2019 බලාපොරොත්තු සහගත හොලිවුඩ් චිත්‍රපට

ජනවාරි 3, 2019

උදා වුණු 2019 වසර ද හොලිවුඩයට බලාපොරොත්තු සහිත චිත්‍රපට රැසක් එක් වන වසරක් බවට පත් වී තිබෙනවා. ඒ අතරේ චිත්‍රපට මාලාවන්හි නව චිත්‍රපට සේම පරිගණක සජීවකරණ චිත්‍රපටවලටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. වෝල්ට් ඩිස්නි විසින් ජනප්‍රිය කාටුන චිත්‍රපට ත්‍රිත්වයක් සජීව චිත්‍රපට බවට පත්කර ඇති අතර මේ වසර මාවල් සිනමා විශ්වයටත් සුවිශේෂි වසරක් බවට පත් වෙනවා. චිත්‍රපට පෙළ ගැස්ම දිග හැරෙන්නේ ජනවාරි 04 වැනිදා තිරගත කෙරෙන ඇඩම් රොබිටෙල් විසින් අධ්‍යක්ෂණය කළ Escape Room  චිත්‍රපටයෙන්. නාඳුනන පුද්ගලයන් හය දෙනෙකු මාරාන්තික උගුල් ඇට වූ කාමර හයකට ආරාධනා ලබන අතර ඔවුන් දිවි බේරා ගැනීමට ගන්නා උත්සාහය එයින් දැක්වෙනවා.

Avengers: Endgame

පසුගිය වසරේ මාවල් සිනමා විශ්වයට පෙම් බැඳී සැමගේ නෙතට කඳුළක් එක් කළ පුවත් දෙකක් අසන්න ලැබුණා. සුපිරි වීරයන් රැසක් සමඟින් විශ්වයක් මැවූ ස්ටැන් ලී සැබෑ ජීවිතයෙන් සමු ගෙන යාම සහ මාවල් විශ්වයේ සුවිශේෂි ස්ථානයක් හිමි කැප්ටන් අමෙරිකා ලෙසින් පණ පෙවූ ක්‍රිස් එවන්ස් 'ඇවෙන්ජර්ස්' සිව්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් අවසානයේදී මාවල් සිනමා විශ්වය වෙනුවෙන් වූ සිය කර්යයභාරය අවසන් කළ බව හැඟියන සේ කළ ට්විටර් සටහනයි. අප්‍රේල් 26 වැනිදා සිට ලොවපුරා තිරගත කරන්නට සූදානම් වන 'ඇවෙන්ජර්ස්' සිව්වැනි චිත්‍රපටයේ දී දිවියෙන් සමුගෙන ගිය ස්ටෑන් ලී ගේ විශේෂ රංගන දායකත්වය දැක ගැනීමට ලැබෙන අවස්ථාව සහ ක්‍රිස් එවන්ස් කැප්ටන් අමෙරිකා ලෙසින් කළ අවසන් රංගනය ද මාවල් සිනමා රසික රසිකාවන්ට විශේෂවනු ඇති.

The Upside

සාර්ථක ලෙස තිරගත කෙරුණු ප්‍රංශ චිත්‍රපටයක් වන ඊඩඥ ධ්දබධභජඩචඡතඥඵ හි ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණය වන ඊඩඥ උනඵඪඤඥ අත් පා සියල්ල පණ නැතිව අංශභාග රෝගී තත්ත්වයෙන් පීඩා විඳීන ධනවත් පුද්ගලයෙකු අතීතයේ අපරාධකරුව සිටි පුද්ගලයකු තම සහයකයා ලෙසින් තෝරා ගැනීමේ කතා පුවතක් මෙහි ඇතුළත් වේ. ඊඩඥ උනඵඪඤඥ ජනවාරි 11 වැනිදා තිරගත කෙරේ.

nce Upon a Time  in Hollywood

අමෙරිකානු අපරාධකරුවකු වන චාර්ල්ස් මෙන්සන් ඇතුළු මෙන්සන් පවුල විසින් සිදු කළ ඝාතන වටා ගෙතුණු කතාවක් මෙහි ඇතුළත්. ක්වෙන්ටින් ටරෙන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ ර්‍ණදජඥ උනධද ච ඊඪථඥ ඪද ඩ්ධතතරඹධධඤ චිත්‍රපටයේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. සම්මානනීය හොලිවුඩ් නළු අල් පසීනෝ ද මෙහි නියෝජිතවරයකුගේ චරිතයට පණ පොවනවා.

Dumbo

වෝල්ට් ඩිස්නි ගෙන එන ච්භථඡධ, සර්කස් කණ්ඩායමක පුංචි අලි පැටියෙක් වටා ගෙතුණු කතාවක් ඇතුළත්. බෙහෙවින් ජනප්‍රිය කාටුන් මාලාවක් වූ ච්භථඡධ ඩිස්නි චිත්‍රපට ගෙන එන සජීව ප්‍රතිනිර්මාණ අතරින් එකක්. එය මාර්තු 29 වැනිදා තිරගත කිරීමට නියමිතයි. වේ.

Pet Sematary

අප්‍රේල් 05 වැනිදා හොලිවුඩ් රිදී තිරයට පැමිණෙනPet Sematary 1989 වසරේ එනමින් තිරගත කෙරුණු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. බ්‍රිතාන්‍යයේ නව නිවසකට පදිංචියට පැමිණෙන පවුලක් වටා මෙහි කතාව ගෙතී තිබෙනවා. ඔවුන් පදිංචියට පැමිණෙන නිවෙසේ පිටුපස සැඟවී තිබෙන බෙහෙවින් භයානක රහස් ගොන්නක් ඒ සමඟින් නිරාවණය වීම මෙම චිත්‍රපටයෙන් දැක ගත හැකියි.

Rocketman

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥ එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණ කෙරුණු Rocketman  චිත්‍රපටය මැයි 31 වැනිදා තිරගත කිරීමට නියමිතයි. එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේද ෆ්‍රෙඩී මර්කරිගේ ජීවිත කතාව ඇසුරින් Bohemian Rhapsody  චිත්‍රපටය අධ්‍යක්ෂණයට දායක වූ ඩෙක්ස්ටර් ෆ්ලෙචර් විසිනි. යොවුන් බ්‍රිතාන්‍ය නණ තරෝන් ඊගර්ටන් එහි එල්ටන් ජෝන්ගේ චරිතයට පණ පොවනවා.

Under the Silver Lake

කාන්තාවක අභිරහස් ලෙස අතුරුදන් වීම පිළිබඳ සොයා යන රහස් පරීක්ෂක කතාවක් සමඟින් එන Under the Silver Lake  අප්‍රේල් 19 වැනිදා තිරගත කිරීමට නියමිතයි.

Spider-Man: Far From Home


2017 වසරේ තිරගත කෙරුණු Spider-Man: Homecoming චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටය ලෙසින් der-Man: Far From Home චිත්‍රපටය ජූලි 05 වැනිදා තිරගත කිරීමය නියමිතයි. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ටොම් හෝලන්ඩ් විසින්.

Godzilla:  King of the Monsters

Godzilla චිත්‍රපට මාලාව ලොව ඉහළ ජනප්‍රියත්වයක් ලද චිත්‍රපට මාලාවක්. එහි චිත්‍රපට අතරින් 2014 වසරේ තිරගත කෙරුණු Godzilla  චිත්‍රපටයේ දෙවැන්න Godzilla: King of the Monsters නමින් මැයි 31 වැනිදා තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

Chaos Walking

පැට්‍රික් නෙස් විසින් රචිත Knife of Never Letting Go  නවකතාව ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස ඛ්ඩචධඵ එචතඬඪදඨ නමින් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඩග් ලිමන් විසින්. එය මාර්තු 01 වැනිදා ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.

Captain Marvel

මාවල් සිනමා විශ්වයේ අලුත්ම සුපිරි වීරවරියක් ගෙන එන Captain Marvel  චිත්‍රපටය මාර්තු 08 වැනිදා තිරගත වීමට නියමිතයි. කැප්ටන් මාවල් නම් වීරවරිය සමඟින් එය 1990 දශකයේ සිදුවීම් පෙළක් ගෙන එනවා. පිටසක්වල ජීවින් කණ්ඩායම් දෙකක් අතර චක්‍රාවාට යුද්ධයක් ඇතිවන අවස්ථාවක් අළලා නිර්මාණය වී තිබෙන එහි කැප්ටන් මාවල් හෙවත් කැරොල් ඩැන්වර්ස් චරිතයට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභි 28 හැවිරිදි අමෙරිකානු නිළි බ්‍රියේ ලාර්සන් විසින්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.