තිලාගේ සරසවියේ ඩය-රි update හොරෙන් කියවලා බලන්න....

ජූලි 18, 2019

අද ජූලි 10 බදාදාය

අපේ අරුණිට කෝල් එකක් ......

ප්‍රසන්න ජයකොඩිගෙන් (චිත්‍රපට අධ්‍යක්ෂ) කෝල් එකක් බලාපොරොත්තුව හිටියා පුවත්පත් සාකච්ඡාවකට අඩිතාලම දමාගන්න. ඉතින් අරුණිට ප්‍රසන්න කතාකළා... දැන් අරුණි ප්‍රසන්නට වාහනේ නවත්තන්න පුළුවන් තැන් කියනවා...

අයියේ අතන තියෙන බෝ ගහ ගාව නවත්තන්නත් පුළුවන්... ⁣ටිකක් මෙහා තියෙන බැංකුව ගාව නවත්තන්නත් පුළුවන්..... නැත්නම් ⁣ලේක් හවුස් ඉස්සරහ මෙතන නවත්තන්නත් පුළුවන් ..... නැත්නම්‍ අතන රීගල් එක ළඟ නවත්තන්නත් පුළුවන්...

අරුණි, තමන්ගේ ලියන මේසේ උඩට ඇඟිල්ල තිය තිය තමයි ඒ ඔක්කොම තැන් පෙන්නුවෙ...

බලාගෙන ගියාම මුළු කොටුව ප්‍රදේශයම තියෙන්නේ අරුණිගේ මේ‍සේ උඩ.

 

අද ජූලි 11 බ්‍රහස්පතින්දාය......

අද අපේ ප්‍රසාද් හා තිලා ගියා උපේක්ෂා ස්වර්ණමාලිත් පුවත්පත් කතා බහක් හා කාලෙකින් ඇගේ ඡායාරූප ගැනීමකට... ඉතින් ඇයත් අඩු වයසෙන් ජනප්‍රියම වෙලා දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක් වෙලා නැවතත් දේශපාලනයෙන් ටිකක් ඈත්වී රංගනයට යොමුවෙලා. ළඟදී ඇගේ චිත්‍රපටයකුත් තිරගතවීට නියමිතයි... රංගන ශිල්පි වසන්ත කුමාරවිල නිර්මාණය කළ "මානය "

 

අද ජූලි 12 සිකුරාදාය.....

අපේ තරුණිට වයස 50. ඒ අපේ පත්තර මහගෙදර "තරුණි" කාන්තා පුවත්පතට 50 වසර සපිරුණා... ඉතින් අපි සම්බන්ධ වන කාලයේ හිටපු අය නැතිවුවත් මතක කාලයේ හිටපු සුමනා සපරමාදු, නෙලුම් විමලරත්න, ලතා බොතේජු, රේණුකා අල්විස්, ප්‍රබෝදිනි, සැම්‍ පෙරේරා, මහාචාර්ය අජන්තා හපුආරච්චි වැනි අය තිලා මතකෙන් තමයි ලිව්වෙ....

කාලෙකින් ගාමිණි අයියාත් ඇන්ටන් අයියාත් හමුවුණා...

 

අද ජූලි 13 සෙනසුරාදාය...

අපේ විමල් ඉන්නවනෙ පොර හැම වැඩකටම හරි කලබලයි. කෑමට ගියත් කාගෙන කාගෙන යනවා... ඡායාරූප ගන්න ගියත් ගහගෙන ගහගෙන යනව... හැම වැඩකටම කලබලයි... ඒ නිසා ජොලි වැඩ විතරක් නෙවෙයි.... ලාබ බලාපොරොත්තු වුණාට අලාබත් සිද්ධ වෙන වැඩත් වෙනවා...

ළඟදි දවසක් පොර ගිහින් ත්‍රිකුණාමලය පැත්තෙ ආරක්ෂක අංශයේ වැඩකට. එහිදි රෑ කෑම සමඟ පුංචි මධුවිතකටත් ආරාධනා කරලා... අපේ කලබලකාරයා ගිය හැටිය බෝතලයකින් විදුරුවට දාගෙන අයිස් එහෙම දාලා චියර්ස් කරන්නත් කලින් බීලා........බැලුවම ඒ බෝතලේ පාට වතුර දාලා ලස්සනට තියපු විස්කි බොතලයක්...ලු.......

බැරිවෙලා ඒකේ වෙන දෙයක් තිබුණනම්‍ අපේ විමල් යටියන්තොට පැත්තෙ තමයි....

 

අද ජූලි 14 ඉරිදාය....

තිලා පුංචි කාලේ චිත්‍රපටි ගැන අහල පහළ වැඩිහිටි අයියලාගේ මාර උනන්දුවක් තිබුණා. තිලාට මතකයි ගුණසිරි කොළඹගේ හා රත්නපා කියල අයියලා දෙන්න එකතුවෙලා චිත්‍රපටය තිරගතවන දිනම වාගේ නොමිලේ ප්‍රචාරය පටන් ගන්නවා..

තලවතුගොඩ 174 බස් පාරට අයිනේ හැමෝම නාන්න එන පිං ළි⁣ඳේ තාප්පෙ තමයි ප්‍රචාරක පුවරුව ගුණසිරිට අදින්නත් ලස්සන හැඩතල අකුරු ලියන්නත් පුලුවන්. අඟුරුවලින් ළිඳේ පාරට පේන බිත්තියේ හුලවාලි සුභානි, චණ්ඩියා, මේ‍ දෑස කුමටද, තුෂාරා, හැම එකටම "දැන් පෙන්නනවා" කියලත් පොඩියට ලියනවා සමහර ඒවට රූපත් අ½දිනවා.. තුෂාරා එකට විජය මාලිනි ඇඳලා තිබුණ මතකයි. අඟුරු නිසා වැස්සට හොදලා ගියොත් ආයි අඳීනවා. කොහොම වුණත් නිෂ්පාදකවරයත් - අධ්‍යක්ෂකවරයාත් නොදැනම නොමිලේ ප්‍රචාරය ලබාදුන් අමුතු රසිකයා තාමත් හමුවෙනවා ..

 

අද ජූලි 15 සඳුදාය ....

අද නොයෙක් ප්‍රචාරක මාධ්‍යවල මුල් වු වැකි

එංගලන්තය මංගල ලෝක කුසලානය දිනයි .....

කුසලානය අහිමිවුවත් තරඟයේ වීරයා නවසීලන්තයට ....

අනුසූරයන් ලෙස නවසීලන්තය ශ්‍රී ලංකාවට සමකරයි....

ලංකාවට කිරි එවන එක නවත්තන කම්‍ නවසීලන්තයට කප්එකක් උස්සන්න ලැබෙන් නෑ. (විහිළු හෙඩින්)

දැන් අපේ ටීම්‍ එකටයි හතුරුටයි ක්‍රිකට් බලධාරින්ටයි නිදහසේ ඉන්න දීපල්ලා....(විහිළු හඩින් )

ක්‍රිකට් ආරම්භ කරලා අනුන් ගනන කොට අත්පොලසන් දීල අදලු බන් ගත්තේ ......

කෝටි හැටදාහක් ඔට්ටු අල්ලලා.......

 

ඒත් අමතක කරන්න එපා අපි ගත්ත වෙලාවෙ මුල් වැකිය (හෙඩිම)

" ටේලර්ටත් මැහුම් වැරදියි "

අද තවත් එකක් නව පරපුරේ නව රැල්ලක් ඇති බොහොම තරුණ ළාබාලම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රසාද් සමරතුංගගේ උපන් දිනයත් යෙදිලා ...

සුබ උපන් දිනක් ඔබට.....

 

අද ජූලි 16 අඟහරුවාදාය....

නාට්‍යවේදි සෆිර්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණ ....

දැන් ඔබේ උදව් ඕනේ........

ඔබ හැම කෙනාම දන්නවා කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අපි බොහෝ පීඩා, අපහසුකම් මැද කරගෙන යන එකක්... ඒක ගැන අපි කිසිවෙකුට දොස් කියන්නේ නැහැ..

 

දැන් අප ලෑස්තියි 08 වෙනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට..

ඔය අගොස්තු 04 වෙනිදා සිට 09 වෙනිදා දක්වා

මරදාන එල්ෆින්ස්ටන් රගහලේදි

සැම දිනකම සවස 6.30 ට පැවැත්වෙනවා.

 

රටවල් 08 ක්,

නාට්‍ය 13 ක්

දේශිය හා විදේශීය නාට්‍යකරුවෝ 200 ක්

එකම බිමක මුණගැහෙන මේ අවස්ථාවේ

අප ඔබෙන් ඉල්ලන්නේ පුංචිම පුංචි ඉල්ලීමක් පමණි..

 

එක දවසක් හෝ ඇවිත් යන්න...

තව කෙනෙකුට හෝ කියන්න....

පුළුවන් තරම් මේ සොඳුරු පණිවිඩය

අනිත් අයට කියන්න..

අපිට ඕනේ සෑම දිනකම

රඟහල පිරියන්න තරම් හිතවත්කමක්... ආදරයක්..

 

දෙන්න ඔබේ හිතවත් කම....

දෙන්න ඔබේ ආදරය......

අන්තර්ජාතික ප්‍රසාදය ලත් නාට්‍යකරුවන් සිටි අපි නාට්‍ය ⁣බලන පිරිස වැඩි නිසාවෙන් හිටගෙන බලපු අපෙන් සෆිර් කරන ඉල්ලිමක්...

ඒකට මම තව ටිකක් එකතු කරනවා. වැඩිම ස්පා හා සැලූන් ප්‍රමාණයක් තියෙන අපි පළාත හැටියට

සැලූන් ගිහින් කොන්ඩෙ හදනවා වගේ එක දවසක් ඔළුවත් හාදාගන්න එන්න...

ස්පා ගිහින් තෙල් ගල්වා ගතට වින්දනයක් වගේම හිතටත් වින්දනයක් ලබාගන්න එන්න ......

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.