තව පොඩ්ඩෙන් වෙඩි කනවා

ජුනි 11, 2020

 

මේ දිනවල ටෙලි නිර්මාණ කිහිමයකින්ම ඔබ හමුවන ඇය නිරාශා අබේසිංහ.

නිරාශා,ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ කොයි කාලේ වගේද?

අවුරුදු දොළහකට විතර කලින් තමයි මම ෆීල්ඩ් එකට එන්නේ. කාලයක් පුද්ගලික හේතූන් මත අයින් වෙලා හිටියා. දැන් ආයෙත් රඟපාන්න එකතු වෙලා ඉන්නවා.

රඟපෑ මුල්ම නිර්මාණය මොකක්ද?

බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මයාගේ “සාන්තුවරණය” ටෙලිනාට්‍ය.

ඊට පසුව දායකවූ නිර්මාණ පෙළ මතක් කළොත්?

මවු දෙවුදූ, සුජාතා, වැහි ළිහිනි, බොරළු පාර, නන්දුත්තරා, පියලඳ සුසාණෝ වගේ ටෙලි නාට්‍ය ගොඩක හිටියා. ඊයේ පෙරේදා ඉව, අහස් මාළිගා, ඉරු දේව, රූම් නම්බර් 33 වගේ නිර්මාණ කළා. සනත් අබේසේකරගේ අලුත් නාට්‍යයට කතා කරලා තියනවා.

ටෙලි නාට්‍ය රඟපාන්න ගිහින් වෙච්ච සුන්දර මතකයන් මොනවද තියෙන්නේ?

හොඳ මතක කිහිපයක්ම තියනවා. ඒවා අතරින් “ඉව” නාට්‍ය රඟපාන්න ගිහින් මරු වැඩක් වුණා. එක්තරා අවස්ථාවක මට ගහකට නැගලා රඹුටන් කඩන්න වුණා.මම ගහට නැඟලා ඉද්දි හොරෙක් කියලා හිතාගෙන මුරකාරයෙක් ආවනේ තුවක්කුවකුත් අරන් ළඟ හිටපු අය කෑගැහැව්වා. පස්සේ තමා ඔහු දැනගත්තේ අපි ටෙලිනාට්‍ය කරන්න ආව කට්ටියක් කියලා. අන්තිමේ ඔහු යන්න ගියා.මම හිතුවෙම වෙඩි තියයි කියලා. ඒ වෙලාවේ කවුරුහරි කිව්වානම් ශූටින් කියලා. මිනිහා වැරදියට තේරුම් අරන් මට වෙඩි තියාවි.

නිරාශාගේ ගෙවල් කොහෙද?

මම නුවර.

එතකොට ඉගෙනගත් පාසල?

නුවර මහමායා විද්‍යාලය.

ඔබ ෆීල්ඩ් එකට ආව කාලෙත් එක්ක ජනප්‍රිය වුණා මදි කියලා හිතෙන්නේ නැද්ද?

එහෙම හිතෙනවා. මොකද ඔය උදයන්තිලා එහෙමත් ආවේ අපිත් එක්කම තමා. එයාලා ඉදිරියට ගියත් මම ආවා මදි.අනේ මන්දා හේතුව මොකද කියලා.

 

නිශ්ශංක විජේරත්න