ට්‍රැක්ටරේට ට්‍රේලරය එල්ලන්න කාලෙ හරි

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
Cover Story
පෙබරවාරි 4, 2021

 

මේ දවස්වල බොහෝ නිර්මාණවලින් ඉසුරුව දකින්න ලැබෙනවා. කොරෝනා කලාකරුවන්ට ලොකු ප්‍රශ්නයක් වුණාට ඉසුරුට නම් එහෙම නෑ වගේ නේද?

කොරෝනා පටන්ගත්ත මුල් කාලේ එහෙම ප්‍රශ්නයක් තිබුණා. දෙවෙනි රැල්ලත් එක්ක ඒක කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. මේ දවස්වල නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂණය කරන හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයත් සුදත්ත තිලක්සිරි අධ්‍යක්ෂණය කරන හොඳවැඩේ සහ සමන්ත ලියනගේ අධ්‍යක්ෂණය කරන ඇය නාට්‍යවල මේ ටෙලිනාට්‍ය දෙකම ස්වර්ණවාහිනී නාළිකාවෙත් විකාශය වෙනවා.

චිත්‍රපට ගත්තොත් මම සහ දිල්හානී අශෝකමාලා අක්කා ප්‍රධාන චරිත නිරූපණය කරන සිරස බම නිෂ්පාදනය කරන happy birthday හි සියලු වැඩ නිමා කරලා තියෙනවා. ඉදිරියේදී බලන්න පුළුවන්...

 

ඉසුරුගේ නිර්මාණ අරගෙන බැලුවොත් එකිනෙකට වෙනස් චරිත තමයි ඔබ නිරූපණය කරලා තියෙන්නේ කොහොමද මේ චරිත තෝරාගන්නේ?

මම රංගන ශිල්පියෙක් කියලා විශ්වාස කරනවා.මට පොඩිකාලේ ඉඳලම වෙන්න ඕන වුණේ නළුවෙක් නෙවෙයි රංගන ශිල්පියෙක්.‍රංගන ශිල්පියෙකුට තමන්ට ලැබෙන ඕනම චරිතයක් රඟ දැක්වීමේ හැකියාව තියෙන්න ඕන. රංගනය හදාරලා රංගනය යනු කුමක්ද කියලා දැනගත්තට පස්සේ ඒ අභියෝගය භාරගන්න පුළුවන්. ඒ හැකියාව මට ඇති නිසයි අධ්‍යක්ෂවරු මා විශ්වාස කරලා යම් යම් චරිත ලබා දෙන්නේ.ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා.

 

මේ වෙනකොට ගායනයටත් යොමුවෙලා ඉන්නවා නේද?

ඒක අහම්බයක් හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ පසුබිම් ගායනය සඳහා හිටපු ගායකයාට ඒකට සම්බන්ධ වෙන්න බැරිවුණ නිසා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර මගෙන් ඇහුවා ගීතය ගායනා කරමුද කියලා. බොහොම ගෞරවයෙන් ඒ ආරාධනාව පිළිගත්තා. ගීතයේ සංගීතය අශාන් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂවරයාගෙන්.ගීතයේ වචන දුමින්ද අලහෙන්ද නම් අපූරු ගී පද රචකයාගෙන්. මේකෙන් පස්සේ තව ගීත කිහිපයක් කියමු කියලා ආරාධනා ලැබිලා තියෙනවා. රසවින්දනය වෙනුවෙන් ගීත ගායනා කළාට වෘත්තීය කරගන්න අදහසක් නෑ.

 

නාරද කියන චරිතය එක්ක සමාජ මාධ්‍යවල ලොකු රැල්ලක් නිර්මාණය වුණා?

එතෙක් තිබුණ ඒකාකාරී නිර්මාණවලින් වෙනස්ම විදිහේ නිර්මාණයක් වුණා මේ නිර්මාණය. ඒක විනෝදාස්වාදය පිරුණු නිර්මාණයක්.මේ නිසා ප්‍රේක්ෂකයා එය ඉතාම ආසාවෙන් ආදරෙන් වැලඳගත්තා. විශේෂම දේ මේ ටෙලිනාට්‍යය විකාශයෙන් පසුව තමයි නාරද කියන චරිතය ඩඪබ වුණේ. ඒකට සමාජ මාධ්‍ය විශේෂයෙන් ම ටඡ නචඨඥඵ වලට ස්තූති කරන්න ඕන. කිසිදු ගෙවීමක් හෝ කාටවත් කියලා හෝ නෙවෙයි මේ දකුණේ කොල්ලා ඩඪබ වුණේ.

 

ඉසුරු චරිතාංග නළුවෙක්, චරිත තෝරගද්දි සලකා බලන විශේෂ දේවල් තියෙනවා ද?

මම වෘත්තීමය රංගන ශිල්පියෙක් වුණත් මම පරිස්සම් වෙනවා එක වගේ චරිත භාර නොගෙන ඉන්න. මුදලට වඩා මම කරන දෙයින් මට තෘප්තියක් ලැබෙන්න ඕන. යම් චරිතයක් හොඳීන් කළාම එවැනි චරිත දිගටම ලැබෙනවා ඒක සාමාන්‍යයයි. ඒත් මං කොටුවෙන්න ආස නෑ. හොඳීන් පිටපත කියවලා කලාවට සහ සමාජයට යමක් ඉටුකළ හැකි නිර්මාණ පමණක් භාරගන්න මං වගබලාගන්නවා.

 

ඔබ හිතනවද ඔබේ දක්ෂතාවලට නියම ඇගයීමක් ලැබිලා තියෙනවා කියලා?

ලෝකයේ මුලින්ම නිර්මාණ බිහිවුණේ රසවින්දනයට. පසුකාලීනව තමයි සම්මාන උලෙළ හරහා ඇගයීම කියන කාරණය එන්නේ. නමුත් මම නිර්මාණ කරන්නේ ප්‍රේක්ෂකයාට. මට ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය ලැබිලා තියෙනවා. ධාවනයක් මනින්න වගේ රඟපෑම මනින්න මීටරයක් නෑ. ඒ නිසා සම්මාන නොලැබුණා කියලා මං ඒ ගැන පසුතැවෙන්නේ නෑ. හැබැයි ලැබුණොත් භාර නොගෙන ඉන්නෙත් නෑ. මොකද රඟපානවට ඇගයීමක් ලැබෙනවට මං ආසයි. ඒ ඇගයීම ලැබෙනව නම් හොඳයි.

 

ඉසුරුගෙ බොහෝ නිර්මාණවල පෙම්වතිය වෙන්නේ තරින්දි ප්‍රනාන්දු කොහොමද ඇයගෙන් ලැබෙන සහයෝගය?

තරින්දි සහ මම මුලින්ම ‍රඟපන්නේ සිරස බම නාළිකාවේ විකාශය වුණු පැහැසරා ටෙලිනාට්‍යයේ.මට රඟපාන්න හම්බුණු රංගන ශිල්පිනියන් අතර වඩාත් පහසුවෙන් රගපෑ හැකි කෙනෙක් ඇය. අප දෙදෙනාගේ සංයෝජනය ප්‍රේක්ෂකයාට දැනෙනවා ඇති. ඒ නිසයි අධ්‍යක්ෂවරු අපව තෝරාගන්නේ. ඒ වගේම තරින්දිගෙන් මට ලැබෙන සහයෝගයත් ඉතා විශිෂ්ටයි. නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට නිර්මාණය වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඇය. මං ඒකට කැමතියි වගේම ගරු කරනවා.

 

මේ දක්වා ආපු ගමන්මඟ දෙස ආපහු හැරිලා බැලුවොත්?

ඒ ගැන අහිංසක ආඩම්බරයක් තියෙනවා. ගමේ ඉපදිලා කොළඹ ඇවිල්ලා තනියෙම අතපත ගාලා නැඟිටලා මේ ඇවිල්ලා ඉන්න තැන ගැන හැරිලා බලද්දි මට සතුටුයි. මට තව ගොඩක් දුර යන්න තියෙනවා වගේම ඉගෙනගන්නත් ගොඩක් දේවල් තියෙනවා. මේ දේ විශේෂයෙන් ම සඳහන් කරන්න ඕන සහාය නළුවෙක් විදිහට රඟපෑම පටන්ගත් දා සිට තේ එක වතුර එක ගෙනත් දුන් කෙනාගේ සිට නිෂ්පාදකවරයා දක්වා අත හිත දුන් සියලුදෙනාට හිස නමා ආචාර කරනවා. ඒ වගේම මා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ ප්‍රේක්ෂකයාටත් මං ස්තූති කරනවා. ඔවුන් නිසා තමයි මං මෙතැන ඉන්නේ අද.

 

තනිකඩ ජිවීතේට මේ අවුරුද්දෙ සමු දෙනවා කියලත් ආරංචියි?

ඔව් දැන් තනියම හිටියා ඇති කියලා මටත් හිතිලා තියෙන්නේ. ට්‍රැක්ටරේට ට්‍රේලරයක් එල්ලගන්න කාලේ හරි. ට්‍රේලරේ එල්ලගන්න පුළුවන් තැනට මං ඇවිල්ල ඉන්නවා. මේ අවුරුද්දෙම එල්ලගන්න තමයි හිතන් ඉන්නේ.

 

තිලක් පෙරේරා