කලාත්මක නම් නිරුවත මට ප්‍රශ්නයක් නෑ

හෂිනි ගුරුගේ
ජුනි 11, 2020

මූණූ පොතේ කලාත්මක ගණයේ අනුරාගී ජායාරූප පළ කරන එක්තරා තරුණියකි. ඇය නිළියක බව පසුව අපට අනාවරණය විය. නමින් ඇය හෂිනි ගුරුගේය. අනුරාගය මතුවන අන්දමේ ඡායාරූපවලට පෙනීසිටීමට ඇය වඩාත් ප්‍රිය කරයි. හෂිනි යනු වෙනස්ම ගති පැවතුම් ඇති චරිතයකි. මේ ඇය හඳුන්වා දෙන මොහොතයි.

කොහොමද හෂිනි?

මොඩ්ලින් වැඩයි රංගන කටයුතුයි කරගෙන ඉන්නවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලෙද?

දෙදහස් දහ අටේ. මොඩ්ලර් කෙනෙක් විදිහට තමයි එන්නේ.

ඒ ගමන අහම්බයක්ද?

ඔව්.මම හීනෙකින්වත් හිතුවෙ නැහැ මොඩ්ලින් හෝ වෙනත් කලා කටයුත්තක යෙදෙන්න.නමුත් වෙනත් අය කරනවා දැකලා ආසාවක් ඇති වුණා.

ඔබ රඟපෑව නිර්මාණ පෙළ මතක් කළොත්?

සල්මල් ආරාමය,නෝ පාර්කිං සහ සිල් සුවඳ,අඳුරු සිතුවම් ඇතුළු හිරු නාළිකාවේ ටෙලි ෆිල්ම්ස් ගොඩක හිටියා.

ඔබ අනුරාගී ඡායාරූපවලට පෙනී සිටින්නට කැමැත්තක් දන්වනවා?

එතනදි මම බලන්නේ ඇඟ නිරාවරණය වීම නෙවෙයි,ඒ ඡායාරූප කොතරම් කලාත්මකද කියලා. මට ඔය වගේ ෆොටෝ ෂූට් රැසකට ආරාධනා ලැබෙනවා. නමුත් මම බාර ගන්නේ ඒවා කලාත්මකනම් සහ වෙනස් අන්දමේ ඒවානම් පමණයි.

නිරුවත් දර්ශන රැගත් චිත්‍රපටයකට ඔබට කතා කළොත්?

මට ගැළපෙනවානම් යනවා.ඔය දැන් බලන්න හුස්ම ෆිල්ම් එක. ඒකේ එවැනි දර්ශන තිබුණට කොච්චර හොඳ චිත්‍රපටයක්ද.

ඔබට හුස්ම චිත්‍රපටයට කතා කළානම්?

මම යනවා.

ඔබේ මේ සිතැඟිවලට ගෙදරින් මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ?

පවුලේ එකම දරුවා මම. අම්මයි තාත්තයි දන්නවා මම ගැන. ඉතින් එයාලා මගෙ ගමනට බාධා කරන්නේ නැහැ.

හෂිනිගේ ගම කොහෙද?

මම කොළඹ කෙනෙක් නෙවේ.ගම පොළොන්නරුවේ.කලා කටයුතුවලට පහසු වෙන්නෙ පෑලියගොඩ පදිංචි වෙලා ඉන්නවා.

එතකොට පාසල?

පොළොන්නරුව කැකුළවෙල මහ විදුහල.

හෂිනිගේ උපන්දිනය?

2001/01/13

ඔබ ගැන සරලව හැඳීන්නුවහොත්?

සරලම සරල කෙනෙක්.

 

 

ඡායා -ලක්මාල්-ළහිරු-නිපුණ