Feedback

Week of මැයි 16, 2019

පුන්සිරිගේ ජනප්‍රිය ගීත
මැයි 16, 2019 ~ ජයන්ත අමරතුංග ~ පොළොන්නරුව

පුන්සිරි සොයිසා 70 දශකයේ ගැයූ ‘බිඳුවක් ඉවසා’, ‘සුභා කියා මා’, ‘නොහඬන් ළඳුනේ’, ‘ගංගා දියවැල්’, ‘සෙව්වන්දියකට’, ‘එගොඩත් මෙගොඩත්’, ‘නෙලන්න හැකි තැන්වල’, ‘ඔබ මගේ නම්’, කොළොන් පුරෙන් තෑගි ගෙනෙන’ යන ගීත දශක හතරකට එපිට ගැයුවත් එම ගීත හරිම ජනප්‍රියයි. ප්‍රවීණ සංගීිතවේදී ස්්ටැන්ලි එම්. ප්‍රනාන්දුගේ ඉතාමත් මියුරු ගී තනු එයට කදිම උදාහරණයකි. ඔබ කැසට්පටවලට ගැයු ගී වලට වඩා ගුවන් විදුලියට ගැයූ ගීත කොතරම් ඇසුවත් රසයෙන් අඩුවක් නැත.

 

වෙලාව හරි සසන්ති
මැයි 16, 2019 ~ සුසිලා පතිරාජ ~ උස්වැටකෙයියාව

සසන්ති ඔබ අවු: 16 ක්ම රංගනය අමතක කර පුද්ගලික ජීවිතය ජය ගත් දිරිය දියණියක්. ඒත් එදා අප දුටු සසන්තිම වෙනසක් නොවී සුන්දරව ඉන්නවා. ඔබ නැවත සිංහල නාට්‍යයක රඟපා අපේ බලාපොරොත්තු ඉටු කරන්න. අපි ඔයා නැවත දකින්න හරි කැමැත්තෙන් හිටියේ. දැන් වෙලාව හරි සසන්ති. යළි රඟන්න.

 

දිල්හානි ඒකනායකට
මැයි 16, 2019 ~ චන්දන වන්නිආරච්චි ~ දෙහිඅත්තකණ්ඩිය

එදා දේදුන්නෙන් පායා ආ සමනලිය අද දවසේ සිරිලක අඹරම ඒකාලෝක කරන රංගන ශිල්පිනියක් බවට පත් වී තිබේ.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය තුළ සිනමාවට පිවිසි දිල්හානි අශෝකමාලා මෙරට ජනප්‍රිය සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියකි.

එවකට දිල්හානි අශෝකමාලා ගැන මත පළ කළ බොහෝ සිනමා විචාරකයන් පැවසුවේ ඇයට රඟපෑමට හැක්කේ ජනප්‍රිය චිත්‍රපටවල සීනි බෝල චරිත පමණක් යැයි කියාය.

එහෙත් ජනප්‍රිය සිනමාවෙන් මිදුණු ඇය පසු කලෙක නිර්මාණය වූ කලාත්මක ඝනයේ උසස් චිත්‍රපට රාශියකම තම ප්‍රතිභාව මොනවට සපථ කළේය. මෑත කාලයේ තිරගත වූ ගාමනී, ධර්ම යුද්ධය වැනි චිත්‍රපට කදිම නිදසුන්ය. එසේම ඇයගේ ප්‍රේමණීය රැඟුම් ප්‍රකට කළ ජනප්‍රිය සිතුවම වශයෙන් නිලම්බරේ චිත්‍රපටය හැඳින්විය හැකිය. ජනප්‍රිය, මැද මාවතේ, කලාත්මක ඇතුළු සෑම අංශයකින්ම දිල්හානි අශෝකමාලාගේ රංගන ප්‍රතිභාව මැනවින් කැපී පෙනෙයි.

 

විශාකා ආයෙත් කලාවට එන්න
මැයි 16, 2019 ~ ජගත් චන්ද්‍රසිරි පූජා ජගත්සිරි ~ පස්යාල

රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ අතිශය ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘සුර දූතියෝ’ චිත්‍රපටයේ සුර දුතියන් තිදෙනා අතරින් වඩාත් ප්‍රතාපවත් බවින් පිරිපුන් දේහධාරී පෙනුමෙන් යුත් සුර දූතිය වූයේ ඇයයි. ඇය ජනප්‍රිය නිළි විශාකා සිරිවර්ධනයි. විශාකා එම චිත්‍රපටයේ අනෙක් සුර දූතියන් දෙදෙනා වූ රෝසි සහ අකුශ්ලා සෙල්ලයියා සමඟ එක්ව දක්ෂ ලෙස සටන් ජවනිකා සහ හමුදා පුහුණුවීම් දර්ශන තාත්විකවම ඉදිරිපත් කර තිබුණේ ක්‍රියාදාම චිත්‍රපටයකට අවශ්‍ය ජීවය නොඅඩුව ලබා දෙමිනි. තවද විශාකා සෙයින් සුහේර්ගේ ‘සනසන්න මා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වරෙක බිය උපදවන ලෙසත් තවත් වරෙක අහිංසක චරිතයක් ලෙසත් ද්විත්ව ලෙස ඉදිරිපත් කර තිබුණේ ද සිත් ගන්නා ලෙසය. විශාකා සිංහල සිනමාවේ උසම නිළිය ද වේ. සිනමා සහ ටෙලි නාට්‍ය රාශියක විවිධ චරිත රඟපෑ මේ සුරූපිනිය අද වන විට රූපලාවන්‍ය ශිල්පිනියකව කලා කටයුතුවලින් දුරස්ව ඇත. විශාකා ඔබ කලා ලොවට අවශ්‍යමය.

 

ගැමිකම උරුම කරගත් දේවිකා මිහිරාණි
මැයි 16, 2019 ~ එස්. ඒ. පේමලතා ~ බණ්ඩාරගම

ටෙලි නාට්‍ය වංශ කතාවේ ප්‍රථම ටෙලි නිළිය ලෙසින් අභිසෙස් ලබා (දිමුතු මුතු) ඊට අමතරව ප්‍රථම ජනප්‍රිය ටෙලි නිළිය ලෙසට කීප වරක් සම්මාන ලද දේවිකා මිහිරාණි ටෙලි නිළිය ඇගයීමට ලක් වෙනවා ප්‍රමාණවත් නොවීම ගැන කනගාටුව පළ කරමි. වගකිව යුත්තන්ගේ දෙනෙත් මේ පිළිබඳව යොමු වේවා.

ප්‍රථම ටෙලි නිළිය ලෙස අභිසෙස් ලැබුණී

ජනප්‍රිය කිරුළ ඇය දෑතට බර නොවුණී

විජය මැතිඳු නැති පාලුව නොම දැනුණී

අද හුදකලා ගමනක් යයි මිහිරාණී

 

අහෝ! අශෝකා
මැයි 16, 2019 ~ සමන් ගාල්ලගේ ~ කැටපල

කාලයක් පුරාවට සිංහල සිනමාවට අනුපමේය සේවාවක් ඉටු කළ රාජ මාළිගයක් කඩා බිඳ දමන අයුරු දැකීමෙන් කණගාටුවක් ඇති විය. මෙය හෙළ සිනමාවේ සක්විති රජවරු මෙලොව එළිය දුටු මාළිගාවකි. එදා ඒ අසල පැවැති සෙයින්ස්ථාන් නම් අල්ලපු මාළිගයට අත් වූ ඉරණම ද ශෝකජනකය.

කිසිවෙකුගේ හව්හරණක් නැතිව මෙලෙස සිනමාවෙන් සමුගෙන යන අශෝකා සිනමාහල නොමියෙන මතකයක් වේවා!

 

දෙවැනි ඉනිම ඉවර වුණොත් හොඳයි
මැයි 16, 2019 ~ කිෂා ක්‍රිෂාන්ති ~

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය දැන් ඉතාම දුර ගිහින්. හැමදාම රණ්ඩු, පළිගැනීම් මේවායේ තේරුමක් නැහැ. එම නිසා කතාව සුදුසු අයුරකින් ඉවර වුණොත් ඉතාම වටිනවා. කතාවේ අනුහස් අවන්ත චරිතය ඉතාම හොඳයි. ඔවුන්ට මගේ සුභපැතුම්.

මිෂෙල් දිල්හාරාට
මැයි 16, 2019 ~ ඩබ්. කේ. මොහාන් ~ මහවැලි සී කලාපය

 නව පරපුරේ නැඟී එන රූමත් රංගන ශිල්පිනියක් ලෙස මිෂෙල් දිල්හාරා හැඳින්විය හැක.

කෙළිලොල් දඟකාර චරිතවල උපන් හපන්කමක් දක්වන ඇයගේ රංගන ප්‍රතිභාව පුංචි තිරයට පමණක් සීමා කළ යුතු නොවේ.

රංගන කටයුතු තුළින් උපයා ගන්නා ධනය සමාජ සේවා කටයුතුවලට ද යොමු කරමින් ඇය දක්වන දායකත්වය අගය කළ යුතුමය.

වෝල්ටර්ගේ යහගුණ
මැයි 16, 2019 ~ නිමල් කුලසේකර ~ අඟුලාන

වෝල්ටර් ප්‍රනාන්දු දක්ෂ ගායන ශිල්පියකු මෙන්ම සංගීතඥයෙකි. ඔහුගේ විශේෂත්වය එම්. එස්. ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින් ඔහුට කලගුණ ඉහළින්ම සැලකීමයි. එමඟින් එම්. එස්. ප්‍රනාන්දු නැමති බයිලා චක්‍රවර්ති සංගීතයේ ඕනෑම ශෛලියක ගීතයක් දක්ෂ ලෙස ගායනා කිරීමට හැකියාවක් තිබුණ බව වරින්වර අපට දකින්නට ලැබිණි. ඔබ දෙපළම ගුණදම් පිරි අති විශිෂ්ට අමරණීය කලා ශිල්පීන් බවට පත් වී හමාරයි.

තිස්ස අබේසේකර සමරමු
මැයි 16, 2019 ~ ඩඩ්ලි ගෝමස් ~ මොරටුව

 සිංහල ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම ඉතා විචිත්‍ර ලෙස අදහස් දැක් වූ 2007 දී විශ්ව විද්‍යාලයෙන් ච්.ඹ්ඊ ආචාර්ය උපාධිය ලැබූ විද්වතෙකි. 1998 දී ග්‍රේෂන් සම්මානය ලැබූ ගත් කතුවරයෙකි. 2005 දී සරසවිය රණතිසර සම්මානය ලැබුවා. ප්‍රවීණ සිනමාකරුවෙකු, විශිෂ්ට තිර කතා රචකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, සාහිත්‍යධරයෙකු, කථිකයෙකු, මාධ්‍යවේදියෙකු, නළුවෙකු වූ තිස්ස 2009 අප්‍රියෙල් 18 දින අප හැර ගියේ රටට විශාල පාඩුවක් ලබාදීමෙනි. ටෙලිනිස ආරම්භක සභාපති වූයේ ද තිස්සය. රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සිටි හොඳම ගුරුවරයාය. වයස අවුරුදු 19 දී ‘ඉපනැල්ල’ නමින් කළ කෙටි කථා සංග්‍රහයකින් කලා ලොවට ප්‍රවිශ්ඨ විය. එතුමාට නිවන් සුව.

Week of මැයි 16, 2019