ආදරණීය දෝණි

මවට පිහිට වූ දිරිය දියණියකගේ කතාව
සැප්තැම්බර් 5, 2019

උපන් වත්කමක් සේ දිළිඳුකම තුරුලු කර ගනිමින් මෙලොව එළිය දුටු සමන්මලී එකොළහ වසරේ ශිෂ්‍යාවකි. පියා අහිමි ඇයගේ තනි නොතනියට සිටියේ මව පමණි. දෙදෙනා එකතු වී ඉදියප්පන් තම්බමින් බත සරි කොට ජීවිතය ගෙව්වත් වරින් වර නැඟෙන කරදර හේතුවෙන් සමන්මලීගේ පාසල් ගමන කඩාකප්පල් වේ. ඇය කබලෙන් ළිපට වැටුණා හා සමාන වන්නේ මවගේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසාය. මෙබැවින් ඇයට පාසල් ගමන ද හරියාකාරව යා ගන්නට බැරි වෙයි. ඉස්කෝලේ සමන්මලීගේ පන්ති බාර ගුරුතුමිය නයෝමිය. ඇය සමන්මලීට උපකාර කරන්නට පෙලඹෙයි. නයෝමිගේ පෙම්වතා රුවන්ය. රුවන් තාක්ෂණවේදය පිළිබඳ ගුරුවරයෙකි. නයෝමි හරහා රුවන් සමන්මලී හඳුනා ගන්නා අතර ඇය තමන් සතු එක්තරා බලාපොරොත්තුවක් හෙළි කරනු ලබයි. ඒ තමන් නව උපකරණයක් නිර්මාණය කිරීමය. එය ඉදියප්පන් නිපදවන එකකි. මව නිතර වෙහෙසෙන නිසා සමන්මලී මේ උපකරණය සෑදීමට පෙලඹේ. අවසන රුවන් සර්ගේ ද උදව්වෙන් සමන්මලී හිතුවාටත් වඩා උසස් උපකරණයක් බිහි වේ. එය ඇය සමස්ත ලංකා මට්ටමේ තරගයකට යවයි. එහි තීරණය ලැබෙන තෙක් සමන්මලී බලා සිටියි.

ආදරණීය දෝණි සිනමාපටය එකී කතාව ඔස්සේ ප්‍රේක්ෂක ඔබ ආමන්ත්‍රණය කරයි. ඉසුරු කුරේ නමැති නවක සිනවමාකරුවකු සිනමාවට එක් වන්නේ මෙම සිනමාපටය සමඟිනි. එය ඔහුගේ පළමු අධ්‍යක්ෂණය මෙන්ම පළමු නිෂ්පාදනය ද වේ.

 

 

ආදරණීය දෝණි සිනමාපටයේ

නිෂ්පාදන පිරිවර:

 

කැමරා අධ්‍යක්ෂණය – නිරංග සංජිව

 

සහාය අධ්‍යක්ෂණය – අමිල සඳුන් ප්‍රේමරත්න

 

කලා අධ්‍යක්ෂණය – ඉරන්ත චාමිකර

 

අංග රචනය - සමීර රත්නායක

 

ඇඳුම් නිර්මාණය – මධුශාන් කීගල්

 

නිෂ්පාදන කළමනාකරු - චරිත චතුරංග

 

නිෂ්පාදන සහාය – අසිත ප්‍රසංග ද සිල්වා සහ චානක ප්‍රසන්න

 

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - මේඝ කාවින්ද කොළඹගේ – ක්‍රියේටිව් ෆෝස්

 

ශබ්ද සැලසම – ඩිරාන් විජයසිංහ

 

පසුබිම් සංගීතය – ආලෝක කුරේ

 

ගායනා - ආලෝක කුරේ සහ කාව්‍යා එරංදි

 

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.