තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
ජූලි 4, 2019

අද ජුනි 26 බදාදාය..

කෝපි කඩේ ටෙලිනාට්‍යය නිසා ලොකු පොඩි අපි සැම කළුසුදු රූපවාහිනී තිරය ඉදිරියට එකතුවන කාලයක් තිබුණා... ඒ..ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ කෝපි කඩේ ටෙලිනාට්‍යට වසර 32ක් ඒ නිසාම අද ඔවුන් ඇගයීමට ලක්කිරීමට පුංචි සම්මාන ⁣උලෙළක් එහි සභාපතිනිය හා අධ්‍යක්ෂ මණ්ඩල සහභාගිත්වයෙන් සංවිධානය කර තිබුණා... එදා සිට අද වනතෙක් රංගනයෙන් දායක වූ හාමිනේ, පොලි මුදලාලි, සෝමදාස, නිමල්, සිරිසේන, ඩිංගි මහත්තයා, ගජං කමලා, කුරංගුරං, දයාවති, සුගතං, ගීතනගා, කිරිහොඳා, බංඩා, සුවඳා, අප්පුවා, පාල, එහි වැඩිම පිටපත් රචකයා නම්‍ අපේ මාධ්‍ය සගයා කුමාර අයියා (ගත්කතුවර හා ටෙලිනාට්‍ය රචක කුමාර සිරිවර්ධන) ඉතින් ඔය චරිත හැමෝම වාගේ ඇවිත් හිටියා... ඒ අයගේ කැපවීම මෙහෙම අගේ කරලා මදි කියලත් හිතෙනවා. ඒ පෙන්නන කෝපිකඩේ ගමත් එක්කම ඒ අයත් වයසට ගිහින් අපිටත් නොදැනීම......

අද ජුනි 27 බ්‍රහස්පතින්දාය...

කැලුම් පාලිත මහීරත්න සිංහල සිනමාවේ රැල්ලක් ඇති කරපු අධ්‍යක්ෂකවරයෙක්. මෑත කාලයේ ස්වාධීන රූපවාහිනීයේ අධ්‍යක්ෂකවරයෙක්. ඊයේ කෝපි කඩේ උත්සවයට එම අධ්‍යක්ෂකවරයා ඇවිත් හිටියා. ඉතින් අපේ කුමාර අයියා, කැලුම් ඇතුළු ක⁣ට්‍ටිය ගජේකට වැටුණා...

කැලුම් සුපුරුදු ළෙන්ගතු කමින් "ඉස්සර මම වීඩියෝ කරනවා තිලා පින්තූර ගන්නවා... ෆිල්ම් රොල් තියෙන කාලේ දවසක් තිලා රෝල අමතක වෙලා... පින්තූර ගහලා මාර අවුලක් වුණේ."... මාරයි මචං ඒ කාලේ..

ස්තුතියි කැලුම්.... ඒ මතකය තාමත් මතක තිබුණාට....

අද ජුනි 28 සිකුරාදාය.....

අපේ ජායාරූප ශිල්පී හිරන්ත ඉන්නවනේ.... එයා ගැන නොදන්න කෙනෙක් ඇහුවා හිරින්ත හොඳ කෙනෙක්ද කියල...ඉතින් තිලා හඳුන්වාදීමක් කළා.. හරිම කැපවීමෙන් වැඩකරන කොල්ලෙක්.... ඡායාරූප ශිල්පය ඇඟේම තියෙන කොල්ලෙක්... ලස්සනට ගීත කියන්නත් පුළුවන් කොල්ලෙක්......

හිරන්ත මෑත කාලේ වැඩිපුරම පින්තුර ගන්⁣න යන්නෙ අගමැතිතුමා යන උත්සව... ඒක හරිම කැපවීමෙන් උනන්දුවෙන් කරනවා. හැබැයි ආරක්ෂක අංශයට හිරන්තව හිසරදයක් වෙලා ඉන්නේ එයාලා හරිම අපහසුතාවයට පත් වෙනවලු... හිරන්ත ආවම අපිත් ඉතින් හොයල බැලුවා මොකක්ද අවුල කියල...

සෙනඟ පිරිලා ඉන්න තැනක මෙයා නිසා සෙනග හසුරවන්න හරි අමාරුලු... ඒ මොකද හිරන්ත ඉන්න තැනට තව තුන් දෙනෙක් දාන්න පුළුවන්ලු...........

අද ජුනි 29 සෙනසුරාදාය...

අද සරසවියේ කොල්ලො කෙල්ලො එකතු වෙලා සුහද හමුවක් සංවිධානය කර තිබුණා... පහසුව තකා වාහන දෙකකින් ගියා... ඉතින් කොල්ලො කෙල්ලො ටික හඳුන්වලා දෙන්න එපැයි...

අරුණ (කණ්ඩායම්‍ නායක) දීප්ති, අරුණි, හේමාලි, චන්දන, ප්‍රසාද්, නිශ්ශංක, ප්‍රියන්ත, කවී, නිලක්ෂි, ගාමිණි, සචි, දේවා, ශෙනාල්, රියදුරු සම්‍පත්......... ඇතුළත්.... ප්‍රසාද් ඇතුළු අපි වෙලාසනින් ගිහින් එහි ඇති විලෙන් ස්නානය කර පිරිසිදුවී සම්භාව්‍ය අමුත්තන් පිළිගැනීමට සුදානම් වී හිටියා......

ආරාධිතයන් පිළිගැනීමෙන් පසුව දවල් 10.30 පමණ ඔසුපැන් පානය සඳහා සූදානම් වී පිරිමි පාර්ශ්වයට බෙලිමල් තැම්බූ වතුර හා කාන්තා පාර්ශ්වයට රණවරාමල් තැම්බූ වතුරද සුදානම් කරල තිබුණ... අපි ඉතින් කලවම් කරගන්නෙ නැතිව බිව්‍වා... සරසවිය නියෝජිතයින් වන නුවන් නයනජිත්කුමර සහ යතේජා නොපැමිණී නිසා ඔහුන් වෙනු⁣වෙන් ඔසු පැන් වෙන්කර තබා පසුව අපිම ඒවත් බිව්‍වා... ටික වෙලාවකින් ඔසු පැන්වලින් ගතට සිතට ප්‍රබෝධයක් ලැබී පීනන්නට සිතුණා.. අපි අසල විලට පැන දාහය නිවා ගත්තට පසු ප්‍රසාද්, අරුණි, නිලක්ෂි විසින් තරඟ සූදානම් ⁣කර තිබුණා.. සරසවිය අයෝමය පුරුෂයා තේරීම. අන්ධයාට කිරි කැවීම, සංගීත පුටු, බැලුන් පිපිරවීම වැනි තරඟ ගොඩක්... පසුව ඔසු පැන් ඉල්ලුම වැඩි බැවින් අරුණ විසින් ප්‍රමාදයකින් තොරව සපයනු ලැබුවා... තරඟ හමාර වී කවී විසින් සංගීතය සපයන සංගීත සැදෑව.. දීප්ති, අරුණ, හේමාලි, අරුණි... ජෝති සහ ඇන්ජලීන්, ලතාගේ ගීත නව ආරකට ගායනා කළා. මෙම සුහද හමුව සංවිධානය උර දුන් ප්‍රසාද්ට ස්තුති කළ අතර මෙම ආරම්භය ඉදිරි වසර වල මැලේසියා, තායි වැනි විදේශ රටක පැවත්වීමට උත්සහ කරන බව පැවසුවා... නොබොන අය ඔසු පැන් බීලා වැඩි වුණාමත් මාර ගතියක් තියෙනවා කියලා දැන ගත්තෙ අද... හවස් වන විට සියල්ල සතුටින් විසිර ගියා......(තව රස මුසු තැන් පසුවට....)

අද ජුනි 30 ඉරිදාය ...

රන්බැඳී මිනිස්සු ටෙලිනාට්‍යය. මෑත කාලේ ජනප්‍රිය මෙන්ම හොඳ නාට්‍යයක් කියලා කිහිප දෙනෙක් කිව්වා... අපේ අයත් කතා වුණා... ඒ නාට්‍යයේ තියෙන්නෙ යකුන් බැඳගෙන වැඩගන්නා හාමුදුරුවන් හා හෙළ වෙදකම ගැන කියවෙන කතාවක්. අපි අසා ඇති (කොන්ඩදෙනියේ හාමුදුරුවන් වැනි)

ඒ ටෙලි නාට්‍යයේ ගලේ පන්සලේ සීලරත්න (රොජර් සෙනෙවිරත්න) හාමුදුරුවන් මන්තර බලයෙන් යකුන් බැඳගෙන අශ්ව කරත්ත නවත්වනවා, හොරු අල්ලනවා, එක එක වැඩ ගන්නවා.... අපේ එකෙක් කියනවා තිලාටත් ඇහුණා... තිලත් ඉතින් කට පියන් ඉන්න බෑනෙ.

"අනේ ඕක මොකක්ද මචං අපේ මායිය අවුරුදු ගණනාවක ඉදන් මේ‍ මාව බැඳගෙන වැඩ ගන්නෙ..."

අද ජූලි 01 සඳුදාය .....

රමණී බර්තෝලමියුස් අපෙන් සමුගෙන වසර 32ක් ලු... අපිට මතකයි භාග්‍යා ටෙලිනාට්‍යය අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පිනියක් (රන්ජන් රාමනායක හා දීපිකා ප්‍රියදර්ශනී පිරිස්) ජනප්‍රියත්වය පත්වු ටෙලිනාට්‍යය

විජය ධර්මශ්‍රි නිර්මාණය කළ භාග්‍යා පෙන්නපු කාලේම තමයි රමණි නැති වෙන්නෙ... ඉතින් නැවත විකාශනය වුණ නිසා කිහිප වතාවත් නරඹන්නට හැකිවුවා... තිලාත් මල් වයසේ නිසාත් ආදර කතාවක් නිසාත් ඒකට හරි සංවේදී වුණා.. එහි ගීතය කට පාඩම්‍ තවමත්..

මහා මෙරක් ලෙසට

සිතේ උපන් බරට

හඬා⁣ දොඬා ඵල නොලබන හින්ද.....

උදා ළහිරු විලස

එබී හිදිමු ලොවට

සිනා මලක් මුව අද්දර රන්දා.......

අද ජූලි 02 අඟහරුවාදාය ...

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඊයේ මායියලා වැහිලා. එක්කෙකුට ආච්චි වැහිලා... සමහරවිට මායියලයි මායියලා වෙන්න ඉන්න එවුනුයි කිව්වාද දන්නෙ නෑ... අද ගැහුවෙ නැත්නම් ගෙදර එන්න එපා කියල... කටුනායක ගුවන් තොටුපොළ ළඟ මායියලා කොසු- ඉදල් තියාගෙන රැකගෙන ඉන්නවා කිව්වාද දන්නෙත් නෑ... ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි පුහුණුකරුවන්ටත් කියන්න ඇති.....මායියා අල්ලගෙන හතුරුව පතුරු ගහයි.......

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.