Avengers වංශය

මැයි 16, 2019

කාටුන චිත්‍රකතා දැන් සිනමාව ලොව ද ආක්‍රමණය කර අවසන්. එදා මෙදා තුර කාටුන චිත්‍ර කතා ලොව තුළින් බිහි වූ වීරයන් අතර මාවල් චිත්‍රකතා සමඟින් පැමිණි මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන් වන කැප්ටන් අමෙරිකා, අයන් මෑන්, තෝර්, හල්ක්, ස්පයිඩර් මෑන්, බ්ලැක් පැන්තර්, කැප්ටන් මාවල්ගේ වික්‍රමයන් දෙස කවුරුත් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

මාවල් සිනමා විශ්වයේ මෙම සුපිරි වීරයන්ගේ වික්‍රමයන් ගෙන එන සුපිරි වීර චිත්‍රපට 23ක් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට මාවල් ස්ටුඩියෝස් ආයතනය සැලසුම් කරන ලදී. ඒ අනුව අයන් මෑන් ත්‍රිත්වය (2008,2010,2013), දි ඉන්ක්‍රඩිබල් හල්ක් (2008), තෝර් (2011), කැප්ටන් ඇමෙරිකා : ද ෆස්ට් ඇවේන්ජර් (2011), මාවල්ස් : දි ඇවෙන්ජර්ස් (2012), තෝර් : ද ඩාර්ක් වර්ල්ඩ් (2013), කැප්ටන් ඇමෙරිකා : ද වින්ටර් සෝල්ජර් (2014), ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි (2014), ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන් (2012), සහ ඈන්ට් මෑන් (2015), කැප්ටන් අමෙරිකා : සිවිල් වෝ (2016), ඩොක්ටර් ස්ට්‍රේන්ජ් (2016), ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි - 2(2017), ස්පයිඩර් මෑන් : හෝම්කමින් (2017), තෝර් : රැන්ග්රොක් (2017) බ්ලැක් පැන්තර් (2018), ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ (2018), කැප්ටන් මාවල් (2019), ඇවෙන්ජර්ස් : එන්ඩ්ගේම් (2019) චිත්‍රපට මේ වන විට තිරගත කර අවසන්. මෙම චිත්‍රපට මාලාවේ 23 වැනි චිත්‍රපටය ස්පයිඩර් මෑන් : ෆා ෆ්‍රොම් හෝම් ලබන ජූලි මාසයේදී තිරගත කිරීමට නියමිතව ඇත.

මේ වන විට තිරගත කෙරෙන ඇවෙන්ජර්ස් : එන්ඩ්ගේම් ලෝක සිනමා වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කරමින් සිටියි. එය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 2.486ක් වාර්තා කර ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණ සිටියි. අමෙරිකානු ඩොලර් බිලියන 2.788ක් ලබා ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපටය වන්නේ ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ ඇවටර් චිත්‍රපටය යි. ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ මුල් චිත්‍රපට 10 අතරට මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට 05ක් ඇතුළත් වීමත් විශේෂ වේ.

ලෝක සිනමාවේ දස්කම් දක්වන මෙම වීරයන්ගේ ආගමනය සිදු වන්නේ 1939 දි මාර්ටින් ගුඩ්මන් විසින් ප්‍ර‍කාශයට පත් කරන ලද ටයිම්ලි කොමික්ස් නම් චිත්‍රකතා පොත් පෙළ සමඟින්. 1939 ඔක්තෝබර් මාසයේ පළ කළ පළමු ප්‍රකාශනයෙන් සුපිරි විර චරිත වන හියුමන් ටෝච් හා දුෂ්ට චරිතයක් වන සබ් මැරිනර් හඳුන්වා දුන් අතර 1941 මාර්තු මාසයේ දී දෙවන ලෝක යුද උණුසුමත් සමඟම ජපන් හා නාසී හමුදාවන්ට විරුද්ධව සටන් කරන කැප්ටන් අමෙරිකා නම් වු සුපිරි වීරයා හදුන්වා දෙන ලදි. 1951 දි ටයිමිලි කොමික්ස් ඇට්ලස් ප්‍රකාශන ලෙසින් නාමය වෙනස් කළ අතර එය එතරම් ජනප්‍රිය නොවීම හේතුවෙන් 1961 වසරේදී මාවල් කොමික්ස් ලෙසින් නම් කෙරිණි. ස්ටැන් ලී, ස්ටීව් ඩික්ටෝ, ජැක් කිරබ් ඇතුළු නිර්මාණකරුවන් පිරිසක් මාවල් කොමික්ස් චරිත නිර්මාණයට දායක වීය.

ස්ටැන් ලී සහ ජැක් එකතුව ෆැන්ටෑස්ටික් ෆෝ කතා මාලාව (1961) හා සුපිරි වීරයන් හදුන්වා දුන් අතර ස්පයිඩර් මෑන්, හල්ක්, තෝර්, අයන් මෑන්, ඈන්ට් මෑන් එක්ස් මෑන් කණ්ඩායම වැනි වීර චරිත ද ඩොක්ටර් ඩූම්, රෙඩ් ස්කල්, තානෝස්, අල්ට්‍රන්, ලෝකි වැනි දුෂ්ට චරිත ද මාවල් චිත්‍රකතා ඔස්සේ නිර්මාණය විය. 1964 වසරේ දී මෙම වීර චරිත එකතුව කණ්ඩායමක් ලෙස ඇවෙන්ජර්ස් නමින් හදුන්වා දුන් අතර එකිනෙකා සතු වූ සුපිරි හැකියාවන් ගෙන් යුතු මෙම වීරයන්ගේ අරමුණ වූයේ පිටස්තර බලවේගවලින් ලෝකයේ ස්ථාවරත්වය රැක ගැනීමයි. අමෙරිකා එක්සත් ජනපදයේ The Strategic Homeland Intervention, Enforcement and Logistics Division (S.H.I.E.L.D.) - උපායමාර්ගිකව මාතෘභූමියට මැදිහත්වීම බලාත්මක කිරීමේ සංවිධානාත්මක කාර්යාංශය සමඟින් එක්ව කටයුතු කළ ද ලෝක සාමකාමී අරමුණු වෙනුවෙන් ඔවුන් කැපවී සිටියි. ඇවෙන්ජර්ස් කණ්ඩායම මුලින්ම එක් වූයේ ලෝකි පරාජය කිරීම වෙනුවෙනි.

බ්ලැක් විඩෝ -

හිටපු රුසියානු රහස් ඔත්තුකාරියක වන නතාෂා රොමනොෆ් S.H.I.E.L.D.  හි සාමාජිකාවක වේ. අධි තාක්ෂණික ආයුධ අත දරන ඇය Iron Man 2 චිත්‍රපටයෙන් මාවල් සිනමා විශ්වයට එක් වූ අතර ඇවන්ජර්ස් කණ්ඩායම සමඟ ලෝකි පරාජය කිරීමේ සටනට ද දායක වූවාය.

කැප්ටන් අමෙරිකා -

කැප්ටන් අමෙරිකා හෙවත් ස්ටීව් රොජර්ස්හට දෙවැනි ලෝක යුද්ධයේදි සුපිරි සොල්දාදුවන් සඳහා වන බෙහෙතක් එන්නත් කිරීම නිසා බලය හිමි වේ.

හෝකායි -

S.H.I.E.L.D. හි සාමාජිකයකු වන හෝකායි හෙවත් ක්ලින්ට් බාර්ට්න් අති දක්ෂ දුනුවායෙක් වේ.

ස්පයිඩර් මෑන් -

පීටර් පෑන් නම් උසස් පාසලක තරුණයා ස්පයිඩර් මැන් හෙවත් මකුළු මිනිසා බවට පත් වන්නේ, විද්‍යාගරයක ජාන වෙනස් කරන ලද මකුළුවකු දෂ්ට කිරීම හේතුවෙන්. මේ නිසා මකුළුවන් සතු හැකියාවන් ලෙස තම ශරීරයේ ප්‍රමාණයට අනුව සවිමත් දැල් නිර්මාණය කිරීමේ හැකියාව, වේගවත් බව, අධි සංවේදිතාව, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පීටර් පෑන්හටද හිමි වේ.

තෝර් -

ඇස්ගාඩ් නම් දිව්‍ය ලෝකයේ රජ ඕඩ්න්ගේ පුතු වන තෝර් ඕඩ්න් විසින් දඬුවමක් සඳහා පෘථිවියට එවන අතර ඉ.ඩ්.ධ්.ඡ්.ඹ්.ච්. සමඟින් එක් වේ. ඔහු සතු අයුධය වන්නේ බලගතු මිටියකි.

අයන් මෑන් -

තම ආත්ම වර්ණනයේ යෙදෙන අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක් ධනවත් ව්‍යාපාරිකයෙක්, බුද්ධිමතෙක් සේම සල්ලාල දිවියක් ගත කළ අයෙක් වේ. ත්‍රස්ත කල්ලියක් විසින් ඔහු පැහැරගත් පසු තමාගේ අවි නිෂ්පාදන ආයතනය මඟින් විශේෂ අවියක් ලෙස රොබෝ මිනිසෙක් මෙන් දිස්වන ඇඳුමක් නිර්මාණය කර ගනී. 2008 වසරේදී මාවල් සිනමා විශ්වයේ නිර්මාණය කෙරුණු පළමු චිත්‍රපටය වන්නේ ද  Iron Man චිත්‍රපටය යි.

හල්ක් -

ආචාර්ය බෲස් බැනර් කොළ පැහැති ශක්තිමත් හල්ක් බවට පත් වන්නේ එන්නතක් හේතුවෙන්. කෝපයට පත් වූ විට හල්ක්හට තමන් පාලනය කරගත නොහැකි වන දරුණු පුද්ගලයකු බවට පත් වේ.

කැප්ටන් මාවල් -

අමෙරිකානු ගුවන් හමුදා පියාසර නිලධාරිනියක වූ කැරොල් ඩැන්වර්ස්හට සුවිශේෂ බලයක් හිමි වන්නේ අනතුරකදී විශ්ව කිරණවලට හසුවීමෙනි.

ඈන්ට් මෑන් -

මාවල් සිනමා විශ්වයේ කුඩා ප්‍රමාණයේ සුපිරි වීරයා වන්නේ ඈන්ට් මෑන් ඇඳුමෙන් සන්නද්ධ වූ ඈන්ට් මෑන් හෙවත් කුහුඹු මිනිසා ය. මෙම විශේෂ ඇඳුම ඔහුට ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමටත් යළිත් විශාල වීමටත් හැකි පරිදි ශක්තියක් ලබා දෙයි.

අප්‍රිකාවේ වකන්දාහි රජ ටීචල්ලා හෙවත් බ්ලැක් පැන්තර්, කෘත්‍රිම මොළයකින් ක්‍රියාත්මක විෂන්, වෝ මැෂින්, විශ්ව ශක්තිය මනසේ බලයෙන් පාලනය කරන ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, තානෝස්ගේ හදාගත් දියණියන් වන ගමෝරා සහ නෙබියුලා, වකන්දාහි හමුදා ප්‍රධානී අකෝයි ද ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ කතාබහට ලක් වූ සුවිශේෂ චරිත වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.