තිත්ත ඇත්ත විශේෂ දැක්ම දා

දෙසැම්බර් 27, 2018

 

එදා නොම්බර 17 ගෙන එමින් සරසවිය සිනමා උලෙළේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස අභිසෙස් ලැබූ ප්‍රීතිරාජ් වීරරත්න මෙදා තිත්ත ඇත්ත තිරයට ගෙනවිත් තිබේ. මෙතෙක් සිනමා නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කළ ප්‍රීතිරාජ් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත්වන්නේ මෙම සිනමාපටය සමඟිනි. දූෂිත දේශපාලනඥයෙකුගේ ක්‍රියාකලාපය ඇසුරෙන් තිත්ත ඇත්තහි තිරකතාව රචනාකරනු ලැබුවේද ප්‍රීතිරාජ් විසිනි. තිත්ත ඇත්ත සිනමාපටයේ විශේෂ දර්ශනයක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

සනත් ගුණතිලක, ටෙනිසන් කුරේ, විල්සන් කරු, දොන් ගයි, රජිත හිරාන් චාමිකර, සුසිලා කෝට්ටගේ, චතුර පෙරේරා, නිල්මිණි කෝට්ටේගොඩ, උදය කුමාරි, ඩී. බී. ගංගොඩතැන්න, සැන්ඩෝ හැරිස්, කිරන් ඩී. සොයිසා, චතු චතුරංගනී, රවී උඩත්තාව, දිල්කි මිහිරාජ්, මධු ශානි ප්‍රදීපා වික්‍රමසිංහ, රහුල් රිෂික, සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා තිත්ත ඇත්ත සිනමාපටයේ නළු නිළි කැළය.

සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. ඉරාජ් වීරරත්න සංගීත අධ්‍යක්ෂවරයාය. උභය දිසානායකගේ අංගරචනයෙන්ද සුරංජිත් බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන්ද අජිත් ප්‍රනාන්දුගෙ නිෂ්පාදන කළමනාකරණයෙන්ද, සුරේෂ් කුමාරසිංහ සහාය අධ්‍යක්ෂණයෙන්ද එයට දායකත්වය සපයති. චින්තක දේවප්‍රිය නිශ්චල ඡායාරූපකරණයෙන් එක්විය.

තිත්ත ඇත්ත සඳහා ඉරාජ් විසින් නිර්මාණය කළ ජනප්‍රිය ගීත ත්‍රිත්වයක් ඇතුළත් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.