද්දේ (2020) මාර්තු මාසයේ මම කළ Godzilla Fan-made music video එක world  එකේ trend වුණ එක නිසයි. එම වීඩියෝ එක රිලීස් කරලා දින හතරකින් Eminem ගේ  record label  එක වන Interscop ආයතනයෙන් මට ඊමේල් එකක් ලැබුණා මාත් එක්ක වැඩ කරන්න ආසයි කියලා. Interscop කියන්නේ ලෝකයේ සුපිරිම ගායන තරු රැසකගේ කලා කටයුතු කළමනාකරණය කරන ලොව record label එකයි. එහි මව් සමාගම වන්නෙ අපි කවුරුත් දන්න Universal Music Studios කියන ආයතනයයි. ඉතින් එයාලා මට ඊමේල් එකක් එව්වම මට හිතාගන්න බැරි වුණා. එදා සිට Eminem  ගේ Tone Deaf වීඩියෝ එක කරන තුරු විටින් විට විවිධ ගායකයින් ගේ වීඩියෝ කරන්නට මට ඔවුන්ගෙන් ආරාධනා ලැබුණා. එහෙම තමයි අන්තිමට Eminemගේ වීඩියෝ එකත් කරන්න මට ලැබුණේ.

 

මේ වගේ නිර්මාණයක් කරන්න නම් හැකියාව වගේම ලබාගත් පරිචයකුත් තියෙන්න ඕන. රැන්ඩි කියන්නකෝ කොහොමද මේ දේ ඉගෙන ගත්තේ?

අවුරුදු 15ක් තිස්සේ ලබාගත් අත්දැකීම් එක්ක තමයි මම අද මෙතැනට ආවෙ. මම තනියම ඇනිමේශන් ඉගෙන ගත්ත නිසා මගේ ඇනිමේශන් STYLE  එක පොඩ්ඩක් වෙනස්. මගේ ඇනිමේශන් වගේම චිත්‍ර අන්දින විදිහත් පොඩ්ඩක් වෙනස්. මේ දෙක එකතු වුණාම එන PRODUCT  එකේ වෙනසක් දකින නිසා වෙන්න ඇති මට මේ වගේ ලොකු වැඩක් කරන්න අවස්ථාව සැලසෙන්න ඇත්තේ කියලා මට හිතෙනවා.

 

ලෝ ප්‍රකට රැප් ගායක එමිනෙම්ගේ ගීතයකටයි රැන්ඩි මේ නිර්මාණය කරන්නේ? මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?

ඡ්ථඪදඥථ කියන්නෙ අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ ඩ්ඪනඩ්ධන සංගීත ක්ෂෙත්‍රයේ ඉහළින්ම බැබළෙන තරුවක්. අදටත් අචන ට්ධඤ, ම්ඪදඨ ධට අචන වැනි නම් එයාට යෙදිලා තියෙන්නේ වැඩිම ඉල්ලුමක් ඇති රැප් (ඩ්ඪනඩධන) ගායකයා හැටියට වාර්තා තබමින්. ඒ වගේම මම පොඩි කාලෙ ඉඳලා ආසම ගායකයෙක් තමයි ඡ්ථඪදඥථ කියන්නේ. ඉතින් එයාගෙ වීඩියෝ එකක් කරන්න ලැබීම නිකන් අදහාගත නොහැකි හීනයක් සැබෑ වුණා වගේ.

 

මේ නිර්මාණය කරන්න කොයි තරම් කාලයක් ගියාද? මොනවගේ අභියෝගද ආවේ?

මට වීඩියෝව කරන්න ගියේ දවස් 20ක් වගේ. ඊට පස්සේ පොඩි වෙනස්කම් කිහිපයක් තිබුණා, ඒකට මට තව දවස් 5-10ක් ගියා. එයාල වීඩියෝ එකට ගොඩක් ආසයි එය ඔවුන් දැක ඇති වඩාත්ම විස්මජනක (Most amazing) වීඩියෝ එක කියලා එයාලා සඳහන් කර එවලා තිබුණා. එම ප්‍රතිචාරය කොච්චර මට ලැබුණු විට මට දැනුණ සතුට වචන වලින් කියන්න අමාරුයි .

අභියෝග නම් ගොඩක් තිබුණා විශේෂයෙන්ම ඵධටබඹචපඥ ගැටලු. ඒ සියලු අභියෝග හමුවේ මේ වීඩියෝව මම කරපු එක ගැන මම සතුටු වෙනවා.

රැන්ඩි, ලෝකයේ තාක්ෂණය අතින් දියුණුම රටක ගායකයෙක්ගේ ගීතයකට මේ වගේ නිර්මාණයක් කරන්නේ අවම පහසුකම් යටතේ. තව මොනවද තිබුණනම් හොඳයි කියලා හිතෙන්නේ? මේ වැඩ පහසු වෙන්න?

නිර්මාණය කරන කොට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි ඪදබඥපදඥබ එක සහ ඵධටබඹචපඥ එක. ඊට අමතරව ලංකාවේ ඉඳලා ජාත්‍යන්තර පිරිසක් සමග ගනුදෙනු කිරීමේදී නචරනචත පහසුකම නැති අඩුව හොඳට දැනෙනවා. තව ගැටලු කිහිපයක්ම තියනවා ඒවට විසඳුම් හොයන්න අපි ගොඩක් මහන්සි වෙනවා.

 

රැන්ඩිට ලැබුණ හොඳම ප්‍රතිචාරය මොකද්ද?

ඡ්ථඪදඥථ ගේ ඊධදඥ ච්ඥචට වීඩියෝ එකට ධ්දබඥපඵජධනඥ එකෙන් ලැබුණ ප්‍රතිචාරය තමයි. ඔවුන් කිහිප විටක්ම ඥථචඪත කළා එම නිර්මාණය ගැන ඔවුන් ඉතාමත් සන්තෝස බව. ඔවුන් කිව්වේ ඔවුන් එතෙක් දැක ඇති වඩාත් විස්මයජනක (ථධඵබ චථචලඪදඨ) වීඩියෝ එක මෙය බවයි. ඡ්ථඪදඥථ, ඕඪතතඪඥ ඡ්ඪතඪඵඩ, ඕතචජඬ ර්‍ථඪදඬ, ච්ප ච්පඥ, වැනි ලොව ඒ-ඹ්ධ්ඉඊ ගායකයන් සමඟ වීඩියෝ හදන ලොව ලොකුම පඥජධපඤ තචඡඥත එකෙන් එහෙම දෙයක් ඇහුවම මම වුණු මහන්සියට එය උපරිම වටිනාකමක් එකතු වුණා කියලා මට දැනෙනවා.

මේ වගේ නිර්මාණයක් කරද්දි මානසික ඒකාග්‍රතාවය කියන එක හොඳටම පවත්වාගන්න ඕන. මොනවද ඒකට භාවිත කරපු උපක්‍රම? සහා පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබුණේ?

මගේ මානසික ඒකාග්‍රතාවයට උදව් වෙන විදිහට මම වැඩ කරන තැන හදාගන්න මම උත්සහ කරනවා... කොළඹින් ඈත්ව ඉන්න හේතුවත් ඒකයි. ඊට අමතරව මට මගේ බිරිඳ ගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්. ඇය මගේ නිර්මාණ කටයුතුවලත් හවුල් කාරියක්. අපි දෙන්නා එකම ක්ෂේත්‍රයේ ඉන්න එකත්, අපි කාලයක් තිස්සේ එකට වැඩ කර ඇති නිසාත් අපි දෙන්නා හොද බඥචථ එකක්. අපේ දුවලා දෙන්නත් එක්ක සියලු වැඩ කරගනිමින් මම ආස රැකියාවක් කරමින් මම ඉතා සතුටින් ඉන්නවා. මම ඇත්තෙන්ම වාසනාවන්තයි.

 

තමන්ට හිතුවොත් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා පෙන්නන්න රැන්ඩි හොඳ උදාහරණයක්. තනියෙම නැගිටින්න හදන කෙනෙක්ට රැන්ඩිට මොනවද කියන්න තියෙන්නේ?

තනියම නැගිටින්න ඇත්තෙන්ම උත්සහ දරලා ජයගන්න කෙනෙක් සාමාන්‍යයෙන් කරන වැඩ සියල්ලම මම කළා. මම පොඩි පඩියකට, පොඩි රස්සාවකට ගිහිල්ලා එතැන වැඩ පෙන්නලා ටිකෙන් ටික මගේ අඩිතාලම දාගත්තා. මම හිතනවා ඕනෑම කෙනෙක් මුලින්ම කරන්න ඕනෙ තමන්ට හරියන ක්ෂේත්‍රයේ ආයතනයකට කොහොම හරි ඇතුළු වෙලා තමන්ගේ රස්සාවට නියමිත වැඩ ඉතා හොඳීන් නිමකරන අතරම ඊටත් එහා ගිහින් උපරිම දක්ෂතා පෙන්නන ඕනෙ. එසේ කරන කොට ඊට හරියන ඇගයීමක් නොලැබෙන්න පුළුවන්. නමුත් එයින් අධෛර්යමත් නොවී දිගටම තමන්ගේ උපරිමය යොදවලා වැඩ කරගෙන යන්න, එක පාරටම නොපෙන්නුවත් මිනිස්සුන්ගේ හිතට අනිවාර්යයෙන් තමන් දක්ෂයෙක් කියන එක යනවා, එතකොට කවද හරි හොතනකදි හරි තමන්ට හරියනවා කියලයි මම හිතන්නෙ.

 

අලුත් නිර්මාණවලට මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවාද? ඉදිරියේදී මොනවගේ වෙනස්කම්ද දකින්න ලැබෙන්නේ?

ඔව්. ගොඩක් දේවල් කරන්න තියනවා. ඒවා ගැන දැන්ම කියන්න අමාරුයි.