මානව භක්තියේ නිර්මල ගුරුගීතය

තට්ටු දෙකේ ඉස්කෝලේ
මැයි 9, 2019

සූරියපාලුව අති සුන්දර දුෂ්කර ගම්මානයකි.හරිත වන වදුලෙන් මෙන්ම කඳු වලල්කින් වටවූ මේ ගම්මානයේ දරුවන්ට අධ්‍යාපනය සඳහා ඇති එකම පාසල සූරියපාලුව ගමේ පාසලයි.හදිසියේ සූරියපාලුව වෙලා ගන්නා මැලේරියා වසංගතය ගමේ පාසල වැසීයන්නේ දරුවන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දමයි. ගුරුවරුන්හට පාසල අතැර දැමීමට සිදුවේ.මේ කුඩා පාසල හැර නොයන එකම මිනිසා පාල මාමාය.පාල පාසලේ මුරකරුවා වන අතර ඔහු යන්න එන්නට තැනක් නොමැති සුන්දර අදහස් ඇති ශක්තිමත් මිනිසෙකි.දරුවන් සමඟ කුලුපග පාල මාමා දරු දැරියන්ට ජීවිතය කියා දෙන්නේ පරිසරයේ චමත්කාරය ඇසුරිනි.කිසිවිටෙකත් පාසල හැර නොයන පාල දරුවන් සමඟ නිරතුරුවම කාලය ගත කරයි.

ගොවිතැනකින් එදාවේල සොයාගන්නා ගැමියන්ගේද ආදරණීය චරිතයක් වන පාල සෑම මොහොතකම දරුවන් සමඟ එක්ව අලුත් යමක් කිරීමට වෙහෙසෙයි.මේ සුන්දර පාසල් බිමේ දැවැන්තයකුව නැගී සිටින සියඹලා ගසකි.මල්,කොල,කරල් මෙන්ම දරුවන්ට අතුපතර සෙවණත සදන මේ සියඹලා ගසට දරුවන් තදින්ම සෙනෙහසින් බැඳෙයි.වැසීගිය පාසල වෙනුවට පාල සහ දරුවන් එක්ව අලුත් තක්සලාව ගොඩනඟන්නේ සියඹලා තුරු සිරස උඩ අතුපතර ය.

මේ පාසලේ ඉගෙනුම ලබන බණ්ඩා චිත්‍ර කලාවට සුවිශේෂී දක්ෂතාවක් දක්වයි.අහම්බෙන් හමුවන පත්තර පිටක් දකින පාල එහි පළව තිබෙන චිත්‍ර තරගයකට දරුවන් යොමු කරයි.බණ්ඩා චිත්‍ර තරගයෙන් පළමුවැනියා වන අතර වැසී ගිය පාසලක විදුහල්පතිවරයාගේ නිර්දේශය නොමැති කමින් එම චිත්‍රය ප්‍රතික්ෂේප වෙයි.

පාල බණ්ඩාගේ ජයග්‍රහණය ලබා ගැනීමට වෙහෙසෙයි.කාලය මෙසේ ගෙවී යයි.

බොහෝ කලකට පසුව ආදිත්‍ය බණ්ඩාර නම් ලෝ ප්‍රකට පරිසරවේදියා සූරියපාලුව ගම්මානයේ පාසලට පැමිණෙයි.සූරියපාලුව පාසලේ සැබෑ කතාන්දර එළි දකින්නේ රේවත බණ්ඩාර ගේ දේශනය හරහාය.එදා සූරියපාලුව විදුහලට සිදුවූයේ කුමක්ද?

සැමට සෙවණ සැදූ සියඹලා ගස උඩ තට්ටුදෙකේ ඉස්කෝලේ තැනූ පාල මාමාට අවසානයේ අත්වූ ඉරණම කුමක්ද?

එදා සූරියපාලුවේ දරුවන්ට සිදුවූයේ කුමක්ද ?

මේ සියලු පැන වලට පිළිතුරක් සොයන චිත්‍රපටයයි තට්ටුදෙකේ ඉස්කෝලේ.

තට්ටුදෙකේ ඉස්කෝලේ නළු නිළි පිරිවර

ජගත් චමිල, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, ජනක් ප්‍රේමලාල්, තරුෂි සුරම්‍යා, වොල්ගා කල්පනී, සූර්‍යා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර ,නයනා හෙට්ටිආරච්චි, අංජලී ලියනගේ, ෆර්නි රෝෂිනී, නෙතලි නානායක්කාර, අයෝධ්‍යා දක්ෂිකා, ජයන්ත වාසල, මෞලි දුෂ්මන්ත, චමීර ලියනගේ, ජීවන්ති

ප්‍රධාන ළමා චරිත

සුදම් කටුකිතුළ, ලංකානාත් රන්දීප, රවීශා දිව්‍යාංජලී, දහම්සා තරුදිසි, දුලන්සා

කතාව, තිර රචනය සහ දෙබස් -ලලිත් රෝහිත එදිරිසිංහ

නිෂ්පාදනය - වෛද්‍ය නිශාන්ත රොද්‍රිගු

සහය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න

කැමරා අධ්‍යක්ෂණය - මයුර කාරියවසම්

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

වේශ නිරූපණය - උහාන් ඕවිටය.

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය - ජගත් බස්නායක

පද රචනා - ලලිත් රෝහිත එදිරිසිංහ

ගීත ගායනය - ජිනේන්ද්‍ර යොලන්සා ඇතුළු ළමා පිරිස.

ප්‍රචාරණ සැලසුම් - ජචබඵ

නිශ්චල ඡායාරූප - දුලාන් අනුරාධ

නිෂ්පාදන කළමනාකරණය -උපුල් වසන්ත

නිෂ්පාදන කළමනාකරණ සහය - සුජීවා ප්‍රියන්ති

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.