ඉන්දියාවේ දෙවැනි අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රීගේ අභිරහස් මරණය ගැන කියන

THE TASHKENT FILES
මැයි 2, 2019

 

පසුගිය කාලයේ දේශපාලන චරිත ඇසුරෙන් නිර්මාණය කෙරුණු සිනමා නිර්මාණ කිහිපයක් පිළිබඳව බොලිවුඩයෙන් අසන්න ලැබුණා. ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත ඇසුරෙන් නිර්මාණය කෙරුණු එම චිත්‍රපට අතර පසුගිය අප්‍රේල් 12 වැනිදා තිරගත කිරීම ආරම්භ කෙරුණු ඊඩඥ ඊචඵඩඬඥදබ ජ්ඪතඥඵ හින්දි චිත්‍රපටයත් විශේෂ වේ. ඊඩඥ ඊචඵඩඬඥදබ ජ්ඪතඥඵ ඉන්දියාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ලාල් බහදුර් ශාස්ත්‍රීගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය වූවක්. ලාල් බහදූර් ශාස්ත්‍රී යනු මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු අනුව ගිය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකි. ඉන්දීය නිදහස් සටනට උර දෙමින් නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කළ අරගල හේතුවෙන් ශාස්ත්‍රීහට වසර නවයක පමණ කාලයක් වරින් වර සිරගත වීමට පවා සිදු විය. ජවහර්ලාල් නේරු රජයේ පළමු දුම්රිය ඇමැති ධුරය හෙබවූයේ ලාල් බහදූර් ශාස්ත්‍රී විසිනි. විශාලතම දුම්රිය මාර්ග ජාලයක් ක්‍රියාත්මක ඉන්දීය දුම්රිය සේවය නඟා සිටුවීම වෙනුවෙන් ඔහු කැප වී කටයුතු කළේ දුම්රිය ක්ෂේත්‍රය පිළිබඳ වූ හසළ දැනුමක් ද සහිතවයි. නමුත් වරෙක සිදු වූ දුම්රිය අනතුරක් හේතුවෙන් සිය ඉල්ලා අස්වීම අගමැති නේරුහට භාර දුන්නද නේරු විසින් එය පිළිනොගත් අතර දෙවැනිවරට තවත් අනතුරක් වූ පසුව භාර දුන් අස්වීමේ ලිපිය අගමැති නේරු විසින් පිළිගන්නා ලද්දේ සියල්ලට ආදර්ශයක් වනු ඇතැයි පවසමිනි. එපමණක් නොව යළිත් මැතිවරණ ජයකින් පාර්ලිමේන්තුවට තේරි පත්වන තෙක්ම ශාස්ත්‍රී කිසිදු ඇමති ධුරයක් භාර නොගැනීමට ද වගබලා ගත්තේය. 1964 වසරේදී අගමැති නේරුගේ අභාවයෙන් පසු ඉන්දියාවේ දෙවැනි අගමැති ලෙසින් පත් වූ ශාස්ත්‍රීගේ පාලන කාලය බෙහෙවින් අර්බුදකාරි එකක් විය. දැවැන්ත ආහාර හිඟය අතරේ පැන නැඟුණු ඉන්දු - පාකිස්තානු දේශ සීමා අර්බුදය යි. එය සාකච්ඡා මඟින් විසඳා ගැනීම ව්‍යර්ථ වූ තැන දේශසීමා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුදමය තීරණයක් ගත් ඔහු එම සටන ජය ගන්නේ ලොව ප්‍රබලම සටන් තේමා පාඨයක් ලෙසින් පිළිගැනෙන "ජායි ජවාන් ජායි කිසාන්" හෙවත් "වීර සෙබළා දිනේවා වීර ගොවියා දිනේවා" යන තේමා පාඨය පෙරදැරිවයි.

අනතුරුව රුසියාවේ මැදිහත්වීමෙන් එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත් උස්බෙකිස්තානයේ අගනුවර වන ටෂ්කෙන්ට් හිදී ඉන්දු - පාකිස්ථාන නායකයන්ගේ හමුව සිදුවන්නේ මෙම දේශ සීමා සටන යළි මතුවීම වැළැක්වීමේ අරමුණැතිව එකඟතාවයකට පැමිණීම වෙනුවෙන්. එහිදී ඉන්දීය අග්‍රමාත්‍ය ලාල් බහදූර් ශාස්ත්‍රී සහ පාකිස්ථාන ජනාධිපති මුහම්මද් අයුබ් ඛාන් ටෂ්කෙන්ට් එකඟතා ගිවිසුමට අත්සන් තැබූ අතර එදින රාත්‍රිය ශාස්ත්‍රීගේ දිවියේ අවසන් රාත්‍රිය බවට පත් වන්නේ මුළු ඉන්දියාවම කම්පා කරවමින්. ශාස්ත්‍රීගේ මරණය හෘදයාබාධයක් බවට පැවසුණ ද එම මරණය වස පානය කරවා කරන ලද්දක් බවට දිගින් දිගටම සැක සංකා මතු වුවත් වරින් වර කළ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ ඉල්ලීම්වලට නිහඬතාවය පමණක් හිමි වූයේ වර්තමානය දක්වාම ඔහුගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කරමිනි.

වසර පනස් තුනකට පමණ පසුව මෙම අභිරහස් මරණය පිළිබඳ යළිත් කතාබහක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස විවේක් අග්නිහෝර්ති විසින් ඊඩඥ ඊචඵඩඬඥදබ ජ්ඪතඥඵ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මෙහි කතාව, තිරරචනය ද අග්නිහෝර්තිගේය. නසරුදීන් ෂා, මිථුන් චක්‍රබෝර්ති, ශ්වේතා බාසු, පල්ලවි ජෝෂි, රාජේෂ් ශර්මා, විනේ පථක්, පන්කජ් ත්‍රිපාති, ප්‍රකාශ් බෙල්වාදි සමඟ මෙරටදී හඬකවා විකාශය කළ ශාන්ති ටෙලි නාට්‍ය මාලාවේ ශාන්ති ලෙසින් ජනප්‍රිය මන්දිරා බේඩි ද මෙහි රංගනයෙන් දායක වී සිටිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.