‘විෂම භාග’ චීනයේ ඇගැයේ

ජූලි 4, 2019

 ලොව ඒ ශ්‍රේණියේ සම්මාන උලෙළවලින් එකක් ලෙස පිළිගැනෙන චීනයේ ෂැන්හයි සම්මාන උලෙළේ අවසන් පුර්ව වටයේ චිත්‍රපට 300 ටද අවසන් වටයේ චිත්‍රපට 10 අතරට අතරට ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂමභාග චිත්‍රපටය තේරි පත් විය. තවද ශ්‍රී ලංකාව ෂැන්හයි සම්මාන උලෙළ තරඟකාරී අංශයෙන් නියෝජනය වන්නේ ප්‍රථම වතාවටයි. මෙහිදී තිරරචනය වෙනුවෙන් විෂම භාග අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක ඉරානය, ජපානය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවල් සමග අවසාන වටයට තරඟ කරනු ලැබීය. හොඳම නළුවා ලෙස තවත් රටවල් 5ක් සමග අවසන් වටයට නිර්දේශ වීමට එහි රුවන්සිරිගේ චරිතය නිරුපණය කළ පන්සිළු වික්‍රමරත්න නම් ළමා රංගන ශිල්පියා සමත් විය.

‘විෂම භාග’ චිත්‍රපටයේ නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රද්ධා මධ්‍ය ජාලයේ ප්‍රධාන අනුසශාසක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ආශිර්වාදයෙන් පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමියන් විසිනි.

ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂිනි රත්නායක, පන්සිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න මෙහි රංගනයෙන් දායක වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.