සතුරන්ගෙන් පළා යන ඇයට විකුම් පිහිට වේවිද?

මැයි 16, 2019

අංජු ධනංජය අධ්‍යක්ෂණයට

හාත්පස සන්සුන්ය. එහෙත් රාත්‍රිය බියකරුය. තමන්ගේ හද ගැස්ම පවා නෙතුකිට ඇසෙන්නේය. ඇය ධනවත් තරුණියකි. මේ මොහොතේ නෙතුකි සිටින්නේ තැති ගැනීමෙනි. පාරම්පරික මහා වස්තුවක හිමිකාරිය නෙතුකිය. එය ඩැහැ ගන්නට පිරිසක් බලා සිටියි. නෙතුකි ද ඒ ගැන දැනුම්වත්ය. නන්නාඳුනන තරුණයන් ඇයව පැහැර ගැනීමට එයි. නෙතුකිව රඳවාගෙන ඇගේ වස්තුව බලෙන් අත්පත් කරගැනීම ඔවුනගේ අරමුණයි. අවසන් විසඳුම පළායෑමයි. නෙතුකිට එසේ කරන්නට සිදු වෙයි. ඇයට අතරමගදී නන්නාඳුනන තරුණයකු හමු වෙයි. ඔහු විකුම්ය. වීදියේ හැදුණ වැඩුණ විකුම් අසධාරණයට එරෙහි වූ තැනැත්තෙකි. නෙතුකිගේ අරමුණ යම්තාක් දුරට විකුම් තේරුම් ගනියි. ඔහු නෙතුකි තදින් අල්ලාගෙන වේගයෙන් දිව යයි. විකුම්ගේ අරමුණ ආරක්ෂිත තැනක නෙතුකි රැඳවීමයි. විකුම්ගේ අභිප්‍රාය පිරිසුදුය. එහෙත් එය නෙතුකි කෙසේ තේරුම් ගනියිද, කෙදිනකවත් දැක නැති කෙනෙකුගෙන් උදව් ගැනීම කෙතරම් අවිනිශ්චිතදැයි නෙතුකිට සිතෙන වාර අනන්තය. මානය ඔබට ගෙන එන්නේ එයයි. නවක අධ්‍යක්ෂවරයකු දොරට වඩමින් එම සිනමාපටය නිර්මාණය වී තිබේ. අංජු ධනංජය සිනමාවට පා තබමින් මානය ගෙන එන අධ්‍යක්ෂවරයාය. උපේක්ෂා ස්වර්ණමාලි මානයෙහි නෙතුකිය. වසන්ත කුමාරවිල විකුම් ලෙසට පණ පොවයි.

මානය සිනමාපටයේ සෙසු නළු නිළියන්.

හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ, දිලිප් මනෝහර, සුමුදු අමල්ක, ප්‍රසන්න උඩගේආරච්චි, කසුන් දුෂාන්ත, ශානක දිලුම් බණ්ඩාර, ඊ. ආශිර්වාද, රසික කුමාර, රොෂාන් ඇස්කි, ලක්සිරි සිල්වා, නිශ්ශංක ද සිල්වා, ආර්. පී. සරත්.

නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රසන්න දේවින්ද ගුරුගේ සහාය අධ්‍යක්ෂණය - දමිත් අලුත්ගල අංග රචනය කිරන් ජී.සොයිසා කලා අධ්‍යක්ෂණ- කසුන් මහවඩුගේ ගී පද රචනය චුල හංසි මංචනායක ගායනය සහ සංගීත අධ්‍යක්ෂණය - නිලන්ත සිරි පතිරණ, නිෂ්පාදන කළමනාකරණය - දමිත් අලුත්ගම, සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, සුමුදු අමල්ක, ඇඳුම් නිර්මාණය - ඉන්දීවරි දිල්හානි රූපසිංහ, සංස්කරණය – අනුර බණ්ඩාර, නිෂ්පාදනය ඩයන්ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්දික රළපනාව

    

Add new comment