මැර කල්ලියකට හසු වූ අවිහිංසක තරුණිය

නයිට් රයිඩර්
සැප්තැම්බර් 12, 2019

නයිට් රයිඩර් සිනමාපටයේ සෙසු නළු නිළියෝ

ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, තුමිදු දොඩන්තැන්න, ආනන්ද කුමාර උන්නැහේ, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස්

 

නයිට් රයිඩර් සිනමාපටයේ

නිෂ්පාදනය – කසුන් පතිරණ

කතාව, දෙබස්, තිර රචනය -

ශ්‍රීනාත් චතුරංග සමඟ කසුන් පතිරණ

කැමරා අධ්‍යක්ෂණය – විශ්ව කරුණාරත්න

සංස්කරණය – ලක්රුවන් ද සේරම්

සංගීතය – අජිත් කුමාරසිරි

කලා අධ්‍යක්ෂණය – චරිත් වික්‍රමතිලක

රේඛීය නිෂ්පාදනය - රොනිත් අධිකාරි

නිෂ්පාදන කළමනාකරණය – තරිදු දේශප්‍රිය

සහාය අධ්‍යක්ෂණය – චාමර සේලාර

අංග රචනය - ශාලිත ගුණවර්ධන

පරිගණක දෘශ්‍ය ප්‍රයෝග - දිමුතු රූපසිංහ

වර්ණ සංකලනය – මලින්ද සම්පත්

සටන් අධ්‍යක්ෂණය – ඔසඳ සමන් බණ්ඩාර

ඇඳුම් නිර්මාණය - චරිත් ගමගේ

ශබ්ද පරිපාලනය – ආශා රාජපක්ෂ

මිලින්දගේ සිතේ සිහින බලාපොරොත්තු කප්පරකි. කුලී රථ රියදුරකු ලෙසට ජීවිතය ජයගන්න උත්සාහ කරන ඔහු අවිවාහක තරුණයෙකි. නිශා කළුවර පොළව සිප ගනිද්දී සිය රාජකාරිය අරඹන මිලින්ද මැදියම වනතෙක් කුලී රථය පදියි. ඇතැම් විට අලුයම දක්වා ද ඔහුගේ වෘත්තීය ජීවිතය දිගුයි. තවත් සුපුරුදු රැයක් උදා විය. ගමනක් බිමනක් යාමට කෙනකු අමතන තෙක් මිලින්ද කල් මැරීය. ආසනයට බර වූ ඔහු මඳක් එහි ඇල වුණේ ගීයක් මුමුනන ගමන්ය. මොහොතක් ගත වූ තැන රථයට කිසියම් කෙනෙකු ගොඩ වනු මිලින්දට දැනිණ. ක්ෂණයකින් හැරී බැලූ ඔහුට දිස් වූයේ සුරූපී තරුණියකි. ඇයගේ හදවතහි වේගය දෙගුණ තෙගුණ වී තිබිණ. කතා කරගත නොහැකිව වචන පැටලිණ. ඇය කිසියම් කරදරයකට පත්ව ඇති වග මිලින්දට දැනිණ. ඔහුගේ සිතැඟි නිවැරිදිය. තරුණිය පසුපස මැර කල්ලියක් හඹා එයි. මිලින්දගේ රථයට ඇය නැංගේ කිසියම් වූ පිළිසරණක් පතාය. ඈ අහිංසක තරුණියක් බව ද මිලින්දට වැටහිණ. ඔහු තරුණිය බේරා ගැනීමට මැදිහත් විය. ඔවුන් පසුපස නොනවත්වාම මැර කණ්ඩායම හඹා එන්නට විය. කාලය උද්වේගකර අන්දමින් ගෙවී යන්නට පටන් ගත්තේය. මේ රැය අමුතුම එකක් බව මිලින්දට දැනිණ. එය ගෙවෙන්නේ කෙසේද? කසුන් පතිරණ අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් නමැති සිනමාපටය ගලා යන්නේ ඒ අන්දමිනි. මිලින්ද ලෙස කලණ ගුණසේකරත් තරුණියගේ චරිතය යුරේනි නොෂිකාත් රංගනයේ යෙදෙති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.