ශනලි Vs කවීශා ටවුමේ ඉස්කෝලේ

දෙසැම්බර් 6, 2018

ශනලිගේ කතාව ආරම්භ වන්නේ ඇය ටවුමේ ඉස්කෝලෙට ඇතුළත්වීමෙන් අනතුරුවය. මෙතෙක් ඇය සිප් සතර හැදෑරූ ගමේ පාසලට සමුදෙන්නේ පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත් වූ නිසාය. ටවුමේ ඉස්කෝලෙට ගිය මුල් දිනයේ එය තමන්ට නෙැපෑහෙන වග ශනලිට තේරම් ගියේ නැත. ඒ ඇගේ සිත තවමත් පුංචි බැවිනි.

උපතින්ම ගෙනා හැකියාවන් රැසක් සමඟින් ඉතාම කෙටි කලකදී ශනලි පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යාවක බවට පත් වන්නීය. පන්තියේ විද්‍යා ගුරුවරියගේ දියණිය සිටින්නේ ද ශනලිගේ පන්තියේය. ඇය කවීශාය. තම දියණිය අබිබවා ගමනක යෙදෙන ශනලි කෙරෙහි ගුරුවරිය ඉරිසියා කරන්නට පටන් ගන්නීය. කවීශා ද මවට දෙවැනි නැත.

දුටු තැන ශනලිට කෙනෙහිලිකම්ය. පාසල් නිවාඩුව ආරම්භ වන්නේ ළමා ළපටින්ගේ සිත් ප්‍රමෝදයට පත් කරමිනි. වාර අවසාන දින ශනලි මිතුරියක සමඟ පාර අද්දරට වී බසයක් එනතුරු සිටියි. මිතුරිය අමතක වූ යමක් ගෙන එන්නට යළි පාසලට යයි.

මේ අතර ශනලි අවශ්‍යතාවයක් වෙනුවෙන් පාසලේ වැසිකිළිය වෙත යන්නට හදද්දී එතුළින් එළියට එන්නේ කවීශාය. ඇය ශනලි වැසිකිළියට යන තෙක් හිඳ එහි දොරට ඉබ්බා දමා වසන්නේ වැඩිදුර නොසිතාය.

අනේ අසරණ ශනලි . . .

එතැන් පටන් ඇය එතැන සිර වී සිටියි. කිසිවකුගේ නෙතට හසු නොවී ඇය දරාගත නොහැකි හැඟීම් සමූදායයක් මැද ඒ කුටියේ සිර වෙයි. ශනලිගේ කතාව දොම්නස්දායකද? නැතිනම් සොම්නසින් නිම වේවිද? ටවුමේ ඉස්කෝලේ සිනමාපටය ඊට පිළිතුරු ගෙන එයි.

ටවුමේ ඉස්කෝලේ සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. මෙය ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන අතර තිර කතාව ද ඔහුගේය. නලීන් රාජපක්ෂගේ ද රේන්බෝ සිනමාපටයේ තිරකතාව රචනා කරන ලද්දේ ද සුනිල් විසිනි.

ටවුමේ ඉස්කෝලේ ළමා සිනමාපටයකි. දම්මික අතපත්තු එහි නිෂ්පාදකවරයාය. සිනමාපටයේ ශනලි ලෙස ප්‍රභාෂි පල්ලියගේත් කවීශා ලෙස මිලිෂා යොනුලි ද චරිත මවති. ඔවුන් සිනමාවට හඳුන්වා දෙන්නේ ද ටවුමේ ඉස්කෝල් සිනමාපටය සමඟිනි.

 

ටවුමේ ඉස්කෝලේ නළු නිළියෝ :

 

බිමල් ජයකාඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, සුසිලා කෝට්ටගේ, උමයංගනා වික්‍රමසිංහ, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අනෝජා වීරසේකර, ජීවනී නිරූපා, කීර්ති රංජිත්, අසංක දේවමිත්‍ර පෙරේරා, රංජිත් රූබන්, යොහානි හංසිකා, දිනුර නාගසිංහ

කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික මංගල

අංග රචනය - තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය - සනත් ජානක

සහාය අධ්‍යක්ෂණය - අමිල ප්‍රේමරත්න, දිලුපා වීරසිංහ

නිෂ්පාදන කළමනාකරු - වසන්ත නිතුල්ගහමුදුන

නිශ්චල ඡායාරූප සහ මාධ්‍ය සම්බන්ධිකරණය - උපුල් නිශාන්ත

සංගීත අධ්‍යක්ෂණය - දර්ශන වික්‍රමතුංග

ගායනය - ශෂිකා නිසංසලා, දර්ශන දිසානායක, කුමාරි දසනායක, යොහානි මුනිෂිකා

ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ, සුසන්ත ධර්මප්‍රිය

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

සහාය නිෂ්පාදන කළමනාකරණය - මහින්ද රත්නායක, ඩබ්ලිව්. එම්. කරුණාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.