”ඔව්.මට රවීන්ද්‍ර රන්දෙණිය හමුවුණා”

ප‍්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය
ජුනි 4, 2020

මේ කතාබහ පිළිබඳ මම පුරෝකථනයක් නොලියමි. ඉඟියක් පමණක් දෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව ඔබට ඔහු සැබැවින්ම කවුදැයි දැනගැනීමට ඉඩදීම සඳහාය. සිය සිනමා දිවියේ අඩසියවසක බිහිදොර අභියස අභිමානවත් ලෙස නැඟී සිටිමින් තේජස්වී මනසකින් අතීතාවලෝකනයක යෙදෙන ඔහු අප වරෙක දුටුවේ බොඳ මීඳුම් කඳුරැුල්ලේ සුරංගනා රජ දහනේ සිනා බිඳකින් වාසනාව කැන්දන දුහුළු‍ මලක් ලෙස හෝ සීත අරණේ සුපුල් නාමලක සුවඳ ජීවිතේ රඳවන්නට ආරාධනා කරන, කුසුම් ළඳුන් බිඟු‍න් මුවින් අනුරාග ගී තරංගා නංවන පෙම්වතා ලෙසය. තවත් වරෙක සිය පෙම්වතිය කුරිරු දඩයම කරගත් මිනීමරුවකු ලෙසය, අබ්බඩා හෝ සිරිපාල මෙන්ම යකඩයා ආදි සුදු කළු අළු බොහෝ චරිත ඇසුරින් අපි ඔහුට සමීප වීමට, ඔහු හඳුනා ගැනීමට උත්සාහ කළෙමු. ඒ ආකාරයෙන්ම 1971 සිට ඔහු ද ඔහු දැක ඇත්තේ එවන් පුළුල් තිරයේ ඇඳුණු චරිත 113ක් පමණ ඔස්සේමය. සරසවිය රණතිසර සම්මානය ඇතුළු සරසවිය සම්මාන හතකින් ද ජනාධිපති ඕසීඅයිසී සිග්නීස් ඇතුළු සමස්ත සම්මාන 19කින් පමණ පිදුම් ලැබූ ඒ භූමිකාවලට අමතරව අනාගතයේ ඔහු පිළිබඳ හඳුන්වා දීමට තවත් චරිත හයහතක් පුලපුලා බලා සිටිති. ඒ අනුව රවීන්ද්‍ර රන්දෙණිය යනු අප හඳුනන පරිදි වත්මනෙහි අපට සිටින ප‍්‍රවීණතම රංගධරයා හෝ හිටපු දේශපාලනඥයා හෝ පමණක්ද? නිවසේ සිට වැඩකළ කාලයෙන් පසු එලැඹෙන කුලූ‍ඳුල් හමුව ලෙස ඔහු මුණගැසුණේ හෙටට (05) යෙදෙන ඔහුගේ උපන්දිනයට සරසවියේ සුබපැතුම් එක් කිරීමත් අරමුණු කරගෙනය.



මම වේලාව නොවරදවා නාවල පිහිටි ඔහුගේ කාර්යාලයට ගියෙමි. ඉහළ මහලෙන් එබී සුපුරුදු සුහදත්වයෙන් ඔහු මා කාර්යාල කාමරයට කැඳවීය. බමුණු මතධාරීන් කාන්තාවන් අරභයා පංච කල්‍යාණය ගැන කතා බහ කළද පුරුෂයකුගේ උත්තුංග පෞරුෂයට එය ගළපා නොගත්තේ මන්දැයි ඇස්වහකින් කටවහකින් තොරව මම කල්පනා කළෙමි. කාන්තාවන්ටම උරුම වූ කිතුල් ?න්බඳු වරලස ආදි ලාස්‍ය ලක්ෂණයෙන් හෙබි කේශ කල්‍යාණය වැනි අංග ඉවත් කොට ඡුවි, දන්ත, වයඃ ආදී කල්‍යාණයන් තාණ්ඩව ගුණයට එක් කළ හැකි නම් කෙතරම් ආකර්ෂණීයදැයි මොහොතකට මට සිතුණේ ඔහුගේ සිනා මුසු වත දුටු කෙනෙහිය. කෙතරම් ජ්‍යෙෂ්ඨ ප‍්‍රවීණයකු වුවත් ක්ෂේත‍්‍රයට සුපුරුදු ඔහුගේ සුහද නාමය ‘රවි අය්යා‘ය. මම කතාව ආරම්භ කළෙමි.

ඉතින් කොහොමද ‘රවි අය්යා‘ පහුගිය කාලෙත් එක්ක ජීවිතේ දැනෙන්නේ?

අද ඇත්තෙන්ම මම කතා කරන්නෙ වෙනස්ම මානසික තත්ත්වයකින්. සින්දුවක කොටසකුත් මතක් වෙනවා. ‘ආ දුරත් දුර වැඩි නිසා‘.

ඔහු ගැඹුරු හඬින් ගයා පෙන්වීය. මම මඳ සිනාවක් පා බලා සිටියා මිස බාධා නොකරමි. ඔහු දිග කතාවකට මුල පුරයි.

සිනමාවේ දිගු ගමනක්.. කලාවේ නම් අවුරුදු පනහ පැන්නා. සිනමාවේ මගේ පරිමාව තුළ මට යා හැකි දුර ප‍්‍රමාණය මම ගියා කියලා හිතෙනවා. කලාකරුවකුට කියන්න බැහැ තමයි සීමාව මෙතනයි කියලා. ඊළඟ මොහොතේ වෙනස්ම අභියෝගයක් තිබෙන්න පුළුවන්. එය ආකර්ෂණීය වෙන්නත් පුළුවන්. ඒත් හැගෙනවා ඒ හඹා යෑමේ තේරුමක් තිබෙනවාද කියලා.

උරහිස් හකුළුවා නිහතමානී වෙමින් කියයි.

වගාඩම්බරයක් කියනවා නෙවෙයි මම ආපු ගමන ගැන මගේ තරමට මම තෘප්තිමත්. මම කා සමඟ වත් සසඳන්න යන්නේ නැහැ. දේවල් පසුපස හඹා යෑමේ වුවමනාව තවදුරටත් නෑ. සාපේක්ෂව මට දැනෙන්නේ එහෙම.

මොහොතක් කල්පනා කරයි...

මේ හැම දේකටම මානසිකව දැනෙන හැඟීමක් තිබෙනවානේ. එය එක්තරා විදිහක විධානයක් වගේ. තව යා යුතුයි. තව හඹා යා යුතුයි. අපට එය මෝටිවේෂන් නැත්නම් අභිපේ‍්‍රරණය කියලා හොඳ වචනයකිනුත් හැඳින්විය හැකියි. ඒක හොඳ දෙයක්. නැත්නම් අපට ඉදිරි ගමනක් නැහැනේ... අපට අරමුණු තිබෙන්න ඕනේ. පුටුවක් උඩට වෙලා මට කිසිම අරමුණක් නෑ කියන එක හරි ඍණාත්මකයි. ඒවා ළඟාකර ගැනීමට හිතාගන්න බැරි විදිහේ කැපවීම් කරන්න ඕනේ තමන්ට ඉලක්කයක් තිබෙනවා නම්.. ඒ ගැන උත්සාහයක් නැති අය අඩියක් වත් ඉහළට ගිහින් නැහැ.

දෙබැම ඔසවා අවධාරණය කරයි.

හැබැයි මගේ ජීවිතේ ආපසු හැරිලා කියතැහැකි. මම කාගේවත් කකුලේ ඇඟිලි මත නැඟිලා මගේ ගමන ආව කෙනෙක් නෙවෙයි. පිළිගන්නවා කාටවත් තනිවම බුදුවෙන්න බැහැ. මගේ වටෙත් පිරිස ඉන්නවා. ඒත් ඒ ගමන් මගේ වඩා පැහැදිලිව තිබෙන්නේ මගේම අඩි සලකුණු. මම එහෙම බර අඩිතබලා ආවේ මේ මේ දේ ලබාගත්තා කියන්න නෙවෙයි.

සියුම් අභිමානයක් සමඟ එසේ කියමින් ඔහු අතීතාවර්ජනයකට ගියේය.

සිනමාවට මම ආවේ අවුරුදු විසිපහ වගේ වෙද්දි. ඒ වෙනකොටත් මම ජීවිතේ බොහෝ අත්දැකීම්වලට මුහුණ දුන්කෙනෙක්. මම අහම්බෙන් වගේ නළුවෙක් වුණේ. මට කලාව, සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒ පිටුපස තිබුණේ රංගන ශිල්පියකු වෙලා යන ගමනක් නෙවෙයි, හැබැයි මම ඒ මඟට අවතීර්ණ වුණාට පස්සේ ඒක හරි ආසාවෙන් වැලඳ ගත්තා. ලයනල් වෙන්ඞ්ට් කලාගාරයට මම 69 වසරේ බැඳෙන්නේ රංගනය හදාරන්න නෙවෙයි. නාට්‍යකලාව, තිරරචනය, අධ්‍යක්ෂණය, වේදිකා සැරසිලි ඉගෙන ගන්න. ඒත් මම ලයනල් වෙන්ඞ්ට් එකෙන් එළියට එන්නේ ඒ තෙවස් ඩිප්ලෝමා පාඨමාලාවේ සැ¥ පළමු වේදිකා නාට්‍යය - මූදු පුත්තු ප‍්‍රධාන චරිතය ලෙස. සමහර විට ගුරුවරු මගේ මොනවා හෝ හැකියාවක් දැකලා මාව ඒ මඟට පොලඹවන්න ඇති. කොහොමහරි මාර්ග කීපයක් අතරින් ඇවිත් මාව මේ මඟට වැටුණට පස්සේ මට මාව අමතක වන තරමට දැඩි කැපවීමක් යොදන විදිහේ පෙලඹවීමක්, අභිපේ‍්‍රරණයක් ඇති වුණා. ඒ රංග ශිල්ප ශාලිකාව තුළ සිනමා කලාව පිළිබඳ පොදුවේ ගැඹුරු වටහා ගැනීමක් කරගන්න මට පුළුවන් වුණ නිසා. ඒ අත්දැකීම කලාව ඉගෙනීමට වගේම අපේ ජීවිතය පිළිබඳ වෙනස් ආකාරයට දකින්න, ජීවිතය විවරණය කරලා වඩා යහපත් තේරුම්ගැනීමකින් ලෝකය දිහා අලූ‍ත් දැක්මකින් බලන්න හේතු වුණා. අපි නාට්‍ය බලලා, සංගීතය රසවිඳලා පුදුමාකාර වින්දනයක් ලබනවා. මේ සියලූ‍ වින්දනයන් ඔස්සේ නිර්මාණය කරනු ලබන පුද්ගලයා වෙනස් කෙනෙක්. ඒ වෙනස මට හොඳටම දැනුණා. ඒ පුද්ගලයා සමාජගත කරන්නත් ඕනා වඩා යහපත් දෙයක්. මේ ලලිත කලා සියල්ල අවශ්‍ය සංවේදී, පරිසරය හඳුනන, සමානව සම්බන්ධතා අගය කරන මිනිසෙක් බිහි කරන්නනේ... නැත්නම් ලලිතකලාවල ඉලක්කය කුමක්ද? ඒක මට තේරුණු නිසා මම රංගන කලාවේ යෙදුණේ චරිතයක් කරලා ”‍හා මම දැන් මගේ හැකියාව පෙන්නුවා, මම දැන් හොඳ නළුවෙක්”‍ කියන්න නෙවෙයි. එවැන්නක් නොහිතෙනවාත් නෙවෙයි; එහෙම කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මට එයින් එහා ගිය දැනුමක් තිබුණා. මේ අභ්‍යාසයන්ට, මේ කලාවන්ට යොමුවන්න කලින් සිටි පුද්ගලයාට වඩා පරිවර්තනයකට ලක් වූ කෙනෙක් ඒවා ඉගෙන ගත් පසු ඉන්නවා කියන දේ මට හැඟු‍ණා. මෙතන ප‍්‍රධානම දේ අනිත් සියලූ‍ දේවල් හඳුනාගන්න කලින් තමා කවුද? තමා කොතැනද ඉන්නේ? කියන දේ හඳුනා ගැනීම. එය තමන්ගේ මානසිකත්වය පමණක් නෙවෙයි. භෞතිකව බාහිරව අප නිර්මාණය වෙලා තිබෙන හැටි ඉගෙන ගැනීමට වැදගත්. අපි බොහෝ දෙනා හිතන්නේ ලෝකය පිළිබඳ දැක්ම තමන් කොහොමද ආගම ධර්මයෙන් හඳුනාගන්නේ කියන එක. හැබැයි ආගම ධර්මයෙන් තේරුම් ගන්න දේට එකට එහා ගිය දෙයක් මෙහි තිබෙනවා. තමාගේ පෞද්ගලික ස්වරූපය, තමන් සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරය පිළිබඳ බොහෝ ප‍්‍රවණතා නිර්මාණය කරන්න හේතු වෙනවා.

ඔබ කියන්නේ පුද්ගල පෞරුෂය නැත්නම් ඕරාව ගැනද?

හරියට හරි. ඒවායින් පෞද්ගලිකව තමන් සමාජය තුළ ඇති කරන යම් කිසි බලපෑමක් තිබෙනවා. සමාජය තුළ ඒ ඇතිකරන තරංග මොනවාද කියා අපි තේරුම් ගන්න ඕනේ. ඒ පුද්ගලයා සමාජය සමඟ ගනුදෙනු කරද්දි ඔහුගෙන් නිර්මාණය වන දෙයක් තිබෙනවා. ඒ අනුව සමාජයෙන් එයට ලැබෙන ප‍්‍රතිචාරය තිබෙනවා. මෙවැනි ප‍්‍රත්‍යාවර්තී නැත්නම් දෙපසට ගමන්කරන සිද්ධාන්තයක් පවතින බව තේරුම් ගන්න කලාවෙන් මා ලද අභ්‍යාසය සහ කලාව කෙරෙහි මට තිබුණු ආදරය ගෞරවය වගේම වාසනාවත් හේතු වුණා. ඒ විවර වුණු මනස මට ලැබුණේ රංග ශිල්ප ශාලිකාවේදී පුහුණුවීම්වලින් වගේම ඇසූ පිරූ තැන් ඇති මහා පුද්ගලයන් ඇසුරු කරන්න ලැබීමෙන්. ඔවුන්, අපි ආසාවෙන් හා කැපවීමෙන් ඒ කටයුත්තේ නියැළෙද්දි ඒ ගමන යන්න එකට එන ගමන් සගයන් කීවත් කමක් නැහැ. ගුරුවරුන් වශයෙන් පමණක්ම නොවේ ඔවුන් සමාජමය වශයෙන් ඇසුරු කරන්න ලැබීමත් වාසනාවක්. 56න් පස්සේ හැට හැත්තෑ ගණන්වලට ඇවිත් අපි මහා කලා ප‍්‍රබෝධයක් ගැන කතා කරනවානේ... ඒ ප‍්‍රබෝධයේ පුරෝගාමීන් සමඟ අවුරුදු විසිගණන්වල තරුණයකු ලෙස ඇසුරු කරන්න ලැබීම මොනතරම් භාග්‍යයක් ද? ඔවුන්ගේ ජීවිත දැක්ම, අත්දැකීම්, කතාබහ, දර්ශනය, ජීවිත ආකල්පය, ජීවිතය තේරුම්ගෙන එය විඳින ආකාරය! මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමයි අපේ ප‍්‍රධාන අධ්‍යක්ෂවරයා වුණේ, ධම්ම ජාගොඩ අධ්‍යක්ෂවරයෙක්. ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, අයිරාංගනී සේරසිංහ මැතිනිය වගේම ඉංග‍්‍රීසි වේදිකාවේ ප‍්‍රමුඛයන් කීපදෙනකුමත් හිටියා, පර්සි කොලින්ටර්, අර්නස්ට් මැකින්තුමෙ වගේ. ඒ එක්කම මූදු පුත්තු නව නිර්මාණය ධම්ම ජාගොඩ කරද්දි පණ්ඩිත් අමරදේවයන් සමඟ එකට ගැවසෙන එක. ඔහු තනු නිර්මාණයේදී සංගීත පන්තියකට සහභාගී වන අයට වගේ අපට ස්වර රටා, එයට අදාළ රාගයන් ආදිය පිළිබඳ කියා දෙනවා. අපි අතර ශිෂ්‍යයන් - ගුරුවරුන්ට එහා ගිය සමීප සම්බන්ධයන් ඇති වනවා. ඒ දිනවල උසස් කලා රසයක් ඇති අයගේ හමුවක් තියෙද්දි සමාජමය වශයෙන් මංජු ශ‍්‍රී, ජෝ අබේවික‍්‍රම, ධර්මශ‍්‍රී ගමගේ, වින්ස්ටන් සේරසිංහ වැනි ප‍්‍රාමාණිකයන් ඇසුරු කළා. ඒ වගේම එතැන දේශීය කලාව සහ බටහිර කලාව අතර සම්මිශ‍්‍රණයක් තිබුණා. ඒ සමාජමය ඇසුර තරුණ වියේදීම ලැබීම තුළ මේ ගමන පිළිබඳ වෙනස් දැනුමක් ලබන්න හැකි වුණා. ඔවුන් වැනි, තම හැකියාවන්වලින් සමාජයේ බලපෑමක් ඇති කළ හැකි අය ඇසුරු කිරීම කලා ශිල්පියකු වශයෙන් ජීවිතය තේරුම්ගෙන තමාගේ සමාජ භූමිකාව හඳුනා ගැනීමට වැදගත්. මට ඇසුරු කරන්න ලැබුණේ කලාවෙන් යා හැකි ඉහළටම ගිය කලාකරුවන්. ඔවුන්ගේ ජීවිත සැකැස්ම අපටත් කාන්දුවුණා.

චරිතාංග ශිල්පියකු ලෙස විවිධත්වයට ඔබ බිය නොවුණේ ඒ නිසා කියා වරක් කීවා මට මතකයි?

එක එක චිත‍්‍රපටය නැතුව පොදුවේ කලාව සලකා බැලූ‍වොත්, චරිත තෝරාගැනීම පිළිබඳ මගේ ආකල්පය තමයි චරිතවලින් ශිල්පියාගේ ප‍්‍රතිරූපය තනා වගා කර ගැනීමද අවශ්‍ය, නැත්නම් චරිතයට උපරිම සාධාරණයක් කිරීමද වැදගත් කියන එක. ලෝකය පුරා අපි දකිනවා, තමන් කරන චරිත තුළින් ශිල්පියාට සමාජය චරිත ලක්ෂණ ආරෝපණය කරනවා, වර්ගීකරණය කරනවා වීරයෙක්, පෙම්වතෙක්, හාස්‍යෝත්පාදකයෙක්, නැත්නම් පොදුවේ කීවොත් දුෂ්ඨයෙක් හෝ වීරයෙක් වනවා. තමන්ට තිබෙන ප‍්‍රතිරූපය, සමාජ ආකර්ෂණය ආදරය කඩා වැටෙන්න දෙන්නේ නැහැ සමහරු. මට එහෙම අදහසක් කවදාවත් ආවේ නැහැ. ඒ මම ජීවිතය දැක්ක නිසා. හැබැයි රංගනය කියන්නේ කවුරුවත් බලෙන් කරවන දෙයක් නෙවෙයිනේ... තමන් කැමැත්තෙන් එන දෙයක්නේ... එතකොට තමන් බාරගන්නා දේට උපරිම සාධාරණත්වය දිය යුතුයි තමන් ගැන අමතක කරලා. මොකද බොහෝ විට අපි තමන් ගැන හිතුවොත් මට පුළුවන් මගේ ජාම බේරගෙන චරිතයේ උපරිමයට නොගිහින් ටිකක් ඉතුරු කරගන්න. ලස්සන අඩු නොවන්න හිනා මූණක් දාගෙන අඬන්න. එත් ප‍්‍රතිචාරය කුමක් වුවත් තමන්ට කොටසක් ඉතුරු නොකරගෙන චරිතයට කරන පූර්ණ කැපවීම ගැන මට වැටහී තිබුණා. ඒ සංවේදීතාව වර්ධනය කරගැනීමට හොඳ කෘතීන් ඇසුරු කිරීම, ජීවිතය තේරුම් ගැනීම්, වඩා හොඳ සංගීත ආදියට සවන් දීම, හොඳ ආභාසයන් ලැබීම, වැදගත් වෙනවා. මේ මම රංගනය කියා දෙනවා නෙවෙයි අද, මට ඕනේ ජීවිතය කියා දෙන්න. රංගනය තිබෙන්නේත් ජීවිතය තුළ. ඒ රංගනය හා ජීවිතය ප‍්‍රත්‍යාවර්තී ක‍්‍රියාවක් ඇති සමීකරණයක් වගේ කියලා තේරුම් ගත්තාම ඒ සමීකරණය තුළ තමයි පේ‍්‍රක්ෂකයාට විශ්වසනීය ලෙස බදාගත හැකි නිර්මාණයක් රංගන ශිල්පියකු තුළින් ජනතාව වැලඳ ගන්නේ. එතැන තමයි මම හිතන්නේ රංගනය පිළිබඳ වගේම ජීවිතය පිළිබඳ තමන් ලැබූ විශාල අධ්‍යයනයන් සමපාත වන්නේ. ලෝකයා පිළිගන්නා කලා නිර්මාණ සමඟ හෘදය සංවේදීව බැඳෙන්නේ.

විශිෂ්ටත්වයට පත්වන පුද්ගලයකුගේ කැපවීම පිටුපස ඔහුගේ සමීපතමයන්ගේ කැපකිරීමකුත් තිබෙනවා? මම ප‍්‍රශ්නයක් ලෙස ප‍්‍රකාශයක් කළෙමි.

අනිවාර්යයෙන්ම. අපි මේ මහප‍්‍රාණ ඔක්කොම කතා කරන්නේ රංගන වෘත්තීය ජීවිතය අපේ දැක්ම තුළින්. ඒත් සෑම මිනිහෙක්ම මේ මහපොළොව මත පා තබලා ජීවත්වන යථාර්ථයක් තිබෙනවා. ඒ යථාර්ථය සාක්ෂාත් කරගන්න තමන්ගේ මානසිකත්වය හසුරුවාගන්න පසුබිම සැකසෙන්නේ තමා වටා බිහිවන පරිසරයෙන්.

අපේ අම්මටයි තාත්තාටයි දරුවෝ හය දෙනෙක්. ඔවුන් දෙන්නා ඉතාම සුළුවෙන් ජීවිතය පටන්ගෙන පසුව අපේ තාරුණ්‍යය වන විට අපට අවශ්‍ය සියලූ‍ දේ ලබාදිය හැකි මට්ටමට පසුබිම සකස් කරලා දුන්නා. වාසනාවකට අපට කවදාවත් දෙයක් අඩුපාඩු වුණා කියන්න වුණේ නෑ. මම ආයෙත් වගාඩම්බර කියනවා නෙවෙයි. අද මේ ඉන්න තත්ත්වයට ඒ පසුබිමෙන් ලැබුණ දායකත්වය, ඒ කියන්නේ අපට දුන් සැප පහසුකම් නෙවෙයි, අද අප ඉන්න තත්ත්වයට ගේන්න ඔවුන්ගේ ජීවන අරගලය මැද ඔවුන් ඔරුව පැදගෙන ගිය හැටි! අපේ අම්මා විතර මහන්සිවෙලා වැඩකරපු ගැහැනියක් මම දැකලා නැහැ. අම්මා අපේ දළුගම වත්තේ වැටෙන පොල් අත්ත පවා අතහැරියේ නැහැ අපට යමක් කමක් තිබුණ කාලෙදිවත්. ඇහිඳගෙන ගිහින් මඬේ ගහලා පොඟවලා කා ලව්වා හරි වියවලා විකුණනවා. ඒ තරම් සකසුරුවම්; හැබැයි ලෝබ නැහැ. මගේ පියා සෑහෙන මහන්සිවෙලා වැඩ කළ කෙනෙක්. ඔහුට දවසකට පැහ විසිහතරත් මදි. ඒවායින් අපි දැක්කේ ජීවිතය හැදුණු හැටි. රවීන්ද්‍ර රන්දෙණිය කියන මේ පැළය හැදෙන්න පස සකස් වුණු හැටි. මොකද අපි පෙළක් වෙලාවට ඒවා මතක් නොකර ඉබේ මතු වුණා වගේ කතා කරනවා.

කොපමණ සරු පසක් වුණත් එය තිබූ පමණින් ගහක් හැදෙන්නේ නැහැ. මම නිකමට කීවෙමි.

මට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සිනමා ගමන තුළ මට සහාය දුන් සහෝදර නළු නිළියන්. හරියටම බැලූ‍වොත් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ස්වාමි පුරුෂයා ලෙස පවා මම රඟපාලා තිබෙනවා. හිමකතරේ. ඒ ඉඳලා අනර්කලී ආකර්ෂාගේ පෙම්වතා ලෙස පවා රඟපෑවා. මට පුණ්‍යා හීන්දෙණිය වගේ නිළියන් මඟ හැරුණා තමයි. ඒත් අනුලා කරුණාතිලක, ස්විනීතා වීරසිංහ වගේ ඒ යුගයේ අයගේ ඉඳලා, හැම ප‍්‍රධාන පෙළේ ශිල්පිනියක් සමඟම , මාලනී, ගීතා, ස්වර්ණා, ශ‍්‍රියානි, අනෝජා, වීනා, නීටා සබීතා, සංගීතා, වසන්ති, දිල්හානී වගේ කී නොකී සහෝදරියන් සහ නම් නොකීවත් සහෝදර ශිල්පීන් සමඟ පවා පුදුම සහයෝගයකින් වැඩ කරන්න පුළුවන් වුණා. රංගනය කියන දේ වගකීමෙන් කළ යුතු දෙයක් ලෙස මා තුළින් දකිද්දි සහ ඔවුන් තුළත් ඒ අදහස තිබුණු නිසා අපි ඒ ගැන බොහොම ගැඹුරෙන් හිතා මතා කටයුතු කළා. ඒ අවස්ථා මම කෘතවේදීව සිහිකරනවා. ඒ වගේම අධ්‍යක්ෂවරු, සංස්කාරකවරු කැමරා ශිල්පීන් සියලූ‍ දෙනාත් මේ සාර්ථකත්වයට දුන් සහාය වටිනවා. ඒ සියල්ල අතරින් මගේ සහෝදර ශිල්පිනියන් සමඟනේ වැඩිපුර ගැටෙන්නේ. ඒ සියලූ‍ දෙනා ප‍්‍රතිභාපූර්ණ කලාකාරිනියන්. ඔවුන් මේ රටේ සම්පත්. ඒ සියලූ‍ දෙනාට තිබුණේ මේ රටේ හොඳ සිනමා කලාකාරිනියක් වීමේ ඉලක්කය. රංගනය තුළින් රට පිළිගන්න කලාකාරිනියක් ලෙස දේශයේ ගෞරවයට ආදරයට ලක්වන කලාකාරිනියක් වීම ඔවුන්ගේ සිත තුළ තිබුණා. අද ඒ ගතිය මම තරුණ පරපුරේ සමහරුන්ගේ මම දකින්නෙ නැහැ.

මව්පියන් සහෝදර ශිල්පීන් වගේම අඹුදරුවන්ගේත් ඒ සහාය නොදුණහොත් බාධාවක් විය හැකියි..

මගේ පොඩි දුර්වලකමකුත් තියෙනවා වැඩක් දුන්නාම ඕනෑවට වඩා ඒක ඔළුව උඩ තියාගන්නවා. සුළු සුළු දේවල් ගැන හරියට හිතනවා. නිවැරැුදිව බලනවා. හැබැයි ඒක නිසාම තමයි දහස් ගණනක් අතරින් අප වෙනස් වෙන්නේ. හැමදේටම අවධානය වැඩියි. මේ වගේ පසුබිමක් තුළ පේ‍්‍රම සම්බන්ධතාවකින් විවාහ වුණ ප‍්‍රීති ලොකු කැපකිරීමක් කළා. ප‍්‍රීති දෑස නිසා, ගෝඞ් කිං, දුහුළුමලක්, තරංගා වගේ හොඳ චිත‍්‍රපට හතරක මාත් සමඟම රඟ පෑවා. අපේ සම්බන්ධයේ මූල බීජය හට ගත්තෙත් ඒ චිත‍්‍රපටවලදි තමයි. විවාහයේ පළමු වසරෙම අපට පළමු දරුවා ලැබුණා. දරුවන් ලැබෙද්දි අපේ වගකීම් වැඩි වෙනවා. මගේ මුල්ම චිත‍්‍රපටය කරන්නේ 1971 ඒත් චිත‍්‍රපටයක් තිරගතවන්නේ 1974. ඒ වෙද්දි අපි විවාහකයි. 1975 පළමු දරුවා ලැබෙද්දි මම අතිශය කාර්යබහුල නළුවෙක්. පළමු චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වන්න කලින් තවත් චිත‍්‍රපට හය හතක වැඩ. සමහර කාල තිබුණා එක චිත‍්‍රපටයක දර්ශනතලයේ මාසයක් පමණ ඉඳලා ගෙදර එනකොට අනෙක් චිත‍්‍රපටයේ වාහනය ඇවිත් මාව එක්කගෙන යන්න. ඉතින් ගෙට ගොඩවෙලා රවුමක් කැරකැවිලා ඒ ඇඳුම් සූට්කේස් එකත් එක්කම ආපහු යනවා. 1982 වෙද්දි අපට දරුවෝ තුන්දෙනාම ඉන්නවා. ඒ අය පොඩියි අසනීප වෙනවා, දඟලනවා, නටනවා. මම සියල්ල සපයලා දුන්නා වුණත් මෙහෙයුම කළේ ප‍්‍රීතිනේ. ප‍්‍රීති ඒ දේවල් අවුල් කරගත්තා නම් මම කියූ අර වැඩිපුර දශම පහේ අවධානය දෙන්න බැරිවෙනවා.

මම සිනාසී කියමි. ඔව් මට ප‍්‍රීති අක්කා දවසක් කීවා දෙන්නම විවාහයෙන් පස්සේ රඟපෑම අතහරිමු කියලා පොරොන්දු වුණා. අක්කා පොරොන්දුව රැුක්කා රවි අය්යාට ඒක අමතක වුණා කියලා... ඔහුද සිනාසී පිළිතුරු දෙයි.

මට එහෙම අමතක නොවුණා නම් ප‍්‍රීති රන්දෙණිය කියන්නේ තවත් එක් ව්‍යාපාරිකයකුගේ බිරිඳක්. තනිව බැහැනෙ අත්පුඩි ගහන්න. මම කියන්නේ නැහැ පවුල් ජීවිත හොඳට තිබුණු අය විතරයි හොඳම නළුවො වුණේ කියලා. ඒත් සහයෝගී පවුලක් කෙනකුට ලොකු හයියක්.

ඔබ නළුවෙක් නොවුණා නම් ව්‍යාපාරිකයෙක් ඒ කියන්නේ... මම බාධා කරමි.

අපි තාත්තගේ ව්‍යාපාරවලට උරුමකම් කියාගෙන ආ අය. 1970 මමත් අපේ තාත්තා වගේම සුළුවෙන් කොළඹ ව්‍යාපාර පටන්ගෙන අවුරුදු හතරක් විතර ඇතුළත හොඳ තැනකට ගෙනාවා. ඒත් මට උදේ 9 ඉඳන් සවස 5 වෙනකල් එතැන ඉන්න වෙනවා. මම ඩබින් ඉවරවෙලා ගෙදර එන්නේ මහපාන්දර 4 විතර. මට දැනුණා මේ වැඩෙන් දෙපැත්තම අසාර්ථක වෙනවා කියලා. ඒ පාර මම මල්ලිට කතාකරලා සියලූ‍ම ව්‍යාපාර කිසිම ලාභප‍්‍රයෝජනයකින් තොරව පැවරුවා. මම සම්පූර්ණයෙන් ව්‍යාපාරයෙන් බැහැර වුණා. ආර්ථිකය සම්පුර්ණ වෙනස් වුණා. ඊට පස්සේ බාහිර හේතු මත මම අපේ තාත්තලාගේ ව්‍යාපාරවලිනුත් බැහැර වුණා. පස්සේ බාල මල්ලිත් එක්කත් අපේ ව්‍යාපාරවලට සම්බන්ධ තවත් ව්‍යාපාරයක් පටන් ගත්තා. දරුවෝ තුන්දෙනෙක් එක්ක අන්තිම අපහසු කාලයක් තිබුණා ප‍්‍රීතිටයි මටයි.

අභියෝග ජයගනිමින් ආ මඟ කියන අතර ඔහුට යමක් සිහි විය. මඳක් කල්පනා කර ඒ ගැන මෙසේ කියයි.

මගේ ජීවිතේ ආපසු හැරිලා බලද්දි එකම තැනයි මම වැරැුදි තීරණයක් ගත්තා කියන්න තිබෙන්නේ. ඒ තමයි මගේ ඒ ලෙවල් විභාගේ. පළමු වතාවේ පළමු ප‍්‍රශ්න පත්තරේ කරද්දිම මම දැඩිව අසනීප වුණා. ඒත් දෙවැනි වතාවක් කරන්න තීරණය කළේ නැහැ. ඒ ගැන මගේ ගුරුවරුන් මට හරියට දොස් කීවේ මම ඒ පන්තිවලදි දක්ෂකම් පෙන්නපු නිසා. මම ව්‍යාපාර පැත්තට නැඹුරු වුණා. මොකද සිනමාවක් ගැන හාන්කවිසියක් එතකොට හිතේ තිබුණේ නැහැනේ. ජීවිතේ කවදාවත් නැවත සපුරාගන්න බැරිවුණු සිහිනයක් වගේ දෙයක් තිබෙනවා. විශ්ව විද්‍යාලයේ යන්න බැරි වුණා කියන එක නෙවෙයි. ‘පේරාදෙණිය විශ්ව විද්‍යාලයට‘ තරුණ කාලේ යන්න බැරි වුණු එක. ඒ සුන්දරත්වය ජීවිතයට ඇතුළු කරගන්න තිබුණු හොඳම යුගයක මට ගිලිහිලා ගියා. අද යන්න ලැබුණත් ඒ තාරුණ්‍යය නැහැනේ. ඒ ගැන මට දුකක් නැහැ. ඒත් තිබුණා නම් කියන සාංකාවක් වගේ දෙයක් හිතේ කොනක තිබෙනවා.

ඒත් Dr වුණානේ... මම කියෙමි.

මම ඩොක්ටර් කෙනෙක් වෙන්න හදලා ඇකටර් කෙනෙක් වුණා.

ඇක්ටර් ආයේ ඩොක්ටර්වෙලා දැන් ඒ තනතුරු දෙකම තිබෙනවානේ... අමතරව දේශපාලනඥයා කියන තනතුරත් එක්ක.. මගේ කීමට ඔහු නිහතමානී සිනාවක් නඟයි.

මම අභියෝගවලට බය නැහැ. මම ඉදිරියට යනවා වෙනස් වන්නේ නැහැ. දේශපාලනයට යන එකත් අභියෝගයක්. එයින් ඉවත් වන එක ඊටත් වඩා අභියෝගයක්. මට එහි ඉදිරියටම යන්න මාර්ගයක් විවෘතවෙලා තියෙද්දි දේශපාලනය අතහැරියේ. මම පිළිවෙළට වැඩ කරනවා සාර්ථකව කරනවා කියලා විපක්ෂ මන්ත‍්‍රීවරු පවා මට අතාරින්න එපා කියලා කිව්වා. එච්චර තියෙද්දි එක අවස්ථාවක මට හිතුණා අයින් වෙන්න.

මෑතක දුන් ආණ්ඩුකාර තනතුරත් ඔබ බාරගත්තේ නැහැ.

ජනාධිපතිතුමා මට දුන් ඒ ගෞරවය සහ විශ්වාසය ගැන මම දහස් වාරයක් ස්තූතිවන්ත වෙනවා. ඊට වඩා ගෞරවයක් මට හිතාගන්න බැහැ. ඒත් මම ඒ පණිවිඩය කියූ වෙලාවේ සිට කල්පනා කළා සොයාබැලූ‍වා මේ තනතුරේ වගකීම ගැන. ඉතාම ගෞරවණීය වගේම භාරධූර වගකීමක්. හැබැයි ජීවිතය දිහා මම අද දකින විදිහට මේ ආපු ගමන් මගේ මට මම ඉඳලා නැහැ; මට මාව හමුවෙලා නැහැ. මම රංගන කාර්යයට අමතරව මා විසින් කළ යුතු දේවල් කියලා වගකීම් කරට අරගෙන කළ දේවල් සමඟ වගකීම් මිස මට මා සමඟ ජීවත්වෙනවාට වඩා මම අනුන් වෙනුවෙන් වැඩ කරලායි තිබෙන්නේ. දේශපාලනයේදී වුණත් මන්ත‍්‍රිකම මගේ විදිහට ගෙනියන්න බැරි වීමත් අභියෝගයක්. මම දේශපාලනය කරන්න යන මොහොතට වඩා ආර්ථික වශයෙන් කඩාවැටුණු කෙනකු ලෙසයි එයින් එළියට ආවේ. මන්ත‍්‍රීකම් ගෙනියන්න බැහැ මගේ විදිහට. ඒ සියල්ල දිහා ආපසු හැරිලා බැලූ‍වාම රංගනයේදී වුණත් මට යා හැකි දුරක් තිබෙනවා. ගාමිණි, ජෝ, ටෝනි, විජය වැනි ශිල්පීන් වුවත් ඔවුන්ට යා හැකි දුරයි ගිහින් තිබෙන්නේ. ඒ වගේ මට යන්න පුළුවන් දුර මේ තමයි කියලා මට හැඟු‍ණා. තව තව දුර යන්න නම් තවත් බර පොදි බැඳගෙන යන්න එපැයි. අනෙක මගේ ජීවිතේ ”‍අය්යෝ මම මෙච්චර කල් කළේ මොනවාද මට වැඩකුත් නැති අනුන්ටත් වැඩක් නැති ජීවිතයක්”‍ කියලා දුක්වෙන විදිහට නෙවෙයිනේ මම ජීවත් වුණේ. ඒ නිසා මම ඒ බර පොදි කර ගැහුවා ඇති. දැන් මම මාත් එක්ක ඉන්න ඕනේ. හෙටින් මම පා තබන ජීවිතේ සැතපුම් කණුව බොහොම දුර එකක්.මෙතනින් එහාට තව කොච්චර කල් අපට තිබෙනවාද කියලා කවුද දන්නේ?

මම කවදාවත් අතිධාවනයට පැන්නේ නැහැ. මගේ ගමන් මෙඟ් මම රඟපාලා තිබෙන්නේ මට ලැබුණු චරිත විතරයි. මට සරසවිය පත්තරෙන් අද අභියෝග කරන්න පුළුවන් එක අධ්‍යක්ෂවරයෙක් ළඟටවත් ගිහින් මට මේ චිත‍්‍රපටය දෙන්න හෝ ඉඟි බිඟි ඉංඟිත වලින් කවදාවත් කීවේ නෑ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ඉඳන් සුනිල් සෝම පීරිස් මහත්මයා දක්වා කාගාවට වත් ගියේනෑ, එයාලාගේ ගේ ගාව මගේ කාර් කැඩුණේත් නැහැ.

අපේ ජනාධිපතිතුමා සමඟ බාගෙට වැඩ බැහැ. එතුමා මා වෙත තැබූ විශ්වාසය බිඳෙන විදිහට මට වැඩ කරන්න බැහැ. එතුමා සෑහීමට පත්වන විදිහට වැඩ කරන්න මට ශක්තිය නැහැ කියලා මට හිතුණා. එතුමාගේ බලාපොරොත්තු බිඳෙන්න දෙන්න බැහැ. ඒ නිසා මම ඒ බව එතුමාට කීවා. එතුමා මා කෙරෙහි තැබූ විශ්වාසය ඒ ආකාරයෙන් ඉටු කරදෙන්න තරම් මම දේශපාලනික වශයෙන් හැකියාවෙන් වගේම අත්දැකීම් වශයෙන් මෝරලා මදිබව මට හිතෙනවා කියලා එතුමාට බොහොම බැගෑපත්ව කීවා.

අනෙක මේ කොවිඞ් කාලේ එවැනි තනතුරක තිබෙන වගකීම ඉෂ්ට කරන්න මට දුවන්න තිබෙන රේස් එක මට ඔරොත්තු දෙන්නේ නැහැ. පැය විසිහතරම දැඩි ආතතියකින් වෙහෙසකරව කටයුතු කරන්න මට අපහසුයි.

ඔබ සමහර තිරණ ගන්න පැකිළෙන්නේ නැහැ?

ප‍්‍රථමයෙන්ම තමන් ආ ගමන් මඟ තමන්ට සපයනවා තීරණ ගැනීමේදී තමන්ගේ නිරවද්‍ය භාවය. එයින් කියන්නේ නැහැ ගත් තීරණ සියල්ල නිවැරැුදිය කියලා. ඒත් බැ?රුම් අවස්ථාවල හරියට කිරා මැන බලලා හරියට හිතලා තීරණ ගන්න පුළුවන් වන්නේ එකක් තමන්ගේ ආත්ම විශ්වාසය දෙවැන්න කරුණු හරිහැටි තේරුම් ගැනිමේ ශක්තිය කියන දේවල්. මම ජීවිතේ උකටලී නැහැ. ධනාත්මක විදිහට හිතන්නේ. හැබැයි මට දැන් නිදහස ඕනේ.

ඔය කොරෝනා කාලයෙන් පසු මතු වූ ප‍්‍රශ්නයක්ද?

සමහර විට එහෙම වන්නත් පුළුවන්. පසුගිය කාලයේ ජීවිත කාලයේම නොදැකපු අත්දැකීමක් ලබන්න පුළුවන් වුණානේ. මුළු ලෝකයම නිහඬ කරලා ඒ නිහඬතාවය තුළ අපට සිතන්න විශාල අවකාශයක් ලබා දුන්නා. ඉස්සර නෙළුම් කුලූ‍න ඈතට පෙනුණේ බොඳව. දැන් අපේ ගෙවල් දිහාට නෙළුම් කුලූ‍නේ වර්ණ පවා පේනවා. ඒ පරිසරය ලස්සනට පැහැදිලි වුණා වගේ අපේ ජීවිත දිහා පැහැදිලි දැක්මකින් බලන්න පුළුවන්ත වුණා. අපේ අවට තිබුණු සමාජ සබඳතා, මේ සමාජ සංස්ථාව තුළ අප කරගෙන යන බොහෝ දේවල් පිළිබඳ නිස්සාරත්වයත් පැහැදිලි වුණා.

ඔහු කල්පනාකාරී වෙයි.

මේ කාලය තුළ ඔයවගේ ප‍්‍රකාශ කරද්දි අපි පරෙස්සම් වෙන්න ඕනේ මේ තත්ත්වයෙන් අපමණ පීඩාවට පත් වූ අය ඉන්න නිසා. හැබැයි අපි ජීවිතය දිහා වෙනස්ම ආකල්පයකින් බලන්න පුරුදු වුණා.

ඔබට ඔබ හමුවුණා...

ඔව් මට රවීන්ද්‍ර රන්දෙණිය හමුවුණා...ආන්න ඒක තමයි මම කියන්නේ මට එයත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒක ආත්මාර්ථකාමී කමක් නෙවෙයි. එයා හරිම සුන්දර මිනිහෙක්. එයාව අතහැරලා වෙන දේවල් ඔළුවේ තියාගෙන මෙච්චර කල් ඉඳලා තිබෙන්නේ. අපි ජීවිතේ යම් තැනකට ආවාට පස්සේ යම් යම් තීරණ ගන්න පුළුවන් ඒ තීරණ ගන්න ඕනේ. ඒ අයිතිය තිබෙනවා අපට. අපේ ජීවිතේ ආ දීර්ඝ ගමන සහ අපි කළ කාර්ය භාරය දිහා බැලූ‍වාම ආත්මාර්ථකාමී නොවී අනෙක් බොහෝ දේවලින් ඉවත් වෙලා ජීවිතේ වෙනස් ආකාරයකින් ගෙනයන්න පුළුවන් කියලා හිතෙනවා. මට හිතට තදින් දැනෙන සහ එක්තරා විදිහක පීඩනයක් දෙන දෙයක් තමයි සමාජ වගකීම්. ඒවා ඉටු කළ යුතුයි. ඒත් ඒ වෙනුවෙන් කරන්න තිබෙන කැපකිරීම බොහොම වැඩියි. ඒ දිගු කැපකිරීම සෑහෙන කාලයක් තිස්සේ කළා. ඒත් පහුගිය කාලෙම අවබෝධ වුණා ඒවා එහෙමම ඕනෙත් නැහැ කියලා. අපි දැඩි කැපවීමෙන් කළ සමාජ වගකීම් ඉටු කිරීම වුණත් ඇතැම් වෙලාවට දැඩි විවේචනයට ලක් වුණා විතරයි. ජීවිතේ දිහා වෙනස් විදිහට බලන්න පුළුවන් කියන දේ පෙන්වන්න හොඳම උදාහරණය තමයි ඒ කාලය තුළ සිදු වුණු අවමඟු‍ල්, වටිනා පුද්ගල අවමඟු‍ල් කීයක් සිදු වුණාද? අපට සහභාගී වෙන්න පුළුවන් වුණාද? හැබැයි ඒ මහා පිරිස එකතු වෙලා ලොකුවට උස්සගෙන ගිහින් අවමංගල්‍යෝත්සවය කළත් එකයි, මෙහෙම ගියත් එකයි. ඒ සමාජ වගකීම කියලා හිතේ දරාගෙන මහාපරිමානයෙන් සහභාගී වුණේ සංස්කෘතික බැඳිම නිසා. අපි බොහෝ මළගෙවල්වලට යනවා ආවාද ගියාද දන්නෙත් නැහැ. මිය ගිය කෙනා සියල්ලෙන් නිදහස් වෙද්දි අපි විශාල බරක් හිසමත දරාගන්නවා. අපි විසින් අපේ ජීවිත සංකීර්ණ කරගෙන. අපි කරගෙන ආව සමාජ වගකීම් මහා බරපතළෙට දරාගත යුතුද කියලත් හිතෙනවා ඒ වෙලාවට. මම කියන්නේ තාත්තා නැති වුණාම අම්මා කෙනකුට දරුවන් ගැන තිබෙන වගකීම නෙවෙයි. ඒ අම්මාට දරුවන් කොහොම හරි හදාගැනීමේ වගකීම තිබෙනවා. ඒත් ඒ අවමංගල්‍යයට සහභාගී වන අනෙක් පිරිස වෙනුවෙන් විශාල සම්පත් ප‍්‍රමාණයක් වියදම් කරලා ණය වුණාට පස්සේ ඒකේ අපහසුවත් ඇයටමයි. මොකද ඒ වගකීම දරන්න කවුරුත් ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න අපට බෑනේ.

ස්වාමි පුරුෂයා නැති වුණාම බිරිඳ තනිවෙනවා. ඒ මොහොතේ බිරිඳගේ තනියට හිතෛශීන් පිරිසක් ඉන්නවා කියන හැඟීම ඇති කරන්න අත්‍යාවශ්‍ය පිරිසක් හිටියාම ඇති. ඊට වඩා මහා පිරිසක් හිටියා කියලා වැඩක් තියෙනවාද? පිටරටවල වුණත් කලාකරුවන් ප‍්‍රධාන පෙළේ අය නැති වුණාම ප‍්‍රයිවට් ෆියුනරල් කියනවා නැත්නම් අවමඟු‍ල ඉවරවෙලා තමයි දැනුම් දෙන්නේ. මොකද කලාකරුවාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැනේ පවුලේ අය විතරක් අවමඟු‍ලට සහභාගී වුණා කියලා.

මට ඒ කාලේ ඉඳලාම තියෙන දේ තමයි මගේ දේවල්නම් පැය විසිහතරෙන් ඉවර විය යුතුයි කියන තදබල හැඟීම. මම කියන්නේ අන් අයගේ අවශ්‍යතා මත මම නොදන්න, නොදැනෙන දෙයක් වෙනුවෙන් මගේ සිරුර වෙන්දේසියේ දාන්න එපා කියලා.

ඔබ කීවා ජීවිතේ තෘප්තිමත් කියලා. එහෙම වන්න වාසනාව හැරුණුකොට යම් බලවේගයක් ඇති කියා විශ්වාස කරනවාද?

මෙහෙමයි මම හඳහන්, ලග්නය ඵලාඵල විශ්වාස කරන්නේ නැහැ. මගේ උපන් වෙලාවක් මම දන්නේ නැහැ. ජීවිතයේ බැ?රුම් කටයුතු කිසිදෙයක් වෙනුවෙන් නැකැත් බලලා නැහැ. හුඟාක් වැඩ ආරම්භ කරන්න එයට අවශ්‍ය මූලික කරුණු ටික සම්පාදනය වුණාම තමයි හොඳම වෙලාව. ගෙදරක අත්තිවාරම කපන්න බාසුන්නැහේලා ඉන්න ඕනේ ලනු ඇදලා තියෙන්න ඕනේ උදලූ‍ මිටි තිබුණාම ඒක තමයි නැකත. හැබැයි මම ඒ විශ්වාසයන්වල ඉන්න අයට අභියෝග කරන්නේ නැහැ. ඒවායේ ධනාත්මක වගේම ඍණාත්මක දේවලූ‍ත් තිබෙනවා. මේ දවස හොඳ නැහැ, මේ වෙලාවේ එළියට බහින්න එපා, මේ කාලයේ අනතුරක් වෙන්න තිබෙනවා, මේ මොහොතේ කිසිම වැදගත් වැඩක් පටන් ගන්න එපා වගේ දේවලින් හරි පසුගාමී මනසක් ඇති කරනවා. මේවා කියලා මට බැණුම් අහන්නත් වෙයි. ඒත් උදේට ලග්න අනුව රූපවාහිනී නාළිකාවල පවා කියන දවසේ ඵලාඵලවලින් නිෂ්පාදන කාර්යයට එළියට බහින මිනිසුන්ගේ මනස කඩා වට්ටන්නේ ඇයි? බිලියන හතකට වැඩි ජනගහනයට මේ ලග්න දොළහෙන් ඉපදෙන ලක්ෂ කීයක් දවසකට එකතු වෙනවාද? ගණිත ක‍්‍රමයක් වුණත් ඒ හැම පුද්ගලයකුටම ඒ ප‍්‍රතිඵල එක වගේ වෙන්න බැහැනේ. මම තේරුම් ගන්නේ එහෙමයි ඔය ක‍්‍රමය. හැබැයි මෙහෙම දෙයක් මම විශ්වාස කරනවා. යම් යම් අදෘශ්‍යමාන බලවේග අපට ඉහළින් තිබෙන බව පිළිගන්නවා. අපේ පංචේන්‍ද්‍රියන්ට හසු නොවන බොහෝ දේ අප අවට සැරිසරනවා. උදාහරණයකට අපි දෙන්නා කතා කරන මේ අවකාශය තුළ ලංකාවේ සියලූ‍ම රූපවාහිනී, ගුවන්විදුලි නාළිකාවල තරංග පවතිනවා. අපට ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. ඒ නිසා අපට කියන්න බැහැ මෙතන ඒවා නැහැ කියලා. අවශ්‍ය උපකරණය තිබුණොත් ගන්නත් පුළුවන්. විවිධ අය විවිධ ආකාරවලට ඒක තේරුම් ගන්නවා ඇති. මගේ ජීවිතේ තේමාව තමයි සියලූ‍ සංස්කාර ධර්මයෝ නැසෙන සුලූ‍යි කියන දේ. එතනින් එහාට මම දෙයක් පිළිගන්නේ නැහැ. මෙතන කතාව ආරම්භ කරද්දි හිටිය අරුණි මුතුමලියි, රවීන්ද්‍ර රන්දෙණියයි නෙවෙයි දැන් ඉන්නේ. අපි දෙන්නා පැයකින් විතර වයසට ගිහින්. කතා බහ කළ දේවල් අනුව අපි දෙන්නාගේ අවබෝධයන්, දැනුම වෙනස් වෙලා. ඒ වගේ අපට වෙනස්වන ස්වභාවය තුළ තමයි සැම දේකම යථාර්ථය තිබෙන්නේ. හැබැයි මම දෙවියන් විශ්වාස කරනවා. පැහැදිලිව අත්දැකීමෙන් ඒ විශ්වාසය තහවුරු කරගත හැකි වූ අවස්ථා තිබෙනවා. ඉතින් එතැනදි මිනිසා කියන්නේ මේ මහා විශ්වය ගත්තාම පූංචිම වැලි කැටයක් වගේ. ඒ නොසලකා හැරිය හැකි තරම් ජීවියා තමයි ලෝක පාලක මහා බලවතා කියලා මිනිසාට හිතන්න ශක්ති මාත‍්‍රයක්වත් නැහැ. බුදුහාමුදුරුවොත් කීවානේ ලෝක විෂයය අචින්ත්‍යයි සොයන්න වෙහෙසෙන්න එපා කියලා. එහෙනම් කොහොමද මේවා වෙන්නේ. උන්වහන්සේ එසේ නොසොයන්නැයි වදාළ අදෘශ්‍යමාන දේ තමයි ඒ බලවේගය. සමහර වෙලාවට ජීවිතයට ඒ බලවේගය ලොකු ශක්තියක්. එය තමන්ට හෙවණක් හවුහරණක් ශක්තියක් කියන දේ මම අත්දැකීමෙන් දන්නවා. මට කියන්න තියෙන්නේ ආපු ගමන ගැන සන්තෝෂයි. ඉතිරි ටික ඔහේ ගියාවේ. මට තවදුරටත් හැල්මේ දිවිල්ලක් ඕනේ නැහැ. තව දිව්වත් මට හිතෙනවා තව ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඇයි මම තව දුවන්නේ. මම කියන්නේ මේ වෘත්තියමය වශයෙන් විතරයි. අනිත් දේවල් හුස්ම වැටෙනකල් අප කරන්න ඕනෙමනේ. තවත් මට හිතෙනවා ඒ දිවිල්ල නැවැත්තුවාම තවත් හොඳට හැරිලා බලන්න, ජීවිතය විඳින්න අවස්ථාව ලැබෙනවා. අනෙක තමයි මට හිතුණේ...

ඔහු කතාව නවතා අවධාරණය කරයි.

වැරැදියට තේරුම් ගන්න එපා, මම කියන්නේ පවුලේ අයගෙන් වෙන්වෙලා නෙවෙයි, මේ සමාජ පොදියෙන් වෙන්වෙලා තනිව ජීවත්වෙන්න පුළුවන් කියන දෙය. ලෝකයෙන්ම ඈත්වෙලා...

ඔබ කියන්නේ මනුෂ්‍යයෙක් හැටියට තමාතුළ පවතින ලෝකයක ජීවත් වන්න පුළුවන් කියලාද...

ගෙදර වුණත් පැය විසිහතරම කතා කරමින් ඉන්නේ නැහැනේ. කෑම කනවා, මොනවා හරි දෙයක් සතුටු සාමීචියක යෙදෙනවා ටීවී බලනවා නිදා ගන්නවා ඇරුණාම තිබෙන අනෙක් කාලයේ තනියම ගත කරන්න වෙනවානේ යම් මොහොතක්. ඒ තනිව ඉන්න පුළුවන් කියන හැඟීම! සම්බන්ධතා අවශ්‍යයි තමයි, ඒත් අත්‍යාවශ්‍යද? කියන හැඟීම සහ ඒ තුළ මට හිතෙනවා ජීවිතේ පවතින පරිසර තත්ත්වයන්ගෙන් වෙනස් වෙලා ඉන්න තැනක් තමන්ගේම චූටි ලෝකයක් තුළ ගත කරන්න හදාගන්න තිබුණා. දරුපවුල්වල වගකීම වුණත් දැන් අපි දෙන්නට විතරනේ සීමා වෙන්නේ. ඉතින් ඉස්සර නම් අපට හිතෙන්නේ විශේෂයෙන් මම වගේ සෙනඟ අතරම ඉන්න කෙනකුට පිස්සු හැදෙයි කියලා හිතෙනවානේ තනිවම සතියක් විතර හිටියොත්. ඇත්තටම ඒ වගකීම් ඉවත් කළාට පස්සේ තමන්ට ඕනේ වෙලාවට තනි වෙන්න පුළුවන්. තමන්ට ඒ සඳහා තිබෙන කාලය වැඩි නම් ඒක මාර දෙයක් කියලා ඇත්තටම පසක් වුණ යුගයක්. මට මඟ හැරුණ දේ තමයි එහෙම ඉන්න පුංචි තැනක් තනාගන්න එක.

ඔහු ජංගම දුරකථනයෙන් සේයා රූ රැසක් පෙන්වයි. වැවක්, වෙල්යායක්, පැල්කොටයක්. ඔබ හුදෙකලාව අගය කරනවා වැඩියි...

කොහොමත් මම ඉස්සර ඉඳන්ම හරියට හුදෙකලාව ඉන්න කැමති කෙනෙක්. අනෙක මම හරියට විරහව කියන දේ තලූ‍ මර මර රසවිඳින කෙනෙක්. ගීතයක් බැලූ‍වත් ශෝක ගීතවලට වගේ තමයි මම කැමැති. නෙතට කඳුළක් ගෙනෙන සංවේදී චිත‍්‍රපටයක් නරඹන්න තමයි ආසා. ඉස්සර ෂූටින් ඉවර වුණාම ටක් ගාලා කට්ටිය වොෂ් කරලා සතුටු සාමීචියේ යෙදෙන්න කැමතියිනේ. මම පැය ගණන් කාමරයට වෙලා ඔහේ තනියම ඉන්නවා ඒ කලබලය මඟ හැරලා. ලොජ් එකක එහෙමනම් හිමීට පුටුවක් අරගෙන ගිහින් ඈත බලාගෙන ඉන්නවා. ජයන්ත (චන්ද්‍රසිරි) රැුජන කරන කාලේ මම බසවක්කුලම වැව ගාවට සර්කිට් බංග්ලෝ එකෙන් බැහැලා හිමීට රූටලා යනවා. සමහරු කෑ ගහනවා. මේ අනුරාධපුරය සර්පයෝ ඉන්න පුළුවන් ? ජාමේ යන්න එපා කියලා. ඒත් මම යනවා. ලස්සන වැවක් තිබෙනවා ගල් කුළු තියෙනවා. මහා සෑයන් තුනම පේනවා හොඳට හඳ පායලා තියෙනවා මම පැය ගණන් එතැන ඉන්නවා. දවසක් බුද්ධදාස විතානච්චි ළඟට ඇවිත් කියනවා ඔබතුමා ලබන මේ ශාන්තිය මට හිතාගන්න බැහැනේ කියලා.

කුඩා කාලේ සිටම එහෙම බවයි මම අසා තිබෙන්නේ...

ජීවිතේ මේ වගේ වෙලාවක කතා කරන්න ආසා දේවල් හැටියට මම ඒකත් කියන්න කැමතියි. මට පෘතුගීසි පෙනුමක් තිබුණට මම හද්ද ගැමියෙක්. පුංචි කාලේත් කුඹුරේ සීසාන, නියරවල ඇවිදින, ලඳුකැලෑවල පනින ඒ ගැමිකමට මම හරි ආදරෙයි. ගමේ ඉන්න කාලෙත් පුංචි කාලේ අම්මලාගේ මහගෙදර සපුගස් කන්ද මීට අවුරුදු හැටකට විතර එහා තිබුණේ කෑගල්ල දිහා ඇතුළට ගියාම තිබෙන ගම් වගේ කඳු, ළඳු කැළෑ, දියපාරවල්, වෙල්යායන්. දැන් ඔය රිෆයිනරිය තියෙන තැන දොළ පාරක් ගලා යනවා. මම හැන්දෑ වෙද්දි යනවා වෙල් යායට ඉර බැහැගෙන යනවා බලාගෙන ඔහේ ඉන්නවා. ගොම්මන් කළුවර වැටෙනවා. වවුල්ලූ‍ ඉගිල්ලෙන වෙලාවට විතර තනියම ඇවිදගෙන ආපහු ගෙදරට එනවා. ඒක මම පුදුම විදිහට වින්දා. පුංචි කාලේ මම මොනවාද ඒකෙන් ලැබුවේ, මොකද එතනට ගියේ කියලා මම දන්නේ නැහැ. හැබැයි පරිසරයට සොබා දහමට බැඳුණ හැටි, ආදරය කළ හැටි, මම කියවීමට ඇබ්බැහි වෙන්නේ ඒකත් එක්ක, කලාවට ආදරය කරන්න ගන්නේ ඒ සමඟ. ඒකයි මම එදා ඉඳලා කියන්නේ සොබාදහමෙන් තොර ජීවිතයක් නැහැ. ඒකනේ කනට පාරක් දිලාම සොබා දහම කීවේ උඹලා මාව හූරාගෙන කනවා වැඩියි ටිකක් හිමින් පලයල්ලා කියලා. ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ප‍්‍රාණියෙක් මුළු ලෝකෙම වහලා, ලක්ෂ ගාණින් වැට්ටුවානේ. ඒක තමයි සොබා දහමේ ආශ්චර්යය. ඔය පොඩි කෙනිත්තිල්ලක් විතරයි. සොබා දහම දඬුවම් දෙනකොට ඇපෑලක් දාන්න බැහැ. දඬුවම ලිහිල් කරන්න කියලා ඉල්ලන්න බැහැ. ඒක අපේ අය තේරුම් අරගෙන නැහැ.

ඔබේ ජීවිත කතාව ලීවානම් බොහොම රසවත් සහ හරවත් වේවි...

අවුරුදු 50ක සිනමාවේ විස්තර දන්න සජීවි එකම පිරිමි කෙනා මම තමයි. ඒත් මට ලියන්න කම්මැළියි. එකතැනක ඉඳන් ලියන්න හිතෙන්නේ නැහැ. ඒත් කමිටුවක් ලෑස්තිවෙලා ලොකුවට පටන් ගත්තා ඔය ගැන. ඒත් මගේ උදාසීන කම නිසාම තමයි ඒවා පරක්කු වෙන්නෙ. හැබැයි සිනමා කර්මාන්තයේ යෙදෙන අයගේ දැනගැනීම සඳහා දායාද කළයුතු දේවල් තිබෙනවා කියලා හිතෙනවා. මේ විෂයය ගැන ගෞරවයෙන් සැලකීම ගැනවත් හිතන්න.

කොරෝනාවලින් වත් එපා වීමක් නිසා වූ දෙයක් නෙවෙයි මෙය. මට දැනෙන්නේ සැහැල්ලූ‍වක්. පහන් හැඟීමකින් ජීවත් වෙන්න පුළුවන්. පසුගිය කාලයේ මඟහැරුණ දේවල් අත්‍යාවශ්‍ය දේවල් නෙවෙයි. අපි ඒ කාලය තුළ වියදම් අඩු වුණා. මුකුත් නැතුවත් අපට ප‍්‍රශ්නයකුත් නැතුව ඉන්න පුළුවන්. අපි බොහෝ විට කරලා තිබෙන්නේ අනවශ්‍ය වියදම්. අපි බොහෝ දේවල් අවශ්‍යයි කියලා සමාජය තැබූ රේල්පිල්ල දිගේ ගිහින්. සමාජය විසින් කියන දේ කරගෙන ගිය ගමනක්. අනුකාරක ජීවන රටාව ලෝකෙම නවත්තලා අපට සොබාදහම පෙන්නුවා. මොකද අපි විතරක් නැවතිලා බලලා මේ තත්ත්වය තේරුම් ගන්න බැහැ.

ඔබට වැරදුණු එකම තැන උසස් පෙළ විතරමද?

නැහැ එහෙම කියන්න බැහැ. ඇත්තට කෙනකුට ජීවිතේ කවදාවත් කියන්න බැහැ තමන් හරි දේම කළා, දිනුවා කියලා. හැබැයි මට ආපසු හැරී බලා තෘප්තිමත් වෙන්න පුළුවන්. මගේ අතින් වැරැුදි වෙලා ඇති, අඩුපාඩු වෙලා ඇති, අපේ අතින් බරපතළ වැරැුදි පවා වෙන්න පුළුවන්. ඒක මහා බරක් ලෙස ජීවිතේ තියෙනවා. ඒ වැරැුද්දෙන් පැටවෙන බර අරගෙන අපට ඉදිරියට යන්න බැහැ. මම ජීවිතේ දකින්න කැමැති විදිහ තමයි, වැරැුද්දෙන් ලැබෙන පාඩම විතරයි ගෙනියන්න පුළුවන් කියන එක. වැරැුද්දෙන් ලැබෙන බර ඔළුව අද උඩ තියාගත්තාම හෙටත් වැරැුද්දක් වෙන්න පුළුවන්. එතකොට බර දෙගුණ වෙනවා. ඉදිරියට යන්න බැහැ. ඒකෙ තේරුම හිතුමතේ ඕනෙ වැරැුද්දක් කරලා අමතක කරන්න පුළුවන් කියන එක නෙවෙයි. වැරැුද්දෙන් ලබන පාඩම හැමදාම මතක තියාගන්න පුළුවන්. අපි හැමදාම අතීතය පිළිබඳව හිතමින් අරක වුණා මේක වුණා කියන මානසිකත්වය ලේසියෙන් අපව අඩපණ කරනවා. එයින් පරාජිත හැඟීමක් විතරයි ඉතුරු වෙන්නේ. තමන්ට වරදින තැනකින් යමක් ඉගෙන ගත්තා නම් ඒක ඇති.

වැරැද්දට සමාව තමන්ගෙන්ම හෝ වැරැද්දට බඳුන් වූ කෙනාගෙන් ඉල්ලනවද?

අනිවාර්යයෙන්ම. ඊට වඩා හැබැයි නිවැරැුදි කරගන්න උපරිම උත්සාහය යොදන්න ඕනේ. හෘද සාක්ෂියට වදදෙන ගතිය ඉවත් කරගෙන ජීවිතය දිහා බලන්න ඕනෙ. මොකද සුලබව කියන ඊයෙ අවසන් අද විතරයි තිබෙන්නේ හෙට තාම ඉපදිලා නැහැ කියන දේ අනුව අපි මේ සියල්ල කරතියාගෙන යන්න ගියොත් ඉදිරියට යන්න බැහැ. හෙට ගැන අපට කිසිමදෙයක් කරන්න බැහැ. ඊයේ වුණ දේට සමාව ඉල්ලූ‍වා කියලා වුණ දේ නිවැරැුදි කරන්න බැහැ. නිවැරැුදිව සිටීමේ වගකීම තමන්ට තිබෙනවා. අතීතයම කරමත තියාගෙන නොඉඳීම මට සහනයක් වෙලා තිබෙනවා. මහා ප‍්‍රාඥයන් වෙන්න ඕනේ නැහැ අපි ප‍්‍රායෝගිකව බලලා මනුෂ්‍ය මට්ටමින් ජීවිතය තේරුම් ගත්තොත් ඇති කියලයි මම හිතන්නේ.

ඒ කියන්නේ අතහරින්නට පුරුදු වෙලා වගේ...

ඔව්. මගේ ලොකු පරිවර්තනයක් සිදුවුණ මේ මාස දෙකතුන ඇතුළත. පොත් කියෙව්වා. පරිගණක දැනුම හදාගන්න හැදුවා හරියටම බැරි වුණත්. ඇත්තෙන්ම අතහැරීම... ඊට වඩා හයිකාරකමක් තිබෙනවාද? ඒ කියන්නේ අතේ තිබෙන දෙයක් අත්හරිනවා නෙවෙයිනේ. සිතිවිලි, ආශාවන්, මගේ වෘත්තිය අනුව අහවල් චිත‍්‍රපටයේ පූර්ව කටයුතු ගැන ආරංචි වුණාම ඒවායේ චරිතයක් ලබාගන්න කියලා ආශාවක් ඇති වන්නේ නැහැ. සමහර විට මේ කාලේ සිනමාවේ ස්වභාවය නිසාද දන්නේත් නැහැ. හැබැයි ඒ සැහැල්ලූ‍ව තමයි මට තියෙන්නේ.

ඒත් බලාපොරොත්තු, හීන මිනිසුන් ජීවත් කරනවා?

ඔව්. එහෙම වෙන්නේ ජීවත් වෙන්න කැමැති අයට. දැන් ජීවත් වුණා ඇති කියලා යම් කෙනෙකුට හිතුණොත්? එතකොට මොකද වෙන්නේ. අධ්‍යාත්මික දේවලට ගිහින් බවුන් වඩන මානසිකත්වයක් මට නැහැ. පිරවිය යුතු තැන් ගැන දැන් ලොකු තැකීමක් නැහැ. ජීවිතය පවතින තාක්කල් සැහැල්ලූ‍වෙන් ඒ කියන්නේ දුක්කරදර පීඩා ලෙඩදුක් නැතිව ඉඳීමයි දැන් මගේ එකම බලාපොරොත්තුව.

හෝරාවක පමණ කතාබහකින් පසු ඔහු කී දේ මට යළිත් මතක් විය. හෝරාවකට පෙර සිටි අප දෙදෙනා නොව දැන් සිටින්නේ... මෙතෙක් අප දුටු ඒ මහා රංගධරයාට ඔහු මුණගැසීමත් සමඟ ඇති වූ සිතිවිලි පිළිබඳ දැනුම්වත් වූ මමය දැන් සිටින්නේ... ඉදින් ඒ කතාබහ පිළිබඳ සටහන කියවූ පසු ඔබද වෙනස් කෙනෙකි. ඔහුගේ පැතුම හෙටින් උදාවන උපන්දිනයත් සමඟ සැහැල්ලූ‍වෙන්, කරදර පීඩාවලින් තොර වූ නිදහස් අනාගතයකි. සරසවිය කතු මඩුල්ලත්, පාඨක සැමත් සකල ශ‍්‍රී ලාංකික රසික රසිකාවනුත් වෙනුවෙන් හිතවත් ‘රවි අය්යා‘ට - රවීන්ද්‍ර රන්දෙණිය ජ්‍යේෂ්ඨ රංගධරයාණන්ට ඔහු අපේක්ෂා කරන ආකාරයේ උපන්දිනක් වෙනුවෙන් මෙසේ සුබ පතමු! එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බෝ වේවා!