ඒක එකපාරටම මෝදු වුණ හීනයක් 61 ලබද්දි 60+දිනූ

රෙක්ෂි මැක්සිමස්
මැයි 16, 2019

අහඹු සිද්ධියකින් හෝ අකරතැබ්බයකින් ජීවන ගමන උඩු යටිකුරු වී කලා ලෝකයේ ද දොරගුළු හැරුණු මිනිසුන් ශ්‍රී ලංකාවේ හිඟ නැත. පසුගියදා මුළු රටේම අවධානය මැදින් ‘දෙරණ 60 ර්‍ථතභඵ-ඉඥචඵධද-2 කිරුළ දිනූ රෙක්ෂි මැක්සිමස් (61) කෙරෙන් ද එවැන්නක් ඇසේ. දැන් ඔහු ‘සරසවිය’ අප ඉදිරිපිටය. මේ අප මෙතැන් පටන් කර පොවන්නේ මේ දක්ෂයාගේ සිත් පැලැස්සටය.

ඔබ වඩා කැමැති රෙක්ෂි කියනවාටද? නැතිනම් මැක්සිමස් නමටද?

විශේෂයක් නැහැ. ඒත් වැඩි දෙනෙක් මට කතා කරන්නේ රෙක්ෂි කියලයි.

රෙක්ෂි ඇයි දස්කම් පෙන්වන්න ජීවිතේ හැන්දෑව වනතුරු සිටියේ?

(හිනැහෙයි) මගේ දෛවය එහෙම වෙන්නැති. දෙවියන් වහන්සේගේ කැමැත්තත් එහෙමම වෙන්න ඇති.

ඒත් ගායකයෙක් වීමේ හීනය කාලයක හිත යට තියෙන්නැති?

මෙහෙමයි, ඒක එක පාරටම හිතින් මෝදු වෙච්ච හීනයක්. එතකොටත් මට අවුරුදු 45 ක් විතර ඇති. ඒ මගේ රැකියා ජීවිතේ අහම්බෙන් ලද අවස්ථාවක්.

තව ටිකක් විස්තර කරමුද?

මං මගේ ගම, බිංගිරියට කිට්ටුව තිබුණු ලංකා පිඟන් සංස්ථාවේ ශාඛාවක වැඩ කළේ. මං එතැන සිකියුරිටි කෙනෙක් විදියට හිටියේ. එදා අපේ ආයතනයේ සුහද හමුවක් තිබුණා. ඒ අවස්ථාව සංගිතයෙන් කුල්මක් කළේ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම. අපටත් සින්දු කියන්න අවස්ථාව ලැබුණා.

ඉතින්?

මං සින්දු දෙකක්ම කිව්වා. ‘රෑනේ ඉඟිළෙන්න ඕනේ’ සින්දුවයි මුලින්ම ගායනා කළේ. ඒ සින්දුව අහලා සන්ෆ්ලවර්ස් ගායක නීල් වර්ණකුලසූරිය හුඟාක් සතුටු වුණා. ඔයා දිගටම සින්දු කියන්න, ඔයාට හොඳට ඉඪදඨ කරන්න පුළුවන් කියලා නීල් කිව්වා. එදා තමයි මටත් ගායකයෙක් වෙන්න ආසා හිතුණේ.

ඒත් බොහෝ අවාසනාවේ කළු වලාවලට මුහුණදීමට සිදු වූ බව ඔබ රියැලිටි වේදිකාවේදී කිව්වා?

ඔව්. මං දැන් එන්න යන්නෙත් ඒ කාලයටමයි. නොසිතූ විරූ විදියට දරු තිදෙනාත් බිරියත් රැකගත් ඒ රක්ෂාව මට නැති වුණා. ඒ යුද්ධ කාලෙනේ. ආයතනය මට බිංගිරියෙන් අම්පාරට ස්ථාන මාරුවක් දුන්නා. ඒ වෙද්දි ප්‍රාථමික අංශයේ් ඉගෙනුම ලැබුව දරු පැටව් දාල යන්න මට හිත හදාගන්න බැරි වුණා. ඉතින් මං ස්ථාන මාරුව අවලංගු කර ගන්න වෙහෙසුණා. ඒත් අන්තිමේදී සේවයෙන් ඉවත් කළ බවට සඳහන් ලිපියයි මට ලැබුණේ.

ඉන් ඉදිරියට?

නොසෑහෙන්න ජීවිතේ එක්ක පොර බැදුවා. ඒ වෙද්දි සිකියුරිටි රස්සාව මිසෙක වෙන දෙයක් දැනගෙන හිටියෙත් නැහැනේ. මං මේසන් බාසුන්නැහේලාට අත් වැඩ දුන්නා. අනුන්ගේ ත්‍රීවිලර් ඉල්ලගෙන හයර් දිව්වා. බයිසිකලයකට හෙඩ් ස්පීකර් එකක් හයි කරගෙන අහල පහල ගම් පුරා ඒක පැද පැද ලොතරැයි විකුණුවා.

එතකොට ගීත ගායනය?

ඒක එදා ආයතනයේ තිබිච්ච ෂෝ එකෙන් පස්සේ යට ගියා. මට ඉන් පස්සේ ඒ ගැන හිතන්නවත් නිනව්වක් තිබුණේ නැහැ.

ඒත් ඔබ අද රටම හඳුනන දක්ෂයෙක්?

හරි අහම්බෙන් වුණේ. මගේ පොඩි දූ තමයි දෙරණ ආයතනයට මා වෙනුවෙන් අයදුම්පතක් මෙහෙම එවා තිබුණේ. කලින් මේ තරගයේ සීසන්-1 වෙලාවේ මට ඇප්ලයි කරන්න වයස මදි වුණා. ඒ වෙද්දී මට 60 පිරිලා තිබුණේ නැහැනේ.

එමුකෝ ඔය කතාව දිගේ ඔබ කොළඹ පැමිණි තැනට?

පානදුරේ ලොකු හෝටලයකදියි මූලික තරග තිබුණේ. මං මුලින්ම එහේ ගිය දවසේ විතරක් 1500 කට වඩා වැඩි පිරිසක් තරගයට පැමිණ සිටියා. එයින් 1000 ක් විතර තමයි තේරුණේ. මේ තරගයේදී මං මුලින්ම ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චිගේ ‘සැන්දෑවේ රන් වලා’ සින්දුව. ඔහොම ටිකෙන් ටික අවසන් 12 දෙනා අතරට එන්න ලැබීම මට හීනයක් වගේ. හැබැයි විනිශ්චය මණ්ඩලය ඒ කාලයේදිත් මට ගීත දෙක තුනක් කියන්න බල කළේ නැහැ. මුල් වතාවේදීම මාව සමත් කෙරුවා.

මෙතෙක් ගමනේ ඔබට වඩාත් පන්නරයක් ගෙනා ගීත මොනවාද?

එහෙම විශේෂ ගීතයක් නැහැ. රූකාන්ත ගුණතිලකගේ ‘සුවඳ දැනී දැනී දැනෙනවා’, ආත්මා ලියනගේ ගේ ‘එපා කඳුළැල් සලා’, රෝහණ වීරසිංහගේ ‘මුතුකුඩ ඉහළන මල් වරුසාවේ’, අමරසිරි පීරිස්ගේ ‘ඉකි ගසා හඬන’ ආදී ගීත පෙළක්ම මට කියන්න හැකි. මං ඒ හැම ගීයක්ම ගැයුවේ එච්චර කාලයක් හිතේ තිබුණු මගේ දරු තුන් දෙනාගේ අනාගතේ බරින් මං මිදුණාට පස්සෙයි. දැන් ඒ තුන් දෙනාම සාර්ථකයි. දෙදෙනෙක්ම උපාධිධාරින්. මගේ ජීවිතේ ලොකුම ඉලක්කය ඒක. මං සින්දු කියලා දිනුවේ ඒ දිනුමෙන් මට ලැබිච්ච සවියේ බෝනස් එක කියලාත් මට හිතෙනවා.

ඔබට ගමේ සංගීත පුහුණුකරුවකු සිටින බවටත් ආරංචියි?

ඔව්. ඔහු සමීර. එයා මගේ වයසින් අඩක් තරම් වයසින් බාල වුණත් හැකියාව අතින් අති දක්ෂයෙක්. ගෙදරට වීගෙන කැසට් එකක් දමාගෙන සින්දු කට පාඩම් කළ මට ඉන් එහාට සංගීතයේ යම් දෙයක් තිබෙන බව ඔහුයි ගමේදි කියා දුන්නේ.

රියැලිටි වේදිකාවේදී ඔබට වරින් වර විශේෂ ඇගයීම් ලද බවක් පෙනුණා?

ඇත්තටම විශාරද එඩ්වඩ්, ශෂිකා නිසංසලා වගේම රෝහණ බෝගොඩ ඇතුළු ඒ පිරිස මට ඉදිරියට එන්න දුන්නු දිරිය අපමණයි. ඔවුන් පොදුවේ මා අගය කළ වාරයක් පාසා මට ලොකු ශක්තියක් දැනුණා. විශේෂයෙන් තරුණ, ජවසම්පන්න හඬක් මට හිමි බව ඔවුන් කියා සිටියා.

දැන් ඔබට ජයග්‍රාහකයෙක් විදියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා ඉහළයි. පිටරට සිටින මගේ මිතුරන් පවා දුරකතනයෙන් මට සුබපැතුවා. තවමත් කුරුණෑගල – බිංගිරිය අපේ ගම් පළාතේ අවට හුඟ දෙනෙක් මගේ නිවෙසට පැමිණ සුබ පතනවා. විශේෂයෙන් මට මේ දිනුම ලැබුණු වේලාවේදී මගේ දරුවන්ගෙන් ලැබුණු සුබපැතුම මට මහමෙරක් වගේ. ඒ අය තාත්තා අපේ හීන හැබෑ කරන්න එයාගෙ හීන හංගා ගත්තා’ කියලා කියද්දී මටත් මගේ හිත වාව ගන්න බැරි වුණා.

හොඳයි, ඉදිරියේදී අපට ඔබව කොහොම දකින්න ලැබේවිද?

හොඳ ගීත පෙළක් රටට දායාද කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් මට තනිව ඒ ආසාව ඉෂ්ට කරගන්න නම් බැහැ. මට මේ තරගය පුරාම අත දුන් දෙරණ ආයතනය සහ මේ තරගයේ විනිශ්චය මණ්ඩලයේ උදව් මට තවදුරටත් ඕනෑ කරනවා. එවිට මට ඒ කරුණාව, දයාව හරහා මේ ඉලක්කයටත් ළඟා විය හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.