සාම කුමරු 31 එයි

මැයි 30, 2019

තවත් බෞද්ධ කතා පුවතක් රැගත් සිනමාපටයක් මෙම මස 31 වැනිදා එනම් හෙට සිට තිරගතවීමට නියමිතය. ඒ නිශාන්ත සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ සාම කුමරු චිත්‍රපටය යි. පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන් නිර්මාණය කළ මෙම සිනමාපටය යූ. ඒ. පල්ලියගුරුගේ නිෂ්පාදනයකි. මීට ප්‍රථම ඔහු පැණි මකුළුවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේය. රීගල්, ලිඩෝ, මැජෙස්ටික් ඇතුළු සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වන සාම කුමරු චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තා, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, නාලක දළුවත්ත, හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නන්ද වික්‍රමගේ, දේශප්‍රිය බණ්ඩාර, රහල් බුලත්සිංහල, අශෝක ප්‍රියදර්ශන, ශාන් ෆර්නැන්ඩු ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙති. ළමා චරිත රංගනයෙන් දිමිත්‍රි පල්ලියගුරු, ධිර්ථ පල්ලියගුරු, ආකාශ් ගුණතිලක, රිසෝන් ලෙහන්සා දායක වෙති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.