වාර්තා පිට වාර්තාවක්

දෙසැම්බර් 6, 2018

නදී කම්මැල්ලවීර සැබෑම දක්ෂ නිළියක්. ඇය නිතර දකින්නත් නැහැ. ඒ වුණාට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. නදී මේ වසරේ සම්මාන පිට සම්මාන ගත්තේ වාර්තාවකුත් තබලා. මෙරට රූපවාහිනී සම්මාන උලෙළයන් හතරකදී එකම නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය ලෙස අභිසෙස් ලබමින්. ඇය මෙලෙස සම්මානයට පාත්‍රවීමට වාසනාව උදා වූයේ බැද්දේ කුලවමිය නාට්‍යයෙහි රංගනය උදෙසායි. එය ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයක්. නදී එම නාට්‍යයට කතා කරද්දී පළමුව බැහැ කියලා. කොහොම හරි ආනන්ද ඇයටම මේ චරිතය පිරිනමලා. ඔහුට දැනෙන්න ඇති එයට උපරිම සාධාරණයක් ඉටු කරන එකම නිළිය නදී විතරයි කියලා. ආනන්ද හිතපු විදිහටම නදී උපරිමයෙන් සිය දක්ෂතා පෙන්වලා. ඒ නිසා ඉකුත්දා නිම වූ රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ වගේම රයිගම්, සුමති, සිග්නිස් යන සම්මාන උලෙළයන්හි හොඳම නිළිය වුණේ නදී. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.