භීමලොවෙන් අතුරුදන් වූ දැරියකගේ කතාව

සුපර්ණා
ජුනි 13, 2019

සුජීව ප්‍රියාල් කුලුඳුල් නිර්මාණය

සුපර්ණා කරන නළු නිළියෝ

අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, සංජීව උපේන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කළණ ගුණසේකර, කෙනාරා වීරතුංග, විශ්වජිත් ගුණසේකර, හයිසින්ත් විජේරත්න, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන්, මාලි ජයවීරගේ, රංජිත් රූබසිංහ

සුපර්ණා නිෂ්පාදන කණ්ඩායම

තිර රචනය හා අධ්‍යක්ෂණය - සුජීව ප්‍රියාල් යද්දෙහිගේ

නිෂ්පාදනය - කල්යානි රණවක (North West Films)

කැමරා අධ්‍යක්ෂණය - ධනුෂ්ක ගුණතිලක

සංස්කරණය, වර්ණ මිශ්‍රණය හා ශබ්ද මිශ්‍රණය - ප්‍රවීන් ජයරත්න

නිෂ්පාදන සැලසුම්කරණය - ලාල් හරින්ද්‍රනාත්

සංගීත අධ්‍යක්ෂණය - පබලූ විජේගුණවර්ධන

අංග රචනය - හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය - ඩිනේෂ් ජයශාන්ත

ගීත ගායනය - දුමාල් වර්ණකුලසූරිය/දුලීකා මාරපන

ගී පද රචනය - ධම්මික හෙට්ටිආරච්ච්

ඉදිරිපත් කිරීම - 3rd bell Theatre

පිටසක්වළ ජීවියෙකුට දාව පෘථීවියේ උපත ලද තරුණියක් ශ්‍රී ලංකාවේ ගමක වාසය කරන අතර, ඈ පෙනුමෙන් අසාමාන්‍ය ගැහැනියකි. නම සුපර්ණාය. ඇගේ හිසකෙස් නැත. හැසිරීම අසාමාන්‍යයය. සුපර්ණා දකුණු ප්‍රදේශයේ ගමක වාසය කරයි. ගමේ එක්තරා ප්‍රදේශයක විදේශිකයන් විසින් පවත්වාගෙන යන පාරිසරික පර්යේෂණ ආයතනයකි. එහි සේවය කරන සුපර්ණාගේ මිතුරෙකු වන රවීන්ට එහි සිදුවන්නට යන්නා වූ පර්යේෂණයක් ගැන දැන ගන්නට ලැබේ. එය ඔහු සුපර්ණාට දැනුම් දෙයි.

පර්යේෂණයට අනුව හෙට දිනයේ ගමේ වැවට වෛරසයක් මුදාහරින බවත් එය අවදානම් තත්ත්වයක් බවත් දැනගත් සුපර්ණා සහ රවීන් ඉන්ද්‍රජිත් නැමැති තැනැත්තෙකු සමඟ පර්යේෂණාගාරයට වැද වෛරසය සොරා ගන්නට තීරණය කරති. ඔවුන් එදින සවස පර්යේෂණාගාරයෙන් වෛරසය සොරාගන්නා අතර, ඉන් ඉවතට පැනයන අතරදී ආරක්ෂකයන්ගේ වෙඩි පහරට ලක්ව රවීන් මියයයි. ඉන් අනතුරුව සුපර්ණා හා ඉන්ද්‍රජිත් සොයමින් ගම පුරා යන පාරිසරික පර්යේෂණ ආයතනයේ ආරක්ෂකයන්ගේ සහායට පොලීසිය ද එකතු වේ. මේ අතර ගමට සෙත් ශාන්තියක් කරමින් දකුණු

ප්‍රදේශයට ආවේණික වූ පහතරට නැටුම් සම්ප්‍රදායේ එන ශාන්තිකර්මයක් ඉන්ද්‍රජිත්ගේ නිවසේ සිදුවෙමින් තිබේ. සැඟවී සිටිනා සුපර්ණාට කිසියම් අමුත්තෙකු හරහා ඇගේ සම්භවය පිළිබඳ රහස දැන ගැනීමට ලැඛෙන අතර, ඇගේ පියා භීම නමැති ග්‍රහලෝකයේ වැසියෙක් බවත්, ඈ කුඩා කල අතුරුදන් වූ ඇගේ පියා ඇය එනතෙක් භීමයේ බලා සිටිනා බවත් ඇයට දැන ගැනීමට ලැබේ.

ඇය මිතුරන් දෙදෙනෙකුගේ සහාය ඇතිව බහුජාතික පාරිසරික පර්යේෂණ ආයතනයකින් ගමේ වැව ආරක්ෂා කරමින්, සිය පිටසක්වළ සම්භවය සොයා යෑම උදෙසා අරගලයක යෙදෙමින් සිටියි. ලාංකීය මහපොළොවේ සැබෑ ඉතිහාසය පිළිබඳවත්, පරිසර හිතකාමී මනුෂ්‍ය කොට්ඨාසයක් වූ ඔවුන්ගේ සංස්කෘතික අංග පිළිබඳවත් පැය 48 ක් ඇතුළත සිදුවන කුතුහලය දනවන සිද්ධි දාමයක් සමග සුපර්ණා දිගහැරේ. වෙනස්ම කතා පුවතකින් සමන්විත සුපර්ණා සිනමාපටය සුජීව ප්‍රියාල් යද්දෙහිගේගේ අධ්‍යක්ෂණයකි. මෙහි සුපර්ණා ලෙසින් දුලීකා මාරපන රංගනයේ යෙදේ. දුලීකා සුජීවගේ ආදරණීය බිරියයි.

       

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.