රන්ජන්ට නැවතත් සුපිරි චරිතයක්

සුරංග ද අල්විස්ගෙන් THE GAME
අගෝස්තු 15, 2019

රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් ආදී චිත්‍රපට නිර්මාණය කළ සුරංග ද අල්විස් තවත් සිනමාපටයක් නිර්මාණය කිරීම ආරම්භ කොට තිබේ. ද ගේම් යනුවෙන් නම් කොට ඇති එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරනුයේ සුපිරි නළු රන්ජන් රාමනායකයි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, තරින්දි ප්‍රනාන්දු, තුෂිනි ප්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, වසන්ත කුමාරවිල, ටිරෝන් මයිකල්, ලාල් කුමාර, ලක්ෂ්මන් අමරසේකර, සුදේශ් වසන්ත පීරිස්, නිල්මිණි කෝට්ටගේ ඇතුළු පිරිස සෙසු චරිත රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂවරයා සමඟ නිශාන්ත වීරසිංහ මෙහි තිර රචනා කොට තිබේ. ගාමිණි මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයාය, රුවන් වීරසිංහගේ සංස්කරණයකි, සරත් ද අල්විස්් සංගීත අධ්‍යක්ෂණය කොට තිබේ. උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද සහ සංඛ දිනෙත් ගීත ගැයුමෙන් එක් වෙති. ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂවරයාය. චන්ද්‍ර සුගත් කුමාරගේ අංග රචනයකි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රියාන් අනුර ශ්‍රී ඇඳුම් නිර්මාණයෙන් ද, අනුර ශාන්ත නිශ්චල ඡායාරූපකරණයෙන් ද, දර්ශන දිසානායක සහ සම්පත් අල්විස් නිෂ්පාදන කළමනාකරණයෙන් ද “ද ගේම්” සඳහා එක්ව සිටිති. නිශාන්ත වීරසිංහගේ විධායක නිෂ්පාදනයකි. ද ගේම් සංගීතා චිත්‍රපට සහ ඒ 4 නිෂ්පාදනයෙන් අනුර සමරවීර දායක වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.