මට නොකියාම මගේ ස්ක්‍රීන් ටෙස්ට් කරලා

ෂයිනි අංජුලි නයනතරා
දෙසැම්බර් 27, 2018

ඔබේ නම?

ෂයිනි අංජුලි නයනතරා

ඔබ රඟපෑ චිත්‍රපටයක් තිරගත වීම ආරම්භ වුණා?

ඔව්. එකෙන්ම අතුරු මිතුරු හරි අපුරු

ඔබේ චරිතය?

මගේ ඇත්ත නමින්මයි චරිතය තියෙන්නෙ.

චිත්‍රපටයේ ෂයිනි කියන්නේ කවුද?

රජීව් නානායක්කාරගෙ නංගි. සාමාන්‍ය තරුණියක්.

මේ පළමු චිත්‍රපටය?

ඔව්.

ඒ වුණාට ඔබ සිනමාවට සම්බන්ධයි?

මං වැඩකරන්නේ චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක්වන එම්.පී.අයි ආයතනයේ. චිත්‍රපට ෂෙඩුල් කිරීම තමයි මගේ වගකීම.

රඟපාන්න කතා කළේ?

අතුරු මිතුරු චිත්‍රපටයේ එක් නිෂ්පාදකවරයකු වන අපේ ආයතනයේ එම්.ඩී. උදය කුමාර් මහත්ත යා ගෙන් පළමු ඇරැයුම ලැබුණා. ඒක වුණේ මෙහෙමයි. දවසක් එම්. පී . අයි. එකට ගෙනාව අලුත් කැමරාවක් ටෙස්ට් කරලා බලන්න මාව යොදාගත්තා. හරියට ස්ක්‍රීන් ටෙස්ට් එකකට ඉන්න වුණා වගේ මට දේවල් ටිකක් කරන්න කිව්වා. මටත් නොදන්වා ඔවුන් ඇත්තටමයි ඒක කරලා තියෙන්නේ. ඉන් පසුවයි රංගන ඇරැයුම ලැබුණේ.

මොකද හිතුණේ?

මං හිතුවේ විහිළුවට මට කතා කරනවා කියලා. පසුව දැන ගත්තා ඇත්තටමයි කතා කරලා තියෙන්නෙ. ළමා චිත්‍රපටයක් නිසා මං කැමැති වුණා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලාල් පි‍්‍රයදේව ඔබ දැන සිටියද?

ඔව්. ලාල් මහත්තයා නිතර එම්.පී. අයි එකට එනවා. කතා බහ කරලත් තිබුණා. මාව මේ සඳහා තෝරාගත් බවට උදයකුමාර් මහත්තමයා අධ්‍යක්ෂවරයාට දැන්වුවායින් අනතුරුව පිටපත එහෙම ලබා දීලා මාව චරිතයට යොමු කළා.

කැමරාවක් ඉදිරියට ආ පළමු දිනය ඔබට මතකද?

හොඳටම මතකයි. මං ගොඩාක් බය වෙලා හිටියේ. මං හිතුවේ මට රඟපාන්න බැරි වේවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ.

කාත් එක්ක ද ඔබට වැඩි පුරම රඟපාන්න තිබුණේ?

මහේන්ද්‍ර පෙරේරත් එක්ක. මහේන්ද්‍ර අයියා මං ආධුනියකයෙක් කියලා දැනගෙන රඟපාන අන්දම දෙබස් කියන්න ඕන විදිහ මට හොඳකාරවම කියලා දුන්නා.

චිත්‍රපටය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම?

තිස්සමහාරාමයේ කැලෑවක් මැද ෂුටිං තිබුණා. පාන්දර වෙනකම්ම අපි රඟපෑවා.

සමහරු කිව්වා එතැනට අලි එනවා කියලා. මං හරියට බය වුණා. මහ කැලෑවක් මැද පාන්දර වෙලාවක ඔහොම කතාවක් ඇහැව්වාම කාටද බය ඇති නොවෙන්නේ ඒවලේ ඉඳලා මං බොහොම සෝදිසියෙන් හිටියේ. වෙලාවට අලිනම් ආවේ නැහැ.

අතුරු මිතුරු චිත්‍රපටිය නරඹද්දී මොකද හිතුණේ?

දෙයියනෙ. මං මෙච්චර හොඳට රඟපාලා තියනවද කියලා හිතුණා. හිතට එකඟව කිව්වොත් මං හිතුවේ නැහැ මං හොඳට රඟපාලා ඇති කියලා ඒත් එහෙම නැහැ. මම තෘප්තිමත් ඒ කළ රංගනයට.

රඟපෑමද රැකියා ද ලෙහෙසි?

රැකියාව ලෙහෙසියි. රඟපෑම අමාරුයි.

ෂයිනිගේ පදිංචිය?

මං තලාහේනෙ.

ඉගෙන ගත් පාසල?

කොළොන්නාව බාලිකා විදුහල

උපන් දිනය?

අනු එකේ දෙසැම්බරේ විසි අට

මේ වන විට පෙම්වතියක් ද?

ඔව්. පෙම්වතා පෞද්ගලික අංශයක රැකියාවක් කරනවා. එයා කලාවට හෝ චිත්‍රපට අංශයට සම්බන්ධ නැහැ.

අවසන් කොට මොනවාද කියන්න තියෙන්නෙ?

අප ආයතනයේ සමකළමණාකරණය අධ්‍යක්ෂ නිමල් කුලරත්න, මට රැකියාව ලබා දුන් සුනිල් ටී ප්‍රනාන්දු ඇතුළු සියලුදෙනාට තුති පුදනවා.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.