ඉර්ෆාන් ඛාන් හොඳම නළුවා වූ 66 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ

අප්‍රේල් 1, 2021

 

ගෙවී ගිය 2020 වසර සියලු ලෝ වැසියන්ට සේම සිනමා කර්මාන්තයට ද දුෂ්කර වසරක් විය. ඒ කෙසේ වෙතත් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ වුවද සිනමාවේ ආලෝකය නිවා නොදැමීම සහතික කිරීම සඳහා චිත්‍රපට කර්මාන්තය එක් වූවා සේම ඉන්දීය සිනමා කර්මාන්තයේ අනිවාර්ය අංගයක් ලෙස ෆිල්ම්ෆෙයාර් තීරණය කර සිටියේ විශේෂයෙන් වසරකට පසු බොලිවුඩ් සිනමාවේ හොඳම දේ සැමරීම වැදගත් බවයි. වර්තමානයේ පවතින දුෂ්කරතා මඟහරවා ගනිමින් ෆිල්ම්ෆෙයාර් 66 වැනි සම්මාන උලෙළ පසුගිය මාර්තු 27 වැනිදා මුම්බායි හිදී පැවැත් විණි.

මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා වෙනුවෙන් වූ සම්මානය පිරිනැමුණේ පසුගිය වසරේදී මෙලොවින් සමුගත් ඉර්ෆාන් ඛාන් වෙතයි. ඇන්ග්‍රෙසි මීඩියම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වූ එම සම්මානය ඉර්ෆාන් ඛාන් වෙනුවෙන් ඔහුගේ පුත් බාබිල්හට පිරිනැමිණි. මෙවර ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය පිරිනැමුවේද ඉර්ෆාන් වෙනුවෙනි.

 

හොඳම චිත්‍රපටය - තප්පාඩ්

හොඳම අධ්‍යක්ෂණය - ඕම් රවුට් (තන්හාජි: ද අන්සන්ග් වොරියර්)

හොඳම නළුවා - ඉර්ෆාන් ඛාන් (ඇන්ග්‍රෙසි මීඩියම්)

හොඳම නිළිය - තාප්සි පන්නු (තප්පාඩ්)

හොඳම චිත්‍රපටය (විචාරක) - ප්‍රතීක් වැට්ස් (ඊබ් ඇලේ ඕ!)

හොඳම නළුවා (විචාරක) - අමිතාබ් බච්චන් (ගුලාබෝ සීතාබෝ)

හොඳම නිළිය (විචාරක) - තිලෝතමා ෂෝම් (සර්)

හොඳම සහය නළුවා - සයිෆ් අලි ඛාන් (තන්හාජි: ද අන්සන්ග් වොරියර්)

හොඳම සහය නිළිය - ෆාරුක් ජෆාර් (ගුලාබෝ සීතාබෝ)

හොඳම කතාව - අනුභව් සුෂිලා සිංහ සහ මරුන්මායි ලාගෝ වයිකුල් (තප්පාඩ්)

හොඳම තිර රචනය - රොහෙනා ජෙරා (සර්)

හොඳම සංවාදය - ජුහි චතුර්වේදි (ගුලාබෝ සීතාබෝ)

හොඳම නැඟී එන අධ්‍යක්ෂ - රාජේෂ් ක්‍රිෂ්ණන් (ලෝට්කේස්)

හොඳම සංගීත ඇල්බමය - ප්‍රිතම් (ලුඩෝ)

හොඳම පද රචනය - ගුල්සාර් (චප්පාක් - "චප්පාක්")

හොඳම පසුබිම් ගායකයා - රාගව් චෛතන්ය ("ඒක් ටුක්ඩා ධූප්" - තප්පාඩ්)

හොඳම පසුබිම් ගායිකාව - අසීස් කෞර් ("මලන්ග්" - මලන්ග්)

යාවජීව සම්මානය - ඉර්ෆාන් ඛාන්

හොඳම සටන් - රාමසාන් බුලට්, ආර්පී යාදව් (තන්හාජි: ද අන්සන්ග් වොරියර්)

හොඳම පසුබිම් සංගීතය - මංගේෂ් ෂර්මිලා ඩක්ඩේ (තප්පාඩ්)

හොඳම කැමරාකරණය - අවික් මුඛෝපාදය (ගුලාබෝ සීතාබෝ)

හොඳම නර්තන වින්‍යාසය - ෆාරා ඛාන් ("දිල් බෙචාරා" - දිල් බෙචාරා)

හොඳම ඇඳුම් නිර්මාණය - වීරා කපූර් ඊ (ගුලාබෝ සීතාබෝ)

හොඳම සංස්කරණය - යෂා පුෂ්පා රාම්චන්දනි (තප්පාඩ්)

හොඳම නිෂ්පාදන නිර්මාණය - මනසි ධරව් මේතා (ගුලාබෝ සීතාබෝ)

හොඳම ශබ්ද පරිපාලනය - කමොද් ඛරාඩේ (තප්පාඩ්)

හොඳම දෘෂ්‍ය ප්‍රයෝග - ප්‍රසාද් සුතාර් (තන්හාජි: ද අන්සන්ග් වොරියර්)

 

 

කෙටි චිත්‍රපට සම්මාන

හොඳම චිත්‍රපටය (ප්‍රබන්ධ) - ශිව්රාජ් වයිචල් (අර්ජුන්)

හොඳම චිත්‍රපටය (ප්‍රබන්ධ නොවන) - නිටේෂ් රමේෂ් පරුලේකර් (බැක්යාඩ් වයිල්ඩ්ලයිෆ් සැන්චුරි)

හොඳම නිළිය - පූර්ති සවර්දෙකර් (ද ෆස්ටි වෙඩින්)

හොඳම නළුවා - අර්නව් අබ්දගීර් (අර්ජුන්)

හොඳම කෙටි චිත්‍රපටය (ජනප්‍රිය තේරීම) - දේවි