ශ්‍රී ලංකා සිනමා පාසල ඇරැඹේ

ජුනි 6, 2019

 ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධිතව ශ්‍රී ලංකා සිනමා පාසල පසුගිය මැයි 22 වැනිදා ආරම්භ විය. මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථා සභාපතිනි අනූෂා ගෝකුල, ශ්‍රී ලංකා පදනමේ සභාපති, සරත් කෝන්ගහගේ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, බුද්ධදාස විතානාච්චි, ජැක්සන් ඇන්තනි, සබීතා පෙරේරා ඇතුළු කලාකරුවන් ද ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ. මෙම සිනමා පාසලේ අධ්‍යක්ෂ ධූරය හොබවනු ලබන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසිනි.

මෙහිදී සිනමාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට අවස්ථාව උදා වී තිබේ. අධ්‍යක්ෂණය හා තිර රචනය, කැමරාකරණය හා ආලෝකකරණය, සංස්කරණය හා ශබ්ද සැලසුම්කරණය විෂයන් මූලික කර ගනිමින් සිනමා ශානර, කලා අධ්‍යක්ෂණය, දේශපාලන ඉතිහාසය, ලෝක සාහිත්‍යය ප්‍රවණතා, ලෝක කලා ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, දර්ශනය, මනෝ විශ්ලේෂණය, සංගීතය ආදී විෂයන් ද ඇතුළුව තුන් අවුරුදු පාඨමාලාවක් ලෙසින් එය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

Add new comment