රෝහණ විජේවීර අපදානය සිනමාවට

දුරුත්තේ සීතල මැද මුලින්ම ගින්නෙන් උපන් සීතල
දෙසැම්බර් 9, 2018

 රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇසුරුකරගනිමින් අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල සිනමාපටය ලබන වසරේ ජනවාරියේදී තිරගතවීමට නියමිතය. සම්මානනීය රංගන ශිල්පි කමල් අද්දරආරච්චි මෙහි විජේවීර චරිතයට පණපොවනු ලබයි. ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, සුජිව ප්‍රියලාල්, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, දිල්හානි ඒකනායක, දීපානි සිල්වා, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත ලක්නාත්, චන්ද්‍රසෝම බිංදුහේවා, හංසමාලා ජානකි, මංජුල මොරගහ, අංජන ප්‍රේමරත්න, බුද්ධික ජයරත්න, චින්තක කුලතුංග මෙහි චරිත රංගනයේ යෙදෙති.

ආරියවංශ දම්මගේ තිර කතාව රචනාකොට ඇත. නදීක ගුරුගේගේ සංගීත අධ්‍යක්ෂණයකි. රවීන්ද්‍ර ගුරුගේ සිනමාපටයේ සංස්කරණ ශිල්පියාය. ධනුෂ්ක ගුණතිලක කැමරා අධ්‍යක්ෂණයෙන් දායක විය. උදේනි සුබෝධි කුමාරි කලා අධ්‍යක්ෂණවරයා. ජූඩ් මුතුගල රේඛීය නිෂ්පාදනයෙන් එක්විය.

චන්දන සමරකෝන් විධායක නිෂ්පාදනයෙන් එක්වූ ගින්නෙන් උපන් සීතල සිනෙප්‍රෝ ලංකා වෙනුවෙන් චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.