තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
අගෝස්තු 8, 2019

අද ජූලි 31 බදාදාය .......

අදට ප්‍රේමකීර්ති නම්‍ නොමැරෙණ මිනිසා මරණයට පත්කර වසර තිහක්.... වසරකට වතාවක් මතකයට එනවටත් වඩා හැමදා කුමක් හෝ මාධ්‍යක

පැයෙන් පැයට කොහේ හෝ තැනක පරිහරණය වන - ඇසෙන

තනි තරුවේ, හෙට දවසේ අප දෙදෙනා, සඳකැන් වැසිලා, පාන් කිරිත්තා, සමනලයා මල හා ළමයා සේ, එදා රෑ ගුවන්තොටුපළේදී, මිහිරැති වසන්ත කාලේ, කුන්ඩුමනී, අනුරාධපුරය ඔබයි, මා එකකලා අමනාපව වි දබර, රටකින් එහා ඉගිලි, ආදරණීය නෙරංජනා, ඔබ දැකුමෙන් මා නෙත ලැබුණේ මිනිසෙකු පිට නැඟි අසරුවෙකි, කන්ද කෙන්ද, කතරක තනිවී, මන්නාරම් පිටි වැල්ලේ .....වැනි ගීත තව තියෙනවා ඉදිරියෙදි ලියන්නම වෙනවා..

අද අගෝස්තු 01 බ්‍රහස්පතින්දාය ......

තිලා බස් එකේ ආයතනයට යනවිට නොයෙක් දේවල් මුණගැහෙවනේ... අදත් ගමනා ගමන ගායන ශිල්පියෙක්ගෙ ගීතයකට සවන් දුන්නා. අනිත් අය වගේ බස්එකේ සින්දු කියල ඉවර වෙලා නෙවෙයි කියන ගමන්මයි මුදල් එකතු කරන්නෙ. මුදල් දෙන වාරයක් පාසාම පින්දෙනවා...

ඉතින් තිලා රසවින්ඳා ඔහුගේ ගීතය...........

ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති ..

"පින්සිදු වේවා "

සැපට හැදුනු කය පොලොවට දිරායති

" බුදුබව අත්වේවා "

අපිට නෙවෙයි බඹුටත් මරු ලඟා වෙති

" පින්සිදු වේවා"

පිනට දුන්නු දේ පමනක් ඉතිරි වෙති

" බුදුබව අත්වේවා"

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම

" දෙවිපිහිට ලැබේවා "

බීමෙන් හොඳ බීම මවගේ කිරි බීම

"පින්සිදු වේ‍වා "

දීමෙන් හොඳ දීම දුගියට දන්දීම

"බුදුබව අත්වේවා"

යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

"පින්සිදු වේ‍වා "

කනබොන කෑම තනියම වළඳන්න එපා

"දෙවි පිහිටයි"

අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා

"බුදුබව ලැබේවා"

අනුවණ කමින් පව්‍ සිදුකර ගන්න එපා "පින්සිදු වේවා "

නොමැරෙණ කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

"පින්සිදු වේ‍වා "

නොමැරෙණ කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා....

"බුදුසරණයි "

"පින්සිදු වේවා "

'දෙවිපිහිට ලැබේ‍වා"

මට දුන් නොදුන් සියලු දෙනාටත් හැදුවැඩූ දෙමවුපියන්ටත් මේ පින් ලැබේවා... දෙවි පිහිට ලැබේවා. බුදු බව අත්වේවා.... යන එන ගමන බිමන සාර්ථක වේවා.... රියදුරු මහත්තයාටත් කොන්දොස්තර මහත්තයටත් බුදුසරණයි දෙවි පිහිටයි.......

... (සුනිල් එදිරිසිංහයන් ගයපු ගීතය ඔය කැලිටිකත් දාල අලුතින් කියයිද දන්නෙනැ කවුරුහරි)

අද අගෝස්තු 02 සිකුරාදාය...

ජයන්ත අයියා... (ජයන්ත චන්ද්‍රසිරි) අලුත් නිර්මාණයකට අතගහලා ... ඒ නවතම චිත්‍රපටයට එහි නිෂ්පාදකවරයා සමනල සංධවනිය හා මාතා චිත්‍රපටය නිෂ්පාදනය කළ රුවන් ජයසිංහ. ජයන්ත අයියාගෙ සමකාලීන ගජයන්වන කමල් ශ්‍රීයන්ත ජැක්සන් මහෙන්ද්‍ර‍ අතරින් ජැක්සන් අයියා පැවසුවෙ සිංහල සිනමාවේ දාර්ශනිකයා ෆැන්ටසිකාරයා යනුවෙනුයි.. එය සංරක්ෂණය කරන්න සැබෑය.. අපේ පරපුරට නව සිනමා රැල්ලක් ඇති කරදුන්නේ ජයන්ත අයියාය.. අපේ නුවන් නයනජිත් සහෝදරයා ඔහුගේ නිර්මාණ සංරක්ෂණය කිරීම ගැන යෝජනා කළා හවස විජයබා කොල්ලය චිත්‍රපටය බලන්නත් වෙලාව වෙනකර ගත්ත හවස ජයවර්ධනපුර රෝහලට යාමට අවශ්‍ය වුණා තිලාගේ මව අසනීප වුවෙන්......

අද අගෝස්තු 03 සෙනසුරාදාය...........

තිලාගේ ඩය-රියභනඤචබඥ මෙවැනි දිනක් යළි උදාවන්නෙ නැත.....

...තිලාගේ මව මියගියා..

අද අගෝස්තු 04 ඉරිදාය ...

නිවසින් නික්ම ගිය තිලාගේ මව ඊයේ රැයේ පැමිණුණේ ප්‍රාණජිවය වාතයට මුදා හැර මෘතදේහයක් ලෙසිනි මව නැතිවු සැණින් කතා කළ අරුණ මෙන්ම අනෙක් මිතුරන් සැමට පණිවිඩය දැන්වීමට කටයුතු කර තිබුණා. ඒ බව දැන ගත්තේ එන අය අදහස්වලිනි.

අද අගෝස්තු 05 සඳුදාය ....

කලකින් එකට හමුනොවු කලාකරුවන්, හමුදා නිලධාරීන් මාධ්‍යවෙදීන් රජයේ නිලධාරීන් දේශපාලකයින් වෛද්‍යවරුන් ව්‍යපාරිකන් එකම තැනකට එකතුකලා මචං උඹේ අම්මා....

මවගේ ආදහනය වෙලාවෙ මාධ්‍යවේදී අශෝක වීරසිංහ කිව්‍වා...ඒ වෙලාවේ එකතුවුණ හැමෝටම පිං...

අද අගෝස්තු 06 අඟහරුවාදාය...

අද වත්ත පුරා තියෙන බැනර් කියෙව්වා...

එක් එක් ආයතනවලින් තිබූ ශෝකය පල කල බැනර් අතර නමක් නොතිබුණ කවක් තිබුණු බැනරයක් තිබුණා සෑම මවක් වෙනුවෙන් මෙය ලියා තබමි ....

සෙනෙහෙ උතුරන නුඹෙ පපුතුරට 
ඉකි ගසන මා තුරුළු කරගෙන 
මා දෙකම්මුල් තෙමන් ගලනා 
හිත පුරවන උණු කඳුළු කැට 
පිසදමන්නට නුඹේ දෑතින් 
මෑනියනි අද නුඹ ළඟින් නැත

යළිත් නොඇසෙන නුඹේ ඒ හඬ 
යළිත් නොදකින නුඹේ සිනහව 
මෑණියනි යළි කවද දකිනුද 
මඟහැරල දැන් දුර ගිහින් නුඹ 
ලැබුව භවයේ අතර මඟදි 
අපෙන් වෙන්වී ගියත් නුඹ අද 
සසර ගමනේ කොතැනදී හරි 
නිවන් දොරටුව ඔබට විවරය...

සෑම කෙනෙක්ම සෑම මවකටම ආදරය ගෞරව කරන්න..........

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.