ඇන්ජලාට උදවු කරමු

වකුගඩු පරිත්‍යගශීලියෙකු ඉන්නවා නම් මට කතා කරන්න
ජුනි 18, 2020

ඇන්ජලා සෙනෙවිරත්න

මේ කතාව කියවා ඇය ගැන ඔබ සිතේ සංවේගයක් ඇති නොවුණානම් පුදුමයකි.කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් ඔස්සේ සිය නිසඟ හැකියාව පෙන්වූ ඇය අද වනවිට සිටින්නේ අසනීප තත්ත්වයෙනි.එහෙත් ඇගේ රුව මෙන්ම මුවේ ඇඳෙන අව්‍යාජ හිනාව තවම එලෙසමය.ඇන්ජලා සෙනෙවිරත්න කියන නම ඔබට නුහුරු නැත.තව තවත් හඳුන්වාදීම් අනවශ්‍යය.ඉතින් අප ආදරණීය ඇන්ජිට මොකද වෙලා තියෙන්නේ..වැඩි විස්තර කතා කරමු ඇයත් එක්ක.

ප්‍රශ්න අසමින් ඔබව තවත් වෙහෙසන්නේ නැහැ.රිසිසේ පවසන්න ඔබට වෙච්ච කරදරය ගැන?

මාර්තු වල ඉඳලා මම අසනීපයෙන් ඉන්නේ.ඔය අතරේ මැයි මුල මගේ පරීක්ෂණ වගයක් කළා ජයවර්ධනපුර රෝහලේ. ඒවා බලලා ඩොක්ටර්ස්ලා කිව්වා මගේ වකුගඩු නරක් වෙලා කියලා. සියයට පහළොවයි වැඩ කරන්නේ. මේ වනකොට එය සියයට පහක් දක්වා අඩුවෙලා. ඒක අහලා මම ශොක් වුණා. තවමත් ඒ කම්පනයෙන් ඉන්නේ. අනික මම කිසිම පෙර සූදානමකින් නෙවෙයි හිටියේ මේ වගේ ආරංචියකට. වෛද්‍යවරුන් කිව්වා මට වකුගඩුවක් බද්ධ කරන්න ඕනේ කියලා.

තවම ඒ ගැන සුබ ආරංචියක් ලැබුණේ නැද්ද?

මම ප්‍රසිද්ධ කළා මට වකුගඩුවක් ඕනෑ කියලා.විසිහය දෙනෙක් විතර කතා කළා. නමුත් ඒ අය මුදලට වකුගඩු විකුණන අය. සමහරු ජාවාරම්කාරයෝ. සමහරු අතරමැදියෝ. මට ලංකාවේ නීතියට පිටින් යන්න බැහැ. ඒ නිසා වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් තමයි මම ගන්නවානම් ගන්නේ. අර වගේ අතරමැදියන්ගෙන් ගත්තොත් නැති ප්‍රශ්න ඇති වෙනවා.ඒ නිසා ඒ+ වකුගඩුවක් දන් දෙන්නෙ කැමති කෙනෙක් ඉන්නවානම් මට කතා කරන්න ප්ලීස්. 0714910324 මේක තමයි මගේ අංකය.

මේ වගේ වෙලාවක තමයි ජීවිතේ යථාර්ථය සිහිගැන්වෙන්නේ.කලා ලෝකේ අය කතා කෙරුවෙම නැති තරම්. සමහරවිට මම ලෙඩ වෙලා කියලා දන්නේ නැතුව ඇති. මේ අසනීපය නිසා මම මූල්‍ය අතිනුත් දුර්වල වුණා. හැකියාවක් තියනවානම්  හැටන් නැෂනල් බැංකුවේ 022020325358 යන අංකය තියන මගේ ගිණුමට යම් පරිත්‍යාගයක් කරන්න. මේ වෙලාවේ ඒක හුඟක් වටිනවා. මම වසර තිස්පහක් විතර කලාවේ නියැළුණා. සිනමාව, රූපවාහිනිය, වේදිකාව, ගුවන් විදුලිය, පුවත්පත් කියන ක්ෂේත්‍ර හැම එකකම හිටියනේ. එහෙම ඉඳලත් කිසිම වගකිවයුතු අයෙක් මට කතා කළේවත් උදවු කළේවත් නැහැ. මම හිතනවා මේ ලිපිය දැකලාවත් මට උදවු කරන්න කවුරුහරි කතා කරාවි කියලා.