මැජික් අරිෂ්ටයේ රහස

මාර්තු 21, 2019

ඇස්ටරික්ස් කතා මාලාව දොරට වැඩියේ 1959 වසරේ ය. එය ප්‍රංශ ලේඛක රෙනී ගොස්සිනි විසින් රචනා කරන ද අතර චිත්‍ර සටහන් ඇන්දේ ඇල්බර්ටෝ උදෙර්සෝ විසිනි.ලොව පුරා ජනප්‍රිය වූ මේ කතා මාලාව මෙරට ජනප්‍රිය වූයේ මෙයට වසර විස්සකට පෙරාතුවය. ඒ අපේ ක්‍රිකට් ලොව ඉහළම ක්‍රිඩකයන්ගෙන් සමන්විත අවදියයි.

ඒ සිරස නාළිකාවේ සිංහලෙන් හඩ ගන්වා ඇස්ටරික්ස් ලා සූර පප්පා ලෙස සිංහලකරණය වූ පසුවය. අපේ ක්‍රිකට් නායකයන් පවා සූර පප්පාලාට නෙකතරම් වසගවී ද යත් ක්‍රිකට් වෙලාවේත් සූර පප්පාලා බලන්නට වෙලා හදා ගත් බව එකල වාර්තා විය. එහෙත් එය එදා ගැටලුවක් නොවුයේ අපේ ක්‍රිකට්, සූර පප්පාලාට වඩා ඉහළින් තිබුණ නිසාය. එහෙත් අද ක්‍රිකට් නැතත් සූර පප්පා තවමත් ජනප්‍රියය. ඇස්ටරික්ස්ලා සූර පප්පා බවට පත්කළේ පොඩිමල්ලි හා චූටි මල්ලි විසිනි. කැලේ මැද ගමක් තියෙනවා යනුවෙන් අරඹන සූර පප්පා ඒ තරම් ජනප්‍රියය. මේ සූර පප්පාලාගේ කතා නැතහොත් ඇස්ටරික්ස්ලා ද අමෙරිකානු බැට්මෑන් සුපර්මෑන් වැනි මාවල් වීරයන්ට වඩා වෙනස්ය. මේ ත්‍රාසය හැමවිටම ගෙන එනුයේ හාස්‍යයත් සමඟය. එමෙන්ම එය අතීත කතාවකි.

 කතාවට පාදක වනුයේ ක්‍රිස්තුපූර්ව පනහ පමණ කාලයයි. ඔවුන්ට හැමවිටම එරෙහිව සිටිනුයේ අසල්වැසි රෝමානුවන්ය. ඇත්ත ඉතිහාසය පුරාත් රෝමන්වරුන්ට යටත් කරන්නට බැරිවුණේ අසල්වැසි ගෝල් දේශයයි. ගෝල් දේශය යනු වර්තමාන ප්‍රංශයයි. ඒ නිසා ඇස්ටරික්ස් කතා මාලාව ඇත්තත් බොරුවත් පනහට පනහ ගානේ මිශ්‍ර කළ කතාවකි. ප්‍රංශය ඇස්ටරික්ස්ලාට කෙතරම් සලකනවාද යත් 1965 වසරේ කක්ෂ ගත කරන ලද මුල්ම ප්‍රංශ චන්ද්‍රිකාව නම් කරන ලද්දේ ඇස්ටරික්ස් නමින්ය. සූර පප්පාලා සියලු ශක්තිය යොදා සටන් කිරීමේ රහස වෙද පප්පාගේ මැජික් අරිෂ්ටයයි. මේ මැජික් අරිෂ්ටයේ රහස සොයා ගන්නට රෝමවරුන් නොකරන යුද්ධයක් නැත. එහෙත් රෝමන්කාරයන්ට සිදුවන්නේත් ආවා, කෑවා, නෑවා යන අපේ සටන් පෙළපාලි න්‍යායෙන් එහා නොයන්නටය.ඇස්ටරික්ස් කතා පුවත් සහිත චිත්‍රකතා නෙකතරම් ජනප්‍රිය වීද යත් එය භාෂාවන් 111කට පරිවර්තනය වී ඇත. ඇස්ටරික්ස් සිනමාවට එන්නේ 1967 වසරේ ඇස්ටරික්ස් ද ගෝල් නම් චිත්‍රපටයෙන්ය.

ඇස්ටරික්ස් ඇසුරෙන් තැනුණ චිත්‍රපට සංඛ්‍යාව 14 කි. එයින් 10 ක් කාටුන් චිත්‍රපට වූ අතර 4 ක් නළු නිළියන් රංගනයෙන් දායක වන චිත්‍රපටයන්ය. එහි ඇස්ටරික්ස් හෙවත් සූර පප්පා ලෙස සම්මානනීය නළු ක්‍රිස්ටියන් ක්ලෙවියර් ද ඔබිලික්ස් හෙවත් ජිම් පප්පා ලෙස ඇකඩමි සම්මාන දිනූ ජෙරාඩ් දෙපාදු ද චරිත මැවූහ. 2002 වසරේ තැනුණ ඇස්ටරික්ස් ඇන්ඩ් ඔබිලික්ස් සිෂන් ක්ලියෝපැට්රා චිත්‍රපටය එම වසරේ වැඩිම ආදායම් ලත් ප්‍රංශ චිත්‍රපටය විය. Asterix: the secret of the magic potion  චිත්‍රපටයට අධ්‍යක්ෂණය කරන ලද්දේ ලුවිස් ක්ලිචි හා ඇලෙක්සැන්ඩ්‍රෙ ඇස්ටියර් දෙදෙනා විසිනි. මේ පරිගණක චිත්‍රපටයකි. එය අලුත්ම ඇස්ටරික්ස් චිත්‍රපටයයි. මැජික් අරිෂ්ටය තනන වෙද පප්පා හෙවත් පැනොරමික්ස් අරිෂ්ටය හදන්නට අවශ්‍ය ගස් නගිද්දී බිම වැටී කකුල කඩා ගනියි. අරිෂ්ට රහස ගෝලයකුට පැවරිය යුතුවෙයි. මේ අතර වාරයේ සුපුරුදු රෝමන්කාරයෝ ගෝල් දේශය ආක්‍රමණය කරති. සුල්ෆුරික්ස් මැජික් අරිෂ්ටයේ රහස අනෙකෙකු අත පත් කරන්නට වැර දරයි. ඇලෙක්සැන්ඩර් ඇස්ට්‍රියර් මෙහි තිර රචනය ලියා ඇත

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.