අනුෂ්කා - විරාත් පළමු විවාහ සංවත්සරය

දෙසැම්බර් 6, 2018

 පසුගිය වසරේ කතාබහට ලක් වූ බොලිවුඩයේ පෙම් යුවල අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි යුගදිවියට එළැඹ වසරක් ගත වන්නේ ලබන 11 වැනිදාට යි. ඔවුන් සිය විවාහ උත්සවය ඉතාලියේදී පැවැත් වූයේ පෙර දැනුම්දීමකින් ද තොරවයි. අනුෂ්කා හා විරාත් 2013 වසරේදී මුල්වරට මුණගැසී පෙම්වතුන් බවට පත් වූයේ රූපවාහිනී දැන්වීමක් රූගත කිරීමට සහභාගි වූ අවස්ථාවකදීයි.

අනුෂ්කා මේ දිනවල සිය නවතම චිත්‍රපටය සීරෝ හි පූර්ව ප්‍රචාරක කටයුතු නිසා කාර්යබහුල වෙලා සිටින්නේ. විරාත් කෝලි එළැඹෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයේ පුහුණුවීම්වල යෙදෙමින් සිටිනවා. ඒ කෙසේ නමුත් පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් දෙදෙනාම කාර්යබහුලත්වය පසෙක දමා විවේකයෙන් ගත කරන්න තීරණය කරලා. ඔස්ට්‍රේලියානු සංචාරය නිසා මේ දෙදෙනාත් විවාහ සංවත්සරය ඔස්ට්‍රේලියාවේදී ගත කරන්න සූදානම් බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.