මේ කතාව ඇත්ත කතාවක්

එක රෑනක කුරුල්ලෝ තැනූ බෙනඩික්ට් මන්ත්‍රීගේ
සැප්තැම්බර් 5, 2019

 

මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණේ. ඒ ඇත්ත කතාව ශෝකාන්තයකින් නිම වුණේ. ඒත් මං ඒකේ දුක්බර කොටස අයින් කරලා ආදර්ශවත් කතාවක් හැටියට චිත්‍රපටයට යොදා ගත්තා.

බෙනඩික්ට් මන්ත්‍රීගේ කතාව ආරම්භ කළා. මේ දිනවල ඔහු නිර්මාණය කළ එක රෑනක කුරුල්ලෝ සිනමාපටය තිරගත වෙනවා. එය ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. බෙනඩික්ට් වසර හතළිහකට අධික කාලපරාසයක් තුළ නොයෙක් අංශ යටතේ තිරය පිටුපස වැඩ කටයුතු සිදු කළ අයෙකි. ඒ අත්දැකීම් ඔස්සෙයි ඔහු එක රෑනක කුරුල්ලෝ සිනමාපටය නිර්මාණය කරනු ලැබුවේ.

අපේ දරුවෝ හරිම දඩබ්බරයි. ඔවුනට මඟ පෙන්විම අවශ්‍යයි. කතාවට අනුව දරුවො කණ්ඩායමක් ට්‍රිප් එකක් යනවා. බසය කැලයක අසල නිස්කලංක තැනකදී ඔවුන් කන්න නවත්වනවා. ළමයින් කණ්ඩායමක් ඒ කියන්නේ හතර දෙනෙක් විතර මුව රංචුවක් දැකලා කැලේ ඇතුළට යනවා. මෙහෙම ගිය ළමයින්ට සිද්ධ වන කරදර බාධක එක්කයි කතාව ඉදිරියට ඇදෙන්නේ. මෙතෙන්දි ගුරුවරුන්ගේ අතෙත් පොඩි වැරැද්දක් තියෙනවා. ගුරුවරයා සහ ගුරුවරිය ප්‍රේමයෙන් බැඳුණු දෙන්නෙක්. ප්‍රේමයට තැනක් නොතැනක් නැහැනෙ. ඔවුන් කතාබහ කරමින් ඔවුන්ගේ ලෝකයේ මඳ වෙලාවක් තනි වෙනවා. ළමයින් අකරතැබ්බයකට මුහුණ දෙන්නේ ඒ වගේ වෙලාවක.

එක රෑනක කුරුල්ලෝ සිනමාපටය උදයංග බණ්ඩාරගේ නිෂ්පාදනයකි. ක්ලීටස් මෙන්ඩිස්, ශෂිරංග වික්‍රමසේකර, තාරුකා වන්නිආරච්චි, ඔස්ටින් සමරවික්‍රම, මිලින්ද පෙරේරා සුනිල් ලියනාරච්චි, ප්‍රදීප පතිරණ, කීර්ති රංජිත් පීරිස්, උදයංග බණ්ඩාර, ප්‍රියංගනි කැකුලාවල, ලාල් සරත් කුමාර, සාලිය කුමාර ශ්‍රී ඇතුළු පිරිස මෙහි චරිත මවති. දුලාජ් චාමර, සදීප ලක්ෂාන්, මාක් ඩෙවෝන්, පැතුම් බ්ලැක්ෂන් ළමා නළුවෝය. කතාව දෙබස් තිර රචනය සහ කැමරා අධ්‍යක්ෂණය බෙනඩික්ට් මන්ත්‍රීගෙනි. ගීත රචනා නිමල් ගුණසේකර සහ කැමිලස් පෙරේරාගෙනි. හස්මීන් ගිහාන් ගුණසේකර සහ සුනිල් ලියනාරච්චි, සුපුන් චාමික, සමිත් සුදන්ත මන්ත්‍රීගේ සහ මලික් මේනක පියරත්න ගායනයෙන් එකතු වූහ. නිරෝෂ් දිසානායක සංගීත අධ්‍යක්ෂවරයාය. සංජය කමල් මන්ත්‍රීගේ ගේ සංස්කරණයකි. සිරිනාථ වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන් මෙන්ම අංග රචනයෙන් එකතු විය. දයානන්ද ඉඹුල්දෙණියගේ සහාය අධ්‍යක්ෂණයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.