උණ්ඩයක් මා වෙත ඇදී එයි

Enai Noki Paayum Thota
සැප්තැම්බර් 12, 2019

විශ්වවිද්‍යාල සිසුවකු වන රඝූ, නිළියක වන ලේඛාට ආදරය කරයි. ඔවුන් විවාහ වන්නේ දැඩි ප්‍රේම සම්බන්ධයකින් පසුවය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් රඝු-ලේඛා යුග දිවිය ඔවුන්ට තිත්ත කදුරු බඳු වෙයි. එහි අවසන රඝුගේත් ලේඛාගේත් ඉරණම විසඳෙන්නේ කෙසේද? ඊනෛ නෝකී පායුම් තෝට්ටා (උණ්ඩයක් මා වෙත ඇදී එයි) ආදරය, සැකය, ත්‍රාසය මුසු වුණු දෙමළ භාෂිත හින්දි චිත්‍රපටයකි. පසුගිය සිකුරාදා (6) රිදී තිරයට නිදහස් කෙරුණු එහි රඝු ලෙස රඟපාන්නේ ධනුෂ්ය. ලේඛා, මේඝා ආකාෂ්ය. සසිකුමාර්, සෙන්ති වීරසාමි, සුනෙයිනා, වේලා රාමමූර්ති සෙසු චරිත නිරූපණය කරන අතර, රානා ඩග්ගුබාති ගරු රඟපෑමෙන් එක්වෙයි.

ඊනෛ නෝකි පායුම් තෝට්ටා කතාව සිනමාවට ගෙන ඒමට එහි අධ්‍යක්ෂ ගෞතම් මෙනන් මුල් පියවර තැබු‍වේ 2013 වසරේදීය. ඒ සූර්යා සමඟය. එහෙත් දෙදෙනාගේ මනාපයන් වෙනස් චිත්‍රපට දෙකකට වූ නිසා ව්‍යාපෘතිය ඇන හිටියේය. පසුව ධනුෂ් සහ මෙනන් සුසංයෝගය පළමුවරට සමරමින් 2016 පෙබරවාරි මාසයේ චෙන්නායිහිදී රූපගත කිරීම් ආරම්භ කළේ මාස දෙකක් ඇතුළත කෘතිය නිමවා අවසන් කිරීමට අදිටන් කරගනිමිනි. එහෙත් මෙහි ඇතුළත් තමරාසි විසින් රචිත, ධර්බුකා සිවා විසින් තනු නිර්මාණය කරන ලද ගීත හතර රූපගත කිරීම් සඳහා තුර්කියේ ඉස්තාම්බුල්, අන්කාරා, ඉස්මීර්, ඇලනායා ආදී මනරම් දර්ශනතල සොයා යෑම නිසාත්, තිරපිටපතට නියමිත අවසානයක් නැති වීම නිසාත් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී රූපගත කිරීම් අතරමඟ නතර කරන්නට මෙනන්ට සිදුවිය

. ආකර්ෂණීය අවසානයක් සඳහා සසිකුමාර් ධනුෂ්ගේ වැඩිමහල් සොහොයුරා ලෙස යොදාගෙන අමතර රූපගත කිරීමකටද මෙනන් අතපෙව්වේ මේ අතරතුරය. මෙහි කැමරාකරණය ජමන් ටී. ජෝන්ගෙනි. කෙසේ වෙතත් ඊනෛ නෝකී පායුම් තෝට්ටා අවස්ථා කීපයකදී ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. එහි පළමු ප්‍රදර්ශක පෝස්ටරය නිකුත් කළේ 2016 නොවැම්බර් මාසයේය. ඉන්පසු 2017 පෙබරවාරියේ මෙන්ම දෙසැම්බරයේද ප්‍රදර්ශනය අරඹන බව කියැවිණි. පසුව එය 2018 ජූලි දක්වා කල් ගියේය. මූල්‍ය අර්බුදය පිළිබඳ කිසිවක් නොදැන සිටි ධනුෂ් ගැටලුව දැනගත් මොහොතේ මෙනන්ට පැවසුවේ ඔහු කියනා ඕනෑම මොහොතක රඟපෑමට සූදානම් බවයි. දකුණු ඉන්දීය සිනමා නිෂ්පාදකයන්ගේ සංගමය පැවසුවේ මේ චිත්‍රපටය නිදහස් කරන තුරු මෙනන්ගේ චිත්‍රපට සඳහා කිසිදු මුදල් නිකුත් කිරීමක් නොකරන බවයි. අවසානයේ අධ්‍යක්ෂ මෙනන් අගෝස්තුවේ පැවසුයේ සැප්තැම්බර් 6 වැනිදාට නියත වශයෙන්ම ඊනෛ නෝකී පායුම් තෝට්ටා ප්‍රදර්ශනය සඳහා නිදහස් කරන බවය. මේ වනතුරුත් කතා සාරාංශය නිකුත් කර නැති ඊනෛ නෝකී

පායුම් තෝට්ටා කෘතිය සඳහා රොට්න් ටුමැටෝස් විචාරක මත හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර පළ වී නැති අතර ධ්ර්ච්ඡ දර්ශකයේ 8.3ක් දක්වයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.