තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජුනි 27, 2019

අද ජුනි 19 බදාදාය.......

අද හරි ජොලි දවසක්... අපේ ජායාරූප ශිල්පීන් ගන්න අවස්ථාවන්වල අත්දැකීම්‍ විස්තර කරනු ලැබුව ප්‍රථමයෙන්ම ඡායාරූප ශිල්පී සුලෝචන.... වසර කිහිපයකට ප්‍රථම ප්‍රවීණ රංගන ශිල්පිනි ගීතා කුමාරසිංහගේ ඡායාරූප ගන්න ගිය අවස්ථාවක ඇයගේ පිහිණුම් තටාකය අසල ලිස්සලා වැ⁣ටෙන්න ගිය අත්දැකීමක් විස්තර කළා. ඉන්පසු ජායාරූප ශිල්පි තුෂාර සුමනා ගෝමස් රංගන ශිල්පිනියගේ ඡායාරූප ගන්න ගිය මො⁣හොතක වුණු අකරතැබ්බයක් විස්තර කරනු ලැබුවා.. සාලිය පොල් පරීක්ෂණ ආයතයකට ගිය අවස්ථාවේ පොල් ලෙලි ගැහීමට, පොල් බිඳීිමට, පොල් ගෑමට අලුත් මැෂිමක් ගැන විස්තර කලා...

...මාරයි ...අපේ ජායාරූප ශිල්පින්ටත් තියන්නෙ මාර අත්දැකීම්‍ ......

අද ජුනි 20 බ්‍රහස්පතින්දාය ...

අද තිලාගේ ඩය-රියupdate බලපු නංගි කෙනෙක් (උත්තරා නන්දසේන) තිලා ඉස්සර පෝයට භක්ති ගීත ගයපු හැටි කියවලා "අයියේ උඹට මතක නැත්ද අපි පොඩි කාලේ සිල් ගන්නවා".....

ඇත්ත නේන්නම්‍ මෙහෙම හිටියට තිලා සිල් අරගෙනත් තියෙනවා.... සිල් කියුවට ඇත්තටම දානේ කන්න තමයි යන්නේ. 12 පස්සෙ උතුරු සළුව දකුණු සළුව වෙනව...

දැනුයි කට්ටියගෙ නම් ටික මතක් වෙන්න... උත්තරා, අචිනි, අමෝෂා, කුමාරි, දේවිකා, නිමාලි, ශම්‍මි. කොල්ලන්ගේ නම්වලින් මතක ඉන්දික විතරයි.... තිලා ඉතින් දානේ බෙදනකොට කට්ටියට නම්‍ දැම්මෙ ගොවා, බොංචි, බංඩක්කා, බීට් රූට්‍ වට්‍ටක්කා.....

දැන් උත්තරා ඇරෙන්න අනික් අය කොහෙද දන්නෙ නෑ... මං හිතන්නෙ උන් හරියටම සිල් අරන් පින් රැස් කරලා සල්ලි තියෙන පොරක් බැඳල වීදුරු කළුකරපු වාහනයක යනවා ඇති අපිට පේන්නෙ නැතුව ඇති.....

අද ජුනි 21 සිකුරාදාය ........

අද හන්ඩ්‍රඩ් බක්ස් ඉන්දීය චිත්‍රපටයේ නිර්මාණ කරු දුෂ්‍යන්ත් සිං හා එහි ප්‍රධාන චරිතය පණපොවන කවිතා අපේ රටට ඇවිත් ඔත්තුව දුන්නේ... ටෙනිසන් එදිරිසිංහ පසුව ටෙනිසන්, සමන් ප්‍රියංකර නම්‍මුනිගේ සහ තිලා ගියා.. ඒ ගැන කතාබහකට ළඟදීම... එය අපේ සිනමා ශාලාවක නැරඹීමට හැකිලු.....

අද ජුනි 22 සෙනසුරාදාය .....

හමුදා නිල ඇඳුම තුළ සුන්දර මිනිසුන් සිටන බව තිලා මුලින්ම දැනගත්තේ මේ‍ජර් ජෙනරාල් නිශ්ශංක රණවනගෙන්.... ඔහු අවසන් මෙහෙයුමෙදී සුවිශේෂී මෙහෙවරක් කරපු නිලධාරියෙක්. තිලාට මුලින් හමුවුයේ 55 වැනි සේනාංකයේ... කර්නල් කෙනෙක්, වශයෙන් ලංකාවේ සහරා කන්තාරය බඳු නගර්කොවිල් ඉදිරි ආරක්ෂක වළල්ලේදී. පසුව ඔහු බ්‍රිගේඩියර් නිලයට පත්ව එම සේනාංකයේ දෙවනියා වශයෙන් නගර්කොවිල්, චුන්ඩික්කුලම්‍, චලෙයි සිට පදුමාතලන් ⁣වන තෙක් කලපු හා විවෘත ප්‍රදේශවල සටනේ අමාරුම තැන්වලට මුහුණ දෙමින් කළ මෙහෙවර තිලා මෙන්ම අනෙක් මාධ්‍ය සගයන් අසින් දුටු සාක්කිකරුවන්ය. එකල මෙන්ම මේ වනතෙක් ඔහුගේ සේවය රටටම වැදගත් වුණා. මේ‍ මොහොත වනවිට ඔහු සිය කාර්යය භාරයෙන් විශ්‍රාම ලැබුවා... සිය දිවියෙන් වැඩිකොටසක් රට වෙනුවෙන් කැපකර අත්දැකීම්‍ සම්භාරයක් ඉතිරි කරගෙන. හමුදා සේවය හැර යන්නේ අපට - රටට ඔහුගේ සේවය රටට අවැසිම මොහොතකය.

ආයෙත් දවසක යුදබිමේ ඉතා රසමුසු තැන් නැවත ලිවීමෙ බලාපොරොත්තුවෙන්....

ඔබට සුබ උපන් දිනයක් සමඟ දීර්ඝායු පතමි...

අද ජුනි 23 ඉරිදාය....

චමින්ද හිත්තැටිය කියලා අපේ දක්ෂ ජායාරූප ශිල්පියෙක් හිටියා... දැන් පොර ඉන්නේ ජපානයේ ... ඉඩ ලද වෙලාවට අපිට කතා කරනවා... ළඟදි කතාකරල කිව්‍වා...

"මචං මම උඹලට පොඩි මධු විතක් එව්වා... යළුවෙක්ගෙ අතේ "රෝහිතයි තිලයි යාළුවා හොයන මෙහෙයුම ඇඟට ගත්ත බැලුවම පොඩි නෑ ලීටර් 4ක ඒකක්. ඒක අරාබියේ අලි බබා සහ හොරු හතළියට ජපානෙන් හදපු එකක්ද කොහෙද?

අද ඒක ක්‍රියාත්මක කලා ⁣හොරු 40 හිටියේ නෑ.... තිලාත් එක්කම 6 දෙනයි. අනිත් හොරු ආයේ දවසක එයි....

අද ජුනි 24 සඳුදාය......

අපේ හැඬගැන්වීමට හපන් නිසංසලා අලුත් බියුටි සැලුන් එකක් දැම්මා තිලාටත් හොඳයි... මොකද හදිසියේ රංගන ශිල්පිනියකගේ ජායාරූප ගන්න පුංචි මේ‍ක් අප් එකක් දාගන්න පුළුවන්... තිලා ටික වෙලාවක් බලන් හිටිය. අතුළට ගිය කෙනා නෙවෙයි එළියට එන්නෙ. කොන්ඩෙ වෙනස් වෙලා... ඇහිබැමි හීන් වෙලා... මට මායියාව අඳුගන්නත් බැරිවුණා ....

තිලාට මතක්වුණා.... වසර කීපයකට කලින් ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ කියූ කතාවක් .

" අපේ රටෙ කොන්ඩෙ හදන තැන් හැමතැනම ඒත් ඔළුව හදන තැන් තමයි නැත්තෙ."...............

අද ජුනි 25 අඟහරුවාදාය ...

අපේ චතුරයත් (චතුර ගීතනාත් බණ්ඩාර ) අමුතු වැඩ කරන එකෙක්නෙ. ළඟදි ඉඳලා පුංචි ප්‍රචාරක කටයුතු කරන්න පටන් අරන්. අද ඒවගේ වැඩකට අරාධනා කළා... ගිහින් බැලුවම පොඩි නෑ රිෂානා චිත්‍රපටයේ මාධ්‍ය කතාහබක්.. එහි නිෂ්පාදක වසන්ත විජේන්ද්‍රත් තිලාගෙ හිතවතෙක්.

සෞදියේදී මරණයට පත්කළ රිශානාගේ කතාව පදනම් කරගෙන නාමල් ජයසිංහ රචනාකොට චරිත් අබේ‍සිංහ අධ්‍යක්ෂණයෙන් හා කැමරාව චන්න දේශප්‍රියගෙන් සමන්විතයි. චතුර කිව්වා...

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.