මෙන්න අලුත් චිත්‍රපට

අප්‍රේල් 1, 2021

ඝාතනය සොයා යෑම Forensic

ෆොරෙන්සික් යනු පසුගිය පෙබරවාරි මස නිකුත් වූ අපරාද කතා පුවතක් ගෙනා ත්‍රාසජනක මලයාලම් චිත්‍රපටයකි. අඛිල් පෝල් සහ අනස් ඛාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු එහි ටොවිනෝ තෝමස්, මම්තා මෝහන්දාස්, රෙන්ජි පැනිකර් සහ රෙබා මොනිකා ජෝන් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති. තරුණයකු සිය අධිකරණ වෛද්‍ය කුසලතා භාවිතා කර ඝාතන නඩුවක ඉදිරි ගමන සොයා ගනිමින් ඝාතකයාගේ අනන්‍යතාවය පිළිබඳ සාක්ෂි අනාවරණය කර ගන්නා වූ මෙහෙයුම මේ ඔස්සේ දිගහැරේ. ෆොරෙන්සික් චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය.


චිත්‍රපට පහක් Unpaused

අන්පෝස්ඩ් යනු පසුගිය වසරේ දෙසැම්බර් මස නිකුත් වූ හින්දි චිත්‍රපටයකි. එය කොරෝනා වසංගතය අතරතුර රූගත කරන ලද හින්දි කෙටි චිත්‍රපට පහක එකතුවක් වන අතර නව ආරම්භයන් පිළිබඳ කතා ඇතුළත් වේ. නිඛිල් අද්වානි, අවිනාශ් අරුන්, ටනිෂ්තා චටර්ජි, ක්‍රිෂ්ණා ඩී. කේ, නිත්‍යා මෙහ්රා, රාජ් නිදිමෝරු මෙහි අධ්‍යක්ෂවරුන් වේ. රීචා චද්ධා, සයාම් ඛේර්, සමීත් වාස්, අභිෂේක් බැනර්ජි, රත්නා පථාක් ඇතුළු පිරිසක් මෙහි චරිත මවති. අන්පෝස්ඩ් ඇමසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකිය.


වීරවරිය නැවතත් Wonder Woman 1984

වොන්ඩර් වුමන් 1984 යනු ඩීසී චිත්‍රකතා චරිතයක් වන වොන්ඩර් වුමන් වටා ගෙතුණු ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයකි. ගැල් ගැඩෝට්, ක්‍රිස් පයින්, ක්‍රිස්ටන් විග් සහ පේද්‍රෝ පැස්කල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන එහි ඩයනා (වොන්ඩර් වුමන්) සහ ඇගේ අතීත ආදරය වූ ස්ටීව් ට්‍රෙවර්, මැක්ස් ලෝඩ් සහ චීටාට එරෙහිව සටන් වදිති. පැටී ජෙන්කින්ස්ගේ අධ්‍යක්ෂණයක් වන වොන්ඩර් වුමන් 1984 ඩ්ඕර්‍ණර්ඒඔ ඔස්සේ නැරඹිය හැකිය.


රස අහර මැද Ninnila Ninnila

අන්නි සාසි විසින් අධ්‍යක්ෂණය කරන ලද නින්ලිලා නින්ලිලා තෙළිඟු චිත්‍රපටය පසුගිය පෙබරවාරි මස නිකුත් වූවකි. ප්‍රේමණිය, හාස්‍යමය චිත්‍රපටයක් වන එහි අශෝක් සෙල්වන්, නිත්‍යා මෙනන් සහ රිතූ වර්මා ප්‍රධාන චරිත නිරූපණය කරති. මාංශ පේශි ආබාධයකින් පෙළෙන දක්ෂ සූපවේදියකු සහ තරුණියන් දෙදෙනෙකු පිළිබඳ කතාපුවතක් මෙහි ඇතුළත් වේ. සී5 ඔස්සේ නින්ලිලා නින්ලිලා නැරඹිය හැකිය.

යතේජා