දෙරණ හත්වැනි සිනමා සම්මාන රාත්‍රිය

ජූලි 4, 2019

ටී. වී. දෙරණ හත්වැනි වරටත් පැවැත්වු දෙරණ - 2019 සම්මාන උලෙළ පසුගිය 28 වැනි දින සම්භාවනීය ආරාධිත අමුත්තන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2018 වසරේ තිරගත වූ චිත්‍රපට සඳහා මෙවර සම්මාන ප්‍රදානය සිදුකළ අතර, සම්මාන උලෙළෙ සඳහා ඉදිරිපත් කර තිබූ එම චිත්‍රපට ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් අධීක්ෂණය යටතේ සම්මාන 18 ක් සහ ප්‍රේක්ෂක මනාපය මත සම්මාන 07 ක් වශයෙන් කාණ්ඩ 02 ක් යටතේ ප්‍රදානය සිදු කෙරිණි.

වසරේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය - යශෝදරා - මහාචාර්ය සුනිල් ආරියරත්න
හොඳම නළුවා - ධර්ශන් ධර්මරාජ් - පෝරිසාදයා
හොඳම නිළිය - අනෝමා ජනාදරී -
දැවෙන විහඟුන්
හොඳම අධ්‍යක්ෂණය - සංජීව පුෂ්පකුමාර -
දැවෙන විහඟුන්
හොඳම චිත්‍රපටය - අකෝඩිං ටු මැතිව් -
චන්ද්‍රන් රත්නම්
හොඳම තිරරචනය - ජයන්ත චන්ද්‍රසිරි - ඝරසරප
හොඳම සහය නළුවා - මහේන්ද්‍ර පෙරේරා -
දැවෙන විහඟුන්
හොඳම සහය නිළිය - සමනලී ෆොන්සේකා -
දැවෙන විහඟුන්
මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකාරිණිය - සුභා ශිවකුමාරන් - හවුස් ඔෆ් මයි ෆාදර්
හොඳම කෙටි චිත්‍රපටය - එම්ටි කේජ් -
තරිඳු ලොකුආරච්චි
ජනප්‍රියම නළුවා - ජැක්සන් ඇන්තනි
ජනප්‍රියම නිළිය - උදාරි වර්ණකුලසූරිය
ජනප්‍රියම හාස්‍යෝත්පාදක නළුවා -
බන්දු සමරසිංහ
ජනප්‍රියම ප්‍රතිවීර නළුවා - ටෙඩී විද්‍යාලංකාර
ජනප්‍රියම නර්ථන අධ්‍යක්ෂ - චන්දන වික්‍රමසිංහ
ජනප්‍රියම ගීතය - “හැම දෙයක් පෙනේ” - ඝරසරප
හොඳම කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ - අකෝඩිං ටු මැතිව්
හොඳම සංස්කරණය - ජේම්ස් රත්නම් -
අකෝඩිං ටු මැතිව්
හොඳම සංගීත අධ්‍යක්ෂණය -
නිමල් මෙන්ඩිස් වෛශ්ණාවි
හොඳම ශබ්ද සැලසුම්කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහ ජේම්ස් රත්නම් - අකෝඩිං ටු මැතිව්
හොඳම පරිගණක සජීවිකරණය -
සිද්ධාන්ත නයනානන්ද - කළුහිම
හොඳම කලා අධ්‍යක්ෂණය -
උපතිස්ස ඉලංගකෝන් - වෛශ්ණාවී
හොඳම ඇඳුම් නිර්මාණය - මෙලනි ගුණසේකර - කෝමාලි කිංග්ස්
හොඳම අංග රචනය - ප්‍රියන්ත දිසානායක -
දැවෙන විහඟුන්
ලක්ස් ග්ලැමර් ස්ටාර් - ශලනි තාරකා
ලක්ස් නැඟී එන නිළිය - නයනතාරා වික්‍රමාරච්චි -
එක දවසක අපි
කුලුඳුල් චිත්‍රපටයේ රංගන කුසලතාව වෙනුවෙන්
ජූරියේ විශේෂ සම්මාන -
දෙව්නක පෝරගේ, කාවින්ද්‍යා අධිකාරි - ඝරසරප
ගැවින් ලුඩෙව්කේ - අකෝඩිං ටු මැතිව්
යාවජීව සම්මානය - අමරසිරි කලංසූරිය

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.