කාටත් රහසින් බෙනට් කවුරුවත් දන්නේ නෑ කියයි

මැයි 30, 2019

සම්මානනීය සිනමාකරු බෙනට් රත්නායකගේ නවතම සිනමාපටයේ වැඩකටයුතු ඉකුත්දා ආරම්භ කෙරිණ. කවුරුවත් දන්නෙ නැහැ (ව්ධඡධඤර ඬදධඹඵ) යනුවෙන් නම තබා ඇති එය අධ්‍යක්ෂවරයාගේ පස්වැනි සිනමාපටයයි. අස්වැසුම, සුළඟ, ඉරහඳයට සහ නෙලා බෙනට් පෙර නිර්මාණය කළ සිනමා සිතුවම් වේ.

ලකී ඩයස්, සංගීතා විරරත්න, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, දුලීකා මාරපන, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, කුමාර තිරිමාදුර, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උදාර රත්නායක, අජිත් ලොකුගේ, ගාමිණී ජයලත්, ටීනා ශනෙල්, ක්‍රිස්ටල් අමේරා, අරුණි මෙන්ඩිස්, නිල්වලා විශ්වමාලි, මල්කාන්ති ජයසිංහ, නිමේෂා ඈන්, උදිත ගුණරත්න ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායකවෙති.

ධනුෂ්ක ගුණතිලක කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වේ. සුජිව ගුණරත්න කලා අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වේ. කුමාර කරව්දෙණිය ඇඳුම් නිර්මාණ ශිල්පියාය. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් එක්වෙයි. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙනි. සම්මානනිය නවකතා රචක චූලාභිය ශාන්ත කුමාරහේරත් සිනමා තිර නාටක රචකයකු ලෙස දොරට වඩින මෙහි තිර රචකයා බෙනට් රත්නායකය. සිනමාපටයේ සමන්මලී හේවාමාන්නගේ නිෂ්පාදනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.