දන්නා සුරතලුන් ගැන නොදන්නා කතාව

The Secret Life of Pets 2
ජුනි 6, 2019

සුරතලයට සතුන් ඇති කිරීම බොහෝ නිවෙස්වල දැකිය හැකියි. සුනඛයන්, පූසන්, හාවන්, මත්ස්‍යයන්, කුරුල්ලන් වැනි සතුන් ඒ අතර වේ. බොහොමයක් නිවෙස්වල පවුලේ සාමාජිකයකුට හිමි තැන සුරතලාට ද හිමිවන අතර කුඩා දරුවන් තම නිවෙසේ වෙසෙන සුරතලා සමඟින් අපූරු මිත්‍රත්වයකින් බැඳී සිටිනු දැකිය හැකියි. එපමණක් නොව පීඩාවට පත් මිනිස් මනස සැහැල්ලු කිරීමේ අපූරු හැකියාවක් මෙම සුරතල් සතුන් සතු වීමද විශේෂත්වයකි.

The Secret Life of Pets චිත්‍රපට මාලාව යනු මෙලෙස නිවෙස්වල වෙසෙන සුරතල් සතුන් පිළිබඳ කියවෙන පරිගණක සජීවිකරණ සිනමා නිර්මාණයකි. එම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය 2016 වසරේ ලොකු කුඩා කාගේත් ආවධානය දිනා ගත් පරිගණක සජිවිකරණ චිත්‍රපටයක් බවට පත් විය. එහි දැක්වූයේ, නිවෙස්වල හිමිකරුවන් උදෑසන රාජකාරි සඳහා පිටත්ව ගිය පසු එම නිවෙස්වල සිටින සුරතල් සතුන් එක් වී කුමක් කරන්නේ ද යන්නයි.

මෙම චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Secret Life of Pets 2 චිත්‍රපටයෙන් සුරතල් සතුන්ගේ තවත් වීරක්‍රියාවක් දැක ගන්න අවස්ථාව උදා වී තිබේ. හෙට (ජූනි 07) සිට තිරගත කිරීමට නියමිත එය ච්ඥඵනඪජචඡතඥ ර්ඥ පළමු සහ දෙවැනි චිත්‍රපට, ඊඩඥ ඹ්ධපචය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ක්‍රිෂ් රිනවුඩ්ගේ අධ්‍යක්ෂණයකි. පැටන් ඔස්වලට්, එරික් ස්ටෝන්ස්ට්‍රීට්, හැරිසන් ෆෝඩ්, කෙවින් හාර්ට්, ටිෆනි හාඩිෂ් ඇතුලු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දී ඇත. මෙහි රූස්ටර් නම් සුනඛ සුරතලාගේ චරිතයට හඬ දායකත්වය ලබාදීම හැරිසන් ෆෝඩ්ගේ වසර 53ක රංගන ජීවිතයේ පළමු හඬ දායකත්වය වීමද විශේෂත්වයක්.

මැක්ස්ගේ හිමිකාරිය කේට් විවාහ දිවියට පිවිස දරුවකු ලබා මව් පදවිය ලැබීම මැක්ස්ගේ ජීවිතයත් විශාල වෙනස්වීම්වලට ලක්වීමට හේතු වේ. කේට් ඇතුළු පවුලේ සාමාජිකයන් ගම්බද ප්‍රදේශයක විනෝද චාරිකාවක නිරත වීමේදී මැක්ස්හට නගරයේදී හමු නොවූ තවත් අපූරු මිතුරන් හඳුනා ගන්නට අවස්ථාව උදා වේ. ගවයන්, එළදෙනුන්, හිවලුන් සහ කළුකුමන් ඒ අතර සිටී. ගෙවිපොළ සුනඛයකු සහ කුකුළෙකු නිසා මැක්ස්ගේ ජීවිතය තරමක් පහසු වේ. නව මිතුරන් සමඟින් මැක්ස් අලුත් ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න The Secret Life of Pets 2 චිත්‍රපටයෙන් දැක බලාගත හැකි වේ.

විචාරකයන් පවසා සිටියේ The Secret Life of Pets චිත්‍රපට මාලාවේ පළමු වැනි චිත්‍රපටය දක්ෂ ශිල්පීන් එකතුවකින් නිර්මාණය කළ වේගවත් විනෝදජනක කතාවක් බවයි. එසේම දරුවන් සමඟ නැරඹීමේදි මව්පියන් එතරම් අපහසුතාවයට පත් නොවන ආකාරයේ චිත්‍රපටයක් ලෙසින් හඳුන්වා දුන් එය සුරතල් සතුන් ඇති කරන්නන්ගේ අත්දැකීම් හොඳීන් උකහාගත් චිත්‍රපටයක් බවත් පෙන්වා දුන්හ. එසේම The Secret Life of Pets 2 චිත්‍රපටය ද සත්ත්ව ජීවිතවල සංවේදී බව කියාපාන අයුරින් නිර්මාණය කර තිබෙන බව විචාරක අදහසයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.