උපදින කොටත් මියයන කොටත් Naked

සංසාරේ දඩයක්කාරයා සමඟ
ජූලි 11, 2019

- ක්‍රිස්ටිනා බ්‍රිටෝ

ප්‍රසන්න ජයකොඩි නමැති සම්මානනීය අධ්‍යක්ෂවරයා ස්වකීය අනන්‍යතා ලකුණ සහිතව තවත් සිනමාපටයක් තිරයට ගෙනවිත් තිබේ. ඒ සංසාරේ දඩයක්කාරයාය. සම්මානනීය නවකතාකරු නැසීගිය සයිමන් නවගත්තේගම සූරීන්ගේ දඩයක්කාරයාගේ කතාව ඇසුරෙන් නිර්මාණය වූ එකී සිනමාපටයේ අභියෝගාත්මක කාන්තා චරිතයකි.

ඇය ගෝමරීය. එම චරිතය නිරූපණය කිරීම මෙරට සිනමා කලාව තුළ අභියෝගයකි. එහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් ඊට සරිලන නිළියක් සොයා ගැනීමට ප්‍රසන්නට මහත් වූ පරිශ්‍රමයක් දරන්නට සිදු විය. ක්‍රිස්ටිනා බ්‍රිටෝ නමැති අසම්මත තරුණිය අධ්‍යක්ෂවරයාට හමු වන්නේ ඔවැනි පසුබිමකය. ඇය තමන් පෙන්වා දෙන මාවතේ ගමන් කරන බවට ප්‍රසන්න ජයකොඩිට ප්‍රත්‍යක්ෂ විය. ක්‍රිස්ටිනා ද ගෝමරී චරිතය බාර ගැනීමට එකඟතාවය

පළ කළාය. සැබවින්ම ක්‍රිස්ටිනා බ්‍රිටෝ යනු අමුතුම චරිතයකි. තවත් අන්දමින් කිවහොත් සම්ප්‍රදායික රාමුවෙන් පිටත බොහෝ කලක් ජීවිතය ගෙවූ තරුණියකි. අද වන විට ඇය සැබෑ ජීවිතයේ මවකි.

 ක්‍රිස්ටිනා, කියන්න එහෙනම් ඔබ ගැන?

මම කතා කරගෙන යන්නම් ඔය කැමැති තැනකින් අරගෙන ලියන්න.

 මේ ඔබේ පළමු රංගනයද?

මේක දෙක. අවුරුදු පහකට විතර කලින් ෂූට් කළේ. එතකොට මං එකක විතර රඟපාලා තිබුණා චූටි කොටසක්. ටාෂ් ඊර් බෙෂ්ට් කියන ඉන්දියන් මූවි එකේ.

 ප්‍රසන්න ජයකොඩි මුණ ගැහුණේ?

ඩිරෙක්ටර් ඒ වන විට මගේ කැරැක්ටර් එකට කෙනෙක් හොය හොය ඉඳලා තියෙනවා. එයා මගේ පික්චර්ස් බලලා ඉවර වෙලා මට කතා කළා චිත්‍රපටයට.

 චිත්‍රපටයට අදාළ ග්‍රන්ථය ඔබ කියවල තිබුණාද?

නැහැ. මට සිංහල කියවන්න චුට්ටක් අමාරුයි.

 ක්‍රිස්ටිනා හැදුණේ වැඩුණේ ලංකාවේ නෙමෙයිද?

මං වැඩිපුරම හිටියේ ඉන්දියාවල. එහෙ තමයි ස්ටඩිස් කළේ. අවුරුදු දහයෙදි විතර ලංකාවට එනවා. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගියේ.

 ඔබ මේ රඟපෑ චරිතය ගැන මොකද කියන්න තියෙන්නේ?

ගැටලුවක් නැහැ කියලා හිතනවා.

 එක්තරා අන්දමක අභියෝගාත්මක චරිතයක්?

මං ජරා දෙයක් කළේ නැහැනෙ. අපි උපදින කොට නේකඩ්නෙ. මැරුණට පස්සෙ ඩෙත් බොඩි එකේ ඇඳුම් මාරු කරන්නෙත් වෙන කෙනෙක්. සීගිරියේ චිත්‍ර බලන්න. බ්‍රිටිෂ් අය මෙහාට ආවට පස්සේ තමයි ගොඩක් දේවල් වෙනස් වුණේ. ඒක ගුඩ් කැරැක්ටර් එකක්. හිතන තරම් ලෙහෙසි වුණේ නැහැ නිරූපණය කරන්න.

 චිත්‍රපටයේ නිරුවත් දර්ශන තිබීම සාධාරණීකරණය කරන්නද ඔබ මේ හදන්නේ?

ඒක ඇක්ට් එකක් විතරයිනෙ. එතැනදි මං සේක්ස් කළාද . . . නැහැනෙ. සෙක්ස් ඔක්කොමලා කරනවා. ආදරය වැඩි වෙන්නේ තවත් ජීවිතයක් උපද්දවන්න පුළුවන් ඒකෙන්නෙ.

 චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ මොන වගේ ප්‍රතිචාර ද ඔබට ලැබුණේ?

වැඩිය කවුරුවත් කතා කළේ නැහැ. ගොඩක් දෙනෙක් එදා ෂොක් වෙලා වගේ හිටියේ. සමහරු හිනා වුණා. කතා කරපු අයත් මගෙන් ඇහැව්වේ ඔයා බැඳලද, හස්බන්ඩ් මොකද කිව්වෙ මේ වගේ චරිතයක් කරපු එකට වගේ දේවල්.

 නිරුවත් හෝ අඩ නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ඔබට කතා කළොත්?

කතාව බලලා යනවා. ඒ සීන්ස් චිත්‍රපටයට අනුකුල වෙන්න ඕනනෙ. දඩයක්කාරයා චිත්‍රපටයේ රූපගත කරද්දී ජැකට් එකක් තියාගෙන කෙනෙක් හිටියා මං ගාව. දර්ශන තලයෙන් හැමෝම අයින් වුණා. කට් කරලා ඊළඟ තත්ත්පරෙන් මගේ ඇඟට ජැකට් එක දැම්මා. ඒ වගේ ඩිසිප්ලීන් එකක් තිබුණා. අයි ඩෝන්ට් නෝ ඊළඟට කතා කරන චිත්‍රපටවල ඔය වගේ වැඩ කටයුතු වෙයි ද කියලා. මැසේජ් එකක් තියෙන්න ඕනනෙ චිත්‍රපටයක් වුණාම. නිකම්ම නියුඩ් සීන් දාලා බැහැනෙ.

 චිත්‍රපටවලට ඔබට කතා කළාද?

මූවිස් දෙකකට කතා කළා. ප්‍රිමියර් එක දවසේ ඩිරෙක්ටස්ලා දෙතුන් දෙනෙක් හෝප්්ස් දුන්නා එයාලගේ ඊළඟ වැඩේට ගන්නවා කියලා. තවම කන්ෆර්ම් නැහැ.

 ඔබේ සැමියා සහ දරුවෝ?

හස්බන්ඩ් ලාංකිකයි කියලා තමයි කියන්නේ. එයාගේ අම්මයි තාත්තයි රටවල් දෙකක. එක් කෙනෙක් ලංකාවේ. මගේ ලොකු පුතා සිද්ධාර්ථ, දෙවැනියා රාවණ.

ටෙලි නාට්‍යවලට එකතු වන්නට අදහසක් නැහැ?

තියෙනවා. පොඩි පුතා රාවණනෙ. දෙරණ රාවණ නාට්‍යයට එකතු වෙන්න ආසයි. ඒත් කන්ටැක් නැහැ.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.