තට්ටු දෙකේ ඉස්කෝලේ හැදෙයි

මැයි 2, 2019

ලලිත් රෝහිත එදිරිසිංහ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා නිමැවුමේ රූපගත කිරීම් ඉකුත් දා නිම විය. එය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වේ. තමන් සේවය කරන පාසලට අසීමිතව පෙම් බඳින පාල නමැති මුරකරුවකු වටා ගෙතුණ කතා පුවතකින් සමන්විත මෙහි ජගත් චමිල, ජනක් ප්‍රේමලාල්, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, තරුෂි පෙරේරා, වොල්ගා කල්පනී, සූරියා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, නයනා හෙට්ටිආරච්චි, අංජලි ලියනගේ, ෆර්නි රෝෂිනි, සුදම් කටුකිතුලේ, ලංකානාත් රන්දීප, රවිශා දිව්‍යාංජලී, දහම්සා තරුදිසි, දුලංසා ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. මයුර කාරියවසම් කැමරාව මෙහෙයවයි. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂවරයාය. උහාන් ඕවිටිගේ අංග රචනයකි. ජයන්ත අබේරත්න සහ අමිල ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂවරුන්ය. ප්‍රවීන් ජයරත්න සංස්කරණ කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.